• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්තෝබරයෙන් පසු ශෝකාන්තයකින් කෙළවර වන දේශපාලන බල පෙරළියක් I Sri Lanka Latest News

February 3, 2024
in Astrology, Exclusive, Kendaraya, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායකගෙන් ඇඟ හිරිවැටෙන ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගතවූ වසර 74ක කාලපරිච්ඡේද ඇතුළේ අපේ රටේ කොයි තරම් නම් දේශපාලන පෙරළි සිදුවුණාද? දේශපාලන පක්ෂ කොයි තරම් නම් සංඛ්‍යාවක් ආණ්ඩු පිහිටුවනු ලැබුවාද? මේ දශක හතක කාලය පිළිබඳ ඉතිහාසය නිරීක්ෂණය කළොත් ඔබට ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්. මේ කියන්න යන්නේ 2023 ඔක්තෝබර් 30 වැනිදායින් පස්සේ රට තුළ ඇතිවෙන සුවිශේෂ දේශපාලන බල පෙරළියක් ගැන.(Sri Lanka Latest News)

මේක විශේෂ අනාවරණයක්. හැබැයි මේ අනාවරණය කරන කෙනා දේශපාලනඥයෙක් නම් නෙවෙයි. ඔහු ප්‍රකට ජ්‍යොතිෂවේදියක් වන කේ.සී.ජේ. රත්නායක මහත්මයා. එතුමා පසුගිය දිනෙක ‘විශ්වකර්ම’ යූටියුබ් නාලිකාවට ලබාදුන් සාකච්ඡාවක මෙම දේශපාලන ගැන විශේෂයෙන් සඳහන් කරනවා. ඔහුගේ එම අනාවැකිය, ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නට අදහස් කළා.

මම අදහස් කළා ටිකක් ආන්දෝලනාත්මක පුරෝකථනයක් කරන්න. 2019, 2020, 2021 සහ 2022 කියන හැම අවස්ථාවකම මොකක්ද වෙන්නෙ කියන එක ගැන පුරෝකථන කරන්න යම් හැකියාවක් තිබුණා. ඒ වගේම පහුගිය අප්‍රේල් මාසේ 08 වැනිදා සිදුවෙච්ච ඒ වෙනස් වීම ඒ මොහොතේදීම මගෙන් කියැවුණේ. වසර එකහමාරයි උපරිම වශයෙන් තියෙන්නේ කියලා. එහෙම ගණන් හැදුවොත් මේ අවුරුද්දේ ඔක්තෝබර් වන විට ඒ වසර එකහමාරක කාලය හමාර වෙනවා. එතකොට මොකක්ද වෙන්න යන්නේ? ඒ එකහමාරෙන් එකහමාරට මේ වෙනස් වීම සිදුවෙන්නේ රාහු සහ කේතු කියන දෙන්නාගේ මාරුවීම නිසා. නමුත් ඊට අමතරව අනෙක් ග්‍රහයන්ගේ සමස්ත පිහිටීමත් බලපානවා.

මේ ඔක්තෝබර් මාසේ 30 වැනිදා ලංකාවේ කුම්භ ලග්නයට විශාල බලපෑමක් ඇතිකරනවා. ඒ අනුව යම්කිසි පාලන ක්‍රමයක් හෝ පාලකයෙක් හෝ ඔක්තෝබර් 30 වැනිදා වනතුරු බලයේ සිටියා නම් ඔහුගේ එම බලය තවදුරටත් මතු සම්බන්ධ වීමක් හෝ දීර්ඝකාලීන පැවැත්මක් හැටියට පවතින්නේ නෑ. ඒක මතභේදාත්මක තත්ත්වයකට පත්වේවි. දැන් ඉන්න ජනාධිපතිවරයාගේ කාලය අවසන් වේවිද, ඔහුට නැවත බලයට එන්න බැරි වේවිද කියන කාරණය කෙනෙක් හිතන්න පුළුවන්.

නමුත් පුද්ගලයන්ගේ නම් මේකට අදාළ කරගන්න එපා. මම අදහස් කරන්නේ පවතින පාලන ක්‍රමය. ඒ පාලන බලය අත දරන පාලක පැලැන්තිය කියන එක. ඒ පාලක පැලැන්තියේ ඉන්නේ කවුද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ පාලක පැලැන්තියේ බලමූලාශ්‍රය අයිතිකාරයා කවුද කියන එක. ඔහු මොන මූලාශ්‍රයකින්ද බලයට ආවේ. මොන බලමූලාශ්‍රයකින්ද ඒ බලය පවතින්නේ කියන කාරණාවයි වැදගත් වෙන්නේ.

2023 ඔක්තෝබර් මාසෙන් පස්සේ මෙතෙක් පැවැති බලමූලාශ්‍රය කියන එක වෙනත් පැත්තකට හැරෙනවා. එතකොට බලමූලාශ්‍රය වෙන පැත්තකට හැරුණා කියන්නේ කලින් බලමූලාශ්‍රයත් එක්ක පැවැතුණු යම් පිරිසක් හිටියා නම්, ඔවුන්ට පෝෂණය සහ බලය ලැබෙන්නේ නැහැ. එතකොට නිසැක වශයෙන්ම මේ ලබන්නේ ලංකා දේශපාලනයේ විප්ලවකාරී පෙරළිකාරී කාලපරිච්ඡේදයක ආරම්භය. එය ලබන අවුරුද්දේ අප්‍රේල් – මැයි අතර කාලය ඉතා තීරණාත්මක සිදුවීම් ගහන කාලයක් බවට පත්වෙනවා. නොසිතූ විරූ පරිදි ඇතැම් පුද්ගලයන් වශයෙන් ඇතැම් සංවිධාන වශයෙන් ඇතැම් ව්‍යාපාර වශයෙන් බිඳවැටෙන්න පුළුවන්. මෙතෙක් ජීවිතයට අහන්න දකින්න නොලැබුණු අලුත්ම සංවිධාන අලුත්ම පුද්ගලයෝ කරළියට පැමිණීමට දකින්න ලැබෙයි.

ඒ කොයි හැටි වුණත් ජයග්‍රහණයේ ගමනාන්තය පවතින්නේ මෙතෙක් පැවැති ක්‍රමය අනුව. ඒ අනුව ආපු ගමන් මාර්ගයේ දිගු දුරකට විහිදීමක් හැටියට නෙවෙයි. පැහැදිලිවම ඒක ඛණ්ඩනය වෙලා ඉවරයි. මේ ඔක්තෝබර් මාසේදී සිදුවෙන්නේ බිඳවැටීමක්. විශේෂයෙන්ම කෙටිකාලීන ආර්ථික වශයෙන් ඇතිවෙන පීඩනයක්, වියවුල්කාරී තත්ත්වයක් සහ සමාජමය වශයෙන් ඇතිවන කැලඹීම් සහිත කාලපරිච්ඡේදයක් උදාවෙනවා. කොයි කාටත් ටිකක් සැලකිල්ලෙන් පරිස්සමෙන් තමන්ගේ හැඟීම් ආවේග පාලනය කරගෙන දූරදර්ශීව කටයුතු කළ යුතුයි.

ලංකාවේ කුම්භ ලග්නයේ දෙවැන්නේ රාහු ග්‍රහයා ක්‍රියාත්මක වෙනවා. 8 වැන්නේ තමයි කේතු ග්‍රහයා ක්‍රියාත්මක වෙන්නේ. මේ ස්ථාන දෙක ලංකාවේ 10 වැන්නට සම්බන්ධයි. මේ වෙලාවේ ලංකා කේන්ද්‍රයේ 5 සහ 8 වැන්නේ සම්බන්ධයක් පවතිනවා. බුධ ග්‍රහයාට අයිති නක්ෂත්‍රයක තමයි රාහු ග්‍රහයාගේ ගමන සිදුවෙන්නේ. එතකොට එතැනින් 5 වැන්නෙන් පෙන්වන්නේ 8 වැන්නේ විනාශය. ඒ කියන්නේ බලයේ විනාශය.

පවතින බලයක විනාශ වීමක් තමයි එතැනින් පෙන්වන්නේ. 8 වැන්නෙන් පෙන්වන්නේ අලුත් බලවේගයක පිබිදීම. 5,8 කියන දෙකේ සම්බන්ධය සිදුවෙන්නේ ඒ ආකාරයටයි. ඒ වගේම කේතු ග්‍රහයාගේ විශේෂ සම්බන්ධයක් තියෙනවා. ලංකා කේන්ද්‍රයේ 6 වැන්න අධිපතියා. පීඩිත පන්තිය, කම්කරුවන් බලවත් වෙන කාලයක්. ඒ වගේම විපක්ෂ බලවේග, ආණ්ඩුවෙන් පිටත ඉන්න බලවේගවල පැහැදිලි වර්ධනය වීමක්, පැහැදිලි ඒකරාශී වීමක්, යම් ජවසම්පන්න පිබිදීමක් ලෙසයි ඔක්තෝබර් මාසයේ 30 වැනිදායින් පසුව ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවෙන්නේ.

මම කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂව හෝ විරුද්ව මත පළකරන්නේ නෑ. නමුත් මම කරන්නේ පෙනෙන දේ කීමයි. ඒ සඳහා මට කිසිම පැකිලීමක් නැහැ. මම මේ කියන කාරණාවටAද, Bද, Cද කියන පුද්ගලයෝ කිසිම විටක අදහස් වෙන්නේ නෑ. දැනට බලයේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයද, එහෙම නැත්නම් ඔහුට බලය දුන්න අනෙකුත් මැති ඇමැතිවරුද, නැත්නම් විපක්ෂයේ බලය ගන්න ඉන්න විවිධ පුද්ගලයන්ද කියන එක මේ ලෝකායන ජ්‍යොතිෂයට අදාළ වෙන්නේ නෑ. කිසිම පුද්ගලයෙක් මේ රටේ ගැළවුම්කාරයෙක් වෙන්නේ නෑ. එහෙම සුපර් මෑන්ලත් නෑ, දියසෙන් කුමාරයොත් නෑ.

මේ රටේ කිසියම් ක්‍රමවේදයක්, සිස්ටම් චේන්ජ් එකක් කියන වචනය ඒකට හරියටම හරි. සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ කඩි කුලප්පුවෙන් දඟලන එකකට නෙවෙයි. ඒක දූරදර්ශී ඇකඩමික් වැඩක්. මම ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඊළඟ යුගය වෙනස් කරන්නේ තුවක්කුවෙන්, පාරට බැහැලා කරන දඩිබිඩි විප්ලවවලින් නෙවෙයි. ඊළඟ යුගයේ පාලන බලය වෙනස් කරන්නේ ඇකඩමික් ක්‍රමයට. ඒක ශාස්ත්‍රාලීය වැඩක්. ඒක විද්වත් වැඩක්. ඒක මහපාරේ කරන දෙයක් නෙවෙයි. ඒක බුද්ධිමය වශයෙන් කෙරෙන විප්ලවයක්. ඒ බුද්ධිමය විප්ලවයත් එක්ක සාමූහික ජන විඥානයක් සකස් වෙනවා.

ලංකා දේශපාලනයේ තියෙන පොදු සාධකය තමයි රාහු සහ කේතු දෙන්නාගේ අවුරුදු 18කට කිට්ටුවෙන් සිදුවන වෙනස්වීම් යම් සන්ධිස්ථානයකට පැමිණි හැම අවස්ථාවකම එතෙක් පැවැති පාලන ක්‍රමයන් හමාර වෙලා තියෙනවා. අතීතයට ගිහින් ඒක ඔබට බලන්නත් පුළුවන්. ඒක වෙලා තියෙන්නේ පැහැදිලිවම කඩු පොලු අරගත්ත පොලිසිය හමුදාව එක්ක හැප්පෙන, රජයේ හෝ පොදු දේපළ විනාශ කරන කලබලකාරී, කඩාකප්පල්කාරී වැඩවලින් නෙවෙයි.

එවැනි බලවේග ඉස්මතු වීම සිදු වුණොත් නිසැක වශයෙන්ම ඒවා ඛේදවාචකවලින් අවසන් වීමට තරම් ග්‍රහචාරය නපුරුයි. එසේ නමුත් මේක විද්වත් විදියට ඇකඩමික් වැඩක් හැටියට නිසි මුද්ධිමය ව්‍යායාමයක් හැටියටයි මේ කටයුත්ත සිදුවෙන්නේ. ඒ අනුව අපට පේනවා ලබන අවුරුද්දේ අප්‍රේල් මැයි මාසය වන විට හැම විටම මහජනතාව කැලඹීම් හටගන්න පුළුවන්. එකට එකක් පරස්පර ප්‍රවෘත්ති අහන්න ලැබෙන, හැම විටම හිතාගන්න බැරි විදියේ පාවාදීම්, හිතාගන්න බැරි විදියේ සන්ධානගත වීම් රැසක් ඇතිවෙනවා. අන්තිමට ඒ ඇහැට පෙනුණු දේ නෙවෙයි වෙනත් බලවේගයක් විසින් රටේ දිශානතිය වෙනත් පැත්තකට හැරවීමක් තමයි පෙන්නන්නේ.

නමුත් ඒ කලබලය කියන එක ඇත්තටම මහපාරේ සිදුවෙන කලබලයක් නෙවෙයි. තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව නැවත හිතාබැලීම සඳහා ඇතිකරන තදබල කම්පනයක් හැටියටයි ඒක පේන්නේ.

ඒක අපට ආර්ථික වශයෙන් පැහැදිලිවම දකින්න ලැබෙනවා. දේශපාලන බලධුරාවලිය සහ ඒ ආයතනගත බලය හීන වීම සහ මාරුවීමේ ස්වභාවයන් දකින්න ලැබෙයි. සාමාන්‍ය ජන ජීවිතයට විවිධාකාරයේ තාවකාලික පීඩන, හිරිහැර ඇතිවෙන කාලයක් හැටියටයි පෙන්නන්නේ. මේ තත්ත්වය පාලනය කරන්න වෙන්නේ ප්‍රචණ්ඩ ආකාරයෙන් නෙවෙයි. හැම විටම ප්‍රචණ්ඩ ආකාරයකට ගියොත් රාහු සහ කේතු ග්‍රහයන්ගේ 8 වැන්නේ ගමන කෙළවර වෙන්නේ විනාශයකින්.

හැම සුරංගනා කතාවක්ම නියතියක් හැටියට අවසන් වෙන්න ඕනේ සුඛාන්තයකින්. නමුත් මේ සුරංගනා කතාව ශෝකාන්තයකින් අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා පුරවැසියෝ හැටියට අපි හැමෝටම මේ පණිවුඩය වැදගත් වෙනවා. දේශපාලන බලය ගන්න පොරකන අයට නෙවෙයි, පුරවැසියෝ වෙන අපිටයි මේ පණිවුඩය වැදගත් වෙන්නේ. රටේ යම් වෙනසක් සිදුවෙන්න පටන්ගන්නවා. ඒ දිහා නිරීක්ෂණාත්මකව, උපේෂාවෙන් බලා සිට බුද්ධිමය වශයෙන් විප්ලවකාරී ලෙස තීන්දුවක් ගැනීම තමයි ඉදිරි කාලයේ සිදුවෙන්නේ.

මේ අවස්ථාවේදී මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ සිදුවෙන දෙය වළක්වන්න කාටවත් බෑ. කොහොම නමුත්, මෙතෙක් පැවැති පාලන ක්‍රමය අවසන් වීම නම් පැහැදිලිවම මේ ඔක්තෝබර් මාසේ 30 වැනිදා සිටම ආරම්භ වෙනවා. ඒකෙන් පේන්නේ අවසානයක ආරම්භය. නැත්නම් විනාශයක ආරම්භය තමයි මේ සිදුවෙන්නේ.

SendShareShare
Previous Post

ගාසා තීරයේ ගැටුම් උග්‍ර අතට! දරුවන් 614ක් මියගිහින්! Sri Lanka Latest News

Next Post

දසුන් තුවාල වෙයි! සති තුනක් ක්‍රිකට් ගහන්න බෑ! Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.