• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

July 18, 2026
in Astrology
Reading Time: 5 mins read
A A
මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Share on WhatsAppShare on Facebook

2026 ජූලි 19 වැනිදා සිට 25 වැනිදා දක්වා දින හතක කාලය තුළ ග්‍රහ තත්ත්වය විමසීමේදී රවී කටක රාශියේත්, සඳු කන්‍යා රාශියේත්, කුජ වෘෂභ රාශියේත්, බුධ මිථුන රාශියේත්, ගුරු කටක රාශියේත්, සිකුරු සිංහ රාශියේත්, ශනි මීන රාශියේත්, රාහු කුම්භ රාශියේත්, කේතු කන්‍යා රාශියේත් ගෝචරව සිටියදී සතිය ආරම්භ වෙයි. ඒ අනුව මෙම සතිය තුළ ඔබට සහ රටට කෙසේද යන්න විමසා බැලීමේදී ලෝකයේ තරමක් සාමකාමී නිහඬ තත්ත්වයක් පෙන්නුම් කරනු ඇත. එහෙත් ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන්ට සහ ආයතනවලට යම් අර්බුදකාරී කාරණාවලට මුහුණ දීමට සිදුවනු ඇත.

තාක්ෂණික අංශයෙන් දියුණු නව නිර්මාණ ගැන අසන්නට ලැබෙන කාලයකි. ප්‍රධාන පෙළේ රටකින් හදිසි අනතුරු ගැන අසන්නට ලැබෙන අතර, එය ලෝකයේ උතුරු දිශාවෙන් පිහිටි රටක් විය හැකිය. එමෙන්ම ලෝකයේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගම් හෝ ආයතන තුළ යම් ගැටලුකාරී තත්ත්වය ඉස්මතු වනු ඇත. එවැනි පුවත් අසන්නට ලැබෙන කාලයකි.

ලංකා කේන්දරයට අනුව විමසීමේදී රට තුළ යම් යම් ගැටලුකාරී තත්ත්ව යළි ඉස්මතු විය හැකි ග්‍රහ තත්ත්වයක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම ලෙඩ රෝග සම්බන්ධ ආරංචි අලුත් විය හැකි බැවින් ජනතාව ප්‍රවේසම් වීම වැදගත්ය. ඒ වගේම හදිසි අනතුරු සම්බන්ධ පුවත් ඇසෙන කාලයකි. විශේෂයෙන්ම ඉන්ධන සහ ගෑස් සම්බන්ධ කාරණා ගැන ජනතාව තුළ උනන්දුවක් හෝ කතාබහක් ඇතිවිය හැක. කෙසේ නමුත් සතිය අවසන් කාලයේදී පැරැණි සහ යටපත් වූ පුවත් යළි කතාබහට ගැනෙන්නටත්, ඉතිහාසය, පුරාවස්තු හෝ ඊට සමාන කාරණා ගැන කතාබහක් ඇතිවීමටත් ඉඩ ඇත.

ඉහත ග්‍රහ තත්ත්වය අනුව විමසීමේදී ඒ ඒ ලග්නවලට කෙසේදැයි විමසා බලමු.

මේෂ ලග්නය – ප්‍රවේසම වැදගත්
සතිය ආරම්භයේදී තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙයි. අනවශ්‍ය ප්‍රශ්න, අනවශ්‍ය වියදම් මෙන්ම මූල්‍ය පාඩුද සිදුවිය හැකි සතියකි. එමෙන්ම ඥාතීන් අතර අසමගිකම් ඉතා සමීප හිත මිත්‍රයන් අමනාප වීම මෙන්ම දුරබැහැර ගමන්බිමන් යෙදීමටද ඉඩ ඇත. ණය ගනුදෙනු සම්බන්ධව යම් යම් කතාබස් ඇතිවන කාලයකි. විශේෂයෙන්ම ශරීරයේ විවිධ අපහසුතා සඳහා ප්‍රතිකාර ගන්නට සිදුවිය හැකිය. නහර සම්බන්ධ අපහසුතා සහ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා කෙරෙහි විවිධ බාධා පැමිණෙනු ඇත. පපුව ආශ්‍රිත වේදනාවලින් සහ කැස්ස වැනි අපහසුතාවලින් ප්‍රවේසම් වීම වැදගත්ය. සතිය අගභාගයේ මෙම තත්ත්වයේ යම් වෙනසක් සිදුවන අතර සුළු සුළු මුදල් ලාභ සහ ගමන් බිමල් සම්බන්ධ ආරාධනා ආරංචි ලැබෙනු ඇත.

වෘෂභ ලග්නය – දියුණුවට හේතු
ඔබට මෙම සතිය තුළ උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබාගත හැක. විශේෂයෙන්ම පවුලේ අයගේ උදව් උපකාර ලැබෙන අතර, උසස් සහ ප්‍රභූ පැලැන්තියේ විශේෂ ලැබීම් යෙදෙනු ඇත. හදිසි ධන ලාභ යෙදීමෙන් අතමිට සරුවන කාලයකි. එනිසා ලොතරැයි මිලට ගැනීමට හෝ ඊට සමාන කටයුතුවලින් වාසි අත්වේ. සතුරන් පරදා ජය ලැබිය හැකි කාලයකි. රැකියා ස්ථාවලින් විශේෂ වරප්‍රසාද ලැබෙනු ඇත. ආශ්‍රයට සුදුසු අය හමුවන සතියකි. හැම අතින්ම යහපත් කාලයකි. අනාගත දියුණුවට මග පෑදෙනු ඇත.

මිථුන ලග්නය – විශේෂ වාසි
රාජ්‍ය අංශයෙන් විවිධ චෝදනා අපවාද ප්‍රශ්න ඇතිවීමට හෝ රාජ්‍ය අංශයට සම්බන්ධ ආයතනවලින් විවිධ ආරංචි ලැබෙන්නට හැකි කාලයකි. කෙසේ නමුත් දුරබැහැර ගමන් යෙදෙනු ඇත. හිත තරමක් අහංකාර වේ. ඒ නිසා පාඩු සිදුවිය හැකි කාලයකි. අනාගත දියුණුවට කරන වැඩකටයුතු කෙරෙහි යහපත් තත්ත්වයක් පෙන්වයි. දුරබැහැර සිටි ඥාතියෙකු, මිතුරෙකු ඔබ සොයා පැමිණේ. අමුතු වැඩ කිරීමට සිතෙන කාලයකි. කලකට පෙර ඔබට ලැබෙන්නට තිබූ මුදලක් ඔබට ලැබෙන්නට නියමිත අතර, ඒ පිළිබඳ උනන්දු වන්න. නව ආයෝජන සහ මූල්‍ය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇත. සතිය අගදී විශේෂ ආර්ථික වාසි අත්වනු ඇත.

කටක ලග්නය – නව සබඳතා
සතිය ආරම්භයේදීම තම අරමුණු කිහිපයක් ඉටුවන බවට ආරංචි ලැබෙනු ඇත. ඉඩකඩම් සම්බන්ධ වාසි සහ ලාභ ලැබෙන කාලයකි. මෙතෙක් ලැබෙන්නට තිබූ මුදලක් හදිසියේ ලැබීම නිසා සිතට සතුට ඇතිවේ. එමෙන්ම රාජ්‍ය අංශයෙන් මුදල් සහ දීමනා හිමිවන කාලයකි. තමාගේ අවශ්‍යතා කෙරෙහි අන් අයගේ උනන්දුව යොමුවනු ඇත. නව සම්බන්ධතා සහ විශේෂ අමුත්තන් හමුවීමෙන් ආර්ථිකයට වාසි අත්වේ. නව තනතුරු සහ වැටුප් වර්ධක ලැබෙන සතියකි. ගමන් බිමන්වලදී හදිසි ධන ලාභ යෙදේ. අන් සතු ධනයක් හෝ වස්තුවක් ලැබෙන්නට ඉඩ ඇති නිසා අවධානය ඉතා වැදගත් වේ.

සිංහ ලග්නය – ආර්ථික සැලසුම්
කලක සිට සැලසුම් කළ විශේෂ කාරණා සම්බන්ධ හදිසි ආරංචි ලැබේ. ඒවා ඉතා යහපත් මට්ටමේ ආරංචි විය හැක. විශේෂයෙන්ම නව ව්‍යාපෘති සහ වැඩසටහන් ගැන සතුටුදායක පුවත් ලැබෙනු ඇත. මෙතෙක් කලක් නොලැබුණු එහෙත් ඔබට ලැබිය යුතු මුදලක් ඔබ අතට පත්වේ. එමගින් හදිසි වෙනසකට හේතු යෙදෙනු ඇත. නව සිතුවිලි පහළ වන අතර, ස්ත්‍රී පුරුෂ සබඳතා තර වන සතියකි. කලබලයට කරන කටයුතු කෙරෙහි සිත යොමුවිය හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී වීම වැදගත්ය. සෑම අතින්ම ලැබීම් සහිත සතියක් බැවින් තම අරමුණු ජයගැනීමට උත්සාහවන්ත වීම ඉතා වැදගත්ය. සති අග විශේෂ ලැබීම් සහිතය. සිත් සතුටට හේතු යෙදේ. විවිධ ක්‍රමවලින් වාසි අත්වනු ඇත.

කන්‍යා ලග්නය – ඥාතීන්ගෙන් උදව්
දිගු කලක සිට සැලසුම් කළ කටයුත්තක් සාර්ථක කරගන්නට අවස්ථාව උදාවෙයි. නව ආයෝජන සඳහාද අවස්ථා හිමිවන අතර, විශේෂ මූල්‍ය වාසිද හිමිවනු ඇත. රැකියා ස්ථානවල තිබූ ප්‍රශ්න විසඳන්නට අවස්ථාව ලැබේ. මිතුරන්ගෙන් විශේෂ උදව් ලැබෙනු ඇත. ගැටෙන වැටෙන වැඩ ප්‍රවේසමෙන් කළ යුතු සතියකි. එමෙන්ම නව සබඳතා තරවෙයි. දුරබැහැර සිටින අය ඔබ සොයා එනු ඇත. හදිසි මුදල් ලාභ ලැබෙන සතියක් බැවින් ඒ ගැන අවධානය වැදගත්ය. සතිය අගදී සිතේ සතුටට හේතු යෙදේ.

තුලා ලග්නය – ප්‍රවේසම වැදගත්
මේ සතියේ ඉතා ප්‍රවේසම් සහිතව කටයුතු කිරීම වැදගත් වෙයි. වැටෙන ගැටෙන වැඩ සුබ නැත. තැන්පත් ධනය වර්ධනයට අවස්ථා ඇතත් එම කටයුතු විවිධ හේතු නිසා ප්‍රමාද වේ. එනිසා අවධානයෙන් කටයුතු කර එම වාසි අත්පත් කරගන්නට උනන්දු වන්න. රැකියා ස්ථානයේ විශේෂ ලැබීම් ඇත. නව තනතුරු සහ උසස්වීම් හිමිවිය හැකි කාලයකි. ඒ සම්බන්ධ සිත් රිදවීම්ද පෙන්නුම් කරයි. කල්පනාකාරීව කටයුතු කරන්න. විරුද්ධ ලිංගිකයන් සමග සම්බන්ධතා තරකරන සතියකි. සතිය අගදී හදිසි ගමනක් හෝ හදිසි වැඩක් යෙදෙනු ඇත.

වෘශ්චික ලග්නය – බලාපොරොත්තු ඉටුවීමක්
මෙතෙක් කලක් තිබූ බලාපොරොත්තුවක් ඉටුවීමෙන් සිතේ සතුටට හේතු යෙදෙන සතියකි. මුදල් සම්බන්ධ කතාබහක්ද ඇතිවනු ඇත. ව්‍යාපාරයක් ගැන කතාබහක් ඇතිවේ. එවැනි කටයුත්තක් ඇරැඹීමට සිතුවිලි පහළ විය හැකිය. දුරබැහැර ගමනකට හේතු යෙදේ. එම ගමනින් ආර්ථික වාසියක් අත්වනු ඇත. විශේෂ පුද්ගලයන් සමග සාකච්ඡා යෙදෙන අතර එමගින් වාසි අත්වේ. නව සබඳතා ගොඩනැගේ. විශේෂයෙන් රැකියා සම්බන්ධ නව සැලසුමකටද ඉඩ ඇත.

ධනු ලග්නය – ගමන් බිමන්
ධනු ලග්න හිමි ඔබට මෙම සතියේ ගමන් බිමන් අධික කෙරෙන අතර විශේෂ ගමන් කිහිපයක්ද යෙදෙනු ඇත. එමෙන්ම පරණ හෝ අතහැර දැමූ දෙයින් ලාභ ලබාගත හැකි කාලයකි. විශේෂ වාසි සහිත කටයුතු කිහිපයකටම යෑමට අවස්ථාව යෙදේ. රැකියාවේ උසස්වීමක් වෙනසක් සම්බන්ධව තොරතුරු ලැබෙනු ඇත. මෙතෙක් කලක් පැවැති අසනීප සුවවනු ඇත. අලුත් යානවාහන සහ ඉඩකඩම් මිලට ගන්නට හැකිවන කාලයක්ද වෙයි. අලුතින් සැලසුම් කළ යමක් ආරම්භයට අවස්ථාව යෙදේ.

මකර ලග්නය – විශේෂ උත්සව
කලක සිට සැලසුම් කළ උත්සවයකට සම්බන්ධ වීමට අවස්ථාව යෙදෙන අතර ඉන් ආර්ථික වාසියකටද ඉඩ යෙදේ. තමාගේ වුවමනාවට වඩා අන් අයගේ අවශ්‍යතා කෙරෙහි උනන්දු වන සතියකි. නිතර නිතර සිතට වධ දුන් කාර්යයක් අවසන් කරගන්නට ඉඩකඩ යෙදේ. තම හිතවතුන්ගෙන් විශේෂ ආරාධනා ලැබෙනු ඇත. සතිය අගදී හදිසි ධන ලාභ ඇත. ලොතරැයි මිලට ගැනීමට ඉතා සුබ සතියකි. අන් සතු ධනයක් ලැබෙන්නට හේතු යෙදේ. එහෙත් අනවශ්‍ය වියදම්ද අධික වන බව පෙන්වයි.

කුම්භ ලග්නය – කලබල සතියක්
තරමක් කලබලකාරී සතියකි. වැඩකටයුතු බහුල වන බවක් පෙන්වයි. ගමන් බිමන් වාසි අත්වන අතර, නිතර නිතර තම අරමුණු වෙනස් කරන බවද පෙන්නුම් කෙරේ. අතමිට මුදල් ගැවසෙන බැවින් අනවශ්‍ය දේට මුදල් වියදම් විය හැකිය. එහෙත් කල්පනාකාරීව කටයුතු කළහොත් විශේෂ දියුණුවක් අත්කරගත හැකි බවක්ද පෙන්වයි. තමාට ලැබෙන්නට තිබූ මුදල් ලැබෙන අතර අන් අය සමග ගැටුමට නොයා යුතු සතියකි. ඇතැම් විට තමන් නොසිතූ ආකාරයේ ධනයක් ඔබට හිමිවීමටද ඉඩ ඇත. එම නිසා අවධානයෙන් පසුවීම තම වාසියට හේතු වනු ඇත.

මීන ලග්නය – නව රැකියාවකට අවස්ථා
මීන ලග්න හිමි ඔබට නව රැකියා පිළිබඳ බලාපොරොත්තු ඉටුවන සතියකි. එසේම අනාගතය උදෙසා කරන ආයෝජන සඳහාද අවස්ථා යෙදෙන අතර අන් අය සමග කරන කටයුතුවලදී තම වාසියට හේතු යෙදේ. දුරබැහැර සිටින මිතුරන්ගෙන් උදව් ලැබේ. අනාගතය උදෙසා නව සැලසුම් ක්‍රියාත්මක කෙරෙන අතර, ඉන් විශේෂ වාසි අත්වන හදිසි ලාභ මෙන්ම විශේෂ අවස්ථාද හිමිවනු ඇත. නොසිතූ ධන ලාභයකට ඉඩ ඇති බැවින් ඒ ගැනද අවධානයෙන් පසුවන්න. ඉතා සුබ සතියකි. පෙර පින පලදෙනු ඇත.

ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂ පර්යේෂක
ජේ.එන්.කේ. රත්නායක
යටිගල්ඔළුව.
0777579404

SendShareShare
Previous Post

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

Next Post

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

MORE NEWS

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

Load More
ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එළඹෙන 2027 වර්ෂයේ අයවැයේදී ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැවැන්ත මුදල් ප්‍රමාණයක් වෙන්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කොට ඇත. Sri...

Read more
වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.