ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති ‘කැරපොතු පක්ෂයේ’ ශාඛාවක් ලංකාව තුළද ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවක් වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව, මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට ගණනාවක් එම පක්ෂයේ නියෝජිතයන් අතර පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ සඳහා දැනටමත් ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන් කිහිප දෙනකු හඳුනාගෙන ඇති බවත්, ඉදිරියේදී ඔවුන් සමග කැරපොතු පක්ෂයේ ප්‍රධානීන් සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවත් දැනගන්නට ඇත.
එමෙන්ම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැරපොතු පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකු ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින බවක්ද වාර්තා වේ.










