සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම රැසක එකතුවක් ලෙසින් සකස් වී ඇති දේශීය වෛද්‍ය ක්‍රමයට අනන්‍ය වූ සුවිශේෂී ලක්ෂණ රැසක් අන්තර්ගත වී ඇති බවත් මෙවැනි වැදගත් විෂයක් සම්බන්ධ පනතක් සංශෝධනය කිරීමේදී නිසි අධ්‍යනයක් සිදු විය යුතු වුවත් එවැන්නක් සිදුනොවූ බවක් දක්නට ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සංශේධන ආදිය ඉදිරිපත් කළ බවත් ඒ වෙනුවෙන් පෙනී සිටි සියලුම පාර්ශ්වයන්ට ස්තුතිවන්ත වන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
එසේම රජයේ වගකීම විය යුත්තේ දේශීය වෛද්‍ය ක්‍රමය උසස් අයුරින් පවත්වා ගැනීමත් එහි නියැලෙන වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වය සුරැකීම බවත් යම් වෛද්‍ය ක්‍රමයක් පරම්පරාවෙන් පැවත ඒ නම්, කාලයක් පුරා එය සාර්ථකව ක්‍රියාත්මක වූයේ නම් හුදෙක් එය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයක් ලෙස නොව හුදෙක් එය රෝගීන් සුව කිරීමේ වෛද්‍ය ක්‍රමයක් ලෙස හදුනා ගත යුතු බවත් මෙම සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය සංචාරක කර්මාන්තය දියුනු කිරීමේ මාර්ගයක් ලෙස යොදාගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දේශීය වෛද්‍ය ක්‍රම සියල්ල එක් පනතකින් නියාමනය කිරීම සාර්ථක නොවන බවත් ඒ සදහා වෙන වෙනම නීති ගෙන ආ යුතුබවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ අද පාර්ලිමෙින්තුවේදී දේශීය වෛද්‍ය පනත පිලිබද විවාදයට එක් වෙමිනි.