• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

April 22, 2023
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 8 mins read
A A
මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Share on WhatsAppShare on Facebook

රටත් ජනතාවත් පීඩාවට පත් කළ ආර්ථික සමාජයීය ගැටලු රාශියක් පසුකරමින් 2023 සිංහල අලුත් අවුරුද්ද උදාවුණා. කොයි සා දුෂ්කරතා පැවැතියත් බහුතරයක් දෙනා තමන්ට හැකි පමණින් අලුත් අවුරුද්ද සැමරූ අයුරු අපට දැකගන්නට ලැබුණා. අලුත් අවුරුද්ද එලෙස ගෙවී යද්දී රටටත් ජනතාවටත් සුවිශේෂ සුබ අසුබ පල උදාකරමින් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා මේෂ රාශියට පැමිණීමක් පිළිබඳ ජ්‍යොතිෂවේදීන් අදහස් දක්වනවා. ඒ අනුව අප්‍රේල් මස 22 වැනිදා අලුයම 5.14ට සිදුවන මෙම ග්‍රහ මාරුවෙන් රටටත් ජනතාවටත් සිදුවන යහපත පිළිබඳ ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය ‘සක්වල අඩවිය’ යූටියුබ් නාලිකාවට සාකච්ඡාවක් ලබාදෙමින් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. ජ්‍යොතිෂයට අනුව එක් එක් ලග්නයන්ට මෙම ග්‍රහ මාරුව බලපාන අයුරු පිළිබඳ විමසිලිමත් වන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප එම සාකච්ඡාව මෙලෙස ඉදිරිපත් කරමු.

මේෂ

ගුරුගේ සම්ප්‍රාප්තිය සිදුවෙන්නේ මේෂ ලග්න භාවයටයි. ලග්න භාවය කියන්නේ පළමුවැනි භාවයට. කොටු කේන්ද්‍රයට අනුව පළමු කොටුවය. පළමු කොටුවේ විද්‍යමාන වෙන කරුණු බලගන්වන්න බ්‍රහස්පති සමත් වෙනවා. ඒ අනුව මේෂ ලග්නයෙන් උපන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට හැකි කාලසීමාවක් මේක. අධ්‍යාපනයට තිබුණු බාධා, මානසික පීඩා සියල්ල මඟහැරිලා එකම අරමුණක හිත තබාගෙන කටයුතු කරන්න පුළුවන් කාලසීමාවක්. ඒ වගේම තමන්ගේ වටපිටාවේ සිටින අය තමන්ව ශක්තිමත් කරලා, ඉදිරි ගමනට තල්ලුවක් ලබාදෙන කාලයක් ලෙසත් මේ කාලය හඳුන්වන්න පුළුවන්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට මේ ගුරු මාරුව යහපත් විදියට බලපානවා. යහපත් සහකරුවෙක් සහකාරියක් සොයාගන්න බ්‍රහස්පතිගේ බලපෑම ලැබෙනවා. තමන්ට වඩා උසස් පවුලකින්, උසස් රැකියාවක් කරන අයකු සමග විවාහයක් කරගැනීම සඳහා පසුබිම සැකසෙනවා. රැකී රක්ෂා සඳහා බලාපොරොත්තු තබාගෙන සිටින අයට විදේශගත වීම තුළින් එම අපේක්ෂා ඉටුකර ගැනීමට පුළුවන්කම තිබෙනවා. විදේශගත වීමට බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් ඉහළින්ම ඉටුවන තත්ත්වයක් තිබෙනවා. මෙරට තුළ රැකියා කරන අයට දුර පළාත් හා සම්බන්ධ වෙමින් සිදුකරන රැකී රක්ෂාවලින් වැඩි සාර්ථකත්වයක් අත්කරගත හැකියි.

වෘශභ

මෙම ගුරු මාරුවත් සමග වෘෂභ ගල්න හිමි ඔබට විදේශගත වීමට ඉතා යහපත් පසුබිමක් සකස් කරනවා. විදේශ රැකියාවකට යෑමට බලාපොරොත්තුවෙන් සිටි අයට මෙම ග්‍රහ මාරුව ඉතා සුබදායකයි. අධ්‍යාපනය ලබන දරුවන් වෙනදාට වඩා මහන්සියෙන් සහ කැපවීමෙන් එම කටයුතු සිදුකළ යුතු කාලයක් බවත් කිව යුතුයි. අධ්‍යාපනයට තරමක බාධා ස්වභාවයක් පෙන්නුම් කරන නිසා වෙනදාට වඩා කාලයක් එම කටයුතුවලට කැප කළ යුතුයි. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ගේ විවාහ තවදුරටත් ප්‍රමාද නොවී සිදුවන බවක් පෙන්නුම් කෙරෙනවා. නමුත් ඔවුන් අතර යම් යම් හිත් රිදීම් ඇතිවීමට ඉඩ තිබෙනවා. තේරුම් ගැනීමේ අපහසුතා, සැකසංකා නිසා ප්‍රේම සබඳතාවලට ගැටලු පැනනගින්නට ඉඩ තිබෙනවා. විවාහක අයගේ ජීවිතවල සාර්ථකත්වය ඇතිකර ගැනීමට බාධාවක් නැහැ. නමුත් ඔවුනුත් වෙනදාට වඩා අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්නට වගබලාගත යුතුයි. බාහිර සමාජයේ අය ඔබේ ජීවිතවලට යම් ගැටලු ඇතිකරන්නට ඉඩක් තියෙන නිසා මෙම ග්‍රහ මාරුවෙන් පසු එවැනි අය සමග කටයුතු කිරීමේදී වඩාත් බුද්ධිමත් වීම වැදගත් වෙනවා. වෘෂභ ලග්න හිමි ඔබගේ ආර්ථික තත්ත්වය ගැන කතා කරද්දී ඔබේ වැය පක්ෂය වැඩිවීමක් සහ අය පක්ෂයේ අඩුවීමක් පෙන්නුම් කෙරෙනවා. රැකියා ස්ථානයේදී යම් බාධාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සහ රැකියාවෙන් ඉවත්ව යෑමට පවා ඔබට සිදුවිය හැකියි.

මිථුන

මේ ගුරු මාරුව මිථුන ලග්නයෙන් උපන් අයගේ ආදායම් මාර්ගවලට වඩාත් යහපත් ආකාරයෙන් බලපානවා. ඔබේ ආදායම් මාර්ග වැඩි කරගන්නේ කොහොමද කියලා මේ කාලයේදී ඔබට හොඳින් පැහැදිලි වෙනවා. ඔබට වැරැදි උපදෙස් දෙන සහ ඔබ සමග මූණිච්චාවට කටයුතු කරන අය කවුරුන්ද යන්නත් ඔබට හොඳින් හඳුනාගැනීමට මේ කාලයේදී හැකි වෙනවා. විදෙස්ගත අධ්‍යාපනයට මඟ පෑදෙන කාලයක් වන අතර, ගැඹුරු විෂයන් ඉගෙනීමටත්, අතපසු වූ පාඩම් සම්පූර්ණ කරගෙන අධ්‍යාපනයෙන් ජයග්‍රහණ ලබාගැනීමට සුදුසු කාලයක් ලෙසත් මෙම කාලය හැඳින්විය හැකියි. තරුණ තරුණියන්ගේ ජීවිත යහපත් කරගන්නටත්, සාර්ථක විවාහයන්ට එළැඹෙන්නටත් මෙම කාලය සුදුසුයි. විවාහක අයට තමන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කරගන්න, පවුලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න, දරුවන්ගේ දියුණුව දකින්න හැකියාව ලැබෙන කාලයක් ලෙස සැලකිය හැකියි. මවුපියන්ට යුතුකම් ඉටුකිරීම සඳහා සුදුසු පසුබිම සහ ආර්ථික ශක්තිය ඔබ වටා නිර්මාණය වන කාලයක් ලෙසත් හැඳින්විය හැකියි. විදෙස්ගත රැකියා සඳහා යොමු වූ අයට තම ඉලක්ක සාර්ථක කරගැනීමේ හැකියාව මෙම ග්‍රහ මාරුවෙන් අනතුරුව උදාවෙනවා. ව්‍යාපාරවල නිරත වන අයට තම ව්‍යාපාර පුළුල් කරගන්නටත්, අඩපණව පැවැති ව්‍යාපාර නගාසිටුවා ගැනීමටත් හැකියාව සහ ශක්තිය ලැබෙනවා. රැකී රක්ෂා කරන අයට උසස්වීම් ලබන්නට, ඉහළ අයගේ උදව් ලබන්නට හැකියාව ලැබෙන කාලයක් වෙනවා.

කටක

කටක ලග්නයෙන් උපන් ඔබට මෙම ගුරු මාරුව යහපත් ආකාරයෙන් බලපවත්වනවා. නමුත් ගුරු මාරුවෙන් ඇතිකරන සුබදායක තත්ත්වයන් භංග කරවන කාලසීමාවකටයි ඔබ එළැඹිලා සිටින්නේ. කටක ලග්න හිමි අයගේ මනසේ ඇතිවන කැලඹිලි ස්වභාවය මොන තරම්ද කියලා ඔබ දන්නවා ඇති. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වාම මෙම තත්ත්වය අඩුවැඩි වෙමින් පවතින්නක්. ඒ නිසා මානසික පීඩා, අනතුරු, අසනීප වැනි දේවල් බලපවත්වන්න පුළුවන්. මෙම ගුරු මාරුව හේතුවෙන් ඔබට එක පැත්තකින් යම් සුබදායක ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ඒරාෂ්ටක දෝෂය විසින් ඔබට හොරොන් ඒවා අනිත් පැත්තෙන් ගන්නා ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒරාෂ්ටක දෝෂ පවතින අය, ජ්‍යොතිෂවේදියකු ලවා ඊට ප්‍රතිකර්ම කරගැනීම ඉතා වැදගත් වෙනවා. රැකී රක්ෂා සඳහා ඔබට තිබුණු බාධාවන් අවසන් වෙනවා වගේම ඔබගේ රැකී රක්ෂා කටයුතුවල නව වෙනසක් ඇති කරගන්නත් ඔබට පුළුවන්කම ලැබෙනවා. රැකියාව එපාවීම් ස්වභාවය සහ රැකියා ස්ථානයේ සිටි අප්‍රසන්න චරිත ඔබට ගෙන ආ පීඩනය අවසන් වන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ප්‍රේම සබඳතා බිඳී යන ස්වභාවයකුත් පෙන්නුම් කරනවා.

සිංහ

අප්‍රේල් 22 වැනිදායින් පසුව උදාවන කාලය ඔබේ රැකී රක්ෂා කටයුතුවල තිබුණු ගැටලු නිමාවට පත්කර දෙන්න මෙම ග්‍රහ මාරුව සමත් වෙනවා. රැකියා පරිශ්‍රය තුළ ඔබට තිබුණු පීඩාකාරී තත්ත්වයන් හෝ ඔබට ලැබෙන්නට තිබුණු උසස්වීමක් නොලැබී ගොස් තිබුණා නම් හෝ මෙම කාලසීමාව තුළදී එම ගැටලු නිසි පරිදි නිරාකරණය වන බව පෙන්නුම් කරනවා. ඒ වගේම විදෙස් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයකු නම් එම අපේක්ෂාවන් ඉටුවන බව කිව යුතුයි. යම් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන වැඩිහිටි අයට එම රෝගයන්ගෙන් සුවපත්භාවය සහ මානසික සුවය ලැබෙන කාලයක් ලෙසත් මෙම කාලසීමාව හැඳින්විය හැකියි. දරුවන් වෙනුවෙන් වෙහෙසුණු වැඩිහිටි මවුපියවරුන්ට සහනදායී කාලයක් උදාවන බවත් කිව යුතුයි. වෘත්තීය ජීවිතය තුළින් සමාජය තුළ කැපීපෙනෙන චරිතයක් වීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. අන් අය ඔබව උසස් කොට සලකන කාලසීමාවක් වෙනවා. ලෝකෝත්තර දියුණුවට පත්වීමට සහ ලෞකික ජීවිතයේ නිස්සාරත්වය අවබෝධ කරගැනීමට ඉඩ සැලසෙන කාලයක් ලෙසත් මෙම කාලය හැඳින්වීමට හැකියි. සිංහ ලග්න හිමි ඔබ වඩාත් කැමැති ක්ෂේත්‍රයන්වල දියුණුවට පත්වෙන්නටත් මෙම ග්‍රහ මාරුවෙන් පසු හැකියාව ලැබෙනවා. විවාහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යෑමටත් මවුපියන්, දූ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට හැකියාව ලැබීම තුළින් විශාල ආත්ම තෘප්තියක් ලැබීමේ හැකියාව ඇති කාලයක් ලෙසත් මෙම කාලය හැඳින්විය හැකියි.

කන්‍යා

කන්‍යා ලග්නයෙන් උපන් ඔබ මෙම ගුරු මාරුවෙන් තරමක් ප්‍රවේශම් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මෙය වංචාවන්ට ඔබ හසුවීමේ ඉඩකඩ වැඩි කාලයක්. තරුණ ප්‍රජාව ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ප්‍රේම සබඳතාවලදී එවැනි වංචනිකයන්ට ඔබ හසුවීමට ඉඩ තිබෙනවා. ඒ හරහා මානසික පීඩාවන්ට, ශාරීරික පීඩාවන්ට, අපහාසවලට පවා ඔබ ලක්විය හැකියි. විවාහක අයට මෙම ග්‍රහ මාරුවෙන් උපද්‍රවයක් සිදුවෙන්නේ නැහැ. නමුත් ඔවුනුත් තරමක් කල්පනාකාරී විය යුතුයි. එකිනෙකා පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි. රෝගී තත්ත්වයකින් පීඩා විඳින කන්‍යා ලග්න හිමි වැඩිහිටියෙක් සිටිනවා නම් ඔහුට නිරන්තරව මානසික සතුට සහ කායික සුවය සැලසීමට වගබලාගත යුතුයි. මෙය සිත ලෙඩ කර නොගෙන කටයුතු කළ යුතු කාලයක් බව සිහිතබා ගත යුතුයි. එසේම රැකියා මාරු කිරීමට මෙය කිසිසේත් සුදුසු නොවන කාලයක් බවත් කිව යුතුයි. රැකියාව වෙනස් කිරීමට යෑමෙන් විවිධ ගැටලු ඇතිවීමටත්, නව රැකියා ස්ථානය ඔබට පීඩාකාරී තැනක් වීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. සුළුවට තිබුණු අසනීප තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ලබාගත යුතු අතර, එසේ නොකළහොත් එම රෝග උත්සන්න වීමේ ඉඩකඩකුත් පෙන්නුම් කරනවා.

තුලා

අප්‍රේල් 22 වැනිදා සිදුවන ගුරු මාරුව තුලා ලග්න හිමි ඔබට යහපත් ආකාරයෙන් බලපානවා. ඔබේ ආර්ථික අංශයට මෙම ගුරු මාරුව ඉතා සුබදායී ලෙස බලපාන බව කිව යුතුයි. එසේම ඔබ වටා උසස්, යහපත් පිරිසක් ඒකරාශී වෙනවා. අලුත් පිරිසක් ඇසුරට ලැබීම තුළින් ඔබට නව පණක් ලැබෙන ආකාරයක් පෙන්නුම් කරනවා. රැකී රක්ෂා වගේම අනෙකුත් ආදායම් මාර්ග ස්ථාවරව පවත්වාගෙන යන්න ලොකු ශක්තියක් සහ ධෛර්යයක් සපයන ග්‍රහ මාරුවක් විදියට මෙම ගුරු මාරුව සැලකිය හැකියි. මේ හරහා සිදුවන විශේෂම දේ තමයි ඔබට සමාජයේ යහපත් නව සබඳතා ගොඩනැගීම. එසේම අලුත් ආදායම් මාර්ග ඇති කරගැනීමටත්, පැවැති ආදායම් මාර්ග වැඩිදියුණු කරගැනීමටත් අවශ්‍ය වටපිටාව ඔබ වටා නිර්මාණය වෙනවා. විවාහ අපේක්ෂිත අයට යහපත් විවාහයන්ට එළැඹීමට හැකියාව ලැබෙනවා. විවාහ වන සියලු දෙනා නිසි විදියට පොරොන්දම් සහ ග්‍රහ ගැළපීම් සිදුකරගෙන විවාහයන් සිදුකරගන්නා ලෙසත් සියලු දෙනාටම මතක් කරනවා. විවාහ වෙලා සිටින අයට නිවෙසින් බැහැරව යම් කාලසීමාවක් කටයුතු කරන්නට සිදුවිය හැකියි. එසේ නොමැති නම් අධික කාර්යබහුල බව නිසාම පවුලේ අය සමග කිට්ටු ඇසුරක් පැවැත්විය නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. විවාහක දෙදෙනා තුළ ඇතිවන බැඳීම සහ අවබෝධය හීන වීමට නොදී කටයුතු කරන්නට මෙම ග්‍රහ මාරුවෙන් පසුව වගබලාගත යුතු වෙනවා. නව නිර්මාණශීලී දේ පාදක කරගත් ව්‍යාපාර සාර්ථක වන බව පෙනෙන්නට තිබෙනවා. ඒ සඳහා හොඳ වෙළෙඳපළක් නිර්මාණය වන කාලයක් ලෙසත් හැඳින්විය හැකියි. අධ්‍යාපනය ලබන දුවාදරුවන්ට තම ඉගෙනුම් කටයුතු සාර්ථකව කරගෙන යන්නට හැකි කාලයකි.

වෘශ්චික

වෘශ්චික ලග්නයෙන් උපන් අයට මෙම කාලසීමාවේදී දුර්වල සතුරු කුමන්ත්‍රණ බලපැවැත්වෙන බව කිව යුතුයි. දුර්වල සතුරු කුමන්ත්‍රණ ලෙස හැඳින්වූයේ, ඔබ සමීපයේ ඔබට හිතවත්කම් පාමින් සිටින අය යටින් උගුල් ඇටවීම, ඔබේ දියුණුවට වළකැපීම වැනි ක්‍රියාවන්ය. ඒ වගේම ඔබේ කටයුතුවලට යම් යම් බාධාවන් ඇතිකිරීමද ඔවුන් සිදුකරනවා. එවැනි පුද්ගලයන් හඳුනාගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. ඔබ දවසේ වැඩි වාර ගණනක් හමුවන, ළඟින් ඇසුරුකරන අයව මෙහිදී හොඳින් හඳුනාගැනීම වැදගත් වෙනවා. එවිට ඔවුන් කොයි තරම් සැලසුම් කර ඔබව පීඩාවට පත්කරන්න උත්සාහ කළත් ඔවුන්ගේ අදහස මුදුන් පමුණුවා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම කුමන්ත්‍රණ හඳුන්වනවා ‘දුර්වල සතුරු කුමන්ත්‍රණ’ ලෙස. එසේම ඔබේ ශරීර සෞඛ්‍යය ගැනත් අවධානය යොමුකළ යුතු වෙනවා. උදරය ආශ්‍රිත රෝග තත්ත්වයන් බලපැවැත්වෙන කාලයක් වෙනවා. උදරාබාධ තත්ත්වයන් ආහාර අපථ්‍ය වීම නිසා ඇතිවිය හැකියි. කාන්තාවන්ට ගර්භාෂය ආශ්‍රිත රෝග මතුවීම, අර්ශස්, මුත්‍රා ගල්, හර්නියා වැනි රෝගයන් ගැනද සැලකිලිමත් වන්න. මෙවැනි රෝගයකින් ඔබ දැනටමත් පෙළෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. එසේම වස විස ශරීරගත වීමේ ඉඩකඩක් පෙන්නුම් කරන නිසා අන් අය දෙන ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. රැකී රක්ෂා කටයුතුවල දියුණුවක් දකින්නට ලැබෙනවා. ස්ථාන මාරු අවශ්‍ය අයට ඒවා ලැබෙන කාලයක්.

ධනූ

ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුවෙන් පසුව අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබදායක තත්ත්වයක් පෙන්නුම් කරනවා. පාසල් අධ්‍යාපනය හදාරන දරුවන්ටත්, උසස් අධ්‍යාපන කටයුතු ඇතුළු ගැඹුරු විෂයන් හදාරන අයටත් සුබ ප්‍රතිඵල ලබාගත හැකි කාලයකි. නව සොයාගැනීම් සිදුකරන අයටත් යහපත් කාලයක් ලෙස මෙම ග්‍රහ මාරුව සැලකිය හැකියි. රැකියා අපේක්ෂිත අයට නව රැකියාවක් ලබාගැනීමටද හැකියාව තිබෙනවා. විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයටත් සුබ ප්‍රතිඵල ලබාගත හැකි කාලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන වැඩිහිටි ප්‍රජාවට එම රෝගයන්ගෙන් සුවයක් වගේම කායික සහ මානසික සුවයක් ලැබෙන කාලසීමාවක් බවත් පෙන්නුම් කරනවා. ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතයට යොමුවීමටත් සුදුසු පරිසරයක් මෙම ග්‍රහ මාරුවත් සමග ධනු ලග්න හිමියන්ට උදාවන බව කිව යුතුයි. ආදායම් මාර්ග වැඩිදියුණු කරගන්න ඉඩ ප්‍රස්ථා විවර වන කාලයක්. පසුගිය ඒරාෂ්ටක කාලවලදී ඔබේ ආදායම් මාර්ග පිරිහී තිබුණා නම් දැන් ඉන් නැගී සිටීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා.

මකර

අප්‍රේල් 22 වැනිදා සිදුවන ගුරු මාරුව මකර ලග්න හිමි ඔබට සුබදායක බව පෙන්නුම් කරනවා. තමන්ගේ වාසස්ථාන සම්බන්ධව තිබුණු ගැටලු නිරාකරණය කරගන්න ඉඩකඩක් ලැබීම මෙහිදී විශේෂිත වෙනවා. මකර ලග්න හිමි ඔබ හත් අවුරුදු හය මාසයේ ඒරාෂ්ටකයේ අවසාන භාගයට ප්‍රවිෂ්ට වෙලා ඉන්න කෙනෙක්. ඒ, ඒරාෂ්ටකයේ ප්‍රධාන ඵලයන් භුක්ති විඳින අතරතුර තමයි ඔබට මේ ග්‍රහ මාරුවේ ප්‍රතිඵලත් අත්විඳින්න ලැබෙන්නේ. ඒ නිසා තමන්ගේ පීඩාකාරී තත්ත්වයන් අවම කරගෙන කටයුතු කරන්නත්, ඔබේ කේන්ද්‍රය හොඳින් පරීක්ෂා කරගැනීමත් හරහා ග්‍රහ මාරුවෙන් ලැබෙන සුබ ඵල එලෙසම භුක්ති විඳීමටත් අවස්ථාව ලැබෙනවා. ඔබ පදිංචි ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ සඳහා ඉඩකඩ තිබෙනවා. රැකියා ස්ථානයේ ප්‍රශ්න ගැටලු තිබුණු අයට රැකියාව වෙනස් කරගැනීමට මෙම කාලය සුදුසු වෙනවා. පදිංචි ස්ථානයේ ගැටලු තිබුණු අයට එම ගැටලු නිරාකරණය වීමත්, නැවුම් පරිසරයක පදිංචියට යෑමේ අවස්ථාව උදාවීමත් මෙම ග්‍රහ මාරුවත් සමග පෙන්නුම් කෙරෙනවා. විවාහ අපේක්ෂිත අයට යහපත් විවාහ බන්ධන හිමිවන කාලයක්.

කුම්භ

මෙම ගුරු මාරුවත් සමග උදාවන කාලය කුම්භ ලග්න හිමි ඔබට සෙනසුරු ඒරාෂ්ටකයක බලපෑමක් සිදුවන බව පෙන්නුම් කෙරෙනවා. නමුත් එම ග්‍රහ බලපෑම අවසන් වූ වහාම ඔබට සුබ පල උදාවෙනවා. මේ වෙද්දී ඔබ ගෙවමින් සිටින්නේ පෙර අකුසලයක විපාක සමයක්. ඒ අකුසලයේ බලපෑම නිසා ග්‍රහ මාරුව හොඳ වුණත් එහි සුබ ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබෙන්නේ නෑ. ඒ සඳහා ඇති එකම විකල්පය තමයි ඔබේ ජ්‍යොතිෂවේදියා ලවා කේන්දරය පරීක්ෂා කරගෙන, සුදුසු ප්‍රතිකර්ම සිදුකිරීම. අප්‍රේල් 22 වැනිදායින් පසු ඔබේ මනස බොහොම ශක්තිමත් වෙනවා. මීට පෙර අවස්ථාවල විවිධ ප්‍රශ්න හමුවේ අසරණ වූ ඔබේ මනස පෙර නොවූ විරූ ලෙස ශක්තිමත් සහ දැඩි ස්වභාවයකට පත්වීම මෙම ග්‍රහ මාරුවත් සමග දැකගත හැකියි. එම ශක්තිමත් මානසික තත්ත්වය නිසා ඔබේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ රැකියා ස්ථානයේ තිබුණු ගැටලු පවා බුද්ධිමත් ආකාරයෙන් විසඳාගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. අනෙක් අයගේ වචන පිළිබඳ එතරම් විශ්වාසයකින් කටයුතු නොකරන අයකු බවට ඔබ පත්වෙනවා.

මීන

මීන ලග්න හිමි ඔබටත් සෙනසුරු ඒරාෂ්ටකයක් තිබෙන බව මුලින්ම සඳහන් කළ යුතුයි. ඔබ මේ ගතකරමින් සිටින්නේ සෙනසුරු ඒරාෂ්ටකය ඔබට උපරිම මානසික පීඩාවන් ලබාදෙන කාලයක්. හිතට සැනසීමක් නැති ස්වභාවය, අධ්‍යාපන සහ රැකියා කටයුතු අඩපණ වීම, විවාහ ජීවිත තුළ මතගැටුම්, සැකසංකා ඇතිවීම, ආර්ථික ගැටලු, හිත මිතුරන් ඔබෙන් ඈත්වීම, ප්‍රශ්න තනිවම විඳදරා ගැනීමට සිදුවීම වැනි ප්‍රශ්න ඔබට මේ කාලය තුළදී අත්දකින්නට ලැබෙනවා. එබැවින් අදහස් හුවමාරු කරගැනීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුයි. එසේ නොවුණහොත් ඔබ අන් අයට අප්‍රිය චරිතයක් බවට පත්විය හැකියි. ඔබේ ආදායම්, ලැබීම්, දියුණුව කෙරෙහි මෙම ගුරු මාරුව යහපත් ආකාරයට බලපානවා. නමුත් එම යහපත් ප්‍රතිඵල ඒ ආකාරයටම ඔබට ලැබෙනවා යැයි ස්ථිර ලෙසම කියන්නට බැහැ. හේතුව ඔබ ඒරාෂ්ටකයක් ගතකරමින් සිටින නිසා. ඒරාෂ්ටකයට සුදුසු ප්‍රතිකර්ම ඔබ ක්‍රියාත්මක කරන්නේ නම් දෝෂ අවම වී සුබ පල උදාකරගත හැකියි.



චානක ලියනගේ

SendShareShare
Previous Post

අලුත් ත්‍රස්ත පනතට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි ලිපියක්! ජනතාවගේ අයිතීන් අහෝසි වෙලා! ඕනෑම ක්‍රියාවක් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථකථනය කරන්න පුළුවන්! නුසුදුසු වගන්ති ඉවත් කරන්න! සූත්‍ර 3කින් රට පාලනය කරන හැටිත් දේශනා කරයි!

Next Post

අම්පාරේ අවුරුදු 15ක සිසුවෙක් වෙඩි තියාගෙන දිවි නසාගනී!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.