• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

April 22, 2024
in Exclusive, Politics
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘මමත් මගේ බිරියත් දීර්ඝ කාලයකට සිරගත කිරීමට පාකිස්තානයේ බලධාරීන් කටයුතු කරලා තියෙනවා. මම විශේෂයෙන්ම මෙහිදී කියා සිටින්නේ මගේ බිරිය බුෂ්රා බිබී ගැනයි. ඇයත් වසර 07කට සිරගත කරලා තියෙනවා. ඇය මේ සිර දඬුවම ගෙවන්නේ අපගේ පුද්ගලික නිවාසය තුළයි. එනම් එම දඬුවම නිවාස අඩස්සියට පත්කිරීමේ දඬුවමක් ලෙසටයි ක්‍රියාත්මක වෙන්නේ. මගේ සිර දඬුවම ගෙවෙන්නේ අඩියාලා බන්ධනාගාරය තුළයි. මම මෙහිදී ඉතා අවධාරණයෙන් කියා සිටින්නේ මගේ බිරියගේ ජීවිතය ගැන පාකිස්තාන බලධාරීන් වගකිව යුතුයි. එහිදී මම එම වගකීම සම්පූර්ණයෙන්ම එල්ල කරන්නේ පාකිස්තාන යුද හමුදාපති ජෙනරල් ආසිම් මුනීර් වෙතයි. මගේ බිරියගේ සිරගත කිරීමට ඔහු වගකිව යුතුයි. එසේම මෙලෙස ඇය සිරගතවී සිටියදී ඇයගේ ජීවිතයට යම් හානියක් සිදුවුණොත් එයට මුළුමනින්ම වගකිව යුත්තේත් පාකිස්තානයේ වත්මන් හමුදාපතිවරයායි. මම එය ස්ථිරවම ප්‍රකාශ කරනවා…’
කුමක්ද මෙම ආන්දෝලනාත්මක කතාව? එසේම එය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම ආවේගශීලී වදන් කියා සිටින්නේ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසිනි. පාකිස්තානයේ මෙන්ම මුළුමහත් ලොව වටාම මහත් කතාබහට ලක්ව ඇති විවාදාත්මක චරිතයක් ලෙස ඉම්රාන් ඛාන් ප්‍රකටය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ඉන් පසු පාකිස්තානයේ දේශපාලන ක්ෂේත්‍රය තුළද මහත් ප්‍රකටත්වයට පත්වූ ඔහු මේ වනවිට වසර 14ක සිර දඬුවමක් විඳිමින් සිටියි. ඒත් සමගම ඔහුගේ බිරිය වන දැනට 49 හැවිරිදි වියේ පසුවන බුෂ්රා බිබී නමැති කාන්තාවද වසර 07ක සිර දඬුවමක් විඳිමින් සිටින්නීය. මොවුන් දෙදෙනාටම චෝදනා එල්ලවී ඇත්තේ රාජ්‍ය දේශපාලනයේදී සිදුකරන ලද යම් දූෂණ වංචා ක්‍රියාවන් සම්බන්ධයෙන්ය. එසේම ඉම්රාන් ඛාන්ගේ බිරිය වෙත එල්ලවී ඇති තවත් චෝදනාවක් වන්නේ ඇය තම පෙර විවාහයෙන් නිසි නීත්‍යනුකූල ලෙස ඉවත් නොවී ඉම්රාන් ඛාන් සමග විවාහයට පිවිසීමය. ඒ අනුව ඉස්ලාම් නීතියට අදාළව ඇයටද සිර දඬුවම් නියම කර ඇත. ඉම්රාන් ඛාන් යුවළගේ මෙම වත්මන් තත්ත්වය යනු බොහෝ සංකීර්ණ වටපිටාවක ගොඩනැගුණු එකක් වෙයි. එනම් එය ප්‍රබල දේශපාලනික පළිගැනීමක මුහුණුවරක් ගන්නා එකක් වෙයි. එම තොරතුරු තවත් කියා සිටින්නට පෙර මෙම ලිපියේ ඉහත ඔබට ලියා තැබූ ඉම්රාන් ඛාන්ගේ ආවේගශීලී වදන් පෙළ ගැන සොයා බලමු. ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකරනු ලබන්නේ හරියටම මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් ඔහු දැනට සිරගත කර සිටින අඩියාලා බන්ධනාගාරය වෙත ඔහු හමුවීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිපදෙනකු වෙත මෙම බැරෑරුම් ප්‍රකාශය සිදුකරනු ලැබුවේය. ඉන් පසු මාධ්‍යවේදීන් එම ප්‍රකාශයට ආවරණය ලබාදුන්නේය. එම ස්වයං කථනය තවදුරටත් මෙසේ ගලා යයි.

‘මෙසේ සිරගතවී සිටින මගේ බිරියගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ පාකිස්තාන හමුදාපතිවරයායි. ජෙනරල් ආසිම් මුනීර් තමයි මෙම සිරගත කිරීමට මුල්වූ පුද්ගලයා. ඒ චෝදනාව මම එළිපිටම එක එල්ලේම සිදුකරනු ලබනවා. යම් හෙයකින් මෙලෙස මගේ බිරියට යම් ජීවිත හානියක් කුමන ආකාරයකින් හෝ සිදුවුවහොත් මම ජීවතුන් අතර සිටිනවා නම් මම ඔහුව අතහරින්නේ නැහැ. මගේ බිරියට මෙසේ අසාධාරණ ලෙස සිර දඬුවම් පැමිණවීමට මෙම හමුදාපතිවරයා විසින් එරට අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයාට බලපෑම් සිදුකරලා තිබෙනවා. ඔහුගේ දැඩි තර්ජන සහ බලපෑම මතයි විනිසුරුවරයා ඇයට දඬුවම් පැමිණ වූයේ. මම මේ චෝදනාව හමුදාපතිවරයාට එරෙහිව ගෙන එන්නේ හරියටම සත්‍ය සාක්ෂිවලට අනුවයි. මම ඉදිරියේදී මෙම හමුදාපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී පියවර හෙළිකර සිටිනවා. අද පාකිස්තානය තුළ පවතින්නේ කැලෑ නීතියක්. එය ස්ථාපිත කර තිබෙන්නේ කැලෑ රජු විසින්. කැලෑ රජුට අවශ්‍ය නම් සියලු නඩුවලට සමාව දෙන අතර, ඔහුට අවශ්‍ය නම් එවැනි නඩුවලට දඬුවම් පමුණුවනවා. මේ දුෂ්ට නීතිය නිසා කවදාවත් රටට සෙතක් සිදුවෙන්නේ නැහැ. ඡන්දයෙන් මැතිවරණයෙන් අපි ඉදිරියෙන් හිටියා. ඒත් මේ පාලනය හැම විටම හදන්නේ අපි මර්දනය කරන්නයි. මෙයට පෙර අප්‍රේල් මාසයේ මුලදී මගේ බිරියට ලබාදුන් ආහාර කිහිපයක් ඇයට විෂ වීමද සිදුව තිබෙනවා. මෙවැනි සිද්ධීන්ට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ හමුදාපතිවරයායි. ඇයට ලබාදුන් ආහාරවල යම් විෂ රසායනිකයක් තිබුණු බව හෙළිවුණා…’

මෙසේ හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිය වන බුෂ්රා බිබී හට එලෙස ආහාර සමග වස ලබාදුන්නේ යැයි කියන සිද්ධිය පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇතිවූ අතර එහි තොරතුරු මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. පසුගියදා ඇය අධිකරණය වෙත ඒ පිළිබඳ ප්‍රකාශයක්ද ලබාදී තිබිණි. එහි මෙසේ සඳහන් විය.

‘මා නිවාස අඩස්සියට පත්කර සිටින්නේ අපගේ බානි ගාලාහි පිහිටි නිවෙස තුළයි. මට කිහිප වතාවක් ලබාදුන් ආහාරවල යම් වෙනසක් තිබෙන බව තේරුම් ගියා. එකවරම තෝරාගන්නට බැරි වුණත් මම මේ ආහාර නිසා යම් රෝගී තත්ත්වයන්ට පත්වුණා. වැසිකිළි පිරිසිදු කිරීමට භාවිත කරන ප්‍රබල රසායනික ද්‍රාවණයක බින්දු තුනක් පමණ මගේ ආහාරයට එකතු කරන්නට ඇති බවට මම සැක කරනවා. මෙම ක්‍රියාව සිදුකිරීමට නිවෙස තුළ සිටින වැසිකිළි පිරිසිදු කරන්නකු සම්බන්ධ කරගත් බවට මට යම් විශ්වාසවන්ත පුද්ගලයකුගෙන් කරුණු දැනගන්නට ලැබුණා. මම ඒ අයගේ අනන්‍යතාව හෙළිකරන්නේ නැහැ. වෛද්‍ය මතයට අනුව මෙම විෂ ශරීරගත වීමෙන් පසුව මාසයක පමණ කාලයකින් එම පුද්ගලයාගේ සෞඛ්‍යය පිරිහෙන්නට ගන්නා බව වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. මේ ආහාර ලබාගැනීමෙන් පසුව මගේ ඇස් ඉදිමිලා, පපුවේ සහ උදරයේ වේදනාවක් සහ අපහසුතාවක් දැනෙන්න ගත්තා. නැවත ආහාරයට ගන්න කෑම සහ ජලයේ පවා තිත්ත ගතියක් දැනෙනවා. මම මේ තත්ත්වය ගැන වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලා සිටියා. එහෙත් මට ඉදිරිපත් කළ වෛද්‍යවරයා ගැන මට සැක සහිතයි. මා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අප නම්කරන විශේෂඥ වෛද්‍යවරයකු ලවා මේ පරීක්ෂණය සිදුකරන ලෙසටයි. එම ඉල්ලීම මම ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර සිටිනවා. මෙම විෂ ශරීගත වීම නිසා මගේ සමේ සහ දිවේද ළප සලකුණු ඇතිවුණා…’

කෙසේ හෝ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය බුෂ්රා බිබී විසින් ඉදිරිපත් කරනු ලබන මෙම චෝදනාවන් ඉතා බරපතළ ඒවා ලෙස පෙනී යයි. පාකිස්තානය තුළ ඇත්තේ ඉතාමත් දරදඬු හමුදා බලතල විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය පාලනයකි. එය මගින් තමන්ගේ සතුරන් මෙල්ල කරගැනීම සඳහා නොයෙකුත් ආකාරයෙන් බලතල මෙහෙයවා ඇත. පාකිස්තානයේ වත්මන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා පවා මෙම හමුදා බලතලවලට යටත් වන වාර බොහෝය. කෙසේ හෝ වත්මන් අගමැති ෂෙබාස් ෂෙරීෆ්ද ඉම්රාන් ඛාන්ගේ දැඩි විරුද්ධවාදියකු ලෙස කටයුතු කරන රාජ්‍ය පාලකයෙකි. පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ඉම්රාන් ඛාන් විවිධ චෝදනා මත කිහිප වරක් සිරගත කළද පසුව නිදහස් කෙරිණි. එහෙත් අවසානයේ පසුගියදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයට දින 10ක් පමණ තිබියදී ඉම්රාන් ඛාන්ට නැවත වසර 14ක දීර්ඝ සිර දඬුවමක් නියම කළේය. ඒ අනුව ඉම්රාන් ඛාන් යුවළම මේ වන විට දෙතැනක සිර දඬුවම් විඳිමින් සිටිති.

පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නුවර සිට කිලෝමීටර් 18ක දුරින් පිහිටා තිබෙන ‘බානි ගාලා’ නමැති නගරයේ ඉම්රාන් ඛාන්ගේ පුද්ගලික නිවෙස පිහිටා ඇත. බුෂ්රා බිබී නිවාස අඩස්සියේ සිරගත කර ඇත්තේ මෙම නිවෙස තුළය. මෙම සුවිශාල සුපිරි නිවාස මන්දිරය වර්ග අඩි 20,000කට වැඩි බව පැවැසෙයි. මෙම මන්දිරයේ වටිනාකම පාකිස්තාන රුපියල් මිලියන 750ක් පමණ වන අතර, එය ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් පමණ වටිනා එකක් බවද පැවැසෙයි. ඉම්රාන් ඛාන් සුපිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් ලෙස සිටි සමයේ සිට දේශපාලකයකු දක්වා වන සමය තුළදී උපයාගත් මුදලින් මෙම සුපිරි නිවාස සංකීර්ණය ඉදිකර ඇතැයි පැවැසෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගිය අවුරුද්දේ JVP එකට දීපු FR සේනානායක පරිශ්‍රය මේ පාර අපි මැයි රැලිය තියන්න ඉල්ලුවා! පොලිසියත් හා කියලා තියෙද්දි නාගරික කොමසාරිස්වරිය නගර සභා පරිශ්‍රය අවට දෙන්න බෑ කියලා අපිට කිව්වා! හැබැයි ඊට එහා පැත්තේ ලිප්ටන් වටරවුම JVP එකට දීලා! මොකද්ද මේ ආණ්ඩුවයි JVP එකයි අතර තියෙන ඩීල් එක? ඇයි මේ කට්ටිය මෙච්චර සජබෙට බය? VIDEO I Sri Lanka Latest News

Next Post

සීනුවයි මාලිමාවයි දෙකම එකයි! ප්‍රතිපත්තිත් එකයි! ටිල්වින් ඇත්තම කියයි! Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.