• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපත් අඩුවෙයි! මරණ වැඩිවෙයි! වෙනස සැපද? Sri Lanka Latest News

May 6, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?
Share on WhatsAppShare on Facebook

ලංකාව ගැන කියනකොට අපි කාලයක් තිස්සේ ඇහුවේ ප්‍රශ්නම තමයි. දැන් ඔන්න ආයෙත් ප්‍රශ්නයක්. ඒ මොකක්ද දන්නවද? ලංකාවේ උපත් අඩුවෙලා, මරණ වැඩිවෙලා. ලංකාවේ උපත් තිබුණු ප්‍රමාණයත් එක්ක සාපේක්ෂව ගත්තම දැන් උපත් සංඛ්‍යාව අඩු අගයක් ගන්න පටන් අරගෙන. ඒ වගේම මරණ සංඛ්‍යාව තිබුණු අගය ගත්තම මරණ සංඛ්‍යාව වැඩි අගයක් ගන්න පටන් අරගෙන තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. 2000 වර්ෂය වනවිට 140000ක මට්ටමක තිබුණු මරණ සංඛ්‍යාව මේ වෙද්දී 180000 දක්වා වැඩිවෙලා. ඒ වගේම 2020 වර්ෂය වනවිට රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 325000ක් වුණාට දැන් ඒ සංඛ්‍යාව 280000ක් බවට පත්වෙලා. ඒ කියන්නේ 45,000කින් උපත් අඩුවෙලා. හැබැයි 40,000ක් මරණ වැඩිවෙලා. ඔය වගේ පවතින ආර්ථික සහ සමාජයීය ගැටලු හමුවේ තරුණ තරුණියන් දික්කසාද වීමේ සම්භාවිතාවත් වැඩිවෙලා තියෙනවා කියලා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේවාට හේතුව මොකක්ද? විවිධ හේතු ඇති. නමුත් මොන හේතුව තිබුණත් අපට පැහැදිලිව පේන එක කාරණාවක් වෙන්නේ අපේ රටේ තියෙන ආර්ථික අර්බුදය හමුවේ මේ සියල්ලම ගැටලුකාරී තත්ත්වයන්ට ගිහිල්ලා කියන එක.

මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලෝකයේ ජනගහනය මිලියන පන්සිය අසූඑක් දහස් පන්සිය හතළිස් දෙකක් බවට පත්වෙලා. 2024 වෙද්දී උපත් සංඛ්‍යාව 44299014ක් වෙද්දී මරණ සංඛ්‍යාව 20044838ක් ලෙසයි සඳහන් වෙලා තියෙන්නේ. මේ ලිපිය ලියන දවසේ මරණ සංඛ්‍යාව worldometer වෙබ් අඩවියට අනුව 68812ක් වාර්තා වෙද්දී උපත් 150073ක් වාර්තා වෙලා තියෙනවා. ඒක ඇත්තටම ලෝකයේ සැලකිය යුතු ප්‍රශ්නයක් විදියටයි අපි සාකච්ඡා කරන්නේ. ඒකට හේතුව වෙන්නේ මරණ සංඛ්‍යාව සාපේක්ෂව දෙගුණයකින් උපත් වැඩිවීම. එතකොට ලෝකයේ ජනගහනය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන බවට මේක ඉතා පැහැදිලි සාක්ෂියක් බවට පත්වෙලා තියෙනවා. පහුගිය කාලය වෙද්දී ඉතා තීරණාත්මක කාරණා කිහිපයක් සිදුවුණා. එකක් තමයි චීනය අභිභවා යමින් ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වුණා. ඒ වගේම ලෝකයේ ජනගහනය බිලියන 8 ඉක්මවා ගියා. මේ දෙකම තීරණාත්මක සාධක. මහ පොළොව හිඟ වෙන්න පටන් අරගන්නවා මේ වෙද්දී. නමුත් ලංකාවේ මේ උපත් සහ මරණ සම්බන්ධව සඳහන් වෙච්ච ලේඛනය කියවද්දී අපට පැහැදිලි වෙන කරුණ තමයි මරණ වැඩිවීම. මොකක්ද මරණ වැඩිවීමට හේතුව? ඔබ දන්නවා ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබුණා. බෙහෙත් පිළිබඳ අර්බුදයක් තිබුණා. ශල්‍ය උපකරණ සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා. කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය විසින් අපට ලබාදුන්නු ස්වර්ණමය ජීවිතයක් තියෙනවා ලංකාවේ. අපේ ජීවිත අවදානමට දාපු මේ අදූරදර්ශී දේශපාලකයෝ සහ පාලකයෝ අපිත් එක්ක කරපු සෙල්ලමත් එක්ක අපේ ජීවිත අපිට අහිමි වෙන්න පටන් ගත්තා. ඒ නිසා මරණ සංඛ්‍යාව වැඩිවෙලා යැයි විශ්වාස කරන්න පුළුවන්. බේත් රහිත වීම, වෛද්‍ය කාරණා සම්බන්ධව තියෙන අවිශ්වාසය, රෝහල්වලට සහ ශල්‍යකර්මවලට යොමුවෙන්න මිනිස්සුන්ගේ තියෙන බිය වැනි කරුණු මේ මරණවලට හේතු වෙන්න ඇතැයි කියලා විශ්වාස කරන්න පුළුවන්.

උපත් සම්බන්ධව ගත්තාම අපි දකිනවා අලුතෙන් විවාහ වෙන යුවළ බොහොමයක් සඳහන් කරනවා අපි දරුවෝ හදන්නේ නෑ කියලා. ඇයි විවාහ වෙලා දරුවෝ හදන්නේ නැත්තේ? විවාහ වෙලා දරුවෝ හදන්න බැරි තත්ත්වයක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙන බව ඔවුන් විශ්වාස කරනවා. අස්ථාවර රටකට තවත් දරුවෙක් උපද්දවලා ඒ දරුවට අස්ථාවරත්වයක් නිර්මාණය කරලා දෙනවට වඩා ඔවුන් හිතනවා ඇති මේ රට මේ විදියට තියෙනකොට මේ ඉන්න විදියට අපි හිටියට කමක් නෑ කියලා. අපි දැක්කා සමහර රෝහල්වල දරුවෝ කුසින් එළියට ඇවිල්ලා වැටිලා මැරෙනවා. දරුවා ලැබෙන්න රෝහල්ගත වෙච්ච කාන්තාව රෝහලේ නාන කාමරයේ ඇදවැටිලා කුස පුපුරලා දරුවා සහ මව මියයනවා. ඔවුන් මියයන්නේ අධික රුධිර වහනය නිසා. මේවා සෙල්ලම් නෙවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන නොදියුණු බව සහ රටේ තියෙන ආර්ථික අස්ථාවරත්වය නිසා. මේ දරුණු සහ නරක කාරණා නිසා රට පවත්වාගෙන යෑම අසීරු වෙනකොට ඉන්ධන, ගෑස් ඇතුළු ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙනකොට අපි විශ්වාස කරනවා මිනිස්සු අවසාන තීරණය කරනවා කියලා දරුවෝ හදන්නේ නැතුව ඉමු කියලා.

මේ කාරණා සියල්ලත් එක්ක අපිට අවසාන වශයෙන් ලියන්න තියෙන්නේ රටේ මරණ වැඩිවෙලා, උපත් අඩුවෙලා, ලෝකයේ මරණ අඩුවෙලා, උපත් වැඩිවෙලා, මරණවලට සාපේක්ෂව ලෝකයේ උපත් වැඩිවෙන කොට අපි මරණවලට සාපේක්ෂව උපත් අඩුවෙලා. ඒ කියන්නේ රටේ මිනිස්සු වැඩිපුර මැරෙනවා. හැබැයි රටේ දරුවෝ හදන්නේ අඩුවෙන්. මෙහෙම රටක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරියේදී නිර්මාණය වෙයි. හැබැයි ලංකාවේ දේශාපාලකයෝ තමන්ගේ දරුවෝ තුන් හතර දෙනා හදාගෙන, ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේශපාලන රැකවරණය ලංකාව ඇතුළේ නිර්මාණය කරලා දේශපාලන වශයෙන් ඒගොල්ලෝ පොහොසත් කරලා පොහොසත් රටක් බවට ඒ අය පත්කරලා, ඒ අයගේ ජීවිතවල සුඛිතමුදිත බව ඇතිකරලා ගොඩ ගිහින් ඉවරයි. ඒ නිසා මිනිස්සු මැරෙන ප්‍රමාණය වැඩි වුණාට ඉපදෙන ප්‍රමාණය අඩු වුණාට අපි දන්නවා මහ එවුන්ට ප්‍රශ්නයක් නෑ කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දුව වෙනුවෙන් තාත්තගෙ යුතුකම ඉටුකළා! කරන්න දෙයක් නෑ! දැන් මරලා ඉවරයි! ආදරේ කරන්න ගිය සුසිත් මරලා හංගලාද? පෙම්වතියගේ පවුලම අතුරුදන්! Sri Lanka Latest News

Next Post

කුවේණිය දිවි නසාගත් යක්දෙස්සාගල! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.