• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙවියන් ඉන්නේ කොතැනද

September 14, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

එක් දියණියකට රැකියාවේ ඉතා තදබල ලෙස ප්‍රශ්න තිබූ අවධියක මා ඇයට එක්තරා දෙවඟනකට වන්දනා කරන ලෙස උපදෙස් දුන්නෙමි. මගේ උපදෙස් අනුව ඇය එම රූපය නිවෙසේ පහන දල්වන ස්ථානයේ තැබූ බවත්, ඉන් පසු එය නිවෙස ඇතුළත නොතබන ලෙසට තවත් කීප දෙනකු දුන් උපදෙස් මත එය නිවෙසේ පිටත තැබූ බවත් ඉන් පසු බොහෝ කරදර එම දියණියට පැමිණි බවත් ඇය මට පවසා සිටියාය.

පළමු කාරණාව නම් පෘථග්ජන අප ජීවත් වන නිවෙස තුළ තබාගත හැකි හා තබාගත නොහැකි දෙවියන් සිටින බවය. මා එම තැනැත්තියට වන්දනා කරන ලෙස නිර්දේශ කළ දෙවනඟනගේ රූපය නිවෙස තුළ තබා වන්දනාමාන කළ හැකිය. ඇය නිවෙස ඇතුළත තබා වන්දනා කළ රූපය කවරකුගේ හෝ උපදෙස් පිට නිවෙසින් පිටකිරීම ඇය කළ වරදයි. එය එම දෙවියන් පිළිබඳ ඇගේ තිබෙන පැහැදීම ගැන ගැටලුවක් ඇති කරයි. වන්දනාමාන කරන දෙවියන් අනවශ්‍ය ලෙස වෙනස් කිරීම බරපතළ වරදකි. එසේම දෙවියන් වඳින්නට භාවිත කරන ස්තෝත්‍ර හා මන්ත්‍රද අනවශ්‍ය ලෙස වරින්වර වෙනස් කිරීමද වරදකි. එනමුත් එය බොහෝ දෙනා නොදන්නා කරුණකි. පෙර කී තැනැත්තිය එම දෙවනඟනගේ රූපය නිවෙසින් පිටට ගෙන යෑමෙන් පසු ඇයට කරදර ඇති වූ අතර නැවත නිවෙස තුළට ගෙනයෑමෙන් පසු නැවතත් දියුණුවේ මාවතට පිවිසීමට ඇයට හැකි විය. ඇය පළමුවරම එම රූපය නිවෙසින් පිටත තැන්පත් කළේ නම්ද කිසිදු අවැඩක් සිදු නොවේ. නමුත් පසුව කළ ස්ථාන මාරුව ඇගේ දියුණුවේ හරහට හිටි කාරණාවයි.

අද වන විට බොහෝ දෙනා දෙවියන් සමඟ ගනුදෙනු කිරීමට පුරුදු වී සිටිනු දැකිය හැකිය. කලකට පෙර ජ්‍යොතිෂවේදීන්ට දෙවියන් අරහං වී තිබූ යුගයක මා උඩුගං බලා පිහිනුවේ ජ්‍යොතිෂ ප්‍රතිකර්ම ලෙස විවිධ දෙවියන් වන්දනා කිරීම කළ හැකි බව දිගින් දිගටම ලියමිනි. එකල දෙවියන් ප්‍රතික්ෂේප කළ බොහෝ දෙනා අද මටත් වඩා දෙවියන් සම්බන්ධ ප්‍රතිකර්ම කිරීමට මිනිසුන් යොමුකරන අන්දම පෙනෙන්නට තිබේ. එනමුත් දෙවියන් සම්බන්ධව තවමත් බොහෝ දෙනකු තුළ නිවැරැදි අවබෝධයක් නැත. මට හැකි හැම විටම ඒ පිළිබඳ ඔබට යම් අවබෝධයක් දෙන්නට උත්සාහ දරමි. ජ්‍යොතිෂ ප්‍රතිකර්මයක් ලෙස මැණික් යොදාගැනීමට ඇතැමුන් ඔබව පොලඹුවත් එය ඔවුන්ට මනා ධනෝපායන මාර්ගයක් පමණි. නිවැරැදි දේ ඔබට නොලැබෙනවා පමණක් නොව අනවශ්‍ය ලෙස විශාල මුදලක් වැය කිරීමටද ඔබට සිදුවේ. යන්ත්‍ර දැමීමේදීද එය එසේමය. යන්ත්‍ර සාදන්නාට එය සුපිරි ධනෝපායන මාර්ගයකි. නමුත් ඔබට නිවැරැදි යන්ත්‍රයක් නොලැබීමේ සම්භාවිතාව සියයට අනූනවයකි. අනෙකුත් තාන්ත්‍රික ක්‍රමයන් අනුගමනය කිරීම එතරම් විශාල ලෙස මුදල් වියදම් නොකරන නමුත් රාජසික හෝ තාමසික බැවින් අතුරු ප්‍රශ්න ඇති කිරීමට බොහෝ විට ඉඩ තිබේ. දෙවියන් හරහා ඔබගේ අපල දුරුකර ගැනීමේ ක්‍රමවේදය ඒ සියල්ලෙන්ම ඔබට ගැලවීම ලබාදේ. විශාල මුදල් වැයකිරීම් නැත. අතුරු ආබාධ නැත. ප්‍රතිඵල ස්ථිරයි.

විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන් පිළිබඳ කීප තැනක කීප ආකාරයකට ලියා තිබෙනු මා දුටුවෙමි. වෛදික දෙවියකු වන විෂ්ණු දෙවියන් බෞද්ධ සාහිත්‍යයට එක්වූයේ කවර කලකද යන්න නිශ්චිත නැත. වෛදික ත්‍රිමූර්තියේ පැවැත්ම රැකගන්නා වූ දෙවියන් වන විෂ්ණු, එම පැවැත්ම පිළිබඳ සංකල්පය හේතුවෙන්ම බෞද්ධ සාහිත්‍යයට එක්කරගත් බව සිතිය හැකි නමුත් වෛදික මුල් ආකෘතිය බෞද්ධ ඉගැන්වීම්වලට ගැළපෙන සේ යම් යම් කප්පාදු කිරීම් සහිතව එසේ කර ඇති බව පෙනේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් විෂ්ණු දෙවියන්ට පින් දෙන්නේ එබැවිනි. වෛදික විෂ්ණු දෙවියන් ස්ථිර ලෙසම දේවත්වය සහිත අයෙකි. එම නිසා පින් මදිවී නැවත මනු ලොවට වැටෙන කතාවක් එම දෙවියන් සම්බන්ධ නැත. නමුත් බෞද්ධ ඉගැන්වීම්වලට අනුව එය වෙනස්ය. බෞද්ධ ඉගැන්වීම්වල දෙවියන් යැයි හැඳින්වෙන්නේ තම පින් මහිමයෙන් මරණයෙන් පසු දෙව්ලොව ඉපදී තම පින් තිබෙනතාක් දෙව්ලොව සැප විඳ යම්කිසි දවසක නැවත මනු ලොවට කඩාවැටෙන තාවකාලික දේවත්වයක් ලද පිරිසකි. ඒ අනුව බෞද්ධ විෂ්ණුගේ තත්ත්වයද එසේමය. නමුත් ගැටලුවක් පැනනඟින්නේ බුදුන් වහන්සේ බුදු දහම රැකගැනීම එවන් වූ තාවකාලික දෙවියකුට භාරදුන්නේ ඇයිද යන්න පිළිබඳවය. එසේම තාවකාලික දෙවියකුට පැවැත්ම සම්බන්ධ වගකීම පැවරෙන්නේ කෙසේද? ජ්‍යොතිෂයේදී අප ගනුදෙනු කරන විෂ්ණු දෙවියන් එම තාවකාලික දෙවියන් නොව ස්ථිරවම දේවත්වය ලබා තිබෙන බව සැලකෙන වෛදික විෂ්ණු දෙවියන්ය. සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වීම වැළැක්වීමට පැමිණි මාර සේනාව විෂ්ණු දෙවියන් පලවා හැරි බව සඳහන් ලිපියක් මා කියවූ අතර එයින්ද පැහැදිලි වන්නේ විෂ්ණුගේ අමරණීය හෙවත් ස්ථිර දේව තත්ත්වයයි. එම නිසා ජ්‍යොතිෂ ප්‍රතිකර්මවලදී විෂ්ණු දෙවියන් වඳින විට පින් දීමක් අවශ්‍ය නැති බවත්, එසේ පින් දීම දෙවියන්ට කරන නිගරුවක් බවත් මතක තබාගන්න. විෂ්ණු දෙවියන්ට පමණක් නොව වෛදික ජ්‍යොතිෂයේදී අපට හමුවන කිසිදු දෙවියකුට පින් දීමක් අවශ්‍ය නැත. ජ්‍යොතිෂමය ප්‍රතිකර්මයක් ලෙස ඔබ දෙවියන් වැඳීමේදී පින් දෙන්නට උත්සාහ කිරීම ඔබ දෙවියන් නිසි ලෙස හඳුනාගෙන නොමැති බවට සලකුණකි. එසේ දෙවියන් නිසි ලෙස හඳුනා නොගෙන ඔබ දෙවියන්ගෙන් පිහිට පැතීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඔබේ කරුණු ඉටු නොවීම ගැන දෙවියන්ට බැණ බැණ සිටීම පමණි. ඔබව නොමඟ යැවූ ජ්‍යොතිෂවේදියා හා වෙන යම් අයෙක් හෝ එහි වගකීම නොදරනු ඇත.

ජ්‍යොතිෂවේදී ජනක මාධව නවරත්න

SendShareShare
Previous Post

කළණ කොහෙද පනින්න හදන්නෙ

Next Post

බෝරාවරු දවස් 10ක් ‌කොළඹ ‌මොනවද කළේ?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.