තමන් ඇතුලු කණ්ඩායමක් ආණ්ඩුව සමග එක්වන බවට අද දින ඩේලිමිරර් පුවත්පත සිය මුල්පුවත මගින් හෙළි කොට ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත්, ඒය පහත් මාධ්‍ය කලාවක් අනුගමනය කිරීමක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දී ඇත.
සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.
මීට පෙර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද හර්ෂ ද සිල්වා මහතාද මෙම පුවත අසත්‍යයක් බව ප්‍රකාශ කොට තිබිණ.
ඩේලිමිරර් පුවත්පත එජාප නියෝජ්‍ය නායක සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වන රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් පුවත්පතකි.
Tabloids joining the fringe call for Schrödinger's legislators – he must stand on principle but also sit with crooks…the erosion of professional integrity seems contagious, thoughts and prayers. https://t.co/xNzMm3yei6
— Eran Wickramaratne (@EranWick) April 4, 2023










