ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් සමූහය විසින් ඉදිකරනු ලබන සිය අද්විතීය අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන The Grand Ward Place මෙරට සංස්කෘතික අනන්‍යතාවන් සිහිපත් කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගිය අප්‍රේල් 8 වැනි දින පවත්වන ලදී.
The Grand Ward Place, සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා එක්සත් අරාබි එමිර් රජ්‍යයේ මෙරට තනාපති / Charge D’affaires ගරු හුමයිද් ඩර්විශ් අල් තමිමි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ගරු රෝසි සේනානායක ප්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රයිම් පවුලේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ. මෙරට සිංහල සහ හින්දු සංස්කෘතියෙන් පෝෂණය වූ සංගීත හා නර්තන අංගයන්ගෙන් විචිත්‍රවත් වූ මෙම උළෙල සාම්ප්‍රදායික සිංහල හා හින්දු ආහාරයන්ගෙන් රසවත් විය.
‘ශ්‍රී ලංකාව සංස්කෘතික විවිධත්වයෙන් පෝෂණය වූ රටක්. මේ විශේෂත්වය නිසාම අපේ ජාතික උත්සවයන්හිදී සංස්කෘතික විවිධත්වය විචිත්‍රවත් ලෙස සමරනු ලබනවා. මේ සංස්කෘතික සංහිඳියාව සිහිපත් කරමින් The Grand Ward Place, සිංහල සහ දෙමළ ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවය වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරමින් ඔවුන්ට අනන්‍යවූ ප්‍රසාංගික සංස්කෘතික අංගයන් සහිත වර්ණවත් සැමරුම් උත්සවයක් පවත්වන්නට අපට හැකි වුණා. එමෙන්ම සමාගම් සමූහයක් ලෙස අපගේ සේවාවන් තවත් පුළුල් කිරීමේ අරමුණෙන් Prime Lands Residencies නුදුරේදීම මහජන කොටස් නිකුතුවක් (IPO) සඳහා යෑමට අපේක්ෂා කරන බව සඳහන් කරන්නට කැමැතියි’ යනුවෙන් ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය.