• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

May 18, 2024
in Exclusive, Politics
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘මම ශ්‍රී ලංකාවේ ආන්තික ජනගහනය, වගවීම, සත්‍යය, සංහිඳියාව, විනිවිදභාවය සහ යුක්තිය වෙනුවෙන් පෙනීසිටින බවට පොරොන්දු වෙමි. 2009 වසරේ අවසන් වූ වාර්ගික සිවිල් යුද්ධයෙන් සහ 2022 දී මුහුණ දුන් දේශපාලන හා ආර්ථික අර්බුදවලින්ද තවම ශ්‍රී ලංකාව සුවපත් වෙමින් සිටින ආකාරය දැකිය හැකියි. කෙසේ හෝ මේ තත්ත්වය අතරවාරයේ ශ්‍රී ලංකාව යම් අඛණ්ඩ ප්‍රගතියක් අත්පත් කරගනිමින් සිටින බැව්ද පෙනෙනවා. එහෙත් ඒ අතරම කැපීපෙනෙන අභ්‍යන්තර හා බාහිර අභියෝග රැසකටද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආකාරය දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු විභවයක් ඇත. වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීම, පුද්ගලික අංශය මූලික කරගත් ව්‍යාපෘතීන් ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදන ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වැනි ආර්ථික සබඳතා ගැඹුරු කිරීම මගේ දැක්මෙහි කේන්ද්‍රීය වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රබෝධමත් සිවිල් සමාජයක් ගැන මම උනන්දුවෙන් අපේක්ෂා කරමි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ අර්ථවත් බලපෑමක්ද බලාපොරොත්තු වෙමි…’

ශ්‍රී ලංකාව ගැන කියැවෙන මෙම බැරෑරුම් අර්ථකථනය කුමක්ද? මෙම වදන් පවසා සිටින්නේ කවරකු විසින්ද? මෙම කතාන්දරය මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. මෙම කතාව කියා සිටින්නේ එක්තරා සුවිශේෂ කාන්තාවක විසිනි. ඇයගේ නාමය වන්නේ එලිසබෙත් කැත්රීන් හෝර්ස්ට් වන අතර, ඇය කෙටියෙන් හඳුන්වන්නේ එලිසබෙත් හෝර්ස්ට් (Elizabeth Horst) ලෙසිනි. ඇය නම් ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරියයි. ඇය නුදුරු මාස කිහිපයක් තුළදී තානාපති ධුරයෙහි වැඩ භාරගැනීමට නියමිතය. දැනට ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මියගේ ධුර කාලය අවසන් වීමට නියමිත අතර, ඉන් පසුව ඉහත ප්‍රකාශ කළ එලිසබෙත් හෝර්ස්ට් මහත්මිය එම ධුරයෙහි කටයුතු කරනු ඇත. ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ඇගේ මෙම පත්වීම අනුමත කර ඇති අතර, තානාපතිවරිය ලෙස නිල වශයෙන් ඇය නම්කරනු ලැබ ඇත. දැනට ඇය ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික සේවයේ වසර 20ක් පුරා නොකඩවා කටයුතු කර ඇති අතර, ඇය මින් පෙර එස්තෝනියා රාජ්‍යයේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කර ඇත. ඊට පෙර ඇය ජර්මනියේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉහළ උපදේශක ධුරයක් දැරුවාය. එසේම යුක්රේනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේද ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයක් දැරීය. ඇයට ජර්මානු භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් ඇත. එලිසබෙත් හෝර්ස්ට් මහත්මිය විද්වත් පරිචයක් ඇති කාන්තාවක් වන අතර, ඇය ඇමෙරිකාවේ කැරොලිනා විශ්වවිද්‍යාලයෙන් සහ ඇමෙරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයෙන්ද උපාධි දෙකක් හිමිකරගෙන ඇත. බොහෝ ක්‍රියාශීලී බුද්ධිමත් ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ඇය ප්‍රකටය.

ගෝලීය සමාජයේ සමස්ත පිළිගැනීමේ හැටියට ලෝකයේ ප්‍රධාන බලවතා ලෙසට සැලකෙන්නේ ඇමෙරිකාවය. ඒ අනුව ලෝකයේ විවිධ රටවල ස්ථාපිත කර තිබෙන ඇමෙරිකානු තානාපති කාර්යාලවලට හිමිවන්නේද එවැනිම ප්‍රමුඛ ස්ථානයකි. එනම් එම රටක් තුළ තිබෙන අනෙකුත් රටවලට අයත් තානාපති කාර්යාලවලට වඩා ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉහළම ස්ථානය හිමිකර ගනී. මෙවැනි වටපිටාවක් සසඳා බැලීමේදී එම තානාපති කාර්යාලවල මුල් පුටුව දරා සිටින ඇමෙරිකානු තානාපතිවරුන්ද විශේෂ ස්ථානයකලා සැලකෙයි. මේ ආකාරයට හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට පැමිණෙන නව ඇමෙරිකානු තානාපතිනි එලිසබෙත් හෝර්ස්ට් මහත්මිය විසින් ඉහත ශ්‍රී ලංකාවට අදාළව සිදුකරන ලද විශේෂ ප්‍රකාශය විශේෂ අවධානයකට ගත යුතුව ඇත. ඇගේ මෙම උද්‍යෝගිමත් උපදේශනය ඇය විසින් සිදුකරනු ලබන්නේ පසුගියදා ඇමෙරිකානු සෙනෙට් විදේශ සබඳතා කමිටුව ඉදිරියේය. එම කමිටුවේ සභාපති ප්‍රධාන අනෙක් සාමාජිකයන් ඉදිරියේදී ඇය මෙම ප්‍රකාශය නිල වශයෙන් සිදුකළාය. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ධුරයට තෝරාගනිමින් තමන්ට ගෞරවනීය හා තීරණාත්මක භූමිකාවක් ඉටුකිරීමට ලැබීම ගැන තමන් සතුටට පත්වන බැව් ඇය මෙම කමිටුව ඉදිරියේ ප්‍රකාශ කර ඇත. ඇය තමන්ගේ එම සුවිශේෂ ප්‍රකාශය තුළින් තවත් වැදගත් කරුණු කිහිපයක්ම අවධාරණය කර ඇත.

‘ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස මා පත්කිරීම ගැන ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගත් තීරණය ගැන මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මෙම අවස්ථාව ලැබීම මට මහත් ගෞරවයක්. එසේම මෙම තීරණාත්මක හා ගෞරවනීය භූමිකාවේ කටයුතු කරන්නට ලැබීම මහත් සතුටක් සහ අභියෝගයක්.

මම මීට වසර 20කට පෙර දකුණු ආසියාවේ මගේ රාජ්‍යතාන්ත්‍රික ජීවිතය ආරම්භ කළ අතර මානව හිමිකම් සහ ආර්ථික නිදහසට ගරුකිරීම ඇතුළු එක්සත් ජනපදයේ මූලික ප්‍රතිපත්තිවලට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමුඛත්වය දී ඇත. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරගනිමින්, ඇමෙරිකානුවන් වශයෙන් දියුණු වීමට ඇති හැකියාව අපව කැපීපෙනෙන අතර, අන් අයට එය ආදර්ශයක් වේ. ඇමෙරිකා එක්සත් ජනපද අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ ඒවා ඉදිරියට ගෙන යෑමට කොංග්‍රසය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මම අපේක්ෂා කරමි…’
එලිසබෙත් හෝර්ස්ට් තානාපතිවරිය තමන්ගේ ප්‍රකාශයේදී ශ්‍රී ලංකාවට අදාළ තවත් සුවිශේෂ කරුණු කිහිපයක්ම තරයේ අවධාරණය කර ඇත. ඒ ගැනද සොයා බලමු.

‘වසර 76ක් පුරා දිවෙන සබඳතාවක් වන ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපදයේ හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව තීරණාත්මක ස්ථානයක් දරයි. ඇමෙරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ මූලික කුලුනු තුනක් කෙරෙහි අවධානය යොමුකිරීමට මම අදහස් කරමි. අපගේ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, අපගේ ආරක්ෂක අවශ්‍යතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ විවිධ හා විචිත්‍රවත් ජනගහනය සමග සබඳතා පෝෂණය කිරීම එම කාර්යයයි. එසේම ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම සහ ගෝලීය සමුද්‍ර මංතීරුවලට සමීප වීම සැලකිල්ලට ගෙන, ආරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සමීප සහයෝගීතාවක් අත්‍යාවශ්‍ය වෙනවා. චීනයේ මහජන විමුක්ති හමුදාව සමග සබඳතා ඇති බවට සැක කෙරෙන, ඉන්දියානු සාගරයේ චීන පර්යේෂණ යාත්‍රා නිරීක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. කලාපීය ස්වෛරීභාවය සහ කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, එහි සමුද්‍ර මුර සංචාර හැකියාවන් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව මම මෙහිදී දැඩි ලෙස අවධාරණය කර සිටිනවා. ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීම, සමුද්‍රීය ආරක්ෂාව ඉහළ නැංවීම සහ ස්වභාවික විපත්වලට ප්‍රතිචාර දැක්වීම ඇතුළුව නැගී එන ආරක්ෂක අභියෝග සමගින් විරුද්ධවාදීන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා අපගේ හවුල්කාරීත්වය අත්‍යාවශ්‍ය වේ. මෙහිදී ඉන්දියන් සාගරය පුරා ස්ථාවරත්වය සඳහා අපගේ හවුල් කැපවීම මම නැවත තහවුරු කරමි. ඇමෙරිකා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවයේ අර්ථවත් බලපෑමක් ඇතිකිරීමට මම කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවේ වගවීම, සත්‍යය, සංහිඳියාව, විනිවිදභාවය සහ යුක්තිය වෙනුවෙන් කැපවන බවට මම පොරොන්දු වෙමි…’

මෙම සුවිශේෂ ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට පත්වී පැමිණෙන නව ඇමෙරිකානු තානාපතිනි එලිසබෙත් හෝර්ස්ට් මහත්මිය ශ්‍රී ලංකාව ගැනත්, තම උපන් දේශය වන ඇමෙරිකාව ගැනත් බොහෝ දැඩි අවධානයකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන රාජ්‍යතාන්ත්‍රිකයකු බවය. ඇය මෙරට සුළු ජන කොට්ඨාසවලට සහාය දැක්වීමට සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අයිතිවාසිකම් ගැන ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවත් ප්‍රකාශ කරන්නීය. මේ අනුව පෙනීයන්නේ ඇය දැඩි ස්ථාවරයක සිටිමින් කටයුතු කරනු ලබන බවයි. චීනය ගැනත්, චීන විමුක්ති හමුදාවේ ක්‍රියාකාරකම් ගැනත් ඇය එළිපිටම තම නිර්භය අදහස් දක්වා තිබීම චීනයේ දෙනෙත් විවර කිරීමට සමත් වනු ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මාස 3ක් නිවාඩු ගිහින් ඉන්න වෙල්ගමගේ දුක සැප බලන්න මහින්ද හොරවල ගෙදරට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

යුද ජයග්‍රහණයට අවුරුදු 15ක් පිරෙන මොහොතේ ජුලී චන්ග් තියපු ටිව්ටර් පණිවුඩය! Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.