• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුවන් විජේවර්ධනගේ ඩේලිමිරර් පත්තරේ සජිත්ගෙ කතාවක් විකෘති කරලා දායි! ආචාර්යවරු ඩේලිමිරර් පත්තරේ පතුරු යවයි! (VIDEOS)

January 24, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රුවන් විජේවර්ධනගේ ඩේලිමිරර් පත්තරේ සජිත්ගෙ කතාවක් විකෘති කරලා දායි! ආචාර්යවරු ඩේලිමිරර් පත්තරේ පතුරු යවයි! (VIDEOS)
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පළ කළ අදහසක් විකෘති කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාට අයත් ඩේලිමිරර් පුවත්පතේ පළ කිරීමට විරෝධය පළ කරමින් ‘මැදහත් මාවත’ සංවිධානයේ විද්වතුන් කණ්ඩායමක් අද ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ.

මැදහත් මාවත විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක් වූ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා.

පසුගිය 22 දා ජානකී හෝටලයේ පැවැත්වූ පළමු රැස්වීම පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා

එම මැදහත් මාවත පළමු සාකච්ඡාව ඉතාමත් සාර්ථකව විශාල සහ ව ජන සහභාගීත්වයකින් හා විශාල උද්යෝගයකින් පැවැත්වූවා. මේ රටේ ප්‍රධාන පක්ෂ කිහිපයක්ම එහිදී සාකච්ඡාවට සම්මාදම් වුණා. විශේෂයෙන්ම සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එහිදී දීර්ඝ කතාවක් කළා. ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු, විවිධ පක්ෂ ගණනාවක් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු විශාල සිවිල් සංවිධාන ගණනාවක් මැදහත් මාවත සාකච්ඡාව සඳහා 22 දා හවස ජානකී හෝටලයේදී සහභාගී වුණා.

අද අපි ඉදිරිපත් කරන්නේ ඒ පැවැති සාකච්ඡාව පිළිබඳව ලංකාවේ එක්තරා පුවත්පතක ජාතික ඉංග්‍රීසි පුවත්පතක වාර්තා වූ වැරදි පුවතක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අයිතිය අපට පවතින නිසා. විශේෂයෙන්ම මැදහත් මාවත සංවිධායක වශයෙන් වගකීමක් තිබෙනවා එහි දී පළවූ අදහස් මාධ්‍ය විසින් යම් ආකාරයකින් වැරදි හෝ හිතාමතා හෝ විකෘති වෙලා පළවෙලා තිබෙනවා නම් එය නිවැරදි කිරීමට .

අද ඩේලිමිරර් පුවත්පතේ ඉංග්‍රීසි පුවත්පතක් විපක්ෂ නායක තුමා සම්බන්ධයෙන් පුවතක් පළවෙලා තිබෙනවා ඇත්තටම ඒ අදහසට අනුව විපක්ෂ නායකවරයා ඒකාධිපති පාලනයකට පක්ෂයි කියන අදහසක් එහි වාර්තාවෙනවා. ඇත්තටම මැදහත් මාවතේ මූලික අරමුණට අනුව ඒකාධිපතිවාදයට අපි සියලු දෙනාම විරුද්ධයි. ඒ වගේම එදා විපක්ෂනායකවරයා ඇතුළු සියලු දෙනාම එක හඬින් කියා සිටියේ මේ රටේ පවතින ඒකාධිපතිවාදය වහාම තුරන් කළ යුතුයි කියලා. විශේෂයෙන්ම විපක්ෂනායකවරයා කිව්වා දැන් තියෙන්නේ ඡන්දයෙන් පත්වූ ඒකාධිපතිවරයෙක් කියලා. ඇත්තටම සිංහල භාෂාවෙන් කරපු ඒ කතාවේ ඒකාධිපතිවාදය ගැන එතුමා ගැඹුරු විග්‍රහයක් කළා කියන එකයි මගේ අදහස. දේශපාලන විද්‍යාව උගන්වන ආචාර්යවරයෙක් විදියට සහ දේශපාලන විද්‍යාව පිළිබඳව හදාරන පුද්ගලයෙක් පිළිම විදිහට මම හිතන්නේ ඒකාධිපතිවාදයට පක්ෂව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කිසිවක් කතා කරන්නේ නැහැ. මේ වෙලාවේ විපක්ෂයේ සියලුම පක්ෂ එක හඬින් කියා සිටින්නේ මේ රටේ මේ පවතින ඒකාධිපති විකෘති පාලන ක්‍රමය අවසන් කරමු කියන මතයේ සිටින්නේ.

එහිදී මැදහත් මාවත විපක්ෂනායකවරයා විසින් දැක්වූවා යයි පවසමින් ලංකාවේ වැදගත් පුවත්පතක් වශයෙන් ඩේලි මිරර් පුවත්පත හි පලවෙන මෙම පුවත වහාම නිවැරදි විය යුතුයි. ඒ වාර්තාව එතුමන්ලා පළ කෙරේ කිසියම් වැරදි අදහසකින් නම් මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කළ යුතුයි. මොකද මේ කතාව ඉතාමත් පැහැදිලියි. විපක්ෂනායකවරයා පැහැදිලි කරන්න උත්සාහ කළා විවිධ උදාහරණ අරගෙන මාග්‍රට් තැචර් වැනි විවිධ අය උදාහරණ ගනිමින් ඡන්ද පවත්වලා ඒකාධිපති පාලකයින් පත් කරනවා නම් එය නැති කළ යුතුයි කියන අදහස එතුමා ප්‍රකාශ කළේ. නමුත් සිංහල අදහසක් ඉංග්‍රීසි භාෂාවකින් පළ කරන කොට විශේෂයෙන්ම මාධ්‍යවේදීන් විදිහට සියලු දෙනාම විශාල අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. මොකද ඉංග්‍රීසියෙන් යමක් පළ කරන කොට සිංහල භාෂාවෙන් කියපු එක නැවත translate පරිවර්තනය වෙලා යන්නේ මේ වෙලාවේ වැරදි පරිවර්තනයක් භාවිතා කරලා තියෙනවා මේ ඩේලි මිරර් පුවත්පත. ඒ නිසා මැදහත් මාවත විදියට අපි ගෞරවයෙන් ඒ පුවත්පතෙන් ඉල්ලා සිටිනවා. මේ පුවත වහාම නිවැරදි කරන්න කියලා ඔවුන්ගේ මුද්‍රිත මාධ්‍ය තුළ මේ ආකාරයෙන්ම නිවැරදි පුවත පළ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැනට අපි දන්නවා ඔවුන්ගේ ඔන්ලයින් මාවත තුළ එය නිවැරදි කර තිබෙනවා. නමුත් මුද්‍රිත මාධ්‍ය තුළින් රටට ගිහින් තියෙනවා මෙහිදී අපට එළිවෙන කරුණ මොනවද. අපි දන්නවා විශාල වශයෙන් සමාජ මාධ්‍යවලට විශාල විචාරයක් තිබෙනවා වැරදි තොරතුරු භාවිතය ගැන. එය පාවිච්චි කරනවා දේශපාලනඥයන්ට මඩ ගහනවා. දේශපාලඥයන් නොකියපු දේවල් කියනවා ආදී වශයෙන් විශාල වැරදි අදහස් සමාජ මාධ්‍ය යනවා කියලා සමාජ මාධ්‍ය තියෙනවා .නමුත් ජාතික පුවත් පත් වලින් අපි ඒ තත්ත්වය බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් වගකීමක් සහිත පුවත්පත විදියට ජනමාධ්‍ය ආචාර ධර්ම රකින ,මාධ්‍ය නිදහස ආරක්ෂා කරන වගකීම ජාතික පුවත්පතක් විදිහට මෙවැනි ආකාරයේ ප්‍රවෘත්තියක් පළ කිරීමේ දී විශේෂයෙන්ම එතුමන්ලාට වගකීමක් තිබුණා. එය පැහැර හැරලා තිබෙනවා. ඒ පිළිබඳ මැදහත් මාවත සංවිධායක විදියට අපේ විශාල කනගාටුවක් තිබෙනවා. මොකද අපේ ආරාධනය පිළිගෙන ස්වාධීන ආයතනයක් විදියට මැදහත් මාවත ආරාධනයෙන් විපක්ෂ නායක ඇතුළු පක්ෂ නායකයෝ ආපු එක අපට ගෞරවයක් තිබෙනවා. අපි මේ ව්‍යාපාරය දියත් කරලා තිබෙන්නේ ඒකාධිපතිවාදයට විරුද්ධව. මේ රටේ මැදුම් පිළිවෙත අනුගමනය කරන මැදහත් මාවතේ ගමන් කරන දේශපාලන නායකත්වයක් නිර්මාණය කිරීමට තමයි අපි මේ නිර්මාණය කර තිබෙන්නේ. ඒ නිසා මඩ දේශපාලනය ක්‍රියාත්මක කරනවා නම් මේ රටේ ජාතික මාධ්‍ය විසින් එය ඉතාම බරපතළ තත්ත්වයක්. මොකද ජනතාවට අයිතියක් තිබෙනවා ඇත්තටම විපක්ෂ නායකවරයා කිව්වේ මොකක්ද කියලා දැනගන්න ඒ කතාව සිංහල භාෂාවෙන් හොඳට මුද්‍රණය කර තිබුණා. ඇයි මේ විදිහට විකෘති වාර්තා පළ කරන්නේ කියලා අපි අහනවා. මතවාද හැදුවට කමක් නැහැ. ප්‍රසිද්ධ කරන්න එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බරපතළ හානියක්. අපි දැක්කා ජනාධිපතිවරයාට විරුද්ධව මඩ ගහනකොට සමාජයේ විශාල හඬක් නැගුණා මඩ දේශපාලන නවත්තන්න කියලා. මෙය විපක්ෂ නායකයාට කිව්ව කියලා නෙමෙයි සමස්තයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදයට මේක බරපතළ හානියක්. මොකද විපක්ෂනායකවරයා මෙදා කිව්වා ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හතරවන කුළුණ කියලා. සිවිල් සමාජය පස්වන කුළුණ මේ වගේ වැදගත් අදහස් ටිකක් ඒ කතාව පිළිබඳ විකෘති කිරීම සම්බන්ධව තියෙනවා අපේ බලවත් විරෝධය පළ කරනවා. මෙහි අපි දන්නා පුවත්පතක් වැදගත් සේවයක් කරන පුවත්පතක් ඒ ගෞරවය අපේ තියෙනවා නමුත් මේ වාර්තාවේ ඔවුන් අතින් විශාල වැරැද්දක් වෙලා තියෙනවා. අපි ඒ කතෘවරයාගෙන් ඉල්ලා සිටින මේක නිවැරදි කරන්න. මොකද මේක ජාත්‍යන්තරයට යනවා. ඉංග්‍රීසි පාඨකයන් අතර යනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය කතිකාවක් හැදෙනවා . මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටින පක්ෂය අනිකුත් සිවිල් සමාජය මෙවැනි අදහස් පිළිගන්නවා කියන එක මේ රට ඒකාධිපති පාලනය මෙය සාධාරණීකරණය කරනවා/ ඇයි එහෙම කලේ කියලා නැවතත් අපි අහනවා/ අපි මැදහත් මාවත ඉදිරියේදී ජනමාධ්‍යයට විශාල සදාචාරයක් අවශ්‍යයි. ජනමාධ්‍ය නිදහස අපි කියලා අහෝසි කර ගන්නවා කියන්නෙ වැරදි අදහස් පළ කිරීම තුළින්ම පේනවා ජනමාධ්‍ය මොකක්ද කරන්නේ කියන එක මේ සංවිධානාත්මක කරන වැඩ මේවා අද දේශපාලනය තුළ පවතින තරඟ එම තරග බිමේ අපට පේනවා විශාල පක්ෂ ගණනාවක් කරනවා එය ඉතාම යහපත් තත්ත්වයක් අපිට එක අපේක්ෂකයෙක් නෙමෙයි ගණනාවක් ඕන හැබැයි ඔවුන් සත්‍ය ප්‍රකාශ කරන්න ඕන ජනතාවට අනිත් එක්කෙනා කියපු ඇත්ත බොරුවක් කර පල කරනවට වඩා අදහස සමග ගැටෙන්න විපක්ෂ නායකවරයා අදහසක් අදහසක් කියලා තියෙනවා නම් මේ සමග ගැටෙන්න ජනාධිපතිවරයා කියපු අදහසක් තියෙනවා නම් ඒ සමග ගැටෙන්න මම ඉල්ලා සිටිනවා මෙන් මට දේශපාලනය මේ රටේ දේශපාලන සංස්කෘතියට විශාල හානියක් කරනවා. ඒ නිසා ඉතාම දැඩිව මේ මාධ්‍ය වාර්තාව හෙළා දකින අතර මේ මාධ්‍ය වාර්තා වහාම නිවැරදි සත්‍ය තොරතුරු ජනතාව දැනුවත් කරන්න කියල ඉල්ලා සිටිනවා.

අතුල මහතාට අමතරව ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතාද මෙම .අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

දිලුම්ටත් කොරෝනා! අද දවසේ වාර්තා වූ දෙවැනි මන්ත්‍රී!

Next Post

සුදුළූණු නඩුවේ සැකකරුවකු කිරීමට එරෙහිව තුෂාන් අධිකරණයට යයි! චමුදිත එක්ක කුමන්ත්‍රණකරුවන් තුන්දෙනකුගේ නම් හෙළිකරයි! (VIDEO)

MORE NEWS

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Load More
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම...

Read more
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.