• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 අමාරු වුණත් මේ ලග්න හිමියන් රජ වෙනවා I Sri Lanka Latest News

February 3, 2024
in Astrology, Exclusive, Kendaraya, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උදාවන 2024 අවුරුද්දේ ඔබේ ලග්නයට අනුව ආර්ථික වාසි, රැකී රක්ෂා අවස්ථා, විදෙස් ගමන්, යාන වාහන ලාභ, නිවාස හිමිකම් වගේ නොයෙකුත් භෞතික සම්පත් හිමිවීමේ අවස්ථාව ඔබට තිබෙනවාද කියලා ඔබ දැනටමත් විමසිල්ලෙන් ඇති. ජ්‍යොතිෂයානුකූලව 2024 අවුරුද්ද ඔබට ජය සතුට පිරි වාසනාවන්ත එකක් වේවිද, එහෙමත් නැත්නම් ඔබේ බලාපොරොත්තු ඉටු නොවන අවුරුද්දක් වේවිද යන්න මේ ලිපියෙන් අපි විමසා බලමු. විශ්වකර්ම යූටියුබ් නාලිකාව වෙනුවෙන් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා ඉදිරිපත් කළ මෙම ලග්න පලාපල විග්‍රහය ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරනවා.(Sri Lanka Latest News)

මේෂ ලග්නය

දිගු කාලයකට පසු මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පැහැදිලි ප්‍රබලත්වක් සහිතව තමයි 2024 අවුරුද්ද උදාවෙන්නේ. ඒකට හේතුව තමයි පහුගිය කාලේ වක්‍රභාවයෙන් යුතුව තරමක් අවිනිශ්චිත ගමනක් ගිය ගුරු ග්‍රහයා 2024 ආරම්භයත් සමග නිවෘත ගමනක නියැලීම. ඒක ඉතාම ප්‍රබල පිහිටීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. සෙනසුරු ග්‍රහයාත් 11 වැන්නේ ක්‍රියාත්මක වෙනවා. රාහු ග්‍රහයා 12 වැන්නේ ගමන් කරමින් ඉන්නවා.

සමස්තයක් ලෙස ගත්තොත් මේෂ ලග්න හිමියන්ගේ පෙර පැවැති ආකල්පවල සාධනීය වෙනසක් හටගන්නවා. ඒ අනුව මෙතෙක් පැවැති කලබලකාරී බව, අරමුණක් නැති ස්වභාවය දුරුවෙලා බුද්ධිමත්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. නව ව්‍යාපාර පටන්ගන්න, ඔබටම ආවේණික රැකියාවක් සොයාගන්න, උසස්වීම් ලබන්න සුදුසු කාලපරිච්ඡේදයක් උදාවෙනවා. අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමියන්ට මේ කාලය ඉතාම සුබදායකයි කියලා කියන්න පුළුවන්.

තරග විභාගවලට පෙනීසිටින අයට, පොත්පත් කියවන අයට, දැනුම සොයන අයට, පර්යේෂණ කරන අයට ඉතාම හොඳයි. රැකියාවල, ආදායම් මාර්ගවල යහපත් වෙනසක් සිදුවෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ රෝගවලින් පෙළෙන අය ඒ ගැන අතිශයින්ම පරෙස්සම් විය යුතුයි. හිතකර ආහාරපාන භාවිත කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් ඊට අදාළ පරීක්ෂණ සිදුකරගත යුතු කාලයක් වෙනවා. සමේ රෝග ඇතිවීමේ අවදානමකුත් තියෙනවා. කෙසේ වෙතත් මේෂ ලග්න හිමියන්ගේ මේ වසර සුබදායක ආරම්භයක් විදියට සලකන්න පුළුවන්. එම ආරම්භය අප්‍රේල් මාසයේදී යම් වෙනසකට ලක්වෙනවා. ඔබේ ජීවන තත්ත්වය අප්‍රේල් මාසයෙන් පසුව තවත් උසස් වන බවත් කිව යුතුයි.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන් පසුගිය කාලය පුරාම ශාරීරිකව, මානසිකව, ආර්ථික සහ වෘත්තීය අතින් සෑහෙන්න පීඩාවට පත්වුණා. මෑතක සිට තමයි ඔවුන්ගේ ග්‍රහචාරයේ යම් සුබදායක බවක් පෙන්නුම් කරන්නේ. සෙනසුරු ග්‍රහයාගේ පිහිටීම බලවත් වෙලා තියෙනවා. ඒ පිහිටීම වෘෂභ ලග්න හිමියන්ගේ ආදායම් මාර්ගවලට, ව්‍යාපාරවලට තමයි බලපාන්නේ. ඒ අනුව එවැනි රැකියාවල, ව්‍යාපාරවල නිරත අයට 2024 හොඳ අවුරුද්දක් බව කියන්න පුළුවන්. ඒ වගේම ආරම්භ කරන ලද කටයුතු වඩාත් වේගයෙන්, සියලු දෙනාගේ ප්‍රශංසාව මැද, සාර්ථකව කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට උදාවුණා.

වෘත්තීය කටයුතු, සමාජ දේශපාලන කටයුතු, යුග ජීවිතය, ඉඩකඩම් හෝ දේපළ කටයුතු සඳහා සුබදායක කාලයක්. විශේෂයෙන්ම ව්‍යාපාරික හෝ දේශපාලන ක්ෂේත්‍රයේ, සංගීතය, කලාව හෝ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිරත වෘෂභ ලග්න හිමියන්ට මේ කාලය ඉතාම හොඳයි. ඔවුන් මේ ලබන ආරම්භය දිගු කාලයකට විහිදෙනවා. නමුත් එහි යම් වෙනසක් සිදුවෙනවා අප්‍රේල් මාසෙදී. විවාහය සම්බන්ධයෙන් සුබදායක කාලයක් වනවා සේම අධ්‍යාපන කටයුතුවල පැහැදිලි වෙනසක් ඉදිරියේදී දැකගන්න ලැබේවි. ඒ වගේම අධ්‍යාපන සහ ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට තමන් අපේක්ෂා කරන මානසික තලයන්ට පිවිසීමේ අවස්ථාව ලැබෙන හොඳ කාලයක් හැටියටයි පෙන්නුම් කරන්නේ.

මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන්ගේ ග්‍රහචාරයත් සෑහෙන කාලෙකට පස්සේ විශේෂ බලවත්භාවයකින් යුක්තවයි 2024 අවුරුද්ද ආරම්භ වෙන්නේ. මිථුන කියන්නේ වායු ලග්නයක්. 10 වැන්න මේ වෙලාවේ උපරිමයෙන් ඒ වායු ශක්තියෙන් ක්‍රියාත්මක වෙනවා. රාහු ග්‍රහයාත් ඉතා බලවත්ව 10 වැන්නේ ක්‍රියාත්මක වෙන නිසා. දේශපාලන ක්ෂේත්‍රය, ව්‍යාපාරික ක්ෂේත්‍රය, සිනමාව, කලාව, සංගීතය, ජනමාධ්‍ය යන අංශවල නිරත අයට ඉතා සුබයි.

නව නිර්මාණ කරන මිථුන ලග්න හිමියන්ට ඒ සඳහා අවස්ථාව උදාවෙනවා මේ කාලයේදී. ඔබ කුමන ක්ෂේත්‍රයක නිරතව සිටියත්, ඒ ක්ෂේත්‍රය හිතූ හිතූ විදියට වෙනස් කිරීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබට හුරුපුරුදු ක්ෂේත්‍රයේම උත්සාහවන්තව රැඳී සිටීම හරහා දියුණු තත්ත්වයට පත්වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ කාලයේදී ඔබ කරන ඕනෑම කටයුත්තක් සමාජයේ අවධානයට යොමුවන ආකාරයෙන් සිදුකිරීමට ඔබට හැකියාව ලැබෙනවා. නිර්මාණශීලීව, ප්‍රබුද්ධව ඔබේ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමෙන් 2024 වසර ඔබට වඩාත් යහපත් වසරක් වන බවත් කිව යුතුයි.

කටක ලග්නය

පවතින ග්‍රහචාරය ඔබට අභියෝගයක් වෙනවා. ඒ අභියෝගය ජයගැනීම සඳහා ඔබ මෙතෙක් ලබාගත්ත අත්දැකීම්, ඔබේ බුද්ධිමත්භාවය, ඉවසීම, උපායශීලීත්වය වැදගත් වෙනවා. කටක ලග්න හිමියන්ගේ සෙනසුරු ග්‍රහයා මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් ඉන්නේ 8 වැන්නේ. මේ තත්ත්වය ඇතැමුන් හඳුන්වන්නේ අෂ්ටම ඒරාෂ්ටකයක් කියලා. ලග්න හිමියාව සෑම අතින්ම අඩපණ කරවන ග්‍රහ පිහිටීමක් හැටියට තමයි අෂ්ටම ඒරාෂ්ටකය ගැන සමාජයේ මුල් බැසගත් මතය වෙන්නේ.

නමුත් මෙවැනි අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. ඒ තත්ත්වයට සූදානම් වීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අනියත බියකින් කටයුතු කිරීම සුදුසු නැහැ. අක්මාව, වකුගඩු, කොඳුඇටපෙළ, ආශ්‍රිත රෝග පවතින අය හෝ එවැනි රෝග සහිත ළඟම ඥාතීන් සිටින අය ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. එවැනි රෝගවලින් වැළකීමට අවශ්‍ය විදියට ඇවතුම් පැවතුම්, ආහාර රටාව, මානසිකත්වය පවත්වාගෙන යෑම තමයි කළ යුත්තේ. බර ඉසිලීම කරන අය කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධවලින් ආරක්ෂා විය යුතුයි.

අපත්‍ය ආහාර නොගැනීම, ප්‍රමාණවත් නින්දක් ලැබීම, මානසිකත්වය යහපත්ව පවත්වාගෙන යෑම සිදුකරනවා නම් කටක ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ටකය ගැන බයවෙන්න කාරණාවක් නැහැ. රැකියාවේ යම් දුෂ්කරතාවක් තියෙනවා නම් රැකියාව වෙනස් නොකර, ඒ අභියෝගය දරාගනිමින් මේ කාලය පසුකර ගැනීම තමයි නුවණට හුරු වෙන්නේ. ඔබ විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, රැල්ලට විදෙස්ගත නොවී හොඳ සොයාබැලීමකින් යුතුව ඒ කටයුතු කරන්න කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ.

සිංහ ලග්නය

සෙනසුරු ග්‍රහයා බාධා රහිතව 7 වැන්නේ ගමන් කරනවා. ඒ නිසා සමාජයත් එක්ක සංවේදී ක්ෂේත්‍රවල ඉන්න සිංහ ලග්න හිමියන්ට වඩා හොඳ සාර්ථකත්වයක් ලබාගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේක ජීවිතයේ සෑම අංශයකටම බද්ධ වෙනවා. ප්‍රේමය හා විවාහයට, වෙළෙඳ ගිවිසුම්වලට, ව්‍යාපාරික කටයුතුවලට, දේශපාලනයට සුදුසු කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අනපේක්ෂිත අවස්ථාවන් උදාවීමකුත් පෙන්නුම් කරනවා. හොඳ අවස්ථාවන් ලැබීම, ලැබෙන අවස්ථාවන් ඉහළින්ම ප්‍රයෝජනයට ගැනීම අතින් සිංහ ලග්න හිමියෝ වාසනාවන්තයි.

හොඳ ආයෝජනවලට යොමුවීමටත් සුදුසුයි. නමුත් මේකෙ සැඟවුණු අනතුරකුත් තියෙනවා. මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට යොමුවෙච්ච කෙනෙක් නම් ඒවායෙන් ඈත් විය යුතුයි. රසායනික ද්‍රව්‍ය, ගින්දර, ගෑස්, විදුලිය, කෘමි සතුන් හෝ විසිතුරු පැලෑටි සමග කටයුතු කරන අයත් එම කටයුතු ආරක්ෂිතව කරගන්න කියන අනතුරු ඇඟවීම කරනවා. මොකද ඒවා නිසා යම් අසාත්මිකතා හෝ විෂ ශරීරගතවීම් සිදුවෙන්න පුළුවන් නිසා. එවැනි තත්ත්වයන් ඔබේ අක්මාවට, වකුගඩුවලට වගේම සමේ රෝගයන්ට සහ පරිවෘත්තීය ක්‍රියාවලියටත් අහිතකර ලෙස බලපාන්න ඉඩ තිබෙනවා.

ඒ වගේම වනගත ප්‍රදේශවල ගැවසෙන අය සිටිනවා නම් නුහුරු නුපුරුදු සතුන් සහ ගස්වැල් ස්පර්ෂ කිරීමෙන් වැළකීම නුවණට හුරුයි. විදේශ රටවල්, විදේශිකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ කටයුතුවලින් ඉහළම ලාභ ලබන්න මේක සුදුසු කාලයක්. ඒ වගේම විදෙස්ගත රැකියා සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට අපේක්ෂාවෙන් සිටි අයටත් යහපත් කාලයක් බව කිව යුතුයි. මේ මොහොතේ ඔබේ කේන්ද්‍රයේ ගුරු බලවත් නිසා ඔබට හරි උපදෙස, හරිම වෙලාවට ලැබෙන බව පෙන්නුම් කරනවා. කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ අවබෝධය ඔබට ලැබෙනවා. සමස්තයක් විදියට ගත්තාම 2024 අවුරුද්ද ආරම්භ වෙන්නේ ඔබට සුබදායක විදියට බවත් සඳහන් කරන්න පුළුවන්.

කන්‍යා ලග්නය

2024 වසර ආරම්භ වෙන්නේ කන්‍යා ලග්න හිමියන්ට මතභේදාත්මක සහ අභියෝගාත්මක වසරක් විදියටයි. ඒකට හේතුව තමයි රාහු සහ කේතු ග්‍රහයන් තරමක විපරීත තත්ත්වයට පත්වෙමින් සිටීම. එහිදී යුග ජීවිතය සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. සමාජයත් එක්ක කරන කටයුතු හෝ වෙළෙඳ ගිවිසුම්වලදී ඔබේ මතයට වඩා අනෙකාගේ මතයට සවන් දෙමින්, ඔවුන්ගේ මතයන්ට ඉඩ දෙමින් කටයුතු කරනවා නම් එය වඩාත් යහපත් වෙනවා.

මේ කාලයේදී ඔබේ ජීවිතයට, ඔබේ තත්ත්වයට නොගැළපෙන අය ළංවීමක් සිදුවෙනවා. ඒ නිසා එවැනි අය ගැන ඉතාම සුපරික්ෂාකාරීව විමසා බලලා ඇසුරු කරනවා නම් වඩාත් හොඳයි. අක්මාව, වකුගඩු සහ රුධිරගත සීනි, රුධිරගත මේදය සම්බන්ධයෙන් දිගුකාලීනව ප්‍රතිකාර ලබන කන්‍යා ලග්න හිමියන්ගේ එම රෝගී තත්ත්වයන් එක් වරම උත්සන්න වීම සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ආහාර රටාව ගැන, ශරීර සෞඛ්‍යය ගැන අන් කවරදාකටත් වඩා සැලකිලිමත් වීම වැදගත් වෙනවා. එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසුව ඔබට තියෙන මේ අවදානම් තත්ත්වයන්ගෙන් 50%කින් පමණ අඩුවෙන බව පෙන්නුම් කරනවා. ඒ නිසා අප්‍රේල් දක්වා කාලය පරිස්සමෙන් ගතකළ යුතුයි.

තුලා ලග්නය

තුලා ලග්න හිමි අයට 2024 වසර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජයග්‍රාහී වර්ෂයක් වෙනවා. දිගු කාලයකට පස්සේ තමන්ගේ කටයුතු සාර්ථකව කරගැනීමේ හැකියාව ඔවුන්ට මේ වසරේදී ලැබෙනවා. දේශපාලන, ව්‍යාපාරික, සිනමා, කලා, සංගීතය හෝ ජනමාධ්‍ය යන මහජනතාවත් එක්ක ගැටෙන ක්ෂේත්‍රවල නිරත අයට මේ කාලය ඉතාම සුබයි. ජ්‍යොතිෂය හෝ අතීන්ද්‍රීය විෂයන්වල නිරත අයට ඊට අදාළ අලුත් විෂයන් හදාරන්න, ඒවායේ ගැඹුරට යන්න, ඒවා සමාජගත කරන්නත් මේ වර්ෂයේදී ඉඩ ලැබෙනවා.

විදේශ සංචාරක කර්මාන්තයේ නිරත අයටත් හොඳ අවස්ථාවක් උදාවෙනවා. විදේශ මුදල්, විදේශ භාෂා, විදේශ රටවල් සහ විදේශිකයන් ඉලක්ක කරගෙන වැඩ කරන තුලා ලග්න හිමි අයටත් ඉතාම සුබදායක කාලයක් වෙනවා. විදේශ අධ්‍යාපනය ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන තුලා ලග්න හිමියන්ට ඊට පහසුවෙන් අවස්ථාව ලැබෙන බව පෙන්නුම් කරනවා. ආධ්‍යාත්මික පර්යේෂණයන්හි නිරත අයට වෙනදාට වඩා වැඩි වේගයකින් එම විෂයන්හි ගැඹුරට යෑමේ අවස්ථාව 2024දී උදාවෙනවා.

ඒ වගේම ආධ්‍යාත්මික සහ ලෞකික ජීවිතය කියන අංශ දෙකම සමබරව යහපත්ව ගතකිරීමේ අවස්ථාව ඒ අයට හිමිවෙනවා. දේශපාලනයේ නිරත තුලා ලග්න හිමි අය දෙස සමාජය වෙනදාට වඩා ප්‍රබුද්ධව බලන්න පෙළඹෙනවා. උසස් පුද්ගලයන්ගේ, උසස් ආයතනවල අනුග්‍රහය ඔබට ලැබෙනවා. දේශපාලන පමණක් නෙවෙයි, ව්‍යාපාරික හෝ වෘත්තීය හෝ සමාජයත් සමග කිට්ටුවෙන් වැඩකරන ක්ෂේත්‍රවල අයටත් මේක වලංගුයි. ඒ නිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තුලා ලග්න හිමියන්ට මේ වසර සුබදායී වසරක් බව නැවතත් කියනවා.

වෘශ්චික ලග්නය

තරමක පීඩනයක් සහ අවාසිසහගත තත්ත්වයක් එක්කයි වෘශ්චික ලග්න හිමියන් 2024 වසර ආරම්භ කරන්නේ. ඒකට හේතුව තමයි 2023 අවුරුද්දේ ඔක්තොබරයේ සිදුවූ රාහු ග්‍රහයාගේ මාරුව. සමස්තයක් ලෙස වෘශ්චික ලග්න හිමියන්ට මේක අභියෝගයක්. ඒ අභියෝග තියෙන්නේ තමන් සමගමයි. තමන්ගේ හුරුපුරුදු රැකියාව, පදිංචි ස්ථානය, හුරුපුරුදු රට හෝ ගනුදෙනුකරුවන් සමග වැඩකිරීමේදී යම් කරදරකාරී බවක් දැනෙන්න පටන්ගන්නවා. ඔවුන් කරදරකාරීන් බව දැනෙන්න ගන්නවා. රැකියාවේ ප්‍රශ්න මතුවෙන්න පටන්ගන්නවා. මේ දේවල කිසියම් සත්‍යතාවක් තියෙනවා. හැබැයි ඒ 15%ත් 20%ත් අතර ප්‍රමාණයකට පමණයි.

ඉතිරි පීඩනය එන්නේ තමන්ගේම මනසින්. ඒ නිසා තමන් කරගෙන ආපු රැකියාව, ව්‍යාපාරය ඉදිරි වසර එකහමාරක කාලයටත් ඒ විදියටම කරගෙන යෑමයි වැදගත් වෙන්නේ. නව රැකියා හෝ ව්‍යාපාර සොයාගෙන යම් වෘශ්චික ලග්න හිමියෙක් ගියොත් ඔවුන්ට හොඳ රැකියාවක් ලැබෙන්නෙ නැහැ. යම් රැකියාවක් ලැබුණොත් ඒ රැකියාව වැඩි කාලයක් කරගෙන යන්න ලැබෙන්නෙත් නැහැ. එතකොට වෙන්නේ කබලෙන් ළිපට වැටීමක්. ඔබේ කේන්ද්‍රයේ ඉතා බලවත්ව ගුරු ග්‍රහයා ගමන් කරනවා. ඒ බලවත් බව යොදාගන්න පුළුවන් ඔබේ ගැටලුවලට උපදෙස් ලබාගැනීම සඳහා. ඒ විදියේ උපදෙස් ලබාගෙන ඔබේ රැකියාවේ ව්‍යාපාරයේ තීන්දු ගන්න පුළුවන් නම් මේ පීඩාකාරී බව සැලකිය යුතු මට්ටමකින් පාලනය කරගන්න පුළුවන්.

ඒ වගේම නිර්මාණශීලී කටයුතු කරන වෘශ්චික ලග්න හිමියන්ට කිසිම බාධාවක් නැහැ. දේපළ, භූමිය, ඉදිකිරීම් සම්බන්ධ කටයුතු කරන අයට පසුගිය කාලයේ සිදුවූ අසාර්ථකත්වයන් මඟහැරගෙන සාර්ථක වෙන්න අවස්ථාව මේ වසරේ හිමිවෙනවා. ඒ නිසා හුරුපුරුදු දේවල් කරන්න, අලුත් අත්හදා බැලීම්වලට මේ කාලය එතරම් සුදුසු නැහැ. සීනි සහ කොලෙස්ටරෝල් රෝග තියෙන අය වඩාත් ප්‍රවේසම් විය යුතුයි. මේ අභියෝගයන් ජයගැනීමේ හැකියාව ලැබෙන්න කියලා සියලුම වෘශ්චික ලග්න හිමියන්ට මම සුබ ප්‍රාර්ථනා කරනවා.

ධනු ලග්නය

පසුගිය වසරේ ධනු ලග්න හිමියන්ට කළ යුතු නොකළ යුතු දේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. විසිරිච්ච මනසක් තමයි ඒ කාලේ ඔවුන් තුළ තිබුණේ. රැකියාව, අධ්‍යාපනය ඇතුළු හැම ක්ෂේත්‍රයකටම මේ තත්ත්වය බලපෑවා. නමුත් දැන් ඒ සියලු පීඩාවන්ගෙන් ධනු ලග්න හිමියා නිරුපද්‍රිතයි. ඒ නිසා නිරවුල් මනසකින් තම අරමුණ කරා යෑමට ගමන ආරම්භ කරලා තියෙනවා. නව නිර්මාණකරුවන්ට වගේම ඕනෑම විෂය ක්ෂේත්‍රයක කටයුතු කරන අයට හොඳ කාලපරිච්ඡේදයක් උදාවෙනවා 2024දී.

අධ්‍යාපන පැත්තෙන් ගවේෂණ කරන අයටත් මේක හොඳ කාලයක්. සමාජයට යම් නිර්මාණශීලී දෙයක් ඉදිරිත් කරන ධනු ලග්න හිමියන්ට ඒවායෙන් ජයග්‍රහණ ලැබෙනවා. 2024 අවුරුද්දේ ඔබේ ලග්නයේ තේමා පාඨය වෙන්නේ නිර්මාණශීලී බුද්ධිය මූලික වන ආරම්භයක් කියන එකයි. ඒ නිසාම ඔබේ නිර්මාණ ඉතා ඉක්මනින් සමාජගත වෙනවා වගේම ජනතාව ඒක වැලඳ ගන්නවා. හොඳ ජනප්‍රියත්වයක් සහ විශ්වසනීයත්වයක් ලබනවා. අධ්‍යාපන කටයුතු කරන අයට, විවාහකයන්ටත් ඉතාම හොඳ කාලයක්.

උපතින් රැගෙන ආ කුසලතාවන්ගෙන් ජයග්‍රහණ ලබන්න හොඳ වේදිකාවක් නිර්මාණය වෙනවා. අප්‍රේල් මාසයෙන් පසුව ඔබේ සෞඛ්‍ය තත්ත්වය යම් දුර්වල වීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා අප්‍රේල් වනතුරු නොසිට රුධිරගත සීනි, කොලෙස්ටරෝල් හෝ එවැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට කටයුතු කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම තමන්ගේ රැකියා ප්‍රධානීන් සමග මතගැටුම්වලට නොගිහින්, නම්‍යශීලීව කටයුතු කිරීමත් ඔබේ වාසියට හේතුවෙන බව සඳහන් කරන්න පුළුවන්.

මකර ලග්නය

මකර ලග්න හිමියන් පසුගිය කාලයේ ලබපු සාර්ථක බව තවදුරටත් වර්ධනය වන වසරක් තමයි 2024 කියලා කියන්නේ. ක්‍රීඩා ක්ෂේත්‍රය, වෙළෙඳ ක්ෂේත්‍රය, විභාග, අධ්‍යාපන වගේ තරගකාරී අංශවල නියුතු මකර ලග්න හිමියන්ට වෙනත් කිසිදු ලග්නයකට නැති වාසිදායක තත්ත්වයක් මේ වසරේ උදාවෙනවා. ඒ වාසිය ප්‍රඥාවෙන් පාලනයකින් යුතුව මෙයෙවීම තුළ ඔබට මතභේදකාරී තත්ත්වයන්ගෙන් තොරව අනාගතයට මුහුණ දීමට හැකිවෙනවා.

විශේෂයෙන් මූල්‍ය ගනුදෙනුවල ස්ථාවර බවක්, ක්‍රමානුකූල බවක් ඇතිවෙන කාලයක් ලෙසත් මේ වසර හඳුන්වන්න පුළුවන්. ගුරු ග්‍රහයාගේ පිහිටීමත් මකර ලග්න හිමියන්ට ඉතා බලවත්ව පිහිටා තියෙනවා. ඒ නිසා සමාජයේ උසස් අය මුණගැසෙනවා, උසස් දැනුම ලැබෙනවා. මකර ලග්නය කියන්නේ දිගුකාලීනව බලවත් වන රාශියක්. ලබන අප්‍රේල් මාසයේ සිදුවන ග්‍රහ මාරුව නිසාවත් මේ ලබන ජයග්‍රාහී තත්ත්වයේ වෙනසක් සිදුවෙන්නේ නැහැ. මේ වෙලාවේ මකර ලග්න හිමියන්ට තියෙන අභියෝගය වෙන්නේ තමන්ට ලැබෙන අවස්ථාවන් නිවැරැදිව භාවිත කිරීම කියන දේ පමණයි.

කුම්භ ලග්නය

ලංකා කේන්ද්‍රයට අනුව අපේ රටේ ලග්නය වෙන්නේ කුම්භ ලග්නය. නමුත් රටේ ග්‍රහචාරය සහ පෞද්ගලිකව කුම්භ ලග්න හිමියකුගේ ග්‍රහචාරය කියන්නේ දෙකක්. ඒ දෙක පටලවාගන්න එපා. විශේෂයෙන් කිව යුතුයි, කුම්භ ලග්න හිමියන් 2024 ආරම්භයේ සිට අප්‍රේල් 14 දක්වා කාලය තුළ ඉතා පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. දෙවරක් සිතා තීන්දු ගැනීම සහ උපක්‍රමශීලීව කටයුතු කිරීම මගින් ඔබට බලපාන්න තියෙන අවාසිදායක තත්ත්වයන් බොහොමයක් වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු මේ වන විට ලග්නය උඩම ඉන්නවා. සාම්ප්‍රදායික කෙනෙක් කියන්න පුළුවන් මේක තදබල ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් කියලා.

නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ එවැනි ඒරාෂ්ටකයක් කුම්භ ලග්න හිමියන්ට මේ අවස්ථාවේ බලපාන්නේ නැහැ. පසුගිය කාලේ සෙනසුරු ග්‍රහයා වක්‍ර වෙච්ච අවස්ථාවල නම් කුම්භ ලග්න හිමියන්ට අපලකාරී තත්ත්වයක් තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය නැහැ. මේ උදාවෙලා තියෙන්නේ ඔබගේ ජීවිතය දිගුකාලීන ගමනකට සූදානම් කිරීමේ අවස්ථාවක්. ඒක තරමක් දුෂ්කර වෙන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන්, පෞරුෂමය වශයෙන්, ආකල්පමය වශයෙන් යම් ස්ථාවරභාවයක් සෑදීමට දරන අසීරු උත්සාහයක් තමයි මේ පෙන්නුම් කරන්නේ.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිදුවෙච්ච රාහු ග්‍රහයාගේ මාරුව සිදුවුණේ දෙවැන්නට. දෙවැන්න කියන්නේ තැන්පත් ධනය, පවුල ගැන කියැවෙන තැන. මේ ස්ථානයට රාහුගේ පැමිණීම ඔබට වාසිදායක නැහැ. ලග්නය උඩ ඉන්න සෙනසුරු ඔබට උදව් කළත් දෙවැන්නේ ඉන්න රාහු ග්‍රහයා ඔබට යම් පීඩනයක් ඇතිකරනවා. යමක් විකිණීමේදී මිලට ගැනීමේදී හෝ යම් මූල්‍ය ගනුදෙනුවලදී ඔබ පරිස්සම් විය යුතුයි. ඒ නිසා එවැනි මූල්‍ය ගනුදෙනු, ගිවිසුම් වැනි දේවල් උපක්‍රමශීලීව මගහැර ගැනීම සුදුසුයි.

එසේත් නැත්නම් හොඳ විමසිලිමත්භාවයකින් ඒ කටයුතු සිදුකිරීම මගින් එන්න තියෙන පීඩනය අඩුකර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආහාර පාන ගැනීමේදී විශාල සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. කුම්භ ලග්න හිමි කාන්තාවන් හෝමෝන ඌණතාවකින් පෙළෙනවා නම් එවැනි අය නිවැරැදි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීමත් වැදගත් වෙනවා. එහෙම නැතිවුණොත් තමන්ට කවුරුන් හෝ හදි හූනියම් කර ඇති බව සිතීමට පෙළඹිය හැකියි. ඒ නිසා එවැනි මිථ්‍යා මත පිළි නොගෙන, නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි වැදගත් වෙන්නේ.

මීන ලග්නය

ඉහත සඳහන් කළ ලග්න අතරින් දැඩි අවදානමක් සහ දැඩි මතභේදාත්මක තත්ත්වයක් තියෙන්නේ මීන ලග්නයේ අයට තමයි. ඒක කෙටිකාලීන තත්ත්වයක්. ඔබේ ලග්නය මතට පැමිණි නෙප්චූන් ග්‍රහාය ඔබට වාසිදායකයි. ශාස්ත්‍රීය සහ බුද්ධිමය ගවේෂණ කරන, විභාගවලට පෙනීසිටින මීන ලග්න හිමියන්ට හොඳයි. කලා නිර්මාණ කරන අයට හරිම හොඳ පිහිටීමක් තමයි නෙප්චූන් ග්‍රහයාගේ පිහිටීම. ඒක ඔවුන්ට ජීවිතයේ දිගුකාලීනව ලැබෙන භාග්‍යයක්. නමුත් ඒක තාවකාලිකව අභියෝගයට ලක්වෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි පසුගිය ඔක්තෝබර් මාසයේදී රාහු ග්‍රහයා ලග්නයට පැමිණීම. ඒ නිසා එකිනෙකට පරස්පර ක්‍රියාවන් මීන ලග්න හිමියන් තුළින් ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් ලෙස ඔබ පියෙක් නම් ඔබේ දරුවන්ට ඔබව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබ ගුරුවරයෙක් නම් ඔබේ ශිෂ්‍යයන්ට ඔබ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එමගින් ඔබ ඔවුන් අතර අප්‍රසාදයට ලක්වෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා කළ යුතු වන්නේ අලුත් අත්හදාබැලීම්වලට නොයා, ඔබට හුරුපුරුදු රැකියාව, හුරුපුරුදු ව්‍යාපාරයේම දිගටම නිරත වීමයි. සෙනසුරු ග්‍රහයා 12 වැන්නේ ගමන් කිරීම නිසා සාම්ප්‍රදායිකව හිතන මීන ලග්න හිමියන් තුළ තිගැස්මක් තියෙනවා.

නමුත් එය කිසිසේත් බියවිය යුතු තත්ත්වයක් නෙවෙයි. ප්‍රශ්න දෙස පරිණතව බලා කටයුතු කිරීම හරහා ඔබට මේ නව වසර යහපත් කරගැනීමට අවකාශ ලැබෙනවා. අධිෂ්ඨානය අත්හැර නොගෙන උත්සාහයෙන් කටයුතු කළොත් ලබන අප්‍රේල් මාසයෙන් පසුව ඔබට සුබ කාලයක් උදාවෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වෙන අයට ඒ සඳහා හොඳ උපදෙස් ලැබෙන බවත් සඳහන් කළ යුතුයි.

SendShareShare
Previous Post

සෝමාවතිය අඩි 8ක් වතුරෙන් යටවෙයි! සිරවී සිටි හිමිවරු 5ක් බැතිමතුන් 75ක් මෙහෙයුමකින් මුදාගනී! නායක හිමියන් හෙලිකොප්ටරයකින් පිටතට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වැලිගම වෙඩිල්ලේ සුලුමුල මොකද්ද? මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.