ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ, අදාළ නීතීඥවරයා හෝ නීතීඥවරිය අවම වශයෙන් වසර විස්සක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතිඥයෙකු වශයෙන් පත් නොකළ යුතු බවයි.
මේ අතර, ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව, අගෝස්තු මස 31 වැනි දින හෝ ඊට පෙර අයදුම්පත් යොමු කළ යුතු බවටයි ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.










