2026 ශිෂ්‍යත්වයට තවත් ඇත්තේ හරියටම දින 20කටත් අඩු ප්‍රමාණයකි. මේ වනවිට බොහොමයක් දරුවන්ගේ දැනුම කොතරම්ද යන්න මවුපියන් සහ ගුරුවරුන් නිසි ලෙස හඳුනාගෙන අවසන්ව ඇතුවාට සැකයක් නැත. එනිසාම ඒ ඒ දරුවන් ගැන යම් අනුමානයක් කරන්නට ගුරුවරුන්ට සහ මවුපියන්ට මේ වනවිට හැකියාව ඇතැයි සිතමි. Sri Lanka Latest News
පසුගිය වසරවල විභාග ප්‍රතිඵල බලන විට සමත් වේයැයි සිතූ ඇතැම් දරුවන් අඩු ලකුණු ලබාගත් අවස්ථාත්, අසමත් වේයැයි සිතූ දරුවන් වැඩි ලකුණු ලබාගත් අවස්ථාත් දක්නට ලැබෙයි. එසේ වන්නේ කෙසේද යන්න විමසා බැලීමේදී පැහැදිලිව පෙනීයන්නේ විභාගය පැවැත්වෙන දින පවත්නා ග්‍රහ තත්ත්වය විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ක්‍රියාකාරීත්වයට සහ බුද්ධියට බලපාන බවකි. මෙහිදී සඳුගේ ගමන විශේෂ වෙයි. චන්ද්‍රයා දින දෙකහමාරකට වතාවක් තම රාශිය මාරු කරන්නෙකි. ඒ අනුව අදාළ දිනයේ ග්‍රහ තත්ත්වය අනුවත් ඒ ඒ දරුවන්ගේ මහ දශා අන්තර් දශා අනුවත් වඩාත් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයකි.
යම් දරුවෙකු අධ්‍යාපනයට, ඥානයට උදව් දෙන ග්‍රහයකුගේ මහ දශාවක් අන්තර් දශාවක් ගතවන්නේ නම් එම දරුවාට කලාන්තරයක් පුරා ලැබුණු යහපත් ප්‍රතිඵලය විභාගය දිනයේ චන්ද්‍රයාගේ ස්ථානගත වීම තුළ වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස ගත්විට චන්ද්‍රයා සෙනසුරුගෙන් දෙවැන්නට, අටවැන්නට, දොළොස්වැන්නට වැනි තැනකට යාමත්, එසේත් නැත්නම් ග්‍රහයන් කිහිප දෙනකු ගෝචර වූ රාශියකට චන්ද්‍රයා ගෝචර වීමත් තුළ යම් තීරණාත්මක වෙනස් වීමකට අවස්ථාව උදාවෙයි.
එසේ වූ විට ඉතා දක්ෂ දරුවන් පවා අසමත් වන අවස්ථා උදාවිය හැක. මේ නිසා විභාගයට යෑමට මත්තෙන් දරුවාගේ කේන්දර කලින්ම බලවා ගැනීම යහපත් ක්‍රියාවකි. එවිට අසුබතා කලින් හඳුනාගෙන ප්‍රතිකර්ම කරගැනීමට පහසුව සැලසෙයි.
මේ ආකාරයටම ඔබගේ දරුවාගේ කේන්දරයේ අදාළ දිනයට අසුබතා යෙදේ නම් හොඳම කාරණය කල්තබා ප්‍රතිකර්ම කරගැනීමයි. එවිට විභාගය දිනයේ දරුවාට සාමාන්‍ය වටපිටාවක පිළිතුරු සැපයීමේ භාග්‍යය හිමිනු ඇත.
කෙසේ නමුත් ඔබ මෙලෙස දරුවාගේ අයහපත් ග්‍රහ තත්ත්වයක් වටහා ගත්තේ නම් ඊට ඉතා බලගතු සහ ප්‍රබල බුදු ගුණ ප්‍රතිකර්මයක් මෙසේ දක්වමි.
මේ සඳහා අවශ්‍ය වන්නේ එක සමානව කපාගත් තඹ බෝ පත්‍ර සතකි. එම බෝ පත්‍රවල සබ්බ පාපස්ස ගාථාව පැහැදිලිව ලියා පසුව එම බෝ පත්‍ර දරුවාගේ නමට වේලාවට ලග්නයට බලගන්වාගත හැකි නම් ඉතා යහපත්ය. කෙසේ නමුත් ඔබ මෙලෙස කපාගත් බෝ පත්‍ර හත සබ්බ පාපස්ස ගාථාවෙන් නිසි ලෙස 1008 වර බැගින් බලගන්වා ගන්න. එම කටයුත්ත කරන විට දරුවාට වඩාත් ගැළපෙන නැකතක එම කටයුතු කිරීම වඩාත් යහපත්ය. එසේ බලගන්වා නිසි ලෙස පිළියෙල කරගත් තඹ බෝ පත්‍ර නූල්පටක ගැටගසා බෝධියක දවටා සුදුසු පරිදි බෝධි පූජාවක් තබා තම අවශ්‍යතා සිහිපත් කිරීමෙන් දරුවා ඉන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්නා බව අප අත්දැකීමෙන් දනිමු.
කෙසේ නමුත් මෙම බෝපත්‍ර සැකසීමට පෙර අදාළ දරුවාගේ වර්තමාන දශාවන්, අන්තර් දශාවන් සහ ග්‍රහ තත්ත්වයන් ගැනද සැලකිලිමත් වන්න. මේ පිළිබඳ ඔබට අවබෝධයක් නොවේ නම් මේ සම්බන්ධ දැනුමක් ඇති අලස නැති ජ්‍යොතිෂවේදියකු ලවා දරුවාගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන අදාළ කටයුතු කරගන්න.
මෙය 100%ක් ප්‍රතිඵල ස්ථිර පූජාවකි. ඒ නිසා ඉතා භක්තියෙන් යුතුව මෙම පූජාව කිරීම ඉතා යහපත්ය.
ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂ පර්යේෂක
ජේ.එන්.කේ. රත්නායක
යටිගල්ඔළුව.
0777579404











