• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

බෝරාවරු දවස් 10ක් ‌කොළඹ ‌මොනවද කළේ?

September 14, 2019
in Politics
Reading Time: 5 mins read
A A
බෝරාවරු දවස් 10ක් ‌කොළඹ ‌මොනවද කළේ?
Share on WhatsAppShare on Facebook

කවුද මේ බෝරාවරු?
මොකටද ආවෙ?
එයාලා ඇවිල්ලා ලංකාවෙ කරන්නෙ මොනවද?
මෙන්න මේ ටික මේ ලිපිය ලියන දවස වෙනකොට ඉතාම බරපතළ ප්‍රශ්න වෙලා තියෙන්නෙ. අද වෙනකොට මේක කතාවෙනවා ටිකක් අඩුයි. හැබැයි එහෙමයි කියලා නෑ තාමත් මේ කතාව හුඟාක් අයගෙ හිත් අස්සෙ තියෙනවා. ඒ නිසා බෝරාවරුන්ගෙ සමුළුව අස්සට රහසෙම රිංගලා ඇත්ත හොයන්න අපි තීරණය කළා. මේ ලියන්නෙ ඒ කතාව.
මුලින්ම කියන්නම් මේ බෝරාවරු මේ විදියට අපේ රටට එන පළමුවැනි වතාව නෙවෙයි මේක. කනින් කොනින් දැනගත්ත විදියට මේ විදියෙම සමුළුවක් දෙදහස් හතෙත් තියලා තියෙනවා. ඒ කියන්නෙ මේ බෝරාවරු ලංකාවට එන පළමුවැනි වතාව නෙවෙයි. ඒ වගේම ඔවුන්ගේ පැමිණීම,
“පාස්කු ප්‍රහාරය සමරන්න එනවා…”
“ගහලා ඒක හරිද බලන්න එනවා…”
වගේ එකක් කියලා හිතන්න එපා. ලංකාවෙ බහුතරයක් උදවිය ඉතාම පටු දේශපාලන අරමුණකිනුයි හැසිරෙන්නෙ. ඒ නිසා බෝරා නෙවෙයි මොකක් කිව්වත් ඉතාම වැදගත් වෙන්නෙ “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.”

හැබැයි එහෙමයි කියලා රජය කියන හැම එකම මාර සත්‍ය විදියට පිළිගන්න ඕනෙත් නෑ. මොකක් වුණත් හරියට හොයන්න සහ බලන්න ඕනෙ. හැබැයි ඒක ලේසිමත් නෑ. හිතන තරම් අමාරුත් නෑ. කොහොම වෙතත් මාධ්‍ය වගකීමක් විදියට අපි හරියට තේරුම්ගන්න ඕනෙ මේ බෝරාවරු කවුද කියලා. ඒ නිසා අපි හෙව්වා මොනවද මේ බම්බලපිටියෙ වෙන්නෙ කියලා.
බම්බලපිටියට ඇවිල්ලා ඉන්නෙ කවුද කියලා අද වෙන කොට සියලු දෙනා දන්නවා. මේ අයට කියන්නෙ බෝරාවරු කියලා. ඒක හරි.
එතකොට මේ බෝරාවරු මොනවද මෙහෙ කරන්නෙ?
ඔවුන් ඇවිල්ලා තියෙන්න සමුළුවකට.
මොකක්ද සමුළුව?

මේක බෝරාවරුන්ගෙ ජාත්‍යන්තර සමුළුව. ඒක ලෝකෙ හැම රටකම වගේ තියෙනවා. ඔවුන් මේ වතාවෙ ඒකට තෝරගෙන තිබ්බෙ ලංකාව. මේ විදියට මේ සමුළුවට ලංකාව තෝරගෙන තියෙන්නෙ පළමුවැනි වතාවට නෙවෙයි. ඒ නිසා අපිට කොරහෙ කිඹුල්ලු දකින්න තරම් දෙයක් නෑ. මේ අයගෙ ආගම ගැන සහ වැඩි විස්තර අපි මහාවංශය ඔස්සේ ලියලා තියෙන නිසා මෙතැන ඒ ගැන ලියන්නෙ නෑ. හැබැයි මේ පාරවල් වහලා පල්ලි අස්සෙ බෝරාවරු කරපු කියපු දේවල් අපි හෙව්වා. ඒ අපි දන්න නිසා ඔබ ඒ ගැන දැනගන්න මඟබලා ඉන්න විත්තිය.
බෝරාවරුන්ගෙ තිබුණු වැදගත්ම දෙයක් තමයි කෑම බීම ගත්ත විදිය. මේ අය හැමදාකම විසිඑක්දහසකට කෑම හැදුවා. එහෙම කෑම හදලා මේ අය තනි තනියම කෑම ගන්නෙ නෑ. එහෙම ගන්නෙ නෑ විතරක් නෙවෙයි, මේ අය කෑමවලින් කිසිම කොටසක් අපතෙ යවන්නෙත් නෑ. සරලවම කියනවා නම් බත් ඇටයක්වත් ඉතිරි කරන්න බෑ. පාවිච්චියට නොගත්ත හොදි මාලුපිනි කිසිම දෙයක් විසිකරන්නෙ නෑ. ඒවා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් විදියට ගන්නවා. ඒක අපිට පෙනුණෙ කවුරු කළත් හොඳ දෙයක් විදියට. මේ විදියට උදේ, දවල්, රෑ තුනේම නොමිලයේ කෑම ලැබෙනවා. ඒ වගේම මේ අයට නිතරම වගේ තැඹිලි බොන්න ලැබෙනවා. ඒක හැම රටකදිම වෙන දෙයක් නෙවෙයි. ආසියාතික රටක අපේ වගේ සංස්කෘතියක තැඹිලි බොන එක නිතර වෙන නිසා ඔවුන් මේක යොදාගන්න ඇතියි කියලා හිතෙන්නෙ. කොහොම නමුත් ඒ තැඹිලි කෝම්බ එකක්වත් තැන් තැන්වල දාන්න බෑ. ඒවා විධිමත්ව බැහැර කරනතුරු පරිස්සමට තියලා තියනවා.
තැඹිලි කෝම්බ විතරක් නෙවෙයි, කුණු මොනවා වුණත් එහෙම දාන්න බෑ එහෙ මෙහෙ. ඒවා එකින් එකට වෙන් කරලා නිවැරැදිව බැහැර කරන්න ඕන පරිසරය හදලා තියෙනවා. හැබැයි ඒ කොළඹ මහ නගර සභාවෙ මැදිහත් වීමෙන් නෙවෙයි. ඒක කරන්නෙ මේ බෝරා සමුළුවෙ සංවිධායක මණ්ඩලය විසින්. වතුර බෝතල් සම්බන්ධවත් එහෙමයි. විසිඑක්දාහක් යන එන තැනක් මොන තරම් වතුර බෝතල් ගොඩක් තැන් තැන්වල දාලා තියෙන්න ඕනෙද? හැබැයි එක බෝතලයක්වත් එහෙම දාන්න බෑ. බෝතලයක වතුර බොන්නෙ එක්කෙනෙක් නෙවෙයි. හැම වෙලාවකම කෙනෙක් වතුර බීලා ඉතිරි නම් තවත් කෙනෙක්ට දෙන්න ඕනෙ. මිනිස්සු වතුර අපතෙ යවන්නෙ නෑ වගේම බෝතලයක් කවුරුවත් කිසිම වෙලාවක විසිකරන්නෙ නෑ.
දැනගත්ත විදියට පල්ලිය ඇතුළෙ කිසිම භේදයක් නෑ. එන හැම කෙනෙක්ම එකිනෙකාගෙ උරහිසට උරහිස තියාගෙන පූජාවට සහභාගි වෙන්න ඕනෙ. ළඟ ඉන්න කෙනාගෙ සමාජ තත්ත්වය කිසිසේත්ම අදාළ නෑ. හැබැයි අපි තවත් එකක් හොයාගත්තා. ඒ මේ අය සුලබව කතා කරන්නෙ අරාබි භාෂාව නෙවෙයි. ඒක දෙමළ සහ හින්දි මිශ්‍ර වෙනස්ම භාෂාවක්.
මේ අයගෙ අපි දැක්ක ප්‍රධානතම දේ වුණේ සමගිය. විසිඑක්දහසක විතර පිරිසක් හිටියත් මොනම හේතුවක් නිසාවත් ගැටුමක් ගැටලුවක් ඇති වුණේ නෑ. මාර්ග තදබදය නැති කරන්න පොලීසිය යොදලා තිබ්බත් මේ අයත් ඊට සහාය වුණා. ඔන්න ඕක ගැනයි අර ෆෙස්බුක් එක යොදාගෙන කරපු දේශපාලන කැම්පේන් එකක කතා කළේ “පාරවල්වල බලය උන්ට දීලා” කියලා. ඇත්තටම වුණේ මේ අය එහෙම “කොහෙට ද යන්නෙ….” වගේ එකක් ඇහුවා නම් ඒ ඇත්තටම යන්නෙ කොයි පැත්තටද කියලා අහගන්න ඕනෙ නිසා ආහපු එකක් විතරයි. එහෙම දැනගන්න හදන්න ඇත්තෙ මේ මාර්ගයෙන්ම යන්න ඕනෙ ද, නැත්නම් වෙන පාරවල්වලින් යන්න පුළුවන්ද කියලා දැනගන්න විතරයි. ඒ නිසා ඒ තැන්වල ගැටුමක් ඇතිකර නොගන්න ඒ රටේ මිනිස්සු ප්‍රගතිශීලී වීම ආඩම්බරයක්.
මේ අය ලංකාවට එන්නෙම ලංකාවෙ සංචාරක කර්මාන්තයට ලොකු තල්ලුවක් එහෙම දෙන බලාපොරොත්තුවෙන්. දැනගන්න තියෙන විදියට බෝරාවරු ආපු නිසා ලංකාවෙ හෝටල්වල ආයෙමත් සෙනඟ පිරුණා. ඔවුන් කිව්වෙ “වී බිලීව් ඉන් ශ්‍රී ලංකා…” කියලා. ඒ නිසා අපි ඔවුන්ට ස්තූතියි කියමු, අපිව විශ්වාස කළාට. ඔබත් පුළුවන් නම් විශ්වාස කරන්න බෝරාවරු අන්තගාමීන් නෙවෙයි කියන එක.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

දෙවියන් ඉන්නේ කොතැනද

Next Post

පොරපිටියක් වන ඇල්පිටිය

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.