ආණ්ඩුවෙන් අල්ලස් වශයෙන් පසුගිය කාල සීමාවේදී මන්ත්‍රීවරුන්ට ලබා දුන් මත්පැන් බලපත්‍ර තමන් බලයට පත්වූ වහා අවලංගු කරන බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාට අයත් ඩේලිමිරර් පුවත්පත විසින් සාවද්‍ය ලෙස වාර්තා කොට ඇත.Sri Lanka Latest News
ඩේලිමිරර් පුවත්පත එය වාර්තා කොට ඇත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බලයට පත්වූ පසු මත්පැන් හල් වසා දමන බවකි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඩේලිමිරර් පුවත්පත තවත් අසත්‍ය පුවතක් පළ කොට ඇති බවකි.
.@Dailymirror_SL is a mockery of journalism. Deliberately misquoted me and later changed the article, no correction issued. I said I will cancel liquor licenses issued as bribes not ban liquor stores if we come to power. What I will ban is @Dailymirror_SL from any press briefings https://t.co/KhyHqOlFiB
— Sajith Premadasa (@sajithpremadasa) May 16, 2024








