අද රටේ බුද්ධි ගලනය වැඩි වෙලා
මේ ගැටලු මැද ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස විසදුම් රැසක් ඉදිරිපත් කිරිමට කැමති බවත් මේ යටතේ භාණ්ඩාගාරයේ ඇති අතිරික්ත මුදල් සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලෙසත් 2025 අප රටට ඇ. ඩොලර් බි. 3.2ක ආදායමක් මේ නිසා ලැබුණු බවත් අද වන විට සංචාරක ක්ෂේත්‍රය කඩා වැටෙමින් පවතින නිසා මේ ගැන සිතිය යුතුබවත් අද බුද්ධි ගලනය සිදුවන බවත් පේරාදෙනිය වි.වි. අනුව රාජ්‍ය විශ්වවිද්‍යාවල උපාධිධාරීන් 50%ක් ස්ථිර ලෙස රට අතහැර යන බවත් වෛද්‍ය ඉංජිනේරු කෘෂිකර්ම ක්ෂේත්‍රවල 80%ක් ස්ථිර ලෙස රට අතහැර යන නිසා බදු බර අඩු කළ යුතු බවත් මේ වෘත්තීයවේදීන්ගේ වේතන ඉහළ දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News
දැන්වත් IMF එක සමග සාකච්ඡා කරන්න
දැන්වත් IMF එක සමග සාකච්ඡා කර නව ගිවිසුමකට යා යුතු බවත් ප්‍රාථමික ශේෂය 2.3 තබා ගෙන මේ ඛේදවාචකයට මුහුණ දිය නොහැකි බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් දුප්පත්කම ගැන ප්‍රශ්න අහන විට රජයට උත්තර සපයන්න නොහැකි වුවත් මේ ක්ෂේත්‍රයේ ඇමතිවරයා දුප්පත්කමට විසදුම් සොයන්න යොදා ඇති බවත් අප රටෙන් 1/3ක් දුප්පත් බවත් මෙය තවත් වර්ධනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පරාටේ නීතිය අහෝසි කරන්න
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක පරාටේ නීතිය වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවන ලෙසත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නියෝජනය කරන මේ අය අප රටේ කොදුනාරටිය වැනි නිසා පරාටේ නීතිය නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දිට්වා නිසා ගොවිබිම් රැසක් විනාසයි. දෙනවා කිව්ව සහන අදටත් නෑ
දිට්වා සුළි කුණාටුවෙන් අප රටට ඇ. ඩොලර් බිලියන 4.1ක් හානියක් සිදුව ඇති බවට මූලික අධ්‍යයනයෙන් පෙනී යන බවත් දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක් වුවත් තවමත් ටකරමට දෙනවා කියූ ලක්ෂ 10 සහනාධාරය නොමැති බවත් මන්දපෝෂණය වැඩි වී ආහාර සුරක්ෂිතභාවය අඩුවී එළවළු මිල 100% සිට 350% දක්වා වැඩි වී ඇති බවත් හෙක්ටයාර 108000ක් කුඹුරු විනාශ වී සෙසු ක්ෂේත්‍ර භෝගවල හෙක්ටරයාර 11000ක් ද බඩඉරිගු හෙක්ටයාර 6600ක් විනාශ වී ඇති බවත් පොහොරවල මිල පවා මේ අවස්ථාවේ මිල ඉහළ ගොස් ඇති නමුත් රජයට උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ තේ වෙළෙදපොළ බහුතරයක් මැදපෙරදිග. ඒ ගැන හිතන්නම වෙනවා
මේ වන විට ගෝලීය තෙල් මිල 60%කින් වැඩිවීම නිසා ලංකාවේ ආනයන බිලට ඩොලර් මිලියන 400ත් 500ත් අතර ප්‍රමාණයක් වැඩි වී ඇති බවත් මේවායින් සංචිතවලට බලපෑම් සිදුවන බවත් මේ මොහොතේ වෙළෙදභාණ්ඩවල වෙළෙද හිගය වර්ධනය වන බවත් ජංගම ගිණුමේ අතිරික්තය පහළ යන බවත් පිරිවැය නිසා තල්ලුවන උද්ධමනය වර්ධනය වන බවත් අප රටේ තේ වෙළෙදපොළ බහුතරයක් මැදපෙරදිග බවත් ඇගලුම් ක්ෂේත්‍රයට පවා මරු පහරක් එල්ල වී ඇති බවත් සෑම පැත්තකම පිරිවැය වැඩිවි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට විරුවන් ගැන රජය මීට වඩා සැලකිලිමත් විය යුතුයි
ලක්ෂ 10කට වැඩි ශ්‍රමිකයන් මැදපෙරදිග කලාපයේ සේවය කරන බවත් 2025 ඩොලර් බිලියන 7.8ක් මොවුන් ලබා දුන් බවත් මෙය විනිමය ස්ථායීකරණයට වැදගත් බවත් මේ ලක්ෂ 10 ශ්‍රමිකයන්ගේ සුබසාධනය ගැන ජිවිත සුරක්ෂිතභාවය ගැන රජය කටයුතු කළ යුතු බවත් යුද්ධය නිසා මේ අය ගෙන්වන්නේ නම් වන්දි ගෙවිය යුතු බවත් 90 දශකයේ මේ ආකාරයෙන් ගල්ෆ් යුද්ධයෙන් අවතැන් වූ අප රටේ ජනතාව නැවත අප රටට ගෙන්වා වන්දි දුන් නිසා ඒ ක්‍රමය දැන් පවා අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
භාණ්ඩාගාරයේ ඇති අතිරික්ක මුදල්වලින් ජනතාවට සහන දෙන්න
භාණ්ඩාගාරය පිරි ඉතිරි ගිය මුදලින් රටේ ජනතාවට සහන පැකේජයක් අවශ්‍ය බවත් සෑම ආදායම් උත්පාදනය කර පිරිසක්ම කඩා වැටී ඇති නිසා මේ අය වෙනුවෙන් සහන දිය යුතු බවත් ඉතිරි කළ බිලියන ගනන් මුදල් ජනතාවට සහන දිය යුතු බවත් 2025 ජුනි මාසයේ සිට යුද්ධය එනවා කියා පූර්ව නිගමන ආ නිසා මේ ගැන රජය කලින් සුදානම් වුවා නම් කටයුතු කළ හැකිව තිබු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආසියාවේ සතුට අඩුම රට ලංකාව
සතුටුම ජනතාව සිටින රටවල් අතර කළ සමීක්ෂණයෙන් අප රට 133 සිට 134ට අඩු වී 10න් 4ක් ලකුණු ලබා ඇති බවත් අප රටට ඉහළින් බංග්ලාදේශය නේපාලය මියන්මාරය පවා සිටින බවත් ආසියාවේ සතුට අඩු ලංකාව බවත් රටේ ජනතාව සමග සමාජ ගිවිසුමකට ආ රජය මේ ගැටලුවලින් පැන යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.











