• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

May 4, 2024
in Exclusive, Politics
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපේ මහින්ද මහත්තයාගේ මැණික්කටුවේ සිට වැලමිට දක්වාම නූල්ය. මොන්ඩියාල් කියන ඒවාද නොතිබෙන්නට බැරිකමක් නැත. ඔය දේවාශීර්වාදය ලැබ බලය ගන්නට හෝ රැඳී සිටීමටය.. (Sri Lanka Latest News)
ඔය මගෙහිම ගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද කතරගම ගොස් දෙවියන්ට රාත්‍රී දහයෙන් පසුව නියමිත වෙලාවට පුද පූජා බාරහාර පැවැත්තුවාය.
ප්‍රේමදාස මහත්තයාත් ඔය බෝට්ටුවේම ගියේය.

එකල කතානායක පුටුව යට හොර රහසේ තැබුණු මල් බුලත් තට්ටුවක් නිසා පාර්ලිමේන්තුවේ කටයුතු ඒ හුචක්කුව ඉවත් කෙරෙන තුරු කල් දමන්නට සිදුවූ ආන්fදා්ලනාත්මක ප්‍රවෘත්තියක් ද පුවත් පත්වල පළවීමෙන් රට දෙදරුම් කෑවා මතකය.
‘දෙවියෝ වනාහි අවිචාරවත් මිනිස් ගවයාගේ වල්ගයෙහි එල්බගත් කෝඳුරුවෝ’ යැයි සිංහල බෞද්ධයා පත්‍රයේ පළවූ දේව අදේව වාදයේදී ප්‍රධානවාදීන් දෙදෙනාගෙන් එක් වාදියකු වූ ඩේවිඩ් කරුණාරත්න ලීවේය.

යකඩ මල්ලට ගුල්ලො ගැහූ(සූ) කොට හාල් මල්ල නොබලාම වීසිකළ යුතුය යන්න ගැමියන් අතරේ අටුවං බැස්ස කතාවකි. ඇයි රටට ආදර්ශයක් දියයුතු දේශපාලන නායකයන් (පාලකයන්) එසේ නම් පොඩි උන්නැහේලා ගැන කියනු මක්කටෙයි. ඔය තණ්හාධික දේශපාලනඥයන්ගේ හැටි සුබාවය.
වැඩි දෙනා ඔය ශාන්තිකර්ම කරගනු ලැබුවේ ජ්‍යොතිෂය අනුවය. එහෙත් “කිං කරිස්සන්තී තාරකා” තාරකාවලට කුමක් කළ හැකිදැයි බුදු හිමියෝ විමසූහ.
ජ්‍යොතිෂයේ සුපිරි ශාස්ත්‍රය නාඩි වාක්‍ය වේ. ප්‍රධාන නාඩි වාක්‍ය ශාස්ත්‍රකරු සිටියේ ඉන්දියාවේ බුද්ධගයාව ආසන්නයේ එවක “රාය පැට්නා” නම් වීදියේය.
නාඩි වාක්‍ය අමුතුම ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයකි. වර්තමානයේ වෙසෙන ප්‍රජාවේ ඕනෑම කෙනකුගේ උපත – විපත, ලෙඩ රෝග, කලත්‍රයාගේ, දරුවන්ගේ සහ මාපියන්ගේ නම්ගම් විස්තර පවා ඒවායේ අඩංගුය. වසර හයහත් දහසකට පෙර විසූ අගස්ති, නන්දිකේශ්වර, කාකබුජන්දර, කෝමාර ආදී ඉසි(ඍෂි)වරුන් විසින් ඒවා තල්පත්වල ලියන ලද්දේය.

ශාස්ත්‍රය ඇසීමට යන්නාගේ නම කුඩා කාලයේ කියන ලද නම් ඇතොත් ඒවා, මාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ කලත්‍රයාගේ විස්තර ආදියද ඇතුළත්ය.) ඒවා ලියා තිබුණේ පැරැණි දෙමළ භෂාවෙනි. අපට කව්සිළුමිණේ සිංහල මෙනි.

ඒ සමයේ (1925 සිට 1980) බුද්ධගයාවේ විහාරාධිපතින් වහන්සේ නිල්වක්කේ සෝමානන්ද හිමියෝය. උන්වහන්සේ දෙමළ, සකු, මගධ ඇතුළු භාෂා දහඅටක් (18) තරම් දත් විශාරදයාණ කෙනෙක. එතුමෝ ශාස්ත්‍ර අසන්නට යන කෙනකුට ඉඳුම් හිටුම් සේම නාඩි ශාස්ත්‍රයේ කියැවෙන විස්තර වාක්‍ය තොරතුරු සියල්ලද සිංහලට හෝ ඉංගිරිසියට හෝ කිසිදු මුදලක් නොගෙන සිය කැමැත්තෙන්ම නොමිලේම පෙරළා දුන්හ.

නිදහස ලැබුණා යැයි කියන (1948) සිට නවසිය පනස් හතර(1954) පමණ වනතුරු අපේ රටේ දේශපාලනයේ තිබුණේ ‘වන් හෝස් රේස්’ එකකි.
ජාතියේ පියා (ඩී.ඇස්. සේනානායක) ප්‍රමුඛ ඩඩ්ලි සේනානායක, (පසු කලෙක බත්දුන් පියා) සර්ජෝන් (ගුස්තිකාරයා) ආදි සද්දන්තයින්ගේ ආණ්ඩුවකි.
ඒ, යූ.ඇන්.පී. පක්‍ෂයේය. යූ.ඇන්.පී. යන්නට එවක විපක්‍ෂයේ ප්‍රබලයා වූ ඇන්.ඇම්.ගේ (ඇන්.ඇම්. පෙරේරා) අටුවාව (අර්ථකථනය) වූයේ උන්නේ නෑයන්ගේ පක්‍ෂය යන්නයි. ඒ අප්පයි (ඩී.ඇස්.) පුතයි (ඩඩ්ලි) වටා භ්‍රමණය වූ කණ්ඩායම කරණකොට ගෙනය.

අනිත් අතට පක්‍ෂයට තැබුණු හංවඩුව ධනපතියන්ගේ පක්‍ෂය යන්නයි. ආණ්ඩුව පිහිටුවා (1948 සිට) අවුරුද්දක් දෙකක් ගතවෙන විට මහජනයා කලකිරෙන්නට වූ අවස්ථාවටත් පෙර සිටම ඇන්.ඇම්. බාල්දි පෙරළන්නට (වැඩ වර්ජන) පටන්ගෙන සිටියේය.

(පසු කලෙක (1960) සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කීවේ ‘මගේ සැමියා නොමරා මැරුවේ ඇන්.ඇම්.’ යන්නය. සිරිමා මැතිනිය 1970දී ඇන්.ඇම්. සමග එක්ව තුන් හවුල් ආණ්ඩුව පිහිටුවූ කල (විපක්‍ෂයේ වචනය දීගය) ‘මගේ සැමියා ඇන්.ඇම්.’ යන ලෙස හෙඩිමක් දැමූ පුවතක් ද පළවී තිබූ අයුරු මතකය.)
කෙසේ වෙතත් ඔද්දල්වෙන ධනපති ආණ්ඩුව උඩුකුරුඤ්ඤං ගහන්නේ කවරදාදැයි යන්න දැනගැනීමට බොහෝ දෙනකුට ඒ වන විටත් දැඩිව අවශ්‍යව තුබුණේය. එවකට යූ.ඇන්.පී. ආණ්ඩුවේ ඇමැති ධුරයක් දැරූ බණ්ඩාරනායක මහතාටද ආණ්ඩුවෙන් අස්වී අලුත් පක්‍ෂයක් පිහිටුවාගෙන අගමැති වීමේ ආශාවද ඉහවහා ගොස් තිබුණේය.

යූ.ඇන්.පී. ආණ්ඩුව වළකජ්ජං ගහන්නේ කවරදා දැයි දැනගන්නා නොතිත් ආශාව බණ්ඩාරනායක මහතාටත් වඩා දේශපාලන උණකාරයන්ට තිබුණේය. එහෙත් ඇන්කිවු දියෙස් මහතාට නම් තිබුණේ උණක් නොව නිව්මෝනියාවකි. ඔහුට ආණ්ඩු වෙනස ගැන සහසුද්දෙන්ම දැනගැනීමට අවශ්‍ය වීම නිසා ඒ බව නාඩි වාක්‍යවලින් තහවුරු කරගැනීමටද අවශ්‍ය වූවේය. ඒ නිසා ඔහු බුද්ධගයාවේ වැඩසිටි නිල්වක්කේ සෝමානන්ද හිමියන් හමුවී උන්වහන්සේ සමග ගොස් නාඩි වාක්‍ය බැලුවේය.

ආණ්ඩුව fදාක්කං ගහන බව නාඩි වාක්‍යවලින් දැනගන්නට ලැබුණෙන් ඒ සඳහා කළ යුත්තේ කුමක් දැයි විමසූ කල්හි ප්‍රජාව ඒකරාශි කළ හැකි සමිති සමාගම් ස්ථාපනය කළ යුතු බව ලැබුණු පිළිතුර වූවේය. බණ්ඩාරනායක මහතා බලයට ගෙන ඒම සඳහා සඟ, වෙද, ගුරු, ගොවි සහ කම්කරු යන පංචමහා බලවේගය රට පුරා ප්‍රසූත කෙරුණේ ඉන් අනතුරුවය.

යුද්ධය දිනීමේ ඔප්පුව තනි භුක්තියට නිසි නින්දේ සින්නක්කරම ලියාගෙන තිබුණු මහින්ද ලොක්කා සදා බලයේ රැඳී සිටීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගත යුතු බවත්, ඒ සඳහා තුනෙන් දෙකක බලය අවශ්‍ය බවත් හොඳින්ම අවබෝධ කරගෙන ඒ සඳහා සනත් ජයසූරිය, රවීන්ද්‍ර රංදෙණිය, මාලනී ෆොන්සේකලා වැනි (දිනන අශ්වයෝ) ජනප්‍රිය චරිත කුලලෙන් (බෙල්ල මුලින්ම) අල්ලාගෙන 2010 මැතිවරණය දිනූ අන්දමටම බණ්ඩාරනායක මහතාද ප්ලෑන් එක ගැහුවේය. එහෙත් ඒ සඳහා ඉදිරිපත් කෙරුණු ඇතැම් අපේක්‍ෂකයෝ දේශපාලනය ගැන තබා රටේ සමාජ තත්වය ගැන පවා මෙලෝ හසරක් නොදත් අහිංසකයෝ වූහ.

එවකට ක්‍රියාත්මක වූ ඉංගිරිසි පරිපාලන ව්‍යුහය අනුව රටේ පාලනාධිකාරියේ බලවන්තයෝ ඒජන්ත උන්නාන්සේලාය. මැතිවරණ පැවැත්වූවේ එතුමන්ලාගේ අණසක යටතේය. ලාහට ගෙම්බන් එකතු කරන්නා සේ ඇහිඳගත් අපේක්‍ෂකයන්ගෙන්ද සමන්විතව පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව බණ්ඩාරනායක මහතා උඩින්ම ජයගෙන තිබුණේය. (අපේ රටේ දේශපාලනයේ හැටි දිනන විට ලක්‍ෂ ගණනින් ලීඩ්ය. පැරදෙන විට හොම්බෙන් යන්නේය.
පළාතේ ඒජන්තවරයාට ඒජන්ත හාමුදුරුවෝ යැයි අමතමින් සිටි මංත්‍රීකම යන්න ගැන කිසිම අවබෝධයක් නොවූ ඇතැම් අයද අපේක්‍ෂකයෝ වූහ. එසේ ඉදිරිපත් කෙරුණු අහිංසකයෝද මැතිවරණයෙන් තේරීපත්ව උන්හ. ඒ බව කච්චේරියේදී නිවේදනය කරනු ලැබුවේ ඒජන්ත හාමුදුරුවෝය. අර අහිංසකයන් කීප දෙනකුට තමන්ට ලැබුණු අලුත් තනතුර අදහා ගන්නටත් නොහැකි එකක් වූවේය. තමන්ගේ ඒජන්ත හාමුදුරුවන් වහන්සේ විසින් තමන් උසස් තනතුරකට පත්කරනු ලැබ ඇති බව දෙනෝදාහක් මැද නිවේදනය කිරීමෙන් තුෂ්නිම්භූත වූ එක් ජයග්‍රාහක මංත්‍රීතුමෙක් දරාගත නුහුණු සන්තෝසය නිසා තමන්ගේ කරේ තිබූ තුවාය (සාළුව) අතට ගෙන තුන් වරක් ගසාදමා තමන්ගේ ඒජන්ත හාමුදුරුවන් ඉදිරියේ එලා දණින් වැටී තෙවරක් නමස්කාර කෙළේය.
මේ තෝම්බුව විස්තර ඇතිව මෙසේ විස්තර කෙළේ ඈත අතීතයේ පළමු තරගකාරී බැච් එකෙන් පත්වූ මංත්‍රීතුන්ලාගේ අහිංසකත්වය කීමට මිස අපහාසයකට නොවේ.

එසේ පත්වීමට මූලික හේතුව ඔවුන් ගැමියන් විසින් හොඳින් දන්නා අඳුනාගනු ලැබූ උදවිය බැවිනි. ඊට හේතුව ඔවුන් ගමේ සෑම ගෙදරක් ගානේම ගෙන් ගෙට කුඩා කාලයේ පටන්ම සියදහස් වාරයකට වඩා ගොස් ඇති බැවිනි.
ඒ නිවැසියෝ තමන්ගේ අපේක්‍ෂකයා ගැන කේශාන්තයේ සිට පාදාන්තය දක්වා දත් බැවිනි. තමන්ටත් තම දරුමල්ලන්ටත් පමණක් නොව ගෙදර මෙහෙකාරියට පවා ගරුසරු ඇතිව යටහත් පහත්ව කතාකරන්නකු වූ බැවිනි.

ඔවුහු අවුත් නිවසේ ආලින්දයේ හාන්සි පුටුවේ දිගඇදී දෙපය පුටු ඇන්ද මත තබාගෙන පුවත්පත කියවන ගෘහමූලිකයාට ඇසෙන්නට පළමුව උගුර පාදා තමා ආ බව අඟවා ගරුසරු ඇතිව යටහත්පහත් හඬින් “නිලමේ කරුංකා පුවක් තියෙනවද? ඔට්ටපාලු තියෙනවදැයි ඇසූ කල කටහඬ කාගේදැයි දන්නා නිලමේ හාන්සි පුටුවේ ඇඳි දෙක උඩින් දෙපා බිම තබා කියවන පත්තරය මෑත්කර කණ්ණාඩියට උඩින් බලා නිවෙස තුළට හැරී “මැණිකේ..ඒ..ඒ..” හෝ ගෘහණිය හෝ “පුංචිනා..ආ..ආ..” යනුවෙන් සේවිකාව හෝ ඇමතා “බේං බණ්ඩ ඇවිල්ල ඉන්නවා. ඔය ඔට්ටුපාලු ටිකක් හරි කරුංකා ටිකක් හරි තියෙනවනං බලල දෙන්ඩකෝ” යැයි කියයි. අනතුරුව “බංඩො උඹ කාලද ඉන්නෙ“ යැයි අසන ගෘහමූලිකයා ඔහුගේ පිළිතුර කුමක් වුවත් “අන්න අර කුස්සිය පැත්තට ගිහිං මැණිකෙගෙන් හරි පුංචිනාගෙන් හරි මොකක් හරි කාලා පලයං. ඇවිදල මහන්සිත් ඇතිනෙ” යැයි කියා යළිත් පත්තරේ අතට ගන්නේය.
ඒ නිසා ඒ සමයේ ගම්මුන් හොඳින් දන්නා කියන තලතුනා (තලත්තෑනි) ඔට්ටපාලු බණ්ඩලා, කරුංක බණ්ඩලා වැනි ගම ගැන ගම්මුන් ගැන දන්නා අහිංසකයෝ පාර්ලිමේන්තුවේ සිටියෝය.

ඔය පණහ හැට දශකයේය. පොඩ්ඩක් හෝව්.
ඔය ක්‍රමය වෙනස් වූ හැටිත් ඔබතුමන්ලා ඩිංගිත්තක් හෝ දතයුත්තේමය. ඒ නිසා මෙ සේ කියම්හ.

ඔය කියන ජාතියේ අපේක්‍ෂකයකු තමන් පළාතට කරන්න අපේක්‍ෂා කරන සේවය ගැන ගම්මුන් ඡන්දදායකයන්ට කියාදෙන්නට වේදිකාවට නැග්යේය.
කතාව වේගවත්ය. වචන ගලා එන්නේ බොක්කෙන්මය. එහෙත් හරබර ලොකු වචන නොදන්නේය. ගමේ දුප්පතුන්ගේ කුඩා පැල්පත් වෙනුවට විශාල නගරවල තියෙන මහල් නිවාස ඉදිකර දෙන බව තියන්නට ඔහුට අවශ්‍ය විය. දාරකාගාර නැති ගම්වලට මාතෘ නිවාස ඉදිකර දෙන බව කියන්නට ඔහුට අවශ්‍ය වූවේය. එහෙත් මහල් නිවාස හෝ මාතෘ නිවාස හෝ යන වචන කියන්නට යොදාගත යුතු වචන මොනවාදැයි ඔහු නොදත්තේය. එතකුදු වුවත් කියන්නට අවශ්‍ය දේ කිව යුතුමය. නොකියා සිටින්නටද බැරිය.

මම කාන්තාවන්ගෙ ළමයි හම්බ වෙන තැන් ලොකු කරනවා යැයි හෙතෙම කීවේය. පැල්පත් ෆ්ලැට් කරන බවද කීවේය.
ඔය මදෑ. මේ ක්‍රමය වෙනස්වූ හැටිද කිව යුතුය. කොළඹින් දුර බැහැර සිට පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන්ට නැවතීමට ශ්‍රාවස්තිය (මංත්‍රී නිල නිවාසය) තිබුණේය. දුම්රියෙන් යාමට ඔවුනට නිදහස් දුම්රිය අවසර පතක් තිබුණේය.

ඉරිදා සවස හෝ සඳුදා උදේ හෝ කොළඹට එන ඔවුහු සතිය කොළඹ (ශ්‍රාවස්තියේ) නැවතී සිකුරාදා සවස ගමට ගියෝය. ඇතැම්හු ගම පළාතෙක් නොගිහින් මාස ගණන් එහි ලැග උන්හ. ඡන්දදායකයන්ට තම මන්ත්‍රී සොයා කොළඹට එන්නට සිදුවූවේය.
තමන්ට නැවතීමට අවශ්‍ය සරමක් තුවායක් දත් බෙහෙත් සබන් ආදිය ගෙන යාමට කුඩා සූට්කේස් එකක්ද ඔවුනට ලැබී තිබුණේය.
සෝමාරාම නැමැත්තකු විසින් බණ්ඩාරනායන අගමැතිවරයා ඔය අතරතුරේ ඝාතනය කරනු ලැබීමෙන් විජයානන්ද දහනායක මහතා අගමැති වූයේය. රට අවුල්වී ගියේය .එහෙත් ටික කලකින් තත්ත්වය මදක් සමනය වූවේය.

“මචං මේ පාස් එකෙන් රට හැම තැනම නොමිලෙ කෝච්චියෙන් යන්ඩ පුළුවන්ලු” ශ්‍රාවස්තියේ නැවතී සිටි (ඒ දිනවල ගමට නොගොස්) දුර බැහැර පදිංචි මන්ත්‍රීවරු දෙදෙනෙක් කාමරයේ ඇඳ උඩට වී රාත්‍රියේ කතාබහ කරමින් සිටින විට එක් අයෙක් කීවේය.
“ඔව් ඔව් අර මේව දුන්න මහත්තුරු මටත් කීව.” දෙදෙනා මඳක් කල්පනා කරන්නට වූහ.
“මචං උඹ අනුරාධපුරේ ගිහිං තියෙනවද?“
“එක සැරයක් ගිහිං තියෙනව”
“මං ගිහිල්ලම නෑ. යළිත් නිහඬතාවයයි
“මම වැඩක් කියන්නං”
“මොකක්ද?”
“හෙට සිකුරාද? අපි හෙට හැන්දෑවෙ ගෙවල්වලට නොගිහිං නැවතිල අනිද්ද උදේම අනුරාධපුරේ ගිහිං වන්දනා කරල එමු.”
“මරු අදහස. මේ වෙන දේවල්වලින් සහනෙ ඉල්ලල සිරිමා හාමුදුරුවන්ට පඬුරක් බැඳල එමු. සාකච්ඡා කරගත් පරිදි ඩබල අනුරාධපුරේ ගොස් වැඳපුදාගෙන දුම්රියෙන්ම ආපසු එමින් සිටියදී අතර මඟදි ටික්කො පැන්නෝය.
“ගන්ඩ ටිකට්…” ඔවුහු පාස් දෙක දුන්හ.
“මේවා අවලංගුයි. ඊයෙ රෑ ආණ්ඩුව විසිරුවා ඇරලා.”
දෙදෙනා දඩ ගෙවා ගම්බිම් බලා ගියෝය.

ඔය සමයේ ඔන්න ඔය අන්දමේ දේශපාලනඥයන් ඡන්ද කටයුතුවලට (විදුලිය නැති එකල) ගම්වල රෑ පානේ ඇවිදීමේ දී සතා සර්පයාගෙන් (වල් අලි) සහ සොර සතුරන් ගෙන් ඇතිවිය හැකි තර්ජනවලින් මිදෙන්නට ඇඟපත හයිය තරුණ පහේ එක් කෙනකු දෙන්නකු (අයියලා) කුලියට කැඳවාගෙන යන්නට සිදුවූවේය.
ඒ සිරිත ඊළඟ මැතිවරණය එනතුරුම සිද්ධ විය.
අනතුරුව ඒ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට ගිය අයියලා ඒකාබද්ධ වූවෝය.
“අපි මොකටද ඕයි මේ නාකි පරාණ දක්කගෙන යන්නෙ? ඊළඟ සැරේ අපිම ඡන්දෙ ඉල්ලමු.” අහිංසකයන් කොන්වී අයියලා පාර්ලිමේන්තු ගියේ ඒ අන්දමටය.
ඉස්සර කරුංක බණ්ඩලා ඔට්ටුපාලු බණ්ඩලා ගිය තැනට මාල කඩන පොකැට් ගහන, ගැට කපන උන් පැන්නෙත් ඒ අන්දමටය.
දැන් මැයි දිනේ පෙළපාළි සංවිධයාකයෝ වනාහි ආසන සංවිධායකයෝය. මන්ත්‍රීවරුය. ඇමැතිවරුන්ය. කම්කරු නායකයන් නැත. කම්කරුවන්ද නැත.
පෙළපාළියට යන්නේ දේශපාලන ගැත්තන්ය. ඉත්තන්ය. නැත්තම් ඕනෑ එකක් හිතාගත්තාට කමක් නැත. සඳහන් කළ හැක්කේ පොත්තන් වශයෙනි. ඒ අරක්කු බෝතලයට සහ කෑම පාර්සලේටය.

කොළඹ යාමට වාහන සපයා ගන්නේ බලහත්කාරයෙනි. පෙළපාලි යෑමට නොආවොත් ස්ථාන මාරුය. දරුවාට රස්සාවක් නැත. අනිත් අතට කවුරු මොනවා කීවද දැන් රටේ කම්කරුවන් නැත. සිටින්නෝ පහළ මධ්‍යම පංතියේ පිරිසකි. කම්කරුවන් විසුවේ පැල්පත්වලය. ටකරං මඩුවලය. පොල්අතු ගෙවල්වලය. දැන් ඒ අන්දමේ නිවාසයක පදිංචිකරුවකු දකින්නට පවා නැත.
එදා වැටුපට රුපියල් දහයක් වැඩිකර ගැනීමට වර්ජන කරන්නට සිදුවූවේය. දැන් වැටුප් මට්ටම ඉහළය. අතිකාල, ගමන් ගාස්තු සහ දිරි දීමනා ආදිය සමග සෑහෙන නොව නොසෑහෙන ගතමනාවකි (වැටුපකි).
තවත් දෙයක් නම් දැන් ඉල්ලන්නට ඉල්ලීම්ද නැත.

ලංකාවේ පළමු මැයි දිනය පැවැත්තුවේ 1933 ගුණසිංහ මහත්තයාගේ ප්‍රධානත්වයෙනි. ඒ දිනවල වැඩකරන පැය ගණනක් නියම කරන ලෙසට ඉල්ලා වර්ජන කළෝය. සේවක අර්ථසාධක ඉල්ලුවෝය. සේවානියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඉල්ලූහ. දැන් ඒ සියල්ල ලැබී ඇත.
මේ වනවිට වර්ජන කෙරෙන්නේ සේවකයකුට පහර දුන්නා හෝ මාරු කළා හෝ ආදී කරුණු සම්බන්ධයෙනි. අනෙක් අතට වෘත්තීය සමිති නායකයන් ගැන සතේක විශ්වාසයක් රාජ්‍ය සේවකයන්ට නැත. ඔවුන් කෑගහන්නේ කුට්ටියක් කඩා ගන්නට බව දන්නවෝය. උදාහරණ එලෝකෝටියටය. ලාහෙන් මනින්නටය. නිදසුන් ඕනෑ නම් වෘත්තීය අධ්‍යක්‍ෂ ජනරාල්කම ගත හැකිය. ඔවුන් අපේ වැටුපෙන් වසර ගණනාවත් තිස්සේ අයකරගත් දාඩිය මහන්සියෙන් වෘත්තීය සමිති මූලස්ථාන ගොඩනගා ගත්හ. දැන් ඒවා වසර ගණනාවක් තිස්සේ කුලියට දෙමින් තිබේ. මේ ආදායම්වලට වෙන දෙයක් කිසිවකු දන්නේ ද නැත. සමිති රැස්වීමක් පවා පැවැත්වෙන්නේ ද නැත. සංවත්සරයක් පැවැති කාලයක් මතන කැත.

දැන් වර්ජනය කිරීමට සිදුව ඇත්තේ විශ්‍රාමිකයන්ටය. වසර තිහක තිස්පහක රාජකාරියෙන් විශ්‍රාම ගිය කෙනකුට ලැබෙන විශ්‍රාම වැටුප මේ ආණ්ඩුවෙන් වැඩිකළ (5000 සහ 2500 සමග රැපියල් තිස්එක් දහසට (31000) නොවැඩිය.
එයින් අඩුම වශයෙන් කලත්‍රයාට සමග විශ්‍රාමිකයාට බෙහෙත්වලට දැරීමට සිදුවී ඇති වියදම රුපියල් 25,000ට අධිකය.
හෘද රෝගීහුද ,පිළිකා රෝගීහුද, දියවැඩියා රෝගියෝද එමටය. මේ මිනිසුන් විඳින දුක කාට කියන්නද දෙවියනේ.
විදේශ රටවල අපේ රටේ වැනි මැයි දින පෙළපාළි නැත. ඇත්තේ කම්කරු දිනයකිග ඒ දවසේ පිරිස් එක්ව කනවාය. බොනවාය. ජොලියෙන් සිටිනවාය.
මා දන්නා පරිදි ඔස්ටේ්‍රලියාවේත්, ඇමෙරිකාවේත් ඔය අන්දමය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මහා බාර් දන්සල! කෝටි 60ක සල්ලි එක්ක දැන් පෙන්වනවා! Sri Lanka Latest News

Next Post

ශ්‍රීලනිපයේ දෙකොණේ එල්ලලා තියෙන්නේ ආණ්ඩුවේම වළිග දෙකක්! මොන කොණෙන් පත්තු කළත් ගිනි ගන්නවා! මේ ඡන්දෙ ඉවර වෙද්දි ඒ පක්ෂය අලු වෙලා යනවා! එජාපයේ උරුමයත් ඒකමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.