අප වෙත එවූ කේන්ද්‍ර පරීක්ෂාව ඇසුරෙන් ‘මිස් මගේ විවාහය තාම උනේ නෑ. මිස් මගේ විවාහය පරක්කු ඇයි? මගේ කේන්දරේ කුජ – ශනි 7 ඉන්නවා. මට විවාහයක් වෙන්නේ කවදද? කරන්න කියපු වත්පිළිවෙත් නම් කළා. ඒත් තාම මට විවාහයක් සිද්ධ උනේ නෑ. ඒ වෙනුවෙන් තවත් කරන්න දේවල් තියෙනවද? මිස් මගේ කේන්දරේ විවාහ දෝෂ තියෙනවා. මට විවාහයක් සිද්ධ වෙනවද? නැද්ද?’ මේ විදියේ ප්‍රශ්න ගැටලු තියෙන (කේන්ද්‍ර පරීක්ෂාවකට යොමුකළ පසුව) නිවැරැදි දැනුවත් කිරීම් ගණනාවක් අප වෙත යොමුවූ බැවින් එවැනි වූ ගැටලුවලට විසඳුම්, පිළියම් සොයන ඔබට මේ ලිපිය වැදගත් වේවි කියා ඔබගේ දැනුවත් වීමටත්, අනිසි බියක් ඇතිකර නොගැනීමටත් මෙම ලිපි පෙළ ඔබට වැදගත් වනු ඇත. Sri Lanka Latest News
ඔබගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ කුජ ග්‍රහයා 1-2-4-7-8-12 යන ස්ථානයක තැන්පත් වී සිටින්නේ නම් එය ජ්‍යොතිෂයට අනුව කුජ දෝෂය, විවාහ දෝෂය, භෞම දෝෂය ලෙස හැඳින්වෙන බව ඔබ මේ වනවිටත් හොඳින්ම දැනුවත්වී ඇති කියා මම හිතනවා. ඒ වගේම කුජ ග්‍රහයා සමග ශනි ග්‍රහයා මෙකී ස්ථානවල තැන්පත්වීමත් විවාහ දෝෂයක් ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. එවිට එම දෝෂ තත්ත්වයන් විවාහ දෝෂ, ශනි මංගල දෝෂ, භෞම දෝෂ ආදී විවාහ දෝෂ මෙන්ම විවාහ ඵල අඩුවීම, යුගදිවි බාධා, කල් පවතින ලෙඩ රෝග මෙන්ම ලෞකික ආශාවන් තරමක් දුරට බැහැර වූ අයකු ලෙස කටයුතු කිරීමටත් බොහෝ විට පෙනීයන කාරණාවක් වනු ඇත.
මෙවැනි කේන්ද්‍ර සටහන් හිමි ජන්මියා තුළ අන් අයට සාපේක්ෂව ගත් කල ඉතා ප්‍රබල ආත්ම විශ්වාසයක්, ඒ වගේම තරහ යෑමක්, කලහකාරී බවක්, මෙන්ම සෞම්‍ය ගතිය තරමක් දුරට අඩු බවක් පෙනීමත් ඉතා සුවිශේෂ වන්නේය. ඒකට හේතුව කුජ ග්‍රහයා ග්‍රහ ලොවේ සෙන්පතියා මෙන්ම එඩිතර ග්‍රහයා වන නිසාය. ඒ අනුව ගත් කල ලග්නයේ කුජ සිටී නම් දැඩි තීරණ ගැනීම, ඉක්මන් කෝපය, මුරණ්ඩු කඩිසර අයකු වීමද,
2 වැන්නේ කුජ සිටි විට, වචනවල අසංවර බව, කියන දේ කෙළින්ම කියන, වේගවත් වචන හසුරුවන අතර, පවුල තුළ නිතර අඩදබර වන වචන පිටවීමද,
4 වැන්නේ කුජ සිටි විට, ගෘහ ජීවිතය තුළ සතුට සාමය අඩු වීම, පවුලේ අය සමග ගැටුම් මතභේද ඇතිවීම, මානසික සුවය අඩුවන අවස්ථා වැඩි වීමද,
7 වැන්නේ කුජ සිටි විට, තම සහකරු හෝ සහකාරිය සමග නිතර ආරවුල් අඩදබර ඇති වීමට ඉඩ යෙදීම, දෙදෙනාගේ අදහස් අනුව මත ගැටුම් දුරදිග යෑම (නීති කටයුතු දක්වා ගෙනයෑම), විවාහයේදී ඉවසීම, දුරදිග බලා කටයුතු කිරීම අඩුවෙන් සිදුවීම නිසා නීතිමය පියවර දක්වා දුරදිග යෑම වැනි දේ සිදුවීම, දෙදෙනාගේ ආකර්ෂණය අඩුවීම, එකිනෙකාව රුස්සන්නේ නැති ස්වභාවයක් මතුවීම,
8 වැන්නේ කුජ සිටි විට, සහකරුගේ ආයුෂ ගැටලු ඇතිවීම, විවාහයෙන් පසු කායික දුබලතා මතුවීම, රුධිර සංසරණ අක්‍රමිකතා ඇතිවීම, විවාහ සතුට හීන වීමට කටයුතු යෙදීමද,
12 වැන්නේ කුජ සිටි විට, විවාහ සැපය යුගදිවි සතුට හීන වී යෑම, අනවශ්‍ය වියදම් සඳහා වැයවීම, හිතුමනාපයට නිතර කටයුතු කිරීම, විවාහය පිළිබඳ කලකිරුණු අත්විඳීම්වලට මුහුණ පෑමට සිදුවීම ආදියද ජන්මියාට මුහුණ පෑමට සිදුවන බව ජ්‍යෙතිෂය ඇසුරෙන් හෙළිදරව් වේ.
එයට හේතුව ලෙස සැලකිය හැක්කේ මෙම කුජ දෝෂ තත්ත්වයන් ඇති ජන්මියා තරමක් රළු ආවේගශීලී ඇවතුම් පැවතුම් ඇති නිසාවෙන්ද, තමාටම අවශ්‍ය වන පරිදි කටයුතු වෙන්න ඕනේ කියන ඒකාධිපති පාලන මතය නිසාද, තම සහකරු හෝ සහකාරිය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඉවසීමක් ඇති නොකර ගැනීම තුළින් විවාහ දිවියේ අසාර්ථකත්වය උසාවිය දක්වා ගෙන යෑමට තරම් කරුණු කාරණා දුරදිග යෑමට පවා ඉඩකඩ යෙදීම මෙයට හේතුව ලෙස ජ්‍යොතිෂ ඇසට අනුව පෙනීයන ප්‍රබල කාරණාවී ඇති බව මේ වනවිට කේන්ද්‍ර පරීක්ෂාවන්හි යෙදුණු අත්දැකීම් අනුව ඉතා පැහැදිලි වූ කරුණු කාරණා වන්නේය. මෙකී තත්ත්වයන් වෙනස් වන අවස්ථාද ජ්‍යොතිෂය ඇසුරෙන් පැරැණි ඍෂිවරුන් අපට පෙන්වා දී ඇත්තේ දැවෙන තැවෙන ගැටලු ප්‍රශ්නවලට ජ්‍යොතිෂ ඇසින් පිළිතුරු වශයෙන්ය.
පැරැණි ඍෂිවරුන් පවසා ඇති පරිදි මෙකී දෝෂ තත්ත්වයන් වෙනස් වන පිහිටීම් බොහෝ ඇත. මෙවැනි ප්‍රබල කේන්ද්‍ර පිහිටීම් තුළ විවාහ දෝෂ භංග අඩු වීම, අහෝසි වී ශුභ ඵල උදාකර ගැනීමට හැකි වන පරිදි යෙදී තිබීම ඉතා වැදගත් වනු ඇත.
එම දෝෂ භංග වන අයුරු නම්,
- කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චව ශුභ නැකැතක ශුභ දෘෂ්ටි ලැබ පාපකාරී නොවී යෙදීම, නැකැත් බලය යෙදීම මෙම දෝෂ තත්ත්වය අවම වේ.
- ගුරු ග්‍රහයා ශුභව පිහිටීම. ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියට හසුවීම. මෙකී දෝෂ තත්ත්වය අවම වේ.
- දෙදෙනාගේම කේන්ද්‍ර සටහනේ කුජ ග්‍රහයාගේ පිහිටීම මෙකී දෝෂ සහිත භාවයේ තැන්පත්වී සිටීම.
- යෝගකාරක ග්‍රහයකු ලෙස කුජගේ ශක්තිය ප්‍රබලව පිහිටීම.
- ශනි-රාහු යෝග වී මෙකී භාවයන්හි තැන්පත් වීම සහ ගුරුගේ බලවත් වීම, ශුභ දෘෂ්ටි ලැබීම.
- හත්වැන්න දෝෂවලට හසු නොවීම
මෙකී තත්ත්වයන් නිවැරැදි කේන්ද්‍ර පරීක්ෂාවකින් පසු කිව හැකි වන අතර, එවැනි වූ දෝෂවලට නිවැරැදි ග්‍රහ පූජා විධි, වත්පිළිවෙත් ක්‍රම, ග්‍රහ දාන, ග්‍රහ ශාන්ති කර්ම, සෙත්කවි කාව්‍ය රචනය කිරීම, සුදුසු ලෙස කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් පසු ඒ සඳහා සුදුසු යන්ත්‍ර පැලඳීම ආදී දෝෂ තත්ත්වයන්ට සුදුසු ක්‍රමවේද නිවැරැදි ලෙස අවබෝධයෙන් කරගැනීම තුළින් මෙකී පීඩාකාරී තත්ත්වයන් අවම කරගෙන ජීවිතය සාර්ථක කරගත හැකි බව මා මෙහි සඳහන් කරනුයේ නිවැරැදි ශාස්ත්‍රානුකූල ක්‍රමවේද හරහා ඔබ දැනුවත් වීම ඉතා ඵලදායී වන කටයුත්තක් ලෙසිනි.
ඉතින් විවාහ දෝෂ විවාහ ගැටලුවලට ඔබත් මුහුණ දෙන අයෙක්ද? ඔබගේ විවාහ සාර්ථක කරගැනීමට මෙවැනි කේන්ද්‍ර සටහනක් හිමි ඔබ තමාගේ ආවේගශීලී හැඟීම් සිතුවිලි පාලනය කරගත හැකි අතර, ආධ්‍යාත්මික ශක්තිය වඩවඩාත් ඉහළ මට්ටමක ගෙන ආ යුතුය. එවිට මෙකී තත්ත්වයන් මනා අවබෝධයෙන් පාලනය කරගැනීමටත් ජ්‍යොතිෂය ඇසුරින් ඔබේ ජීවිතය ආලෝකවත් කරගැනීමටත් ඔබට හැකිවනු නියතය. එසේ ඔබේ දිවිය ඔබ ආලෝකවත් කරගැනීමට සැබැවින් ඔබ දක්ෂයකු විය යුතු නොවේද? මෙවන් වූ හරබර ලිපි ඇසුරින් ඔබේ ජීවිතයට එන බාධා ජයගැනීමට ඔබට අත්වැලක් වීමට අප සූදානම්. නැවත මෙවන් වූ ලිපි පෙළකින් ඔබේ දිවි ගැටලුවලට පිළිතුරු රැගෙන එනතෙක් ඔබට සියලු යහපත උදා වේවා…

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391










