• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුවේණිය දිවි නසාගත් යක්දෙස්සාගල! Sri Lanka Latest News

May 6, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

යක්දෙස්සාගල යනු අප රටේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම භූවිෂමතා ලක්ෂණ අතින්ද ඉතා වැදගත් ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය. මෙය පරිසර හිතකාමීන් සහ සොබාදහම විඳින්නන් අතර ඉතා ප්‍රකට ස්ථානයක්. යක්දෙස්සාගල සමග බැඳුණු විවිධ ජනප්‍රවාද, පුරාවෘත්ත, පාරිසරික හා භූගෝලීය කරුණු බොහෝ පවතින බැවින් ඒ පිළිබඳ කතාකිරීම මැනැවැයි සිතිණි.

අඩි 495ක් උන්නතාංශයකින් යුක්ත යක්දෙස්සාගල යනු වයඹ පළාතේ පිහිටි උසින් දෙවැනි තැන ගන්නා කඳු මුදුනයි. සංචාරකයන්ගේ සිත බැඳගත් ස්ථානයක් වුවද මෙය තරණය කිරීමට තරමක් අපහසුය. මෙහි ඉතිහාසගත පුවත කුවේණිය හා බැඳුනකි. විජය රජු විසින් පළවා හරින ලද කුවේණිය මෙම කඳු මුදුනේ සිට ඔහුට ශාප කොට මෙයින් පැන දිවි නසාගත් බවට ජනප්‍රවාදයේ පැවසෙයි. ‘යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක්’ ශාප කළ ස්ථානය යන අරුතින් මෙයට ‘යක්දෙස්සාගල’ යනුවෙන් නම් තැබී යැයි පැවැසේ. විජය රජුගෙන් සිදුවූ අසාධාරණය නිසා කුවේණිය අඳෝනා තබා ඇත්තේ මෙතැන පමණක් නොවේ. පුත්තලම පාරේ ආනමඩුව පසු කළ විට ‘තෝනිගල’ නමින් කන්දක් හමුවේ. කුවේණිය මෙහිදීද ලතෝනි ලැබුවේ යැයි පැවැසෙන අතර, එබැවින් එකල එය ‘ලතෝනි ගල’ යනුවෙන් නම් තැබුණත්, පසුව ව්‍යවහාරයේ පහසුවට ‘තෝනිගල’ නම් වූයේ යැයි පැවැසේ.

තවත් ජනප්‍රවාදයකින් පැවැසනේනේ කුවේණියගේ ඇස් මෙහි නිධන් කොට ඇති බවය. එබැවින් අතීතයේ ‘යක්ඇස්සාගල’ ලෙස හඳුන්වනු ලැබූ මෙය පසුව ‘යක්දෙස්සාගල’ වී යැයි පැවැසේ.

ඇතැම් ඉතිහාස කතා ප්‍රවෘත්තීන්වල සඳහන් වන අන්දමට යක්දෙස්සාගලදී කුවේණිය සියදිවි නසාගෙන නැත. සිදුව ඇත්තේ ජාතිය පාවාදීමේ වරදට දඬුවමක් වශයෙන් යක්ෂ ගෝත්‍රික නායකයකු විසින් කුවේණියකගේ දිව කපා එක් අතුල් පහරකින් ඇය මරණයට පත්කොට යක්දෙස්සාගලින් පහළට දැමූ බවය.
ශ්‍රී ලංකාවේ ඉපැරැණි ග්‍රාම නාම සහිත් පොතක් වූ නම් පොතේ ද යක්දෙස්සාගල ස්ථාන නාමයක් ලෙස සඳහන්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ ලියැවුණු ඓතිහාසික වාර්තා අතර ද යක්දෙස්සාගල පිළිබඳ සඳහන්ව තිබේ. සුදන්තක බී. විජේතුංග විසින් ‘ගයිගර් දුටු ලංකාව’ නමින් පරිවර්තනය කරන ලද මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ගේ ක්‍ැහකදබ ඕටැඉමජයඉක්එඑැර ්බා ඍැසිැැරසබබැර ඹබටැබ කෘතියෙහි කුරුණෑගල පිළිබඳ කරන විස්තරයෙහිද යක්දෙස්සාගල පිළිබඳ සඳහන් වේ.

යක්දෙස්සාගල නැගීම ආරම්භ කිරීම සදහා කුරුණෑගල – ගෝනගම බසයක නැගී සංවැලි විහාරය අසලින් බැසගත යුතුයි. එම විහාරවාසී හිමිවරුන්ගෙන් මෙම ගමන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. ගමන ආරම්භ වන්නේ විහාරයේ දොරටුව ඉදිරියෙන් මාර්ගයේ අනෙක් පස ඇති පොකුණක් අසලින්. සුදු පාට ඊතල මගින් ගමන් මාර්ගය සලකුණු කර තිබේ. ආරම්භයේ සිට අවසානය තෙක්ම ඉහළ ආනතියක් සහිත බෑවුමක ගමන් කිරීමට සිදුවීම නිසා ගමන තරමක් වෙහෙසකර වේ.

ජල මූලාශ්‍ර හමු නොවන බැවින් ගමන ඇරඹීමට පෙර ප්‍රමාණවත් ලෙස ජලය පුරවා ගැනීම කළ යුතුය. ගමනේ අවසන් කොටසේදී ඔබට මානා පඳුරු අතරින් ගමන් කිරීමට සිදු වේ. මාර්ගය තරමක් ලිස්සන සුලූ වන අතර, පැය දෙකක පමණ ගමනකින් පසු ඔබට කඳු මුදුනට ළඟාවිය හැකිය.
වියලි කලාපයේ කඳු නගින්නන් ප්‍රිය කරන කඳු කීපයක්ම යක්දෙස්සාගල මුදුනට පැහැදිලිව හඳුනාගත හැකිය. ඇතුගල, ඉබ්බාගල, ආඳාගල, කිරිබත්ගල, බිසෝගල, හඳුරුක්කන්ද, බෙල්ගොඩ, නාථගනේ, තිම්මාගමගල, තිස්සව, දෙමටව, වැල්ලාගල, කුවේණිගල, වේරපොල, දොළුකන්ද, අම්බොක්ක, නැව්ගල, කොටගල ඒ අතරින් කිහිපයකි. එසේම දැදුරුඔය ජලාශයත් මෙම කඳු මුදුනට පැහැදිලිව දැකගත හැකිය.

අන්තර්ජාලයෙන් උපුටාගත්තකි

SendShareShare
Previous Post

උපත් අඩුවෙයි! මරණ වැඩිවෙයි! වෙනස සැපද? Sri Lanka Latest News

Next Post

මිනිසුන් මරාදැමීම – පාඩම් ඉගෙනගැනීම! ප්‍රජාතන්ත්‍රවාදය හා ෆැසිස්ට්වාදය ආයෙත් කියවමු! (Sri Lanka Latest News)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.