• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

July 11, 2026
in Astrology
Reading Time: 3 mins read
A A
ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 ජූලි මස 12 වැනි ඉරිදා සිට ඉදිරියට එළඹෙන දින හතක කාලය ග්‍රහ මණ්ඩලය තුළ සුවිශේෂ ග්‍රහ ගෝචරයන් කිහිපයක් සිදුවනු ඇති. ඒ අනුව රවි ග්‍රහයා කටක රාශියටත්, චන්ද්‍රයා රාශි තුනකටත් ගෝචර වීමට සූදානමින් සිටී. එසේම සතිය ආරම්භයේදී කුජ වෘෂභයේත්, බුධ මිථුනයේත්, ගුරු කටකයේත්, සිකුරු සිංහයේත්, ශනි මීනයේත්, රාහු කුම්භයේත්, සිංහයේත් ගෝචරව සිටී. Sri Lanka Latest News

මෙම ග්‍රහ තත්ත්වය අනුව විමසා බැලීමේදී මෙම සතිය තුළ රට තුළ යම් සාමකාමී ස්වරූපයක් නිර්මාණය වුවද ආන්දෝලනාත්මක කාරණා සම්බන්ධ තීන්දු තීරණ කතාබස් ඇතිවීමේ ඉඩක් පෙන්නුම් කෙරේ. එසේම හිතාමතා වැඩ නොකරන සහ දුරදිග නොසිතා වැඩ නොකිරීම නිසා සිදුවන හදිසි අනතුරු සම්බන්ධ පුවත් අසන්නට සිදුවිය හැකිය. ලෝකයේ විශේෂිත පුද්ගලයන් අපහසුතාවට පත්වීමටද ඉඩකඩ තිබේ. එසේම හදිසි අනතුරු, විපත් ඇතිවීමේ අවදානමක් ඇති බැවින් වැටෙන ගැටෙන අංශවල රාජකාරි කරන පිරිස් ප්‍රවේසම් විය යුතුය. මෙම ග්‍රහ තත්තවය යටතේ ලග්න වශයෙන් ගත් විට,

මේෂ ලග්නය – මුදල් සම්බන්ධ කතා
මිල මුදල්, ධන ලාභ ගැන කතාබස් ඇතිවනව අතර, ඇතැම් විට හදිසි මුදල් ලැබීමකට ඉඩ ඇත. කතාබහේදී ඉතා ප්‍රවේසම් විය යුතුය. කේළාම්, ඕපාදූප ආදිය නිසා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. මිතුරෙකු හෝ ඥාතියෙකු හදිසියේ ඔබ සොයා පැමිණේ. ගමන් බිමන්වලින් වාසි අත්වන සතියකි. ඔබේ ගුණ ගැන කතාබස් ඇතිවේ.
වෘෂභ ලග්නය – දියුණුවට තීරණ
අන් අය සමග කටයුතු ප්‍රවේසමෙන්. තම තත්ත්වයට නොගැළපෙන අයගෙන් චෝදනා එල්ල විය හැකි සතියකි. කෙසේ නමුත් සතිය මැදදී සියල්ල වෙනස් වන අතර, නොසිතූ ජයග්‍රහණ සහ විශේෂ වරප්‍රසාද ලැබෙනු ඇත. තමාගේ දියුණුවට හේතු වන තීන්දු තීරණ කිහිපයක් සති අගදී ගන්නට සිදුවේ. ඔබේ සිතේ කලක සිට තිබූ බලාපොරොත්තුවක් ඉටුවන බවට ඉඟි පළවන සතියකි.
මිථුන ලග්නය – සුබ ආරංචියක්
සිතට සහනය දැනෙන සතියකි. වෙනදාට වඩා ඔබ තුළින් ආකර්ෂණීය බවක් ඉස්මතු වේ. සිතට සතුට ගෙනදෙන ගමන් බිමන්වලටද ඉඩ තිබේ. හිතවතුන් සමග ප්‍රිය සාද යෙදෙනු ඇත. තනියම හුදෙකලාවී සිටින්නට සිතෙන සතියකි. නිවාස සම්බන්ධ කතාබස්, තරග විභාග ආදියෙන් වාසි අත්වනු ඇත. තම පවුලේ අයකු ගැන සුබ ආරංචියක් ලැබේ.
කටක ලග්නය – සතිය අගදී වාසියක්
මෙම සතියේ ආරම්භයේදීම නොදැනුවත්කමින් පාඩු සිදුවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. එසේම අතමිට ඇති මුදල් වියදම් වීමට ඉඩ තිබේ. අනවශ්‍ය වියදම්වලට මුදල් යෙදවීම සුබ නැත. ඥාතීන් සමග මත ගැටුම්වලට නොයා යුතුම සතියකි. අන් අයගේ යෝජනා අනුව වැඩ නොකළ යුතුය. සතිය අගභාගයේදී විශේෂ ආර්ථික වාසියකට හේතු යෙදේ. මෙතෙක් තමන්ට නොලැබුණු යමක් හිටිහැටියේ ලැබෙන ග්‍රහ තත්ත්වයක් ඇත.
සිංහ ලග්නය – අලුත් මිතුරන්
ඉතා වාසනාවන්ත සතියකි. මැදිවයස් ස්ත්‍රීන් සමග විශේෂ ගනදෙනු සම්බන්ධතා ඇතිවේ. ලැබෙන්නට තිබූ මුදල් ලැබෙනු ඇත. අලුත් මිත්‍රයන් හඳුනාගන්නට ලැබෙන අතර, එමගින් විශේෂ ආර්ථික වාසිද අත්වේ. දුරබැහැරින් විශේෂ ඇරයුම් ලැබෙන්නට නියමිතය. කලක සිට බලාපොරොත්තුව සිටි දෙයක් ඉටුවේ.
කන්‍යා ලග්නය – දේපළ වාසි
පවුලේ අයගෙන් සහ හිතමිත්‍රයන්ගෙන් හොඳ අසන්නට ලැබෙන සතියකි. එමෙන්ම සිතේ සතුටට හේතු යෙදේ. නව ව්‍යාපාර සහ නව ඉදිකිරීම් සඳහා ඉතා යහපත් කාලයකි. ගමන් බිමන්වලදී විශේෂ මූල්‍ය ලාභ ඇතිවේ. උසස් සහ ප්‍රභූ පුද්ගලයන් සමග ආශ්‍රයටද, ගනුදෙනුවලටද ඉඩ ඇත. මවු පාර්ශ්වයෙන් විශේෂ ලැබීම් ඇති අතර, දේපළ හෝ ධනය ලැබීමක් ගැනද ආරංචි ලැබෙනු ඇත.
තුලා ලග්නය – ඇඳුම් ගැන කතාබස්
මේ සතියේ ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නැතහොත් ඔබ නොකළ දේ සම්බන්ධ චෝදනාවලට ඉඩ ඇත. සතිය මැදදී මෙම තත්ත්වය වෙනස් වන අතර, ඇඳුම් පැලඳුම් සම්බන්ධ කතාබස්ද ඇතිවේ. එවැනි කතා දුරදිග යෑමෙන් අමනාපවීම් සිදුවීමටද ඉඩ ඇත. සතිය අගදී ලොතරැයි දිනුම් පෙන්වන අතර, තම තැන්පත් ධනය වර්ධනයටද අවස්ථා යෙදෙනු ඇත.

වෘශ්චික ලග්නය – රහස් ගමන්
ආහාර සම්බන්ධ සහ උදරය සම්බන්ධ කටයුතුවලට ගැටලු යෙදෙනු ඇත. තරමක් ප්‍රවේසමෙන් කටයුතු කිරීම ඉතා යහපත්ය. දණහිස්, තුණටිය, උදරය ආශ්‍රිත අපහසුතා දැනේ. අධික වියදම් යෙදෙන අතර, නොසිතූ හේතුවලින් සිත් රිදවීම් ඇතිවිය හැකිය. තම සැලසුම් යම් තරමකට වෙනස් කෙරෙන සතියකි. කෙසේ නමුත් මේ සතියේ රහස් ගමනකට හේතු යෙදේ.
ධනු ලග්නය – ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා
වෙනදාට වඩා සැප පහසුවට අවශ්‍ය දේ ලැබෙනු ඇත. නිවාස අලුත්වැඩියාවට, විශේෂ ගමන් බිමන්වලට, නව ව්‍යාපාර ආරම්භයට ඉතා සුබ සතියකි. ස්ත්‍රී පුරුෂ නව සබඳතා ගොඩනැගෙන අතර, පවුලට සම්බන්ධ එවන් අයකුගෙන් විශේෂ ආරාධනාවක් ලැබේ. රහස් සම්බන්ධතා සඳහා අවස්ථා යෙදෙනු ඇත. එමෙන්ම සතිය අගදී වාහන සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවේ.
මකර ලග්නය – බලාපොරොත්තු ඉටුවේ
වියදම් අධික වන අතර, දුර ගමනකට හේතු යෙදේ. තම ව්‍යාපාර සැලසුම්, රැකියා සහ තනතුරු ගැන කතාබස් යටපත් වුවද සතිය අගදී නොසිතූ ආකාරයේ ධන වාසනාවකට හේතු යෙදේ. අලුතින් ව්‍යාපාර ආරම්භයට ඉතා හොඳ වටපිටාවක් සති අගදී යෙදෙන අතර, ඉන් දීර්ඝකාලීන ලාභයකට මගපෑදේ. මෙතෙක් කලක් ඔබ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉටුවනු ඇත.
කුම්භ ලග්නය – හිතවතුන්ගෙන් උදව්
ඔබ සොයා අමුත්තන් පැමිණෙන සතියකි. ඇතැම් විට විදෙස්ගත මිතුරන්ගේ පැමිණීමක් සිදුවනු ඇත. අලුත් ඇඳුම් තෑගි ලැබේ. ව්‍යාපාර කරන අයට නව ආයෝජන අවස්ථා උදාවන අතර, රැකියා කරන අයට තනතුරු උසස්වීම් යෙදේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් විවිධ යෝජනා ලැබේ. හිතවත් අයගේ උදව් ගත හැකි හොඳ සතියකි.
මීන ලග්නය – බාධා මගහැරේ
බලාපොරොත්තු කිහිපයක් ඉටුවන බවට ඉඟි පළවේ. ගමන් බිමන්වලින් වාසි සහ ලාභ ලබාගත හැකිය. විශේෂ ප්‍රභූ පුද්ගලයන් හමුවීමට අවස්ථා යෙදෙන අතර, ඉන් නොසිතූ වාසිද අත්වේ. ජීවිතයේ සුවිශේෂ වෙනස්කම් රැසකට යෙහ්තු යෙදෙන අතර, මහා ධන සම්පතකට මගපෑදෙනු ඇත. මෙතෙක් කලක් පැවැති බාධා මගහැරී යන සතියකි.

ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂ පර්යේෂක
ජ්‍යොතිෂ පුවත්පත් රැසක හිටපු කර්තෘ
ජේ.එන්.කේ. රත්නායක
යටිගල්ඔළුව.
0777579404

SendShareShare
Previous Post

නිවාස අඩස්සිය සූදානම්! මුලින්ම දාන්නේ කාවද? කකුලට දාන විද්‍යුත් වළල්ලක් එනවා! Sri Lanka Latest News

Next Post

ඇමෙරිකාවෙ ඉන්න රාජපක්ෂ කෙනෙක් ලංකාව ඉල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News
Astrology

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

Sri Lanka Latest News
Astrology

ලග්න රැසකට සුපිරි දින හතක්…! ලග්න කිහිපයකට වාසනාව අත ළඟටම…! සති අගදී බොහෝ දෙනකුට වාසනාව…! ලග්න කිහිපයකට තීරණාත්මකයි…! 2026 ජූලි 05 සිට 11 වැනිදා දක්වා සඳු රාශි තුනකට – බුධ රාශි දෙකකට ගෝචර වෙද්දී ග්‍රහ මණ්ඩලය තුළ ප්‍රබල යෝග පොකුරක්…! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Astrology

ලග්න පහකට විශේෂ ලැබීම්! ලෝක ජනතාවට සතුටට හේතු! අධ්‍යාපන අංශය ගැන කසුකුසුවකුත්! කාන්තාවන් ගැනත් කතාබස්! Sri Lanka Latest News

Load More
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වූ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

Read more
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.