• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

April 9, 2023
in Astrology, Exclusive, News
Reading Time: 8 mins read
A A
ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…
Share on WhatsAppShare on Facebook

සුමනදාස අබේගුණවර්ධන කියූ සැණින් අපේ මතකයට එන්නේ ‘රාජකීය දෛවඥයා’ කියන විශේෂණ පදය. ඊට හේතුව වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු ජ්‍යොතිෂ කටයුතු ඔහුගේ අතින් සිදුවීමයි. මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ පටන්, රාජපක්ෂ පවුලේ මුණුබුරන්ට රන්කිරි කටගාන නැකැත දක්වා සියලු සුබ මුහුර්තයන් සාදාදුන් මේ සුවිශේෂ ජ්‍යොතිෂවේදියා මේ දිනවල ගතකරන්නේ තරමක් නිහඬ ජීවිතයක්. සමාජ මාධ්‍ය අද තරම් ප්‍රචලිතව නොතිබූ මීට වසර 15කට පමණ ඉහතදී ජාතික රූපවාහිනිය ඇතුළු ප්‍රධාන රූපවාහිනී නාලිකා රාශියක නිරන්තර දක්නට ලැබුණු සුමනදාස අබේගුණවර්ධන අද වන විට එම විද්‍යුත් නාලිකාවල දකින්නට නොලැබෙන තරම්. මේ නිහඬ බව බිඳිමින් ඔහුගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කරන්නට Hela Rahas යූටියුබ් නාලිකාව පසුගියදා ඔහු සොයා ගොස් තිබුණා. අප රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සහ ඉන් රට ගොඩගත හැකි එකම දේශපාලනඥයා පිළිබඳවද එම සාකච්ඡාවේදී අබේගුණවර්ධන මහතා පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර තිබුණා. ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සමග Hela Rahas යූටියුබ් නාලිකාව සිදුකළ එම සුවිශේෂ සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරනවා.

ඔබතුමා එක කාලයක් ලංකාවේ ටේ‍රන්ඩ් එකක් බවට පත්වෙලා හිටියා. හැබැයි ඒ ටේ‍රන්ඩ් එක එකපාරටම නිහඬ වෙලා යනවා. ඇයි එහෙම නිහඬ වුණේ?

මම අවුරුදු 10ක් විතර හැමදාම අයි.ටී.එන්. එකේ උදේ 5.55ට සහ 6.55ට දවසේ ග්‍රහ තත්ත්වය සහ සුබ මුහුර්තීන්, රාහු කාලය ගැන කිව්වා. ජාතික රූපවාහිනියෙන් පුර පසළොස්වක පොහෝ දිනවල විකාශය වූ රාශි මංජරී කියන ජ්‍යොතිෂ වැඩසටහනත් මම කළා. ඒ වැඩසටහන ඒ යුගයේ ලංකාවේ ජනප්‍රියම වැඩසටහන බවට පත්වුණා. 2015 මැතිවරණයෙන් පස්සේ මට දේශපාලකයන්ගෙන් පොඩි අවුල් වියවුල් තත්ත්වයන් ඇතිවුණා. ඒ වගේම මාධ්‍ය පැත්තෙනුත් මට බාධා ඇතිවුණා.

මේ රටේ හැම රාජ්‍ය නායකයකුටම ජ්‍යොතිෂවේදියෙක් හිටියා. බණ්ඩාරනායක මහත්තයාට 1959 සැප්තැම්බර් 25 වනිදා උදේ වෙඩි වැදුණා. 26 වැනිදා මියගියා. නමුත් ඒ වෙලාවේ එතුමාගේ ජ්‍යොතිෂවේදියාට කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ. ආර්. ප්‍රේමදාස මහත්තයා අපේ රටේ දුප්පත් අසරණ ජනතාවට අසීමිත සේවයක් කරපු දේශපාලනඥයෙක්. එතුමා මැයි පළමුවැනිදා මහ දවල් මියගියා. එතුමාටත් හිටියා සුප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියෙක්. ප්‍රේමදාස මහත්තයා මියගිය වෙලාවෙදිවත් ඒ ජ්‍යොතිෂවේදියාට කවුරුවත් පහර ගැහුවේ නෑ. මම මහින්දත් එක්ක ගමන ආරම්භ කළේ 1982දී. 2015 වෙනකන්ම හිටියා. ඇත්තෙන්ම මුලින් එතුමා දේශපාලනයට එනවත් එක්කම එතුමාට වඩා දක්ෂ, ධනවත් පුද්ගලයෝ රටේ රාජ්‍ය නායකත්වය බලාපොරොත්තුවෙන් හිටියා. ඔටුන්න දෑතින් අරන් ආපු අනුර බණ්ඩාරනායක මහත්තයත් හිටියා. නමුත් එතුමාටත් බැරි වුණා. ලෝකෙ ලොකුම විශ්වවිද්‍යාලයක ඉගෙනගත්ත ලලිත් ඇතුලත්මුදලි මහත්තයා, අවුරුදු 30කින් හදන්න තිබුණු මහවැලිය අවුරුදු 6කින් හදපු ගාමිණී දිසානායක මහත්තයත් හිටියා. ඒ වගේම රුක්මන් සේනානායක මහත්තයත් හිටියා. ඒ වගේ ලොකු පිරිසක් අතරින් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධුරයට එනකල්ම එතුමාගේ ජ්‍යොතිෂ උපදේශක ලෙස මම වැඩ කළා. එතුමා පරාජය වුණා කියලා රට පුරා මිනිස්සුන්ගෙන් මට දොස් අහන්න වුණා. මට හරි කනගාටුයි. දේශපාලනඥයෙක් කියනකොට ජය වගේම පරාජයත් උරුමයි.

බොහෝ දෙනෙක් කියනවා නියමිත වෙලාවට කලින් මැතිවරණය තියපු නිසයි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වුණේ කියලා. මොකක්ද ඒ කතාවේ සත්‍ය අසත්‍යතාව?

අපේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. මහත්තයත් අවුරුදු දෙකකට කලින් ගියේ. 84 තියන්න ඕනෙ ඡන්දේ 82 තිබ්බා. චන්ද්‍රිකා මැතිනියත් එහෙමයි. සර් ජෝන් කොතලාවල මහත්තයා 57 තියන්න ඕනෙ ඡන්දේ 56 තියපු නිසා තමයි බණ්ඩාරනායක මහත්තයා අගමැති වුණේ. ජපානයේ ෂින්සෝ අබේ මහත්තයා අවුරුදු දෙකකට කලින් ගියා. ලෝකෙ අනිත් රටවලත් එහෙමයි. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් මහත්තයාලගේ, චමල් මහත්තයාලගේ, නාමල්ලාගේ, යෝෂිතලාගේ, ශිරන්තිලාගේ ප්‍රශ්නයක් ඒක. මේ කොහෙවත් යන ප්‍රශ්න මගේ පිටින්නේ ගියේ. මගෙන් ඒ ගැන ඇහුවා. මම ඒ වෙලාවේ කිව්වා, ‘සර් ඔබතුමා අනිවාර්යයෙන් පරාජය වෙනවා. ඒකට හේතුව තමයි ඔබතුමා ළඟ ඉන්න අයගෙන් සහ රජයෙන් මුදල් අවභාවිතාවක් වෙනවා කියන එක මේ රටේ 25%ක ජනතාවක් හඳුනාගෙන තියෙනවා’ කියලා. ‘සර් ඔබතුමාගේ ළමයි මහනුවර දළදා මාලිගාව ඉස්සරහ ගෑනු ළමයිනුත් එක්ක කාර් රේස් ගියා. ඒ නිසා ඔබතුමාගේ ඡන්ද පදනමට බාධාවක් වෙන එක ස්ථිරයි. ඒ වගේම සර් ඒක පොඩි සාපයක් වෙනවා. ඒ නිසා අපිට ජයග්‍රහණය කරන්න බෑ’ කියලා මම කිව්වා.

2015 ජනවාරිවලින් පස්සේ එතුමා පන්සල් ගානේ ගිහින් වොයිස් කට් දෙනකොට කිව්වා නම් ‘මගේ ජ්‍යොතිෂ උපදේශකවරයාත් මගේ පරාජය ගැන අනතුරු ඇඟෙව්වා’ කියලා අදත් ඒගොල්ලෝ බොහොම ජයට ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අද බොහො ප්‍රපාතයකට වැටිලා ඉන්නේ. ඔවුන් හිතාමතාම රටට හඳුන්වා දෙන්න උත්සාහ කළා මට වැරැදීමක් වෙලයි එතුමා පරාජය වුණේ කියලා. මට කොහේවත් වැරැදුණේ නෑ. රජ කෙනෙක් එක්ක වැඩකරනවා කියන එක දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හැබැයි මට කොහේවත් වැරදුණේ නෑ. ඒගොල්ලන්ට වැරැදුණා. මම නිවැරැදියි කියන එක ඔච්චර පන්සල්වලට ගිහින් වොයිස් කට් දෙද්දී එතුමා කිව්වා නම් අද එතුමාට ඔහොම වෙන්නේ නෑ. අද ඒ සාපේ තමයි ඒගොල්ලෝ විඳින්නේ කියන එක මම පැහැදිලිව කියනවා. මොකද මම කවදාවත් වැරැදි වැඩක් කරපු කෙනෙක් නෙවෙයි.

රාජපක්ෂවරුන් දැන් පහතටම වැටිලා කියලා ඔබ කිව්වා. ඔබ ඔවුන්ගේ ජ්‍යොතිෂවේදියා විදියට කල්තියා දැක්කේ නැද්ද මේ විදියේ ප්‍රපාතයකට ඔවුන් ඇද වැටෙනවා කියලා?

ඒක හොඳින්ම දැකපු නිසා තමයි මම 2015 ජනවාරි 08 වැනිදා ඔහුත් සමග තිබුණු හිතවත්කම් සදහටම නැවැත්තුවේ. ඔහු ප්‍රපාතයට වැටෙන බව මම හොඳටම තේරුම් ගත්තා. ඒක මගේ ළඟම හිතවතුන් දසදහස් ගානකට මම කියලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ අතින් දෙවැනි සිල් පදය කඩවුණානේ. ඔහුගේ සහෝදරයන් අතින්, දරුවන් අතින් ඒක වුණා, බිරිඳ අතින් ඒක වුණා. ඒක තමයි මේ ඔක්කොටම මුල.

කොහොමද ඔබ රාජපක්ෂවරුන් සමග සම්බන්ධ වෙන්නේ මුලින්ම. මැදමුදලට ඔබ එන්නේ කොහොමද?

මගේ පියා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂ වාර්තාවක් පිහිටුවපු කෙනෙක්. 1932 සිට 1969 දක්වා දෙණියාය ආසනයේ ගම් සභාපති ලෙස එක දිගට අවුරුදු 38ක් හිටියා. මම දවසක් තාත්තගෙන් ඇහුවා ඊළඟට දකුණෙන් පත්වෙන රාජ්‍ය නායකයා කවුද කියලා. තාත්තා කිව්වා ඩී.ඒ. රාජපක්ෂගේ දෙවැනි පුතා කියලා. ඒ අනුව 1982 මගේ උපන්දිනය දවසේ මම බෙලිඅත්තට ගියා මහින්ද රාජපක්ෂ මහත්තයව මුණගැහෙන්න. මුණගැහිලා මම කිව්වා මගේ තාත්තා ඔබතුමා ගැන මෙන්න මෙහෙම කිව්වා කියලා. එතකොට මහින්ද මහත්තයා කිව්වා මම කොහොමද අනුර බණ්ඩාරනායක ඉන්නැද්දී ජනාධිපති වෙන්නේ කියලා. මම කිව්වා මහින්ද මහත්තයෝ දෛවය කියන එක හරි පුදුමාකාර දෙයක් කියලා. එදා ඉඳලා ගොඩනැගිච්ච සම්බන්ධය 2015 ජනවාරි 08 වැනිදා වෙනකල්ම තිබුණා. බොහොම ආදරණීය සම්බන්ධයක් ඒක. එතුමාගේ මැතිවරණවලදී මගේ පුද්ගලික වාහන දෙක තුනක් එතුමාට දෙනවා. එතුමා නාමයෝජනා භාර දෙනකොට, ඡන්දෙ දවසට අපේ ගෙදර තමයි කිරිබත් හදන්නේ. ගාල්ලේ අපේ ගෙදර කිරිබත් කිලෝ 45ක් විතර හදලා වාහන දෙක තුනකින් අරගෙන යනවා එතුමාව බලන්න. එතුමාට ඒවා මතකද දන්නේ නෑ. හැබැයි එතුමා වටේ ඉන්න ඔක්කොටම ඒවා මතකයි.

2005 නොවැම්බර් 17 වැනිදා ඡන්දේ දවස. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අවුරුදු 10ක් විතර රට පාලනය කරලා මහින්ද මහත්තයට මේක දුන්නේ දිනන්නම හිතාගෙන නෙවෙයි. අපේ රටේ අවුරුදු පහෙන් පහට පාලනය වෙනස් වුණා. ඉතින් අවුරුදු 10ක් ගියා නම් කොහොමත් ඊළඟට එන්නේ වෙන කෙනෙක්නේ. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ජනාධිපති වෙන්නම ඕනෙ. නමුත් අපි බොහොම ගෞරවනීය විදියට, ජ්‍යොතිෂයට අනුවම යමින් රෙහණ නැකැත යොදාගෙන ඒ කටයුතු කළා. කොහොම හරි මැතිවරණ දවසට පහුවදා පාන්දර 3ට විතර රටේම රාවයක් පැතිරුණා මහින්ද මහත්තයා පරාද වෙලා කියලා. මොකද නැගෙනහිර පැත්තෙන් ලක්ෂ ගණන් ඡන්ද වැටුණනෙත් රනිල් මහත්තයටනේ. ඉතින් මහින්ද මහත්තයා අරලියගහ මන්දිරයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන ස්ථානයේ ඉඳලා මට කෝල් එකක් ගත්තා. අරගෙන මගෙන් ඇහුවා ‘අපි පරාදයි වගේ නේද?’ කියලා. මම කිව්වා ‘පිස්සුද සර්, ඔබතුමා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. මම මේ ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙමින් ඔබතුමාට ජනාධිපති ලෙස වැඩ භාරගන්න නැකැත සකසමින් ඉන්නේ’ කියලා.

මුල් අවස්ථාවේ අරලියගහ මන්දිරයේ වාහන 1000ක් විතර තිබුණා. හැබැයි පාන්දර දෙක තුන වෙනකොට පරාජය වේගෙන එන බව දැනෙනකොට ඒ වාහනවලින් බාගයක් විතර ගියා. පාන්දර පහ හය වෙනකොට ඒ ගියපු අය ආපහු එනවා. ඒක අපේ රටේ ජන සමාජයේ හැටි. වාසි තැනටනේ අපේ කට්ටිය යන්නේ.

පසුගිය වසරේදී ලංකාවේ දේශපාලනයේ කවදාවත් සිදු නොවුණු දෙයක් සිදුවුණා. ඒ තමයි ජනාධිපතිවරයෙක්ට තම ධුර කාලය අවසන් වීමට ප්‍රථම දාලා යන්න සිදුවුණා. ඔබතුමාට හිතුණේ නැද්ද ඔහුට මේ දේ කල්තියාවත් කියන්න ඕනෙ කියලා?

මම හඳුනාගෙන තිබුණා වෘශ්චික ලග්නයෙන් උපන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මාස 30කට වඩා යන්න බෑ කියලා. මම රාජපක්ෂවරුන් සමග සදහටහම හිතවත්කම් අතහැරලා තියෙන නිසා ඒ ගැන ඔහුට කියන්න ගියේ නෑ.

අපේ රටේ ඊළඟ නායකයා ගැන අනාවැකියක් කියන්න ඔබතුමාට පුළුවන්ද?

මම හරි සතුටුයි ඒ අනාවැකියට. ආර්ථික අතින් අපේ රට අද ගොඩක් පහළට වැටිලා තියෙන්නේ. අඬන්න බැරිකමට හිනාවෙන කට්ටිය අද ගොඩක් ඉන්නේ. මේ රට ආර්ථික අතින් ගොඩගන්න පුළුවන් නායකයා මම හඳුනාගෙන තියෙන්නේ. මේ දවස්වල ඉස්කෝලවලට බස් බෙදන මහත්තයෙක් ඉන්නේ, ඉස්පිරිතාවලට බෙහෙත් දෙන මහත්තයෙක් ඉන්නේ. එතුමා තමයි ඒ නායකයා.

ඔබතුමාගෙ වචනයෙන්ම කියන්න ඒ කවුද?

1967 ජනවාරි මාසේ බොහොම වාසනාවන්ත දවසක උපත ලබාපු සජිත් ප්‍රේමදාස මහත්තයා.

ඔබ විශ්වාසයෙන්ම කියනවද ඔහු රටේ ජනාධිපති වෙනවා කියලා?

අනිවාර්යයෙන්ම 09 වැනි ජනාධිපති එතුමා තමයි. මැතිවරණයක් තිබ්බා නම් 08 වැනි ජනාධිපති වෙන්නෙත් එතුමා.

ඔබතුමා කොහොමද එහෙම කියන්නේ, දැන් මේ වෙද්දී රැල්ලක් හැදිලා තියෙනවනේ ජනතා විමුක්ති පෙරමුණට?

ඒ ගැන මම වැඩිය කතා කරන්නේ නෑ. මම මේ කියන කතාව අද මිනිස්සු විශ්වාස නොකළට, කුමන හෝ මැතිවරණයක් තියලා, ඊට පහුවදා පාන්දර වෙද්දී මිනිස්සු කියයි ‘යකෝ සුමනදාස මහත්තයා වයසට ගියත් තාම අනාවැකි වැඩකරනවා නේ’ කියලා. එදාට තමයි ඕක තේරෙන්නේ. ඒ වෙද්දී මිනිස්සුන්ගේ ගෞරවය බොහොම ඉහළින් මට එනවා. මම මෙහෙම කියන්නේ නිකන්ම නෙවෙයි. බොහොම බලගතු රාජ යෝගයක් එතුමාට තියෙනවා. ගජකේෂරී කියලා. එතුමාට ඒ වාසනාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, පහුගිය මැතිවරණයෙන් එතුමා පරාජය වුණා. අපි විශේෂ සමීක්ෂණ පවත්වනවා. එතුමා පරාජය වුණා කියලා දුකට මේ රටේ හතර දෙනෙක් දිවි නසාගත්තා. ඒ දිවි නසාගත්තේ සජිත් මහත්තයගේ කට්ටිය නෙවෙයි. සජිත් මහත්තයගේ තාත්තා ඉඩම් දීපු, ගෙවල් දීපු අයගෙන් හතර දෙනෙක් තමයි දිවි නසාගත්තේ. මේ රටේ කවදාවත්ම පර්චස් 10ක්වත් හිමි කරගන්න බැරිව හිටපු අයට රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉඩම් දුන්නා. මේ ආත්මෙදී කවදාවත් තමන්ගෙයි කියලා ගෙයක් හිමි කරගන්න බැරි අයට රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගෙවල් දුන්නා. අද වෙද්දී ඒ ප්‍රේමදාස මහත්තයා හේතුවෙන් ලක්ෂ 30ක විතර ජනතා රැල්ලක් සජිත් මහත්තයට වටේ කැරකෙනවා.

අපේ රට යූ.එස්.ඒ. නෙවෙයි, යූ.කේ. නෙවෙයි. කැනඩාව නෙවෙයි ඔස්ටේ්‍රලියාවත් නෙවෙයි. ඒ වගේ රටවල දුප්පත් මිනිස්සු ඉන්නේ 20%ක් විතර. අපේ රටේ දුප්පත් අසරණ අය 75%ක් විතර දැන් ඉන්නවා. තුන්වේල හොඳට කන අය ඉන්නේ 25%ක් විතර. මගේ සමීක්ෂණය අනුව. ඒ අනුව අපේ රටට පත්වෙන්න ඕනේ දුප්පතුන්ගේ දහඩිය සුවඳ හඳුනන, දුප්පතුන්ගේ ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන නායකයෙක්. ඒක ජානවලින්ම ආපු නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.

අපේ රටේ අනාගතය කොයි වගේ වේවිද? ඔබතුමාගේ අනාවැකිය මොකක්ද ඒ සම්බන්ධයෙන්?

2025 දක්වාම සුබ තත්ත්වයක් පේන්නේ නෑ. අයි.එම්.එෆ්. එකෙන් බිලියන 2.9ක් ගත්තා කියලා ඕක ඉතින් ලොකු දෙයක් නෙවෙයි. එදා යුද්ධය ආරම්භ වෙද්දී හිටපු ජේ.ආර්. මහත්තයට ඒ යුද්ධය අවසන් කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයටත් බැරි වුණා. චන්ද්‍රිකා මැතිනියටත් බැරි වුණා. නමුත් ඒ වෙලාවේ මම හොඳට බැලුවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වැඩේට දක්ෂයි. ඒ නිසා මම එතුමා එක්ක හිටියා. ආර්ථික අතින් අපේ රට ගොඩගන්න පුළුවන් හොරකම් නොකරපු, හොරකම් කරන්නේ නැති නායකයෙක්ට. සජිත් ප්‍රේමදාස කියන්නේ ඒ වගේ නායකයෙක්. ඉන්දියාවේ ඉන්න මගේ ඉහළම පෙළේ ජ්‍යොතිෂවේදීනුත් ඒක අනුමත කරනවා.

අවසාන වශයෙන් ජනතාවට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?

ජනතාව බොහොම ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕනෙ. අප්‍රේල් 14 වැනිදා පස්වරු 2.59ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා. ඒ උදාවුණත් ඒ යන්නෙත් ඒරාෂ්ටකයතුත් එක්ක. ඒ නිසා ලොකු සහනයක් ලබාගන්න අමාරුයි. නමුත් 2024-2025 වෙද්දී මේ හැම දෙයක්ම අමතක වෙන හොඳ කාලයක් එනවා.



චානක ලියනගේ

SendShareShare
Previous Post

4 වෙනි පඩියත් කපන්නයි යන්නේ! විශ්වවිද්‍යාල ආචාර්යවරු රටින් යනවා! අපි ලෑස්තියි! ආණ්ඩුවේ ප්‍රමාදයයි තියෙන්නේ! VIDEO

Next Post

දිවංගත ‌රණසිංහ ප්‍රේමදාසයන්ගේ 30 වන ගුණානුස්මරණයට පාසල් 30කට ස්මාර්ට් පන්ති කාමර! 100 වන ජන්ම දිනයට පාසල් 100ක සක්වල වැඩසටහන් 100ක්! තිස්සමහාරාමේ යඨාලතිස්ස ප්‍රාථමිකයේදී කියපු කතාව! VIDEO & PHOTOS

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.