• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

බැංකොක් නුවරදී නාරද හිමියන්ට කාන්තාවකගෙන් අරුම පුදුම අනාවැකියක්

May 10, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
බැංකොක් නුවරදී නාරද හිමියන්ට කාන්තාවකගෙන් අරුම පුදුම අනාවැකියක්
Share on WhatsAppShare on Facebook

නාඩි වාක්‍ය බැලීමට පනස් ගණන්වලදී ඉන්දියාවට ගිය විද්වතුන් ගැන එවකට බුද්ධගයාවේ විහාරාධිපති වශයෙන් වැඩවිසූ පූජ්‍ය නිල්වක්කේ සෝමානන්ද හිමියන්ගෙන් ලබාගත් තොරතුරු ඇසුරින් පුවත්පත් ලිපි ගණනාවක්ම සම්පාදනය කිරීමට හැකිවූ බව මාගේ මතකයේ ඇත. ඒ අනුව එවකට උන්වහන්සේගේ අනුදැනුම මත මා වජිරාරාමවාසීව වැඩවිසූ නාරද හිමියන්ව හමුවීමට ගියේ උන්වහන්සේට බැංකොක් නුවරදී හමුවුණායැයි කියන අරුම පුදුම අනාවැකිකාරිය ගැන දැනගන්නටය. මේ එහිදී උන්වහන්සේ සමග කළ සංවාදයයි.

“බැංකොක් නුවරදී අරුම පුදුම කාන්තාවක් හමුවන බව නාඩිවාක්‍යවල සඳහන් වී තිබුණු බවක් ඔබවහන්සේ කීවා. ඒ වැදගත් කතාවත් දැනගත්තොත් හොඳයි අපේ හාමුදුරුවනේ”යැයි මම නාරද හාමුදුරුවන්ට කීවෙමි.

“ඔව් ඒක විශේෂයෙන් කිව යුතුම කතාවක්. මගේ අතීත ජීවිතය ගැනත් එම කතාවේම සඳහන් නිසා බොහොම වැදගත්. මට ඇය හමුවුණේ බැංකොක් නුවරදි අහම්බෙන්. මම ඒ අවස්ථාවෙ බැංකොක් නුවර දේශන කීපයකට ගිහින් හිටියෙ. මා දුටු ඒ කාන්තාව ටික වෙලාවක් මා දෙස අමුතු අන්දමින් බලා සිට “ඔබවහන්සේගෙ හෘදය වස්තුව දුර්වලයි”කියල කීවා.

“එසේ කීවත් මා ඇගේ කීම විශ්වාස කළේ නෑ. ඕනෑම කෙනකුට ඔය වගේ මානසික අල්ලස් දෙන්න පුළුවන් නිසා.”

“හොඳයි, ඔබට මගේ හෘදය වස්තුව ගැන කියන්න පුළුවන් නම්, ඇයි මගේ ළඟ තියෙන්නෙ මොනවද කියල කියන්න බැරි?” මම පෙරළා ඇයගෙන් ඇසුවෙමි.

මගේ අභියෝගාත්මක ඉල්ලීම නිසා ඇය උන් තැනම ඒ ඉරියව්වෙන්ම විනාඩි කීපයක් දෙනෙත් පියාගෙන සිට, “ඔබවහන්සේගේ සාක්කුවේ වැඩසිටින්නේ සර්වඥ ධාතුන්වහන්සේ දෙනමක් සහ රහත් ධාතුන්වහන්සේ නමක්”යැයි කීවා.

ඇත්ත වශයෙන්ම ඇය පැවැසුවේ සත්‍යයක්. ඒ අවස්ථාවේ මගේ අංසකඩේ ඈ කී අන්දමේ රහත් ධාතුන්වහන්සේලා වැඩසිටියා. ඒ නිසා ඇය දෙස මා ඕනෑකමකින් බලාසිටියා. පෙර පරිද්දෙන්ම ඇය නිහඬව දෙනෙත් පියාගෙන සිටියා.

මා පසුව දැනගත් අන්දමට ඇයට ඉංගිරිසි බස කතාකිරීමටවත් බැරි කාන්තාතවක්. අප දෙදෙනා අතර සංවාදය ඇතිවුණේ මා සමග සිටි මගේ මිතුරකුගේ මාර්ගයෙන්. මගේ ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන්නේ සියම් භාෂාවෙන්. මගේ හිතවතා ඒවා ඉංගිරිසියට හරවා කීවා.

ඇය පසුවුණේ කිසියම් ආරූඪ (ආවේශTrans) ස්වභාවයකින්. එසේ ආරූඪ වන්නේ කිසියම් අදෘශ්‍යමාන අමනුෂ්‍ය (මිනිස් නොවන) බලවේගයක්.

ආරූඪ වන බලවේගය දේව, යක්‍ෂ වැනි උසස් තලයක සිටින්නකු මෙන්ම ප්‍රේත සහ මළගිය පහත් තලයේ ආත්මකාරකයකුද විය හැකියි. ඒ බලවේගය වැහුණු (ආරූඪ) විටෙක එම තැනැත්තා ක්‍රියාකරන්නේ සිය පියවි සිහියෙන් තොරව, ඒ බලවේගයේ අණසකට යටත්ව ලැබෙන විධාන අනුවයි.

ඒ අවස්ථාවේ දී ඒ ආරූඪය කාගේදැයි ඇසූ විට තමා කවුරුන්දැයි ඒ ස්වභාවයෙන්ම(ආරූඪයෙන්ම) පිළිතුරු දෙනවා. ඒ නිසයි මා ඔය කවුරුදැයි ඇසුවේ.

ඊට ඇය මෙසේ පිළිතුරු දුන්නා.

“මම හිමාලයේ (ඉන්දියාවේ) වෙසෙන යෝගියෙක්. මගේ වයස අවුරුදු දහසකට (1,000) වැඩියි.” මනුෂ්‍ය ශරීරයකට බැල්ම හෙළාගෙන සිටි ඒ ආත්මය පැවැසුවා.

එවන් අවස්ථාවක (අදෘශ්‍යමාන බලවේගයක් සමග සම්බන්ධ වූ විටෙක) අප නොදන්නා තොරතුරු විස්තර අසා දැනගත හැකියි.

භූත, පිසාච, මළගිය වැනි පහත් තලයේ ආත්ම අප විමසන කරුණුවලට පිළිතුරු වශයෙන් ඇතැම් විට මුසාබස් (බොරු) කීවත් මානසික වශයෙන් උසස් තලයේ ආත්ම ඒ අන්දමෙන් ක්‍රියාකරන්නේ නෑ.ඒ නිසයි මා ඇයගෙන් විමසුවේ “ඔබ කවුද?” කියලා යැයි කී හාමුදුරුවන් වහන්සේ “මට ඒ අවස්ථාවේ දැනගත යුතු යැයි හැඟුණු පෞද්ගලික කරුණු කීපයක් ගැන විමසන්නටද කල්පනා කළා” යැයි විස්තර කළහ.

මට ඇසීමට සිත්දුන් කරුණුවලින් එකක් මගේ ධර්මදූත ගමන, මගේ ලෝක ධර්මදූත ව්‍යාපාරය සාර්ථක වේවි දැයි ඒ නිසා මා ඇගෙන් ඇසුවා.

එය සාර්ථක වන බව ඇය කීවා. ඊළඟට මා ඇසුවේ මගේ ධර්මදූත ගමන සාර්ථක වූ පසු මා ඉන් ඉවත්ව විවේක ගන්නේද යන්නයි.

“ඔබවහන්සේ එහෙම හිතනවා. ඒත් එහෙම වෙනනේ නෑ” ඇය කීවා.

මේ කාන්තාව මගින් මා හා සම්බන්ධව සිටින යෝගියා මා පිළිබඳ හොඳට දන්නා කියන කෙනකුන් විය යුතු බව මට හැඟී ගියෙන් මම ඒ සම්බන්ධවද විමසුවෙමි.

“ඔබ මා ගැන හොඳින් දන්නා කෙනකු බව පෙනෙනවා”

“එසේය මා, ඔබවහන්සේ ගැන හොඳින් දන්නවා. දැනට අවුරුදු තුන්සියයකට (300) පෙර අප දෙදෙනා එකට භාවනා කළා”යැයි කී ආරූඪ කාන්තාව මෙසේද පැවැසුවා.

“පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අපෙන් කිසිවත් අපේක්‍ෂා කොකරන බව සැබැවි. එහෙත් ඔබවහන්සේට අපෙන් යම්කිසි උපකාරයක් අවශ්‍ය වේ නම් මගේ නම කියන්න”

“මා දැන් වියට්නාමයට යන ගමනේදී ඊට පළමු කාම්බෝජයට යෑමට අපේක්‍ෂා කරනවා” මම ඇයට කීවෙමි.

“නැත ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සිදුවෙන්නේ පළමුකොට වියට්නාමයට වැඩමකර දෙවැනුව කාම්බෝජයට වඩින්නටයි.

ඒ ගමන ඇය කී ආකාරයෙන්ම සිදුවිය. මගේ ගමන් මාර්ගය වෙනස් කරන්නට එතෙක් මා අපේක්‍ෂා නොකළ කරුණක්ම යෙදිණි. වියට්නාමයේ වැඩවසූ මගේ හිතවත් වයෝවෘද්ධ ස්ථවිරයන් වහන්සේ කෙනකුගේ අභාවයක් ගැන ඇගේ සාකච්ඡාවෙන් පසුව මට දැනගන්නට ලැබිණි. ඒ අවසාන කටයුත්ත මට අත්‍යාවශ්‍යයෙන්ම සහභාගි විය යුත්තක්ම විය. ඒ නිසා මම පළමුව වියට්නාමයට ගියෙමි. ඉන් අනතුරුව කාම්බෝජයට ගියෙමි.

උන්වහන්සේ මේ සියල්ල කැටිකොට ඒ පිළිබඳ සාරාංශයක් සේ මෙසේද අනුශාසනා කළහ.
නවීන විද්‍යාව වූකලි පංචේන්ද්‍රියට විෂය වන්නාවූ දේටත්, අනුදක්නයට සහ දුරදක්නයටත් විෂය වන්නාවූ දේටත් සීමාවී පවතී.

ධ්‍යාන වඩා උපදවා ගන්නා “අභිඥා” ගැන ඇතැම් නවීන විද්‍යාඥයෝ කිසිවක් නොදනිත්.
එහෙත් ඇතැම් විද්‍යාඥයෝ පංචේන්ද්‍රියනට අවිෂයවන (හසුනොවන) නමුදු ගුප්ත දේ ගැන අවබෝධ කර ගැනීමට හැකි අතීන්ද්‍රීය බලයක් ගැන කියති. විශේෂයෙන් ඇමරිකාව, රුසියාව වැනි රටවල මේ කරුණු ගැන පරීක්‍ෂණද පැවැත්වේ. පොතපතද ප්‍රසිද්ධ කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

හොඳ රැකියාත් එපා කරවන ග්‍රහ හතුරෝ

Next Post

සෙලාන් බැංකුවෙන් බදුගෙවීම් ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කෙරෙන වෙබ් සම්මන්ත්‍රණයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.