• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024වත් හොඳ කලක් ලබයිද? I Sri Lanka Latest News

December 29, 2023
in Exclusive, Kendaraya, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 වසර උදාවෙන්න තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ආර්ථික අර්බුද, වසංගත රෝග පීඩා වගේ දුෂ්කරතා බොහොමයකට මුහුණ දීපු අපි හැමෝම බලාගෙන ඉන්නේ එළැඹෙන වසරේදීවත් තරමක් හෝ යහපත් කාලයක් උදාවේවි කියලා. එහෙම හිතන හැමෝම කියවන්න ආසම මාතෘකාවක් තමයි මේ ලියන්න හදන්නේ. ඒ තමයි, ඔබේ ලග්නයට අදාළ සුබ අසුබ ඵල. 2024 අවුරුද්දේ ඔබ අපි කාටත් මුහුණ දෙන්න සිද්ධ වෙන යහපත් වගේම අයහපත් දේවල් ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී වයි.එම්.කේ. යාපා බණ්ඩාර මහත්මයා Sirasa TV Digital නාලිකාව සමග සිදුකළ මේ සංවාදය ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අපි ඉදිරිපත් කරනවා. කියවලා බලන්න, ඔබේ ලග්නයට අනුව ඔබේ ජීවිතයට එළැඹෙන වසර කොහොමද කියලා.(Sri Lanka Latest News)

මේෂ ලග්නය

සෙනසුරු කුම්භ රාශියට ආවා. 11 වැනි කොටුවට. 11 වැනි කොටුව කියන්නේ පිරිස් බලය, ආදායම කියන දේ. සෙනසුරු කියන්නේ දුක දෙන කෙනා. නමුත් අපි සුදුසුකම්ලාභියා වුණොත් අපට එයා දුක වෙනුවට සැප දෙනවා. සෙනසුරු ඔබට තෑගි මල්ලක් ගෙනල්ලා තියෙනවා. හැබැයි සත්ගුණවත් පුද්ගලයන්ට විතරයි. මනුස්ස ගුණධර්ම දන්න අයට, බිරිඳගේ වටිනාකම දන්න අයට, ස්වාමියාගේ වටිනාකම දන්න අයට, දරුවන්ගේ වටිනාකම දන්න අයට, මවුපියන්ගේ වටිනාකම දන්න අයට එයා තෑගි දෙනවා. මේෂ ලග්න හිමි ඔබ 2024 වසරේ අනිවාර්යයෙන්ම කැපිලා පේන චරිතයක් බවට පත්වෙනවා. ඔබේ වටිනාකම වැඩිවෙනවා. 2025 අප්‍රේල් වෙනතුරුම ඔබට ඒ වටිනාකම තියෙනවා. හැබැයි ඒ අතරේ ලෙඩ දුක් කරදර එනවා. ඒවාට මුහුණ දෙන්න ප්‍රඥාවෙන් කටයුතු කරන්න.

වෘෂභ ලග්නය

වෘෂභ කියන්නේ වාසනාවන්ත ලග්නයක්. කාගෙ හරි ගෙදරක වෘෂභ ලග්න හිමියෙක් ඉන්නවා නම් ඒ ගෙදර වාසනාවන්තයි. මොකද බර අදින්නනේ එන්නේ. වෘෂභ කියන්නේ ගවයා. එයා තමයි බර අදින්නේ. හැබැයි මෙයා බර අදින්නේ මෙයාගේ පැත්ත ගන්න අයගේ විතරයි. තමන්ව විවේචනය කරනවට කැමැති නෑ. ඔන්න වෘෂභ ලග්න හිමි ඔබට අවුරුදු 18කට පස්සේ වාසනාවන්ත කාලයක් උදාවෙනවා. ඒ රාහුගෙන්. රාහු 11 වැන්නට ඇවිල්ලා ඔබට ආදායම දෝත පුරා දෙනවා.

ඒවා දෙන්නේ කම්මැළියන්ට නෙවෙයි. උත්සාහය උනන්දුව තියෙන, සැලසුම්සහගතව වැඩකරන අයටයි මේ දෙන්නේ. වෘෂභ ලග්නේ අයට මෙතෙක් පැවැති බාධා අකුසල් යටපත් වෙලා කුසල් මතුවෙන්න පටන් ගන්නවා. සමහරු විදේශගත වෙනවා, සමහරු රැකියාව මාරු කරනවා. තවත් සමහරු ව්‍යාපාරයට අලුත් දේවල් එකතු කරනවා. ප්‍රඥාවෙන් කටයුතු කරන්න, ඔබට වාසනාවන්ත කාලපරිච්ඡේදයක් උදාවෙනවා ඉදිරියේදී.

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් හඳුන්වන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා. මිථුන ලග්නයේ ස්වභාවය තමයි පොඩ්ඩක් වෙනස් වෙන ස්වභාවය. උදේට යමක් තීන්දු කරලා හවසට ඒක වෙනස් කරනවා. මිථුන ලග්න හිමියන්ට රාහු එන්නේ 10 වැනි කොටුවට. 10ය කියන්නේ රැකියාව ගැන කියන තැන. සෙනසුරු යනවා 9 වැන්නට. මේ අවුරුද්දේ ජනවාරි 17න් පස්සේ ඔබට පෙර පින මතුවෙන කාලයක් උදාවුණා. සෙනසුරු භාග්‍යස්ථානගත වුණා. විදේශ ගමන් බලාපොරොත්තු වුණු අයට ඒ කටයුතු සාර්ථක වුණා. ඔන්න දැන් විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයට ඉක්මනින් වීසා ලැබෙන වෙලාව. ඒ වගේම රැකියාව වෙනස් කරනවා. වෘත්තීය වශයෙන් කඩිසර බවක් ඇතිකරනවා.

ගුරු 11 වැන්නේ ගතවෙන්නේ. ආදායම, පිරිස් බලය ගැන කියන තැන. කලින් ස්ථාවර නොවුණු ආදායම් තත්ත්වය ස්ථාවර වෙනවා. ආහාර රටාව ගැන සැලකිලිමත් වෙන්න. උෂ්ණාධික ආහාර වැඩිපුර ගන්න එපා. පුළුවන් තරම් සිසිල් ආහාර ගන්න. ජලය වැඩිපුර බොන්න. ඉවසීමෙන් වැඩ කරන්න. ලග්නාධිපති බුධ ග්‍රහයා 6 වැන්නේ ගමන් කරන නිසා අවුරුද්ද ආරම්භයේදීම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. අජීර්ණ ඇතිවෙන්න පුළුවන්. ඒ ගැනත් කල්පනාවෙන් කටයුතු කරන්න. ඒ වගේම උත්සාහයෙන් වැඩකරන කම්මැළි නැති මිථුන ලග්න හිමි අයට 2024 වසර ඉතා වාසනාවන්ත එකක් වන බව මම නොබියව කියනවා.

කටක ලග්නය

කටකය කියන්නේ ජලය. ලග්නාධිපති සඳු නිසා මේ ලග්න හිමි අයගේ හිත උණුවෙනවා. කටක ලග්නේ අය මේ කාලේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සෙනසුරු කුම්භ රාශියට ඇවිල්ලා ඉන්නේ. කුම්භ කියන්නේ 8 වැනි කොටුව. ඒ කියන්නේ දුක් දෙන තැන. නොමරා මරන තැන. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. යන්ත්‍ර, මැණික් ගල් පලඳලා නම් මේවා නැතිකරන්න බැහැ. ඒ නිසා මවුපියන්ට ගරු කරන්න, බිරිඳක් නම් ස්වාමියාට ගරු කරන්න. ස්වාමියෙක් නම් බිරිඳට ගරු කරන්න. වගකීම ඉෂ්ට කරන්න. අවංක වෙන්න.

මේ විදියට කටයුතු කළොත් කටක ලග්න අයට සෙනසුරු 8 ගමන් කරන නිසා නොසිතූ ලාභ ප්‍රයෝජන ලැබෙනවා. වරප්‍රසාද ලැබෙනවා. ඔබේ ශ්‍රමයට දැනුමට වටිනාකමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. හොඳ තැනකින් ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න. සෙනසුරු 8 වැන්නේ ගමන් කරනවා කියලා ලොකු ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. හැබැයි ඔබට ශනි මහ දශාව ලබලා ශනිගෙම අන්තරේ ගමන් කරනවා නම් පොඩි පොඩි බාධා ටිකක් එනවා. රාහු ලබලා, රාහුගේම අන්තරේ ගමන් කරනවා නම් ගෞරවයට හානි වෙන වැඩ සිද්ධ වෙන්න පුළුවන්. මේ විදියට නුවණැතිව කටයුතු කරගන්න. විදේශ ගමන් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම 2024 වසර වාසනාවන්ත එකක් වේවි කියලා කියන්න පුළුවන්.

සිංහ ලග්නය

සිංහයා කියලා කියන්නේ තිරිසන් සතෙක්. ඒ වගේම එකට එක කරන සතෙක්. නමුත් සිංහයා එඩිතරයි. ඍජුයි. ඒ නිසා ඒ සතාගේ රුදුරු ගති මඟහැරලා යහපත් ගති විතරක් මේ ලග්නය හිමි අයගේ ජීවිතවලට එකතු කරගන්න ඕනේ. එහෙම වුණොත් ඔබ වටිනාකියන චරිතයක්, අභිමානවත් චරිතයක් බවට පත්වේවි. මොකද ඍජු සහ එඩිතර ගතිය නිසා. 2023 ජනවාරි 17 වැනිදා සිට 2025 අප්‍රේල් වෙනතුරු කුම්භ රාශිය 7 වැන්නේ ගමන් කරනවා. මේක මංගල යෝග කාලයක්. නිසි වයසේ ඉන්න අයට විවාහ වෙන්න හොඳ කාලයක්. හවුල් ව්‍යාපාර කරන අයටත් සුබ කාලයක් කියලා කියන්න පුළුවන්. රාහු සිංහ ලග්න හිමියන්ගේ 8 වැනි කොටුවට ආවා.

මේක ප්‍රඥාවන්තයාගේ රාශිය. නමුත් මෙතැනදී විෂ ශරීගත වෙන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න වෙනවා. විශේෂයෙන් පොඩි දරුවන් ගැන අවධානයෙන් ඉන්න. විදේශ ගමන් යෙදීමේ හැකියාවකුත් තියෙනවා. මවුපියන්ට කීකරු වෙන්න, නොදන්නා දේ දන්න අයගෙන් අහගන්න, නිහතමානී වෙන්න. එතකොට දෝෂ බලපාන්නේ නැහැ. ලොකු ආයෝජනවලට යොමුවෙන්න හොඳ කාලයක් නෙවෙයි. සාමාන්‍ය විදියට කටයුතු කරන්න. එහෙම වුණොත් 2024 වසර ඔබට වාසනාවන්ත වසරක් වෙනවා.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමි අය හරිම කල්‍යාණ මිත්‍ර ස්වභාවයකින් යුක්තයි. තමන්ගෙ වැඩ නවත්තලා අන් අයට උදව් කරන අය. පහුගිය අවුරුදු 3ක වගේ කාලය කන්‍යා ලග්න හිමි අයට පීඩාකාරී කාලයක් වුණා. ඒ වෙනුවට දැන් ඔබේ අතමිට සරුවන හොඳ කාලයක් තමයි උදාවෙන්න යන්නේ. කලින් ඔබට උදව් නොකරපු අයත් ඔබට උදව් කරන්න සැදී පැහැදී ඉන්නා කාලයක්. මේක බලපාන්නේ කම්මැළි නැති, වැඩකරන අයට පමණයි. රාහු මීන රාශියට ගමන් කරනවා 7 වැන්නට.

රාහු කියන්නේ හිතුවක්කාරයෙක්. දැන් මෙයා ප්‍රඥාවන්තයාගේ රාශියට ආවා. ඒ නිසා කන්‍යා ලග්න හිමි අයට ප්‍රඥාව පහළ වෙනවා. ස්වාමියාට බිරිඳට මවුපියන්ට ඇහුම්කන් දෙනවා. ඒ වගේම අපේ රටෙත් හොර මැරකම් නවතිනවා. කන්‍යා ලග්න හිමියන්ගේ අතමිට සරුවෙයි. දරුවන්ගේ අනාගතය ගැන සතුටුදායක ආරංචි අහන්න ලැබෙයි. සතුරු බලවේග පවා යටපත් කරගන්න පුළුවන් වාසනාවන්ත වසරක් තමයි උදාවන 2024 අවුරුද්ද.

තුලා ලග්නය

තුලාවේ සංකේතය තමයි තරාදිය. ඒකෙන් කියැවෙන්නේ සාධාරණය ඉෂ්ට කරන එක. එහෙනම් යුක්තිසහගත සාධාරණ අය තමයි තුලා ලග්න හිමියෝ කියන්නේ. ඔවුන්ගේ ලග්නාධිපති සිකුරු. ටිකක් විනෝදෙට බරයි, නිදහස හොයනවා. ගතවෙන්නේ පස්වැනි භාවය. පස්වැනි භාවයෙන් කියන්නේ කායික ශක්තිය. විශේෂයෙන් අධ්‍යාපනය සහ දරුවෝ ගැන, ප්‍රේම සම්බන්ධතා ගැන. රාහු යනවා 6 වැනි භාවයට. මීන රාශියට. සතුරු බලවේග ගැන කියන තැනට.

තුලා ලග්න හිමියෝ ප්‍රඥාවන්තයාගේ තැනට ඇවිල්ලා මොළය පාවිච්චි කරලා වැඩකරන අවුරුදු එකහමාරක් තියෙනවා. නඩු හබවලින් ඔබ ජයග්‍රහණය කරනවා. සතුරු බලවේග යටපත් කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි වෙලාවට ආහාර ගන්න වෙනවා, හොඳට වතුර බොන්න වෙනවා. නැත්නම් බඩේ අම්ලය වැඩිවෙන්න බලනවා. එහෙම වුණොත් යම් යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. අධික තණ්හාව, කාමාශාව, උද්දච්චකම, මුසාවාදය, සොරකම අත්හරින්න වෙනවා. එහෙම වුණොත් 2024 වසර ඔබට යහපත් වසරක් වන බව කියන්න පුළුවන්.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයේ සංකේත ගෝනුස්සා. ගෝනුස්සාගේ ශරීරය ලස්සනයි. කැටයම් කරපු ආකාරයට පිහිටලා තියෙන්නේ. ඒකෙන් කියැවෙන්නේ වෘශ්චික ලග්න හිමියා ලස්සනට වැඩකරන, පිට ඔපයට කැමැති කෙනෙක් බව. දරාගැනීමේ හැකියාව අනිත් හැමෝටම වඩා වෘශ්චික ලග්නේ අයට තියෙනවා. ඔවුන් සමාජයේ කොන්වෙලා ඉන්න කැමැති නෑ. සමාජයත් එක්ක ගැටිලා වැඩකරන්න කැමැති කෙනෙක්. ඔවුන් එළඹෙන වසරේදී අලුත් වැඩපිළිවෙළකට යනවා.

රාහු අධ්‍යාපනය, දරුඵල ගැන කියන 5 වැනි භාවයට එනවා. රාහු මීන රාශියේ තැන්පත් වුණාට පස්සේ, මෙතැන ප්‍රඥාවන්තයාගේ රාශිය නිසා විදේශ ගමන්වලට අවස්ථාව සැලසෙනවා. ඒක විනෝද ගමනක් වෙන්නත් පුළුවන්. දරු ඵල නැති අයට දරු ඵල ලැබෙන්නත් ඉඩ තියෙනවා. රහස් සතුරු බලවේග ඇතිවෙන්න පුළුවන්. ආමාශගත රෝග, අජීර්ණ ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ජන්ම පත්‍රය පරීක්ෂා කරගෙන ඔබේ ලග්නය ගැන හරියටම තොරතුරු දැනගන්න. එතකොට මේ වසර ඔබටත් වාසනාවන්ත වසරක් බවට පත්කර ගන්නට පුළුවන්කම ලැබෙනවා.

ධනු ලග්නය

ධනු කියන්නේ දුන්න. නමුත් සොබාදහම සංකේතවත් කළේ අශ්වයා. අශ්වයාගේ ගතිගුණ තමයි වාසි අවාසි නොබලා තමන්ට පැවරුණු රාජකාරිය හරියටම ඉටුකිරීම. ධනු ලග්න හිමියන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇතිවෙන්න ඉඩ තියෙනවා. කොඳු ඇට පෙළ ඇදවෙන්න බලපාන කුෂන් මෙට්ටවල නිදාගැනීම අහිතකර වෙනවා. බර උසුලද්දිත් හරි ආකාරව ඒවා කරන්න ඕනේ. ගැළපෙන ක්‍රීඩාවන් තෝරාගත යුතුයි. එහෙම වුණොත් ඔබ නිරෝගී බවට පත්වෙනවා.

දැන් ඔබේ දනුමට, ඔබේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන කාලයක් උදාවෙනවා. හේතුව තමයි සෙනසුරු වික්‍රමස්ථානගත වීම. ඒ නිසා බොහෝ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඔබ කරන කටයුතු සඵල වෙනවා. ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. රාහු 4 වැන්නට එනවා. රාහු කියන්නේ හිත ගැන කියන තැන. ඔබ ආරම්භ කරන වැඩකටයුතු ඉතාම සාර්ථක වෙනවා. අන් අයගේ ප්‍රසාදයට ලක්වෙනවා. විදේශ ගමන් බලාපොරොත්තු වුණා නම් ඒවා සාර්ථක වෙනවා.

මකර ලග්නය

මකර ලග්න හිමියෝ හරිම ක්‍රියාශීලීයි. සංවිධාන ශක්තියක් තියෙන කෙනෙක්. ඔබ පසුගිය කාලේ බොහෝ පීඩාවන්ට අකටයුතුකම්වලට පත්වුණත් දැන් රාහු ඔබට තෑගි මල්ලක් අරගෙන ඇවිල්ලා තියෙනවා. රාහු මීන රාශියට, වික්‍රමස්ථානයට තමයි ආවේ. ඒ නිසා සහනදායී කාලසීමාවක් උදාවෙනවා. මේක ඔබේ පෙර වාසනාවක්. රාහුගේ ගමන ඉතා ප්‍රබලයි. ඔබ පවුලේ, සේවා ස්ථානයේ කැපිලා පේන චරිතය බවට පත්වෙනවා. ව්‍යාපාරවලින්, රැකියාවෙන් ඔබට ජයග්‍රහණ අත්වෙනවා.

ඔබට තනතුරු පවා ලැබෙන්න ඉඩ තියෙනවා. සතුරු කරදර ඇතිවෙන්නත් පුළුවන්. ගෙයක් දොරක් හදන්න, ස්ථානීය වෙනසක් ඇතිවෙන්න, අලුත් තැනක යමක් පටන්ගන්නත් ඉඩකඩ තියෙනවා. ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනකොට විශාල සැනසිලිදායක කාලයක් ඔබට උදාවෙනවා. විදේශ ගමන්, නව රැකියා, අලුත් ආදායම් මාර්ග විවර වෙනවා. ජනවාරි මාසය ඔබට ගොඩක් සුබදායක බවත් කිව යුතුයි. මේ ඔබට උදාවෙන්නේ පින් පලදෙන කාලයක්. ඒ නිසා මනුෂ්‍ය ගුණධර්ම ඇතුව කටයුතු කරන්න. 2024 වසර ඔබට වාසනාවන්ත වසරක් වේවි.

කුම්භ ලග්නය

මේ වගේ කාලෙක කුම්භ ලග්න හිමියන් කරන්න ඕනේ දේ තමයි ගෙයක් හදන්න පටන්ගන්න එක. වෙන කිසි දෙයක් කරන්න එපා. අකුසල් පල දෙන කාලයක් නිසා මේ අවුරුදු දෙකහමාරක කාලය නිමා වෙනකොට ඔබ හොඳ ආයෝජනයක් කරලා තියෙනවා. ලස්සන නිවෙසක හිමිකරුවෙක් බවට ඔබ පත්වෙනවා. මේ කාලයේ ණය නොවී කටයුතු කරන්න වගබලා ගන්න. රවි 11 වැන්නේ ගමන් කරනවා. ඉතාම හොඳයි. කෝටියක් දෝෂ භංග කරනවා.

ඒ නිසා ඔබේ ආර්ථිකය ප්‍රමාණවත් විදියට ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම බුධ සිකුරු 10 වැන්නේ ගමන් කරනවා මේ මාසේ. ඒ කාලය තුළ ඔබ නිර්මාණශීලීව වැඩ කරනවා. ඔබ කළ යම් කටයුත්තකට අගය කිරීමක් ලැබෙන කාලයක්. කේතු 8 සහ රාහු 2 යන නිසා ආර්ථිකම ලාභවල යම් ප්‍රමාදයක් සිදුවෙන්න පුළුවන්. නමුත් ඔබේ මහ දශාධිපතියා බලවත් නම් මේ දෝෂය භංග කරගෙන සැනසීමෙන් කටයුතු කරගන්න ලැබෙනවා. විවේකය අඩු, වැඩ අධික කාලයක් උදාවෙනවා. 2024 මැයි මාසෙන් පස්සේ බොහෝ වෙලාවට ඔබේ ආර්ථිකය ශක්තිමත් වෙන්න, ඔබට යම් වටිනාකමක් ලැබෙන්න සහ වගකීම් කිහිපයක් පැවරෙන්නත් හැකියාව තියෙනවා.

මීන ලග්නය

මීන ලග්න හිමි ඔබගේ කරදර බාධක කාලය අවසන් වෙමින් යනවා. ඔබේ වටිනාකම වැඩිවෙනවා. ඔබේ නම ප්‍රසිද්ධ වීමේ ඉඩකඩ සහිත කාලයකටයි පැමිණිලා තිබෙන්නේ. පසුගිය කාලේ ඔබේ වැය පක්ෂය අධික වුණා. බ්‍රහස්පති සෑහෙන කාලෙක පටන් මේෂ රාශියේ ගමන් කරනවා. ආදායම් තත්ත්වය යහපත් වුණා. මොන ක්‍රමයෙන් හරි කීයක් හරි ලැබෙනවා. නමුත් හිතපු නැති වියදම් ඇතිවෙනවා. නම ප්‍රසිද්ධ වෙන, ආදායම් තත්ත්වය ඉතා යහපත් වෙන, පෙර වාසනා ගුණය මතුවෙන කාලයක් තමයි මීන ලග්න හිමියන්ට උදාවෙන්නේ. වියදම් පක්ෂය අධික වුණත් ආදායම් මාර්ග වැඩිවීම නිසා යම් සහනයක් ලැබේවි. මවුපියන්ට කීකරුව, ඔවුන්ට ඇප උපස්ථාන කරමින් කටයුතු කරන්න. ඒ වගේම රැකියා ස්ථානයට අවංක වෙන්න. ධාර්මික වෙළෙඳාම් පමණක් කරන්න. ඔබට වරින් වර සෙම් අමාරු ඇතිවෙන්න පුළුවන්. මේ වගේ රෝග ගැන පරිස්සම් වෙන්න. ඔබටත් 2024 නව වසර වාසනාවන්ත කරගන්න අවස්ථාව ලැබෙනවා.

SendShareShare
Previous Post

දෙන්නම් බැටේ! අර්ජුන තවත් බෝම්බයක් පත්තු කරන්න ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

සජිත් සක්වලත් අරන් හෙට අනුරාධපුරයට! 57 වන සුහුරු පන්ති කාමරය හබරණ මහාවිද්‍යාලයට! 58 කලාවැව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.