පසුගියදා මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සමුලුවේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ කතාවට ඊයේ දිනයේදී මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.Sri Lanka Latest News
ඒ මහතා එහිදී කියා සිටියේ ශ්‍රීලනිපයේ පංච මහා බලවේගය අදට වලංගු නෑ යනුවෙන් නිමල් සිරිපාල කළ කතාව මෝඩ කතාවක් බවත්, අද නිමල් සිරිපාල සහ මර්වින් සිල්වා යන දෙදෙනාම සිටින්නේ එම ප්‍රතිපත්තිය නිසා බවත්ය.
එමෙන්ම මෙම ප්‍රකාශයට විරුද්ධ වීමට එදා කිසිවකුත් එහි නොසිටීම කනගාටුවට කරුණක් බවත් ඒ මහතා කියා සිටියේය.