• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෙර පව් පලදෙන නවග්‍රහ අපලවල හතර දිග්බාගය…! ඒරාෂ්ටක අපලයෙන් බැටකන ඔබට බලගතු ශාන්ති කර්ම…! Sri Lanka Latest News

March 21, 2026
in Astrology
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතීතයේ ඔබ කළ පව්කම් ඔබේ ජන්ම පත්‍රය තුළ ලියවී ඇති බව ඔබ දන්නවාද? සෙනසුරු ඒරාෂ්ටකයක් හෝ ග්‍රහ අපලයක් පැමිණි විට අප හඬා වැළපෙන්නේ ඇයි දැයි අපට නොතේරේ. නමුත් ජ්‍යොතිෂ විද්‍යාවට අනුව, අද ඔබ විඳවන සෑම කඳුළක් පිටුපසම පෙර ආත්මයක ඔබ කළ අකුසලයක සෙවණැල්ල සැඟවී තිබේ. එය හදිසි අනතුරක්, විවාහය බිඳීයාමක් හෝ සුව කළ නොහැකි රෝගයක් විය හැකිය. අපල යනු අහම්බයක් නොව, සොබාදහම විසින් අපට එවන ”‍කර්මයේ බිල්පතයි”‍. එබැවින් අපලයට බිය නොවී, එම අකුසල් ගෙවා දමා සහනය ලබාගත හැකි නිවැරදි වත්පිළිවෙත් සහ ශාන්තිකර්ම හඳුනා ගැනීම ජයග්‍රාහී ජීවිතයකට මඟයි.Sri Lanka Latest News

පෙර කළ කුසල් නිසා ජීවිතය සැපවත් වන්නේ ලග්න කේන්දරයේ බලවත් වූ ගුරු ග්‍රහයාගේ මහ දශා හෝ අතුරු දශා කාලවලදී ගුරු සුබපල දෙන 1, 2, 5, 7, 9, 10, 11 යන භාවයක ගෝචර වන විටය. පින් පව් පලදීම මනුෂ්‍ය ලෝක ස්වභාවය බැවින් අපලවලට බිය වී පලක් නැත. ශාන්තිකර්ම මඟින් අපල මැඬපැවැත්විය හැක්කේ සුළු පිරිසකට පමණක් වුවත්, අශුභ බලපෑම් අඩු කර ගැනීමට බොහෝ දෙනෙකුට හැකියාව ලැබේ.

බොහෝ විට අශුභපල දෙන ග්‍රහයකුගේ මහ දශාවක් සමඟ චන්ද්‍ර අෂ්ටම, ලග්න ඒරාෂ්ටක හෝ ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපලයක් යෙදීමෙන් තදබල විපත් ඇති වේ. නව ග්‍රහයන් දුර්වල වීමට හේතුව සහ ඉන් මිදෙන මඟ මෙසේය:

රවි අපලයට:
පෙර භවයේදී පියාට, සත්පුරුෂයන්ට හෝ ධර්ම ඥානය ලබාදෙන පූජකයන් හා භික්ෂුන්ට නින්දා අපහාස කිරීම මෙයට හේතුවයි. රවි මහ දශාවේදී තේජස හීන වීම, රාජ දඬුවම්, තනතුරු අහිමි වීම සහ පියා සතු දේපළ අහිමි වීම් ඇති වේ. පිත්තාධික දැවිල්ල, හෘද ආබාධ, කොඳු නාරටියේ රෝග සහ ඇස් පෙනීම දුර්වල වීම (ස්ත්‍රියකගේ වම් ඇස, පුරුෂයෙකුගේ දකුණු ඇස) රෝග ලක්ෂණ වේ.

ශාන්තිකර්ම: 1, 10, 100 යන සංඛ්‍යාවට සමාන රතු නෙළුම්, දහස් පෙතියා, සූරියකාන්ත මල් පූජා කර බෝධි පූජා තැබීම ශුභය. ඇස් අන්ධ අයට උපකාර කිරීම, පිපාසිතයන්ට සිසිල් පැන් දීම සහ සූර්ය මණ්ඩලය, ආඝෝරය, සිද්ධම්බරය හෝ නවග්‍රහ යන්ත්‍ර පැළඳීම සුදුසුය.

සඳු අපලයට:
පෙර ආත්මයන්හිදී මෑණියන්ට, මහ රහත් මෙහෙණින් වහන්සේලාට, සිල්වත් දසසිල් මාතාවන්ට හෝ පත්තිනි මෑණියන්ට නින්දා හා හිංසා කිරීම මෙයට හේතුවයි. සෙම් රෝග, රුධිර රෝග, උමතුව, සිරෝසීස්, පාචනය හා ප්‍රතිශ්‍යාව වැනි රෝග මෙහිදී වැලඳේ.

ශාන්තිකර්ම: මෙහෙණින් වහන්සේලාට හා දසසිල් මාතාවන්ට උපස්ථාන කිරීම, පත්තිනි දේවියට පින් දීම ශුභය. චන්ද පිරිත පැන් කළයකට 11 වරක් හෝ 110 වරක් පිරිත් කර බෝධිය නැහැවීම හා ජලයේ වෙසෙන සතුන්ට ආහාර දීමෙන් සහනය සැලසේ.

කුජ අපලයට:
මිනිසුන් හෝ සතුන් ඝාතනය, මව්පියන්ට පහරදීම, කාමයේ වරදවා හැසිරීම හා අන්සතු දේ ගැනීම මෙයට හේතුවයි. අනතුරුවලට මුහුණ පෑම, විවාහ බිඳවැටීම, සහකරු/සහකාරිය මියයාම මෙන්ම අර්ශස්, ගඩු ගෙඩි හා ලියුකේමියාව වැනි රෝග ඇති විය හැකිය.

ශාන්තිකර්ම: දිනකට විනාඩි 10ක් මෛත්‍රී භාවනාව වැඩීම අනිවාර්යය. අඟහරුවාදා දිනක 3, 12, 21, 30 යන සංඛ්‍යාවකින් රතු මල් පූජා කර කතරගම දෙවියන්ට පින් දිය යුතුය. රතු ඇඳුම් ඇඳීමෙන් හා මිරිස් සැර කෑමෙන් වැළකිය යුතුය.

බුධ අපලයට:
බුද්ධිමතුන්ට නින්දා කිරීම, හොර ඔප්පු ලිවීම, බොරු සාක්ෂි දීම හා වංචනික ක්‍රියා මෙයට හේතුවයි. මොළයේ හා ස්නායු රෝග, ගොත ගැසීම, ගොළු-බිහිරි බව හා වලිප්පුව මෙහිදී ඇති වේ.

ශාන්තිකර්ම: බොරු හා හිස් වචනයෙන් වැළකී වචනය සංවර කරගත යුතුය. බදාදා දිනක බෝධි පූජා තැබීම, සිරකර සිටින පක්ෂීන් නිදහස් කිරීම හා සංජීවනී නවගුණය හෝ රත්න යන්ත්‍ර පැළඳීම ශුභය. විෂ්ණු, ගණ දෙවි හා සරස්වතී පිහිට පැතීම සුදුසුය.

ගුරු අපලයට:
ගුරුවරුන්ට, දෙමවුපියන්ට නින්දා කිරීම, බෝධි වෘක්ෂ හා පිළිම විනාශ කිරීම මෙයට හේතුවයි. හෘදයාබාධ, දියවැඩියාව, බරවා සහ කොලෙස්ටරෝල් වැනි රෝග මෙහිදී ඇති වේ.
ශාන්තිකර්ම: 5, 14, 23, 32, 41 යන සංඛ්‍යාවලින් කහ මල් හා ගිතෙල් පහන් පූජා කිරීම ශුභය. පිරිත් පැන් හා නූල් පැලඳීම, බුදුගුණ යන්ත්‍රයක් පැළඳීම හා මැණික් හෝ රන් ආභරණ පැලඳීම සුදුසුය.

සිකුරු අපලයට:
කාමයේ වරදවා හැසිරීම, ඊර්ෂ්‍යාව හා අනුන්ගේ සැපතට අකුල් හෙළීම මෙයට හේතුවයි. මුත්‍රා, ලිංග හා වකුගඩු රෝග, කුරුලෑ, පැපොල සහ සරම්ප වැනි රෝග වැලf​ඳන්නට පුළුවන.
ශාන්තිකර්ම: අධික සංවාසය, මත්පැන් හා සූදුවෙන් වැළකී පත්තිනි මෑණියන්ට පූජා තැබිය යුතුය. සිකුරාදා දිනක 6, 15, 24, 33, 42 යන සංඛ්‍යාවලින් මල් වට්ටි හා ෂඩ් වර්ණ කොඩි පූජා කර මංගල සූත්‍රය සජ්ඣායනා කිරීම සහ සිදම්බරය හෝ ඊශ්වර මණ්ඩල යන්ත්‍ර පැලඳීම ශුභය.

සෙනසුරු අපලයට:
පෙර භවයේදී අන්‍යයන්ට දුක් දීම (උදා: කෙනෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම) මෙයට හේතුවයි. වාත රෝග, මන්දපෝෂණය, ඇස්වහ කටවහ හා කොඩිවින දෝෂ ඇති වේ.
ශාන්තිකර්ම: රාත්‍රී ගමන් බිමන්, නිල් හා කළු ඇඳුම්වලින් හා පහත් ජනයා ඇසුරෙන් වැළකීම සුදුසුය. කපුටු හා යාචක දානය දීම, නවනාථ, විෂ්ණු මණ්ඩලය හෝ ශනි මෘතුංජය යන්ත්‍රයක් පිත්තල සුරයක බහා පැලඳීම ශුභය.

රාහු අපලයට:
සර්පයන් හා බල්ලන්ට වධ දීම, මත්ද්‍රව්‍ය භාවිතය හා හොර මැරකම් මෙයට හේතුවයි. ගැස්ට්‍රයිටීස්, සිහිමඳකම හා පිස්සු රෝග ඇති කරයි.
ශාන්තිකර්ම: තෙම්පරාදු කෑමෙන් වැළකීම, නිරිත දිග වැටකෙයියා ගසක් රෝපණය කර පෝෂණය කිරීම හා අංක 8 ලැබෙන සේ වැටකෙයියා මල් පූජා කිරීම සුදුසුය. නාගර්ජුනය හෝ විෂ්ණු ආඝෝරය වැනි යන්ත්‍ර පැලඳීම ශුභය.

කේතු අපලයට:
අන්‍යයන්ට ඊර්ෂ්‍යා කිරීම හා දක්ෂතා යටපත් කිරීම මෙයට හේතුවයි. පිළිකා, වණ, ඔසප් රෝග හා යක්ෂ ප්‍රේත දෝෂ ඇති කරයි.
ශාන්තිකර්ම: හොර මැර වංචාවෙන් වැළකී ආගමික විය යුතුය. අංක 9 ලැබෙන සේ රතු මල් හා උඳු, තල මිශ්‍ර කිරිබත් පූජා කිරීම, කතරගම දෙවියන්ට පින් දීම හා බුදුගුණ, ආඝෝරය හෝ ස්කන්ධ කුමාර යන්ත්‍ර පැලඳීම ශුභය.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක හත! අනුරව ප්‍රශ්න කළා විතරක් නෙමෙයි විකල්ප ආණ්ඩුව හැටියට සජිත් ප්‍රශ්නය විසඳන උත්තරත් ආණ්ඩුවට දුන්නා! VIDEO I Sri Lanka Latest News

Next Post

මාස 6ක් එක දිගට ගහනවා – ඉරානය ! ට්‍රම්ප්ට යුරෝපයේ සහායත් නෑ ! ඊශ්‍රායලය තනිවෙන ලකුණු ! යුද්ධය ඉවර වෙන්නේ නෑ ! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.