රජය විසින් ඉදිරිපත් කර තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා රටේ අධ්‍යාපනය ක්ශ්‍රේත්‍රය දැඩි විපර්යාසයකට භාජනය වීමට ඉඩ තිබෙන බවත් එ් හරහා ඇති නැති පරතරය විශාල ලෙස පුළුල් වීමට සහ තරුණ අසහනය වර්ධනය වීමේ අවදානමක් තිබෙන බව හිටපු ඇමැති මහචාර්ය ජී.එල් පීරිස් මහතා පැවැසීය.Sri Lanka Latest News
අද (06) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ඇමැති මහචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවැසීය.
මෙම මාධ්‍ය හමුවට සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරමින් ආචාර්ය මහිම් මෙන්ඩිස් , ආචාර්ය අතුලසිරි සමරකෝන් , මහාචාර්ය උපුල් දිසානායක , මහාචාර්ය උපුල් අබේරත්න , ආචාර්ය නේවිස් මොරායස් , මහාචාර්ය නවරත්න බණ්ඩා , මහාචාර්ය අනුර උතුමන්ගේ , මහාචාර්ය ගාමිණී රත්න ශ්‍රී , ආචාර්ය අජිත් සෙනෙවිරත්න , මහාචාර්ය ගීතානි බුලන්කුලම , මහාචාර්ය ඉනේෂ් ගුණතිලක සහ මහාචාර්ය ගම්ලත් යන මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ හිටපු ඇමැති මහචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවැසීය,
‘‘රටේ සියලුමදෙනාම භුක්ති විඳින්න තිබෙන දෙයක් තමයි නිදහස් අධ්‍යාපනය. අඛණ්ඩව අවුරුදු 85 ක කාලයක් තුළ ඒ අයිතිවාසිකමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම දුෂ්කර පළාත්වලින් විශ්ව විද්‍යාලවලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ ජිවිත සාර්ථික කර ගැනීමට විශ්ව විද්‍යාලයෙන් ලබාගත් අධ්‍යාපනය විශාල පිටුවහලක් වුණා.
ඒ අයිතිය දැන් අභියෝගයට ලක්වෙලා තිබෙනවා. රජය අධ්‍යාපනය ක්ශ්‍රේත්‍රය දැඩි විපර්යාසයකට භාජනය කරන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ යෝජනාවල හරය වන්නේ රජය උසස් අධ්‍යාපන ක්ශ්‍රේත්‍රයෙන් ඉවත් වීමයි. වර්තමාන රජය උසස් අධ්‍යාපනයේ වගකීම සෘජුව භාර ගැනීමට සුදානම් නෑ. මේ නිසා ඇති නැති පරතරය විශාල ලෙස පුළුල් වීමට ඉඩ තිබෙනවා. තරුණ අසහනය වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව අහෝසි කරන්නත් රජය ගේන යෝජනාවල සඳහන් වෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට වැදගත් කාර්යයන් රැසක් අයත් වෙනවා. විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව ආරක්ෂා කරගැනීමේ කාර්යය භාරය අයත් වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට.උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය යෝජනා ගෙන ආවත් එ්වා අවංකව ගෙන එන යෝජනා නෙවෙයි.
ඒ වගේම විදේශිකයන්ට වීසා දීලා ලබාදීලා රටට ගෙන්වාගෙන ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ඔවුන්ට උපාධි ලබාදීලා ඔවුන්ට ලංකාවේ රැකියා ලබාදීමට රජය වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. නමුත් ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ට ප්‍රමුඛතාවයක් දීමට රජය කටයුතු කරලා නෑ.
මේ ප්‍රයත්නය පරාජය කිරිමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , සිසුන් , දෙමාපියන් සියලු දෙනාම පෙළ ගැසිය යුතුයි. උසස් අධ්‍යාපනය විනාශ කිරිමට වරමක් නැති රජයට කිසිසේත් ඉඩ ලබා නොදිය යුතුයි.‘‘
සමගි බුද්ධි මණ්ඩපයේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය මහීන් මෙන්ඩිස් මහතා,
‘‘රටේ අධ්‍යාපන අයිතිය සුරැකීමට , ජනතාවගේ අධ්‍යාපන අයිතිය සුරැකීමට රාජ්‍ය ප්‍රතිපාදන රජයේ පාසල් පද්ධතියට සහ විශ්ව විද්‍යාල පද්ධතියට හිමි විය යුතුයි. 2010 සිට රටේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලෙස කරුණු ඉදිරිපත් කළා. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට දිය යුතු භෞතික සහ මානව සම්පත් ප්‍රතිපාදන නොලබා දෙන තත්ත්යක් තිබුණා. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සටන් කළා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාමාන්‍ය ජනතාවගේ දොර ලගට ගෙන යන වැඩපිළිවෙළක් පිළිබඳව ආචාර්යවරු කතා කරද්දි ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උනන්දුවක් දැක්වූයේ නෑ.
අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලි ලියවිල්ලක් යහපාල රජය කාලයේ මහචාර්ය ලක්ෂ්මන් ජයතිලකගේ නායකත්වයෙන් ආචාර්යවරු ඉදිරිපත් කළා. ඒ වගේම ජයදේව උයන්ගොඩ ඇතුළු ආචාර්යවරු අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා. ඒ කිසිවක් පිළිබඳව ඔවුන් සොයාබලා කටයුතු කළේ නෑ.
ජාතික අධ්‍යාපන කොමිසමක් පත් කළේ , අධ්‍යාපනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයෙකුට හිතුවක්කාරී පියවර ගැනීමට නෙවෙයි. ජනාධිපතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිසමෙන් උපදෙස් ගත යුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවතක්සේරු කරලා තිබෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම රැකියා ලබාදෙන දෙන ආයතනයක් බවට පත් කරන්නයි රජය උත්සහ කරන්නේ. ‘‘
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා,
‘‘ වර්තමාන රජය ඉදිරිපත් කරලා තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කොටස් තුනකින් ඉදිරිපත් කරලා තිබෙනවා. පළමුව දැනට පවතින ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනස් කරන්න යෝජනා කරනවා , දෙවනුව අධ්‍යාපන පරිපාල ක්‍රමවේදය වෙනස් කරන්න යෝජනා කරනවා , තෙවනුව රාජ්‍ය අංශය විසින් අධ්‍යාපන පද්ධතියට වෙන් කරන අරමුදල් සම්පාදනය සහ සම්පත් සම්පාදනය සහමුලින්ම ඉවත් කිරිමට රජය විසින් ඉදිරිපත් කරලා තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් යෝජනා කරලා තිබෙනවා.
රජය විසින් ඉදිරිපත් කරලා තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහමුලින්ම කණපිටට හැරවීමේ යෝජනවක්. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වුණ කන්නන්ගර මහතාගේ දර්ශනය හරහා ඇතිකළ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය එක්සත් ජාතික පක්ෂයේම නායකයෙකු හරහා කණපිට හැරවීම පිළිබඳව විශාල කණගාටුවක් තිබෙනවා.
ලංකාවේ පෙර පැවැති රජයන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න දායකත්වය ලබාදුන්නා. දරුවන්ට පෙළපොත් ලබාදීම , නොමිලේ නිල ඇඳුම් ලබාදීම , පෝෂණ ආහාර වෙලාවල් ලබාදීම ඇතුළු රාජ්‍ය අධ්‍යාපනය වැඩිදියුණු කරන සම්පත් ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවුණා. නමුත් වර්තමාන රජය එය විශාල බරක් ලෙස සලකනවා.
රාජ්‍ය අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදනයෙන් වැය කරන්නේ ඉතාමත් අවම ප්‍රමාණයක්. රාජ්‍ය අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදමින් වැය කරන්නේ සියයට 2 ක් වගේ අඩු ප්‍රමාණයක්.
රජය විසින් ඉදිරිපත් කරලා තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා පාසල් අධ්‍යාපනයට මෙන්ම රජයේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සියලුම ප්‍රතිපාදන කප්පාදු කරන්න රජය කටයුතු කරනවා. අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සඳහන් වෙනවා රාජ්‍ය විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයන්ට ඔවුන්ගේ අධ්‍යාපනයට සරිලන ආකාරයේ මුදලක් ගෙවීමට නියමිතයි. රජයේ විශ්ව විද්‍යාලවල පාඨමාලාවලට අදාල ගාස්තු සිසුන්ට ගෙවන්න සිදුවෙනවා.
ඒ වගේම ඉදිරියේදී ජාතික පාසල් පද්ධතිය අහෝසි කරනවා. පාසල් වල වගකිම පළාත් සභාවලට පවරන්න යෝජනා කරලා තිබෙනවා.
ජාතික අධ්‍යාපන කොමිසම හරහා අධ්‍යාපනයේ සමස්ත වගකිම පවරලා තිබුණේ ජනාධිපතිවරයාට. නමුත් ඉදිරියේදී අධ්‍යාපනය ප්‍රතිපත්ති සම්පාදනය , අරමුදල් සම්පාදනය ඉදිරියේදී ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්.
අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් සිදුවන්නේ රටේ නිදහස් අධ්‍යාපනයේ මළගම සටහන් කිරිමේ ප්‍රතිපත්තියක්. රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීම සකස් කරලා තිබෙන ශක්තිමත් අධ්‍යාපන පද්ධතිය මේ හරහා විනාශ වෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් තොරව නිදහස් අධ්‍යාපනයක් නිර්මාණය කරන්න බෑ. ‘‘
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා,
‘‘ලංකාවේ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය සහ අධ්‍යාපන ක්ශ්‍රේතය ලෝකයේ පිළිගැනීමට ලක්වුණ ක්ශ්‍රේත්‍ර දෙකක්. දියුණු රටවල මෙන් සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයක් සහ ඉහළ සෞඛ්‍ය දර්ශක පෙන්වන සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයක් ලංකාවේ තිබුණා. ලෝකයේ අධ්‍යාපනය අතින් විශිෂ්ඨ පිළිගැනිමක් තිබුණ ජාතියක් තමයි ශ්‍රී ලාංකිකයන්.
නිදහස් අධ්‍යාපනය වලලා දැමීමේ වැඩපිළිවෙල ආකාර දෙකකින් ක්‍රියාත්මක වුණා. එකක් තමයි විවිධ අණපනත්වලින් නිදහස් අධ්‍යාපනය වලලා දමන්න උත්සහ කරනවා. තවත් පැත්තකින් ස්වභාවික මරණයකට නිදහස් අධ්‍යාපනය ලක්වෙන්න ඉඩ ලබාදීම.
ලංකාවේ සාමාන්‍ය පවුල් වල ජනතාවට සමාජ ස්ථරවල වල ඉහළට ගමන් කිරිමට තිබෙන එක දෙය අධ්‍යාපනය.
මේ වනවිට දල දේශීය නිෂ්පාදනයෙන් රටේ අධ්‍යාපනයට සියයට 1 ක් , 1.2 ක් වගේ ප්‍රමාණයක් තමයි වෙන් වෙන්නේ. නමුත් 60 දශකයේදී දල දේශීය නිෂ්පාදනයෙන් රටේ අධ්‍යාපනයට සියයට 4 ක් වෙන් කරලා තිබෙනවා. ප්‍රේමදාස යුගයේදී පාසල් ලමුන්ට පෙළපොත් , පාවහන් , නිල ඇදුම් , දිවා ආහාර නොමිලේ ලබාදීලා තිබුණා. නමුත් වර්තමාන රජය අධ්‍යාපනය සම්බන්ධයෙන් කාරණයේදී ගමන් කරන්නේ වෙනම දිශාවකට. ‘‘
නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය අජිත් සෙනවිරත්න මහතා.
‘‘අඩු ආදායම් ලබන පිරිසගෙන් අයකරන වක්‍ර බදුවලින් තමයි රජයේ අවශ්‍යතා ඉටු කර ගන්නේ. ඒ නිසා ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරිම රජයේ වගකීමක්. රටක ප්‍රධාන රේඛිය වගකීම් දෙකක් වන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන වගකිම් දෙකම රජය පැහැර හැරලා තිබෙනවා.රජය අධ්‍යාපනය සඳහා යොදවන්නේ ඉතාමත් අඩු මුදල් ප්‍රමාණයක්. නමුත් රජය ඔවුන්ගේ දේශපාලන අරමුණ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා.
රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහ රජයේ ආදායම් වලින් අස්වැසුම වැඩසටහන ආරම්භ කළා. නමුත් එම වැඩසටහනින් ආධාර ලැබිය යුතු පිරිසට ආධාර ලැබිලා නෑ. රජයේ දේශපාලන අරමුණ ඉටු කරගැනීමේ පරමාර්ථයෙන් තමයි මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ.
නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍යයේ වගකිම අද භාරගෙන තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම මහතා. ඔහු පෞද්ගලික වියදමින් පාසල් වලට සුහුරු පන්ති කාමර , පාසල්වලට බස් රථ වගේම හුස්ම වැඩසටහන යටතේ රෝහල්වලට අවශ්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ සියලුම පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාරගන්න බව පවසනවා.‘‘
ආර්ථිකවිද්‍යා මහචාර්ය ගීතානි බුලන්කුලම මහත්මිය,
‘‘රටක වර්තමානය අනාගතය තීරණය වෙන්නේ අධ්‍යාපනය , පුහුණුව සහ සංවර්ධනය කියන කාරණා සමඟයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. නමුත් අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ රටේ වර්තමානය සහ අනාගතය තිරසාර කර ගැනීම සඳහා ධනාත්මක ආකල්පවලින් හෙබි දරු පරපුරක් සහ ශ්‍රමිකයන් ප්‍රමාණයක් රටේ ආර්ථික ක්‍රියාදාමයකට සම්බන්ධ කිරිමටයි. රට යම්කිසි අර්බුදයක සිටිනවානම් ඊට මුල්වෙලා තිබෙන්නේ තිබුණ අධ්‍යාපන ක්‍රමයයි.
ගුණාත්මක , ධනාත්මක ආකල්ප ඇති ශ්‍රමිකයන් පිරිසක් රටට දායද කරන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොතරම් දායක වෙලා තිබෙනවාද කියලා අපි සොයා බැලිය යුතුයි. එහෙම බැලුවාහම රටේ තිබෙන ආර්ථික අර්බුදයෙන් මිදෙන්නට අවශ්‍ය ප්‍රතිසංස්කරණ නෑ.
අධ්‍යාපනයට වෙන්කරන වියදම් අඩුකරලා ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුලුවන් කියලා හිතෙනවානම් එයයි රටේ වාර්තමානයේ සහ අනාගතයේ ගොඩනැගෙන විශාලම අර්බුදය.
රට ගොඩගැනීමට බැරි තත්ත්වයකට නිර්මාණය කිරිමට අවශ්‍ය වැඩපිළිවෙළ තමයි රජය ඉදිරිපත් කරලා තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් පෙනෙන්න තිබෙන්නේ.
රටේ ශ්‍රම සම්පත ශක්තිමත් කර ගන්න අවශ්‍ය භුමිකාව තිබෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළයි. ඒ වගේම රටේ සිටින සියලු දරුවන්ට අධ්‍යාපනයේ සම අයිතිය ලැබිය යුතුයි. අධ්‍යාපනය හරහා ගොඩනැගෙන අවස්ථා ද දරුවන්ට සමානව ලැබිය යුතුයි. ‘‘
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහචාර්ය ගාමිණි රත්නශ්‍රී මහතා,
‘‘පැවැති කිසිදු රජයකට අධ්‍යාපනය හා සම්බන්ධ කිසිදු ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. ඒ වගේම පැවැති රජයන් ඔවුන්ගේ කාලයේ පමණක් ක්‍රියාත්මක වන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට පමණයි අවතීරණ වෙලා තිබෙන්නේ. එහි දිගුවක් වික්‍රමසිංහ පාලන කාලයේ දක්නට ලැබෙනවා.
ලංකාවේ අධ්‍යාපනය එක්තරා පිරිසටක පමණක් කොටු කරන්න තමයි වර්තමාන රජය උත්සහ කරන්නේ. අන්ත ධනවාදී ක්‍රමයකට රට ඇද දමන්න තමයි වික්‍රමසිංහ පාලනය උත්සහ කරන්නේ. රටේ ජනතාවගේ යහපත උදෙසා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තත්ත්වයක් පෙනෙන්නට නෑ. වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා රටේ දරුවන්ට ස්වදේශීය භාෂාවෙන් ඉගෙනීමට තිබෙන අයිතිය නැති කරන්නයි උත්සහ කරන්නේ. බහුතරයක් වහලුන් බවට පත් කිරිමේ ක්‍රියාවලියකට තමයි මේ ආණ්ඩුව අවතීරණය වෙන්නේ. ජනාධිපතිවරයාට වැඩකරන ජනතාව පිළිබඳව කිසිදු තෙතමනයක් නෑ. සුලුතරයකගේ සතුට වෙනුවෙන් තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. සමගි ජනබලවේග රජයක් යටතේ දීර්ඝ කාලින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරිමට බලාපොරොත්තු වෙනවා.‘‘