• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිසුන් මරාදැමීම – පාඩම් ඉගෙනගැනීම! ප්‍රජාතන්ත්‍රවාදය හා ෆැසිස්ට්වාදය ආයෙත් කියවමු! (Sri Lanka Latest News)

May 6, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

කවර හෝ දේශපාලන පක්ෂයක් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙමු යැයි කීවාට පමණක් වෙනසක් සිදුවන්නේ නැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඉතිහාසයේ තමන් විසින් කළ, තම කණ්ඩායම් විසින් කළ වැරැදි හඳුනාගෙන ඒ වැරැදි දෙස විවෘත මනසකින් බැලීමට හැකියාව තිබිය යුතුය. එසේ එම වැරැදි හඳුනා ගැනීම, එතුළින් එම වැරැදි නැවත සිදු නොවන ආකාරයකට තම දේශපාලනය තුළ මතවාදයක් සහ වැඩපිළිවෙළක් ඇති කරගැනීම අවශ්‍යය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන වෙනසක් සිදුකරමින් ඉදිරියට යාහැක්කේ එලෙසය. (Sri Lanka Latest News)

පුද්ගල ඝාතන සංස්කෘතිය
මෙම තර්කය මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලට අදාළය. මෑතදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියකු විසින් රූපවාහිනී විවාදයකදී කරන ලද ප්‍රකාශයක් නිසා මෙම සාකච්ඡාව යළි ඇතිවී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ තමන් අතින් සිදුවූ, සිදු කළාවූ වැරැදි වටහා ගෙන තිබේ නම් එම වැරැදි ගැන කුමන තත්ත්වයක් යටතේ හෝ කුමන ආකාරයෙන් හෝ කතාකරන විට සිදුවිය යුත්තේ එම වැරැදි පිළිගෙන සමාව ඉල්ලීමයි.
එසේ නොමැතිව එම වැරැදි පිළිබඳ යමකු ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන විට ඊට බැණ අඬගැසීම්වලින් හෝ වැරැදි ප්‍රකාශ කිරීම් තුළින් තමන් කළ දෙය සාධාරණීකරණය කරන්නේ නම් එය වැරැදිය. එමගින් පෙන්වන්නේ ඔවුන් ඉතිහාසය තුළින් පාඩම් ඉගෙන ගැනීම යනුවෙන් ඉදිරිපත් කරන්නේ වචන හරඹයක් පමණක් බවය. එවිට ඔවුන් ඉදිරිපත් කරන තර්කවල ඇති අර්ථය වටහාගෙන නැති බව පැහැදිලි වෙයි. එසේ නැත්නම් තමන් එම වචන පාවිච්චි කරන්නේ ආවට ගියාට පමණක් බව එයින් ගම්‍ය වෙයි.

උතුරේදීත් දකුණේදීත්
මෙම දෝෂසහගත ක්‍රියාදාමය ලංකාවෙහි දකුණේ දේශපාලනයේදීත් උතුරේ දේශපාලනයේදීත් දේශපාලන ව්‍යාපාරය විසින් සිදුකර ඇති බව නොරහසකි. මිනිසුන් මරාදැමීම විශේෂයෙන්ම වෙනත් දේශපාලන මතයක් දරන අය මරාදැමීම උතුරේත් දකුණේත් විමුක්ති ව්‍යාපාර ලෙස හඳුන්වා ගන්නා දේශපාලන ව්‍යාපාර විසින් සිදුකරන ලදී.
එවැනි ක්‍රියාදාමයන් නිසා එම ව්‍යාපාර විනාශ කර දැමීමට ප්‍රතිගාමී රාජ්‍ය යන්ත්‍රයට, ස්වකීය මිනීමරු වැඩපිළිවෙළ සහ සමූල ඝාතනයන් සාධාරණීකරණය කරගැනීමේ (අඩුම තරමින් වචනයෙන් හෝ) ඉඩක් ලබාගැනීමට අවස්ථාවක් උදාවිය. එමගින් ලංකා සමාජය තුළ ඇතිවූ තුවාල තවමත් කිසිම ආකාරයකින් සුවවී නැති බව නිතර මතුවන දේශපාලන සාකච්ඡාවලදී පෙනේ. ඒ තුවාල යළි යළි ඉස්මතු වන ආකාරයෙනි.

දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන සාකච්ඡාව අප්‍රමාණවත්
මෙයට ප්‍රධාන හේතුව නම් ඉහත කී වැරැදි පුද්ගල ඝාතන දේශපාලන ක්‍රියාදාමය පිළිබඳ ඉන් පසුව සමාජ දේශපාලන තලයේ ප්‍රබුද්ධ සංවාදයක් ඇති නොවී තිබීමයි. එසේම ඉතිහාසය තුළ ලංකා සමාජයේ සිදුවී ඇති මිනිස් ඝාතන, අපරාධ පිළිබඳ, ඒවා ඇති වූ ආකාරය සහ එහි දෝෂසහගත බව පිළිබඳ සංවාදයක්, සාකච්ඡාවක් ඇති නොවීමයි. එවැනි වැරැදි කිරීම පිළිබඳ සාධාරණ කම්පාවක් සමාජ සංවාදය තුළ දක්නට නොලැබීමයි. එවැනි සංවාද සමාජය තුළ ඇතිවූයේ නම් දේශපාලන ව්‍යාපාර නොකළ යුතුව තිබූ වැරැදි වටහා ගත්තා නම් එම වැරැදි නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නට හැකි වනු ඇත. නමුත් මේ වනතුරු එවැනි පැතිරුණූ සාකච්ඡාවක් සංවාදයක් ලංකා සමාජය තුළ සිදු නොවීම නිසා එම තුවාල සහ වේදනාවන් දිගටම පවතින සමාජයක් බවට ලංකා සමාජය පත්වී තිබේ.

පුද්ගල ඝාතන දේශපාලනය සාධාරණීකරණය කිරීම
පසුගිය දිනෙක රූපවාහිනි නාලිකාවක් ඔස්සේ සාකච්ඡාවකට යොමුවන දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර ඇති වූ සංවාදයකදී, සංවාදයකට වඩා වාග් ප්‍රහාරයකදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධ කතිකාවක් සමාජය තුළ සැරිසරමින් තිබේ. එම සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ නියෝජිතයා තමන්ගේ ප්‍රකාශය තුළින් සිය ඉතිහාසයෙහි කරන ලද පුද්ගල ඝාතන වැරැද්ද සාධාරණීකරණය කරන ප්‍රකාශයක් කළේය. ඉන් පෙනීගියේ ඔවුන් එදා දැරූ මතයම අදත් දරන බවයි. ඔහු ප්‍රකාශ කළේ 88-89 වර්ෂයන්හි ජවිපෙ විසින් මරාදැමුවේ ගම්වල සිටි හොරුන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බවයි.

අපරාධකරුවන් මරාදැමීමට ලයිසන් දුන්නේ කව්ද?
දැන් අපි එළෙස මරාදමා ඇත්තේ අපරාධකරුවන් යැයි සිතමු. අපරාධකරුවන් මරාදැමීමට දේශපාලන ව්‍යාපාරයට ඇති අයිතිය කුමක්ද? අදටත් ඔවුන් එදා ස්වකීය පුද්ගල ඝාතන දේශපාලනය සාධාරණීකරණය කරන්නේ නම් ඔවුන් අදටත් සිතන්නේ අපරාධකරුවන් මරාදැමිය යුතුයි කියා නොවේද යන ප්‍රශ්නය පැනනගී. මෙය ඇත්ත වශයෙන්ම පැසිස්ට්වාදී සිතුවිල්ලකි. පැසිස්ට්වාදීන්ද තමන් සාමාජ ද්‍රෝහී යැයි නම්කළ විවිධ ජන පිරිස් ඝාතනය කළහ.
දැන් ටිරාන් අලස් පසුගිය 25 වැනිදා කළ ප්‍රකාශයක් ගෙන බලන්න. ඔහු කියන්නේ අපරාධකරුවන්ට වෙඩි තැබීමට බියවිය යුතු නැති බවයි. ඔහු පොලිසියට පවසන්නේ අපරාධකරුවන්ට ආයුධ පාවිච්චි කර වෙඩිතබා මරාදමන ලෙසයි. ටිරාන් අලස්ට හෝ ලංකා රාජ්‍යයට මිනිසකු යම්කිසි වැරැද්දක් කළා යැයි තමන් සිතන නිසා මරාදැමීමට ඇති අයිතිය කුමක්ද? එය පැසිස්ට්වාදී රාජ්‍යයක පැසිස්ට්වාදී නායකයන් විසින් ගන්නා වර්ගයේ තීරණයකි. එය ප්‍රජාතන්ත්‍රවාදය ගෑවුණු හෝ රටක සිදු නොවිය යුතු සිදු නොවන දෙයකි. එනිසා ටිරාන් අලස් හෝ ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ හෝ වෙනත් දේශපාලන සංවිධානයක නියෝජිතයකු හෝ අපරාධකරුවන් යැයි ඔවුන් සිතන මිනිසුන් මරාදැමීමට සූදානම් වන්නේ නම් ඔවුන් කිසිම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් නොවේ. ඔවුන් නියෝජනය කරන්නේ පැසිස්ට්වාදයයි. මෙය ඇත්තෙන්ම ලංකා සමාජය මුහුණ දෙන භයානක තත්ත්වයකි.
ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා වත්මන් රජයේ පොලිස් ඇමැතිවරයා මිනිසුන් මරාදැමීමට පොලිසියට ලයිසන් දෙයි. ඒ අතර ඉතිහාසයේ දේශපාලන හේතූන් මත මිනිසුන් ඝාතනය කළ දේශපාලන සංවිධානයක් අද වන විට රටෙහි බලය තමන් අතට ලබාගැනීමේ හැකියාවක් ඇති දේශපාලන සංවිධානයක් බවට පත්වෙමින් සිටියදී තමන් ඉතිහාසයේ කළ පුද්ගල ඝාතන දේශපාලනය අදටත් සාධාරණීකරණය කරයි. එසේ නම් ලංකා සමාජයට ඉදිරියේ විමුක්තිය යැයි ලැබෙන්නට යන්නේ කුමක්ද යන්න මට නම් ප්‍රශ්නයකි.

මෙම දේශපාලන සංවාදයේදී මතුව ආ දේශපාලන ප්‍රකාශ සහ ඒවා මතුවන ආකාරය ඇත්තෙන්ම සමාජයක් ලෙස අපට කනගාටු වීමට කාරණාවකි. සතුටු වීමට යමක් එහි නොමැත. ඒ වගකියන දේශපාලන නියෝජිතයන් හැසිරෙන ආකාරය ඔවුන් කතාකරන වගකීම් තොර ආකාරය දකින විට ඉදිරියේ අලුත් යමක් ඇතිවේ යැයි සිතීමට ඉඩ අහුරා නොදමන්නේද?

අද පවතින පොලිස් රාජ්‍යයක ස්වභාවය හෙට ඇතිකරන අලුත් දේශපාලනයක් තුළින් වෙනස් විය යැයි අපි අපේක්ෂා කරමු. එනමුත් මෙවැනි ප්‍රකාශ එම බලාපොරොත්තු අර්බුදයකට යවයි. නලින් හේවගේ කළ එම ප්‍රකාශය තවම ජවිපෙ හෝ ජාතික ජන බලවේගයේ කිසිවකු විසින් වරදක් ලෙස දක්වා නැත. ඒ වෙනුවට දියත්ව ඇත්තේ ඔහු වීරයකු බවට පත්කරන විකෘති සමාජ ජාල පෝස්ටුය.

නලින් හේවගේ කියන ආකාරයට ඔවුන් මරාදැමුවේ හරක් හොරුන්, ස්ත්‍රී දූෂකයන් හෝ අපරාධකරුවන්ද? දැන් මම එදා ඔවුන් අතින් මරාදැමුණු මගේ මිතුරන් සොයුරන් කිහිප දෙනකුගේ නම් මෙහි ඉදිරිපත් කරන්නේ එම අදහස කොතරම් සාහසිකද යන්න පෙන්වීමටය. ඔවුන් 1971 කැරැල්ලේ ක්‍රියාකාරීන් නන්දන මාරසිංහ, ෂෙල්ටන් සිරිපාල, නන්දසේන සිල්වා, ජේමිස් අතුගල, ටී.බී. විජේසූරිය, ආදීන් මෙන්ම තවත් එවැනිම දේශපාලන ක්‍රියාධරයන් වූ විජය කුමාරතුංග, දයා පතිරණ, මරඳගහමුල අමරදාස ඉස්කෝල මහත්තයා, වෘත්තීය සමිත නායක පණ්ඩිත ආදී විශාල ප්‍රමාණයක් මෙසේ නම් වශයෙන් අපට ඉදිරිපත් කළ හැක. ඔවුන් මරාදැමුවා පමණක් නොව ඔවුන් හරක් හොරු යැයි, ස්ත්‍රී දූෂකයන් යැයි පවසමින් අදටත් ඔවුන්ගේ නම්වලට පවා අපහාස කරයි නම් එය දේශපාලන වශයෙන් සමාව දිය නොහැකි වැරැද්දකි.

ටිරාන් අලස්ගේ පැසිස්ට්වාදී ප්‍රකාශයට පමණක් විරුද්ධ නොවී බලයට ඒමට අපේක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක නියෝජිතයකු විසින් කරන ලද එම පුද්ගල ඝාතන දේශපාලනය සාධාරණීකරණය කිරීමද විවේචනය කළ යුතුය. මෙම අදහස් ජවිපෙ සමස්ත නායකත්වයේ අදහස නොවන බව පෙන්විය හැක්කේ එමගිනි. 88 – 89 කාලයේ සිදුවූ වැරැදි සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධානි අනුර කුමාර කැනඩාවෙහිදීද ප්‍රකාශ කළේය. නලින් හේවගේ කළ ප්‍රකාශය එම අදහසට පරස්පරය.

මෙවැනි වැරැදි පිළිබඳ තම තමන්ගේ දේශපාලන පක්ෂ තුළම සංවාද ඇති කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් සඳහා තම පක්ෂවල ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ සකස් කරගන්නා මට්ටමකට දේශපාලන සංවිධාන සහ පක්ෂ යොමුකිරීම සිවිල් සමාජ පිරිස් වශයෙන් අපගේ වගකීම වේ.
අලුත් ලංකාවක් බිහි කිරීමට ඔවුන් අද දේශපාලන බලය තමන්ට දෙන ජ.වි.පෙ. – ජා.ජ.බ. ලෙස ඉල්ලති. එසේ නම් ඔවුන් කළ යුතුව ඇත්තේ අදවත් තමන් අතින් සිදුවූ වැරැදි වටහා ගැනීම සඳහා තම සාමාජිකත්වය අතර ඒවා පිළිබඳ අඩුම තරමින් සංවාදයක් ගොඩනගාගෙන එවැනි වැරැදි නැවත නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම බව මගේ වැටහීමයි.

මා මෙය ලියන්නේ අද ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස විශාල ජන සංඛ්‍යාවක් එකතු කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගැන කතාකරන නිසාය. තමන්ගේ ඉතිහාසයේ වැරැදි සඟවාගෙන කළ වැරැදි තේරුම් නොගෙන අනාගතයේ නිවැරැදි දේශපාලනයකට යොමුවිය නොහැක. ‍

දූෂණයට හොරකමට විරුද්ධවීම මදි
දූෂණයට හොරකමට පමණක් නොව, ආර්ථික, සමාජ සහ දේශපාලන ආදී සෑම තලයකම පාරාදෘෂ්‍යභාවය පවත්වා ගනිමින් අතීතයෙහි සිදුවූ වැරැදි නැවත ඇති නොවන ආකාරයට දේශපාලන ගමනක් විය යුතු බව ඔවුන් වටහාගත යුතුව ඇත. එසේ නොවන්නේ නම් එම දේශපාලන බලවේගය තුළම ඇති වන ප්‍රතිවිරෝධයන් නිසාවෙන් වැරැදි දේශපාලනයකට යොමුවීමත් එනිසාම එම දේශපාලන බලවේගයට නිවැරැදි දේශපාලන ක්‍රියාදාමයක් ලෙස රටක ක්‍රියාත්මක වීමට නොහැකි වීමත් සිදුවිය හැකි බව ඔවුන් අමතක නොකළ යුතුය.

ඔවුනට ස්වකීය ඉතිහාසය කළ වැරැදි වටහා ගැනීමට බුද්ධිය ලැබේවා, එම වැරැදිවලින් පාඩම් ඉගෙන ගෙන නිවැරැදි දේශපාලනයකට රට යොමු කරවන්නට ඔවුනට හැකියාව ලැබේවා යන්න මගේ පැතුමයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ක්‍රමවේදය වන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඒවා නැවත සිදු නොවීමට වගබලා ගැනීමයි.

රංජිත් හේනායකආරච්චි
(srilankabrief.org වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.)

SendShareShare
Previous Post

කුවේණිය දිවි නසාගත් යක්දෙස්සාගල! Sri Lanka Latest News

Next Post

VFS ‌සමාගම අපි ගෙනාපු එකක් නෙමෙයි! ඒක මගේ යටතේ තියන එකක් නෙමෙයි! අපි දන්නෙත් නෑ මේක ගැන! ඒක ටිරාන් අලස් මහත්තයාගෙන් අහන්න! මම ඉල්ලුවේ රටවල් 67කට වීසා ෆ්‍රී කරලා දෙන්න කියලයි! අපි කැමැති නෑ වීසාවලට ගෙවීමක් කරනවට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.