• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පොරපිටියක් වන ඇල්පිටිය

September 14, 2019
in Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
පොරපිටියක් වන ඇල්පිටිය
Share on WhatsAppShare on Facebook

ඉවරයක් නැතිව කියවන ගාලු මුහුද හොරෙන් බලන, අපෙන් හංගන, මුහුදු පාරක් දිගේ අපි එකමත් එක හැන්දෑවක නොකියාම ආවා ඇල්පිටියට. ඒ වෙනකොට ඉර රත්තරං පාට ඇඳුමක් ඇඳලා මූදට බහින්න ලෑස්තිය. අහස පුරාම තිබුණෙ රතු තැඹිලි පාට. හරියට ඉංග්‍රීසි සඟරාවක මුල් පිටුවට දාන්න ගත්තු ඡායාරූපයක් වගේ. ඉරයි අහසයි ඒ වගේ ගැළපුණා. ඉස්සර සුද්දන්ගෙන් පිරිලා ඉතිරුණු වීදිවල සුද්දො දකින්න ලැබුණෙ බොහෝම අඩුවෙන්. හැබැයි පාට පාට විදුලි බුබුළුවලින් එළිය වෙන්න කඩ සාප්පු බලාපොරොත්තු ඇස් දල්වාගෙන බලාන උන්නා.
ඡන්දයක් එනවා, ඡන්දයක් එනවා කියපු නිසා ඔක්කොම හිටියෙ කල්පනාවෙන්.
“ජනාධිපතිවරණය එන්නෙ”
“පළාත් සභාලු එන්නෙ”
කියලා කිව්වා වුණාට හරියට කතාවක් කියැවුණේ නෑ. දැන් ඔන්න ඒ අස්සෙ ඇල්පිටියෙ ප්‍රාදේශීය සභා ඡන්දෙ ඇවිල්ලා. ඒ නිසා උණුසුම ඒ පැත්තට හැරෙනවා. ජනාධිපතිවරණය කට උඩ නිසා මේ ජයග්‍රහණය ප්‍රධාන පක්ෂ දෙකටම මානසිකව බලපානවා. නමුත් මේ ප්‍රතිඵලය කිසිසේත්ම ප්‍රධාන ප්‍රතිඵලයට සමානුපාතික වෙන්නෙ නෑ. හැබැයි මේ ප්‍රතිඵලය මොකක් වුණත් ඒ ගැන රටම බලා ඉන්නවා. ඒ නිසා ‘මව්රට’ අපි තීරණය කළා ඇල්පිටියට ගිහිල්ලා මේ ගැන හොයල බලන්න. ඒ නිසාමයි අපි මේ විදියට ඇල්පිටිය පැත්තේ රවුමක් ගහන්න හිතුවෙ.

මං හිතන්නෙ ඇල්පිටිය කියල කිව්වම ඒ ගැන ඕනෑවට වඩා පැහැදිලි කිරීම් උවමනා නෑ. ඇල්පිටියත් අයිති දකුණට. එහෙම කිව්වෙ හේතුවක් ඇතිව. මොකද දකුණ කියන්නෙ ලංකාවෙ සුවිශේෂී පැත්තක්.
සමහරු දකුණ ගැන ආඩම්බරයි. සමහර විට ඕනෑවටත් වඩා ආඩම්බරයි. ඒ නිසාම දකුණ සමහරුන්ගෙ හාස්‍යයටත් ලක්වෙනවා. හැබැයි කොහොම වුණත් දකුණ කියන්නෙ අමුතු අමුතු දේවල් කරපු, දේවල් වුණු දැවැන්ත චරිත මතුවුණු තැනක්. ඒ ගැන නෙවෙයි මේ කියන්න යන්නෙ. හදිසියෙම කරළියට ආපු ඇල්පිටිය අතුරු මැතිවරණය ගැන.
මේ අතුරු මැතිවරණය එන්නෙ මින් පෙර තියන්න තිබුණු ඡන්දයක බැරිවුණු යුතුකම ඉටු කරන්න. හැබැයි මේ ඒකට කාලෙ කියලා අපි කියන්නෙ නෑ. ඒ නිසාම අපි ඒ ගැන හොයන්න බලන්න ගියා, ඇල්පිටියට.
අපි ඇල්පිටියට ඇතුළු වෙන්නෙම අපභ්‍රංශයක් එක්ක. ඒ ඇල්පිටියෙ ගහලා තියෙන ලොකු කටවුට් එකක් එක්ක. ඒකෙ තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ අගෝස්තු එකොළහ රැස්වීමක් ගැන. ඔය කියන්නෙ අර ගෝඨා ගැන රටට කියපු රැලිය. ඒ ළඟපාතම තීන්දුව හරි අතට කියන රැස්වීමේ කටවුට් එහෙමත් තියෙනවා. ඒ වගේම ප්‍රධාන පාරක පාලමක් උඩ දිගටම කොළ කොඩි ගහලත් තිබුණා.
ඒ කියන්නෙ ඡන්දෙට ලෑස්තියි?
ඔබ එහෙම හිතාවි. නමුත් ඇත්තටම මේ සියල්ල ජනාධිපතිවරණයට අදාළ දේශපාලන දැන්වීම් සහ පෝසටර් කටවුට්. මේ අය කරන්නෙ වෙන වැඩක්. ඒක මේ කියන අතුරු මැතිවරණ සෙල්ලමට අදාළම නෑ.
එතකොට මිනිස්සු මොනවද කියන්නෙ?
ඒක අපි හෙව්වා. මුලින්ම ගියෙ ත්‍රීවීල් පාක් එකකට. ඒ ගියෙ ඇත්තටම ඡන්දයක් ගැන කියන්නවත් අහන්නවත් නෙවෙයි. පාරක් අහන්න. හැබැයි මේ අය එක්ක අපි ඒ අස්සෙ ඡන්දෙ ගැනත් පොඩි කයියක් ගැහුවා.
“මොන ඡන්දද?” මල විකාර.
“මිනිස්සු යයිද ඡන්දෙ දාන්න….?”
ඔවුන් අපෙන් ඇහුවා.
“ඒක ඉතිං අපේ වැඩක් නෙවේනෙ. ඔයාලගෙ වැඩක්නෙ…” අපි කිව්වා.
“මේ මිනිසුන්ට ඔක්කොම එවුන් එපා වෙලා ඉන්න වෙලාවෙ, මේ බැරිවෙච්ච ඡන්ද කෑලි තියන්නෙ, මුන්ට පිස්සුද?”
අපි ආවා. එයාල ප්‍රශ්නයක් ඇහුවා. ඒකට අපි උත්තර දීලා හරියන්නෙ නෑ. ඒකට උත්තර දෙන්න ඕනෙ ඔබ. අපි ඒ ප්‍රශ්නය විතරක් ආයෙ අහන්නම් “මුන්ට පිස්සුද?”
ඊළඟට අපි හම්බවුණා ප්‍රාදේශීය දේශපාලකයෙක්ව. දිනපු පිලක. ඔහු නම ගම නොකියා කොහෙටවත් නැති සාධාරණ උත්තරයක් දුන්නා.

“මේ වෙලාවෙ අපි ඉන්නෙ ප්‍රාදේශීය සභා ඡන්දෙකට ගැළපෙන මූඞ් එකක නෙවෙයි. ඇත්තටම ඒකට වෙලාව මේක නෙවෙයි.
දැං ඔය ඡන්දෙට අපි මෙහෙ දුවනවා. සල්ලි වියදම් කරනවා. පක්ෂ දෙක තුනම උපරිමව කැපවෙයි. මොකද මේක ජනාධිපතිවරණයට රිහසල් එක වගේ නිසා. හැබැයි ඡන්දෙට පහුවෙනිදා ඉඳලා ආයෙ ඡන්දෙට වැඩ. ඕක මිනිස්සු මැරෙන මඟුලක්…”
එහෙම කිව්වම ඒ කිව්ව එකාව හොයන්න එපා, මූ මිනිස්සු මරන්න ඉන්නවා කියලා. ඇත්තටම ඔහු කියන්නෙ ඇත්ත. මේ විදියට මැතිවරණයකට පරිසරය හදන එක ලොකු අවුලක්. වෙන එකක් තියා පාසල් අධ්‍යාපනය පවා මේ හරහා අවුල් වෙනවා. ඇයි එක ළඟම ඡන්ද දෙකකට පාසක් වහනවා. ඡන්ද ගණින්න සහ මැතිවරණ රාජකාරිවලට රාජ්‍ය නිලධාරින් යෙදෙව්වම ඒ ඒ සේවයන්ට වෙන්නෙ විශාල හානියක්. ඒ පාඩුව විඳින්න වෙන්නෙත් මිනිසුන්ට. ඒ වගේම මෙහෙම ඡන්ද තියන්න ගියාම වෙන ආර්ථික හානිය? සල්ලි නාස්තිය නම් ඉතින් අවුලක් නෑ කියමුකො. අපේ රටට ඕනෑ තරම් සල්ලිනෙ. ඒ නිසා අපි හිත හදාගෙන ගොඩවුණා කඬේකට තේ එකක් බොන්න කියලා. හැබැයි වැඬේ අමතක කළේ නෑ. ඒ කඬේ හිටපු ළමය අවුරුදු විස්සක විතර කොල්ලෙක්.
“කොහොමද මල්ලි ඡන්දෙට ලෑස්ති ද?”
කියලා ඇහුවම එයා අහනවා,
“මොන ඡන්දෙද ?” කියලා.
මම ඒපාර කිව්වා කෙළින්ම “ඇයි ප්‍රාදේශීය සභා….” කියලා.
එයා අහනවා,
“ඒ මොකක්ද?” කියලා.
මම කිව්වා, “ප්‍රාදේශීය සභා ඡන්දයක් එනවා කියලා ළඟ…”
ඒ අය ඒ ගැන දන්නෙවත් නෑ. එයා,
“අම්මේ මෙහෙ එහෙම ඡන්දයක් තියෙනව ද?”
කියලා කුස්සියෙ උන්න අම්මගෙනුත් ඇහුවා. අම්මා තමයි කිව්වෙ මොකක්ද එකක් තියෙනවලු කියලා. ඒ නිසා ඇල්පිටියෙ මිනිසුන්ට නම් මේක මොකක්ද එකක්. ඒකට අපි කියන්නෙ ඡන්දයක් කියලා.
ඇල්පිටියෙ තැන් තැන්වල ගීතගෙ ෆොටෝ තියෙනවා. හැබැයි ගයන්තගෙ ෆොටෝ නෑ. ඒ වෙනුවට ගෝඨාභයගෙ මහින්දගෙ ෆොටෝ තියෙනවා. හැබැයි එකක් අවසාන වශයෙන් මෙහෙමයි,
“ඇල්පිටිය කිසිසේත්ම ඡන්දයකට සූදානම් නෑ…”
හැබැයි මැතිවරණය අවශ්‍ය නෑ කියන්නෙ නෑ. ඒක ඕනෙ, හැබැයි ගැළපෙන දවසට, ගැළපෙන වෙලාවට, ගැළපෙන කාලෙට. ඒක කියන්නෙ අපි නෙවෙයි, ඇල්පිටියෙ මිනිස්සු.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

බෝරාවරු දවස් 10ක් ‌කොළඹ ‌මොනවද කළේ?

Next Post

හොරොව්පොතානේ මිනිස්සු හිටිහැටියෙ මැරිලා වැටුණේ කුමාරයාගේ බල බිදිලද?

MORE NEWS

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.