මිනිසා තුළ විවිධ අදහස්වල විවිධ ක්‍රියාකාරකම් මෙන්ම විවිධ වූ හැලහැප්පීම්ද සිදුවන අයුරු දක්නට ලැබේ. ඒ අතර සුබ දේ මෙන්ම අසුබ දේද අඩුවක් නොවේ. ඇතැම් අවස්ථාවල විවිධ පුද්ගලයන් තමා කරමින් සිටින ඉතා උසස් සහ ඉහළ වැටුප් ලැබෙන හොඳ රැකියා අතහැර දමන අවස්ථාද දක්නට ලැබෙනවා. තවත් අය ඉතා සාර්ථකව කරගෙන ආ ව්‍යාපාර අතහැර අසාර්ථක ව්‍යාපාරවලට යොමුවී විහින් අපහසුතාවට පත්වන අයුරුද දක්නට ලැබෙනවා. එමෙන්ම තවත් පිරිසක් හොඳ ඉහළ වැටුප් ලැබෙන රැකියා අතහැර ඉතා අසාර්ථක ව්‍යාපාර සඳහා යොමුවන අවස්ථාද දක්නට ලැබෙනවා. මෙවැනි බහුතරයක් සිදුවීම් සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ රාහු සහ කේතු යන ග්‍රහයන්ගේ බලපෑම බව නොකියාම බැහැ. එවැනි විවිධාකාර අනුවණ තීන්දු ගන්නවුන්ගේ කේන්දර සටහන් ගැන ඉතා හොඳින් බැලුවහොත් රාහුගේ සහ කේතුගේ පිහිටීම් සාමාන්‍ය අයුරින් පිහිටා ඇති වග දැනගන්නට ලැබෙනු ඇත.
මන්ද යම් කෙනකුගේ කේන්දරයේ රාහු කේතු අක්ෂය හතරවැන්න සහ දසවැන්න හරහා යෙදී තිබෙන විට මෙවැනි අසුබතා මෙන්ම අයහපත් ප්‍රතිඵලද නොඅඩුව ලැබීමට හේතුවෙයි. එසේම යම් ජන්මියකුගේ රාහු හතරේ සිටී නම් තම ජීවිතයේ උරුම කරගත් දේ ජීවිතය අග භාගයේදී අහිමි කරගන්නකු බවට පත්වන බව සඳහන් වේ.තමන් සිටි තැන තමන් විසින්ම නැතිකර ගන්නා අතර උපන් ගමින් උපන් රටින් පිටත තැනක ජීවත්වීමට තෝරා ගනී. නෑදෑයන් හිත මිත්‍රයන් අතහැර විසීමට කැමැති වන අතර ජීවිතයේ අග භාගය සැප සම්පත් හීන කරන බවක්ද පෙන්වයි. එසේම එවැනි අය රෝග පීඩා ආදියෙන්ද ප්‍රවේසම් වීම වැදගත් වේ.තවද මේ පුද්ගලයන් සිය ධනය නිසි වගවිභාගයෙන් තොරව වියදම් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට උත්සාහ කරයි.
රාහු දහයේ පිහිටීමද තරමක් නරක ප්‍රතිඵල දෙන ග්‍රහ පිහිටීමක් ලෙස සඳහන් කළ හැකිය. ඒ අනුව බලන විට එවැන්නන් වැඩිහිටියන්ගේ මවුපියන්ගේ වචනය පිළිනොගන්නා අතර, නිතරම හිතුවක්කාර ක්රියාකලාපයක් පෙන්වයි. එකම කාර්යයක යෙදී සිටීමට අපොහොසත් වෙයි. කෙතරම් ලාභ ප්‍රයෝජන ලැබුණද ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් අතහැරීමට මේ අය දක්ෂ වෙයි.එකම දෙයක් දිගටම කරන්නට සිත් නොදෙයි. එහෙත් මේ අය සමාජයේ ප්‍රසිද්ධ චරිත පවට පත්වන බව රහසක් නොවේ.
කෙසේ නමුත් රාහු, කේතු 4 සහ 10 යන රාශීන්ගේ පිහිටීම හරහා පෙර සඳහන් කළ අත්දැකීම්වලට මුහුණ පෑ කිහිප දෙනකු ගැනම සඳහන් කළ හැකිය. මෑතකදී හමුවූ එක්තරා පුද්ගලයකු දැනට වසර කිහිපයකට පෙර මෙරට එක්තරා කාරණාවක් සම්බන්ධව අතිශය ජනප්‍රිය අයකු වී සිටි පුද්ගලයෙකි. ඔහු මේ වන විට ඒ සියල්ල අතහැර කුඩා සිල්ලර බඩු කඩයක් කරගෙන යන්නේය.ඔහු සතුව තිබූ කෝටි දෙකකට අධික මුදලක් පසුගිය කාලයේ කඩාවැටීමට ලක්වූ ජාවාරමකට ආයෝජනය කර රැවටීමට ලක්ව තිබිණි. එසේම තවත් එවැනි කාන්තාවක් ගැනද සඳහන් කළ හැකිය. ඇය රූපලාවන්‍ය ක්ෂේත්රයේ නම තැබූ අයෙකි. විශාල ආදායමක්ද ලබමින් සිටියාය. එහෙත් ඇගේ කැමැත්තෙන්ම එම කටයුතු නවතා දැන් තරමක් කටුක ජීවිතයක් ගතකරමින් සිටින්නීය.
මෙවැනි විවිධ අවස්ථාවන්ට මුහුණ දීමටත් කොතරම් හොඳ රැකියා ව්‍යාපාර වුවද අමතක කරවන්නටත් රාහුට කේතුට හැකියාව ඇති බව කේන්දර තුළින්ම හඳුනාගත හැකිය. ඒ සම්බන්ධව කල් තබා හඳුනාගෙන සුදුසු පිළියම් කරගැනීම තුළින් අනාගතයේ සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකිය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර