කලා ක්‍ෂේත්‍රයට පිවිසීමට උපරිම කැපවීමක් කළ සුවිශේෂී පුද්ගලයෙක් අපට හමුවුණා. පසුකාලීනව ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය හරහා කළණ ගුණසේකර දෙස්-විදෙස් ප්‍රේක්‍ෂක ආදරය දිනා ගැනීමට වාසනාවන්ත වුණා. ඉතින් මේ දවස්වල කළණ ‘අඩෝ’ එක්ක දාන සෙල්ලම මොන වගේද කියලා දැනගැනීමට අපි ඔහුව සම්බන්ධ කරගත්තා.
“අඩෝ” ඉතින් කොහොමද?
“අඩෝ” ඉතින් පටන් අරගෙන වැඩි දවසක් නැහැ තවම. හැබැයි ‘අඩෝ’ සියලුම දෙනා වැලඳගනී.
කළණ ඕස්ටේ්‍රලියාවට පනින්න යන කතාව ඇත්තද?
ඔව් ඔව්. මම ඕස්ටේ්‍රලියාවට පනින්න හදන්නේ “අඩෝ” ටෙලිනාට්‍යයත් එක්ක. මම ජනමාධ්‍යවේදියෙක්ගේ චරිතයක් තමයි එහි නිරූපණය කරන්නේ. ඉතින් බෝට්ටුවෙන් පනින්න හදන ඕස්ටේ්‍රලියා ගමනේදී විවිධ හැලහැප්පීම් සමඟ මම ජීවත් වෙන විදිය දැකබලා ගන්න පුළුවන් “අඩෝ” ටෙලිනාට්‍ය නැරැඹුවොත්.
ඉදිරියේදී කළණගේ සිනමා ජීවිතයේ මල් පාවඩ අතුරලා නේද?
චිත්‍රපට කිහිපයක්ම තිබෙනවා තිරගත වීමට. මාලක දේවප්‍රියගේ “බහුචිතවාදියා” කෞෂල්‍ය මාධවගේ “ඉක්කා,” කසුන් පතිරණගේ “නයිට් රයිඩර්,” කුෂාන් වීරරත්නගේ “සූස්ති,” ප්‍රභාත් අංගම්පුලිගේ “විය සිදුර” චිත්‍රපට තුළින් දැකබලා ගන්න පුළුවන්.
ඒ කියන්නේ සිනමාවේ හීරෝ කෙනෙක් නුදුරු දිනයකදී කළණ?
හීරෝ කෙනෙක් වෙන්න මගේ කිසිම අදහසක් නැහැ. අනෙක හීරෝ කෙනෙක් වෙයි කියලා මම හිතන්නැහැ. මේ චිත්‍රපට කලාත්මක වගේම වාණිජ මට්ටමින් එකිනෙකට වෙනස් චිත්‍රපට කිහිපයක්. මොන දේ නැතත් මට මේ ක්‍ෂේත්‍රයේ චරිතාංග රංගන ශිල්පියෙක් ලෙසට කටයුතු කරන්න ලැබීමත් වාසනාවක් කියලයි මම හිතන්නෙ.
“දුරදිග මිසයිල” චිත්‍රපටයේ ඔබේ රංගනය වෙනස් පැතිකඩකට ගෙන ගියා කිව්වොත් මම හරිද?
මෙහෙමයි. මට හැම චිත්‍රපටයක්ම විශේෂයි. එකිනෙකට වෙනස් චරිත මම ප්‍රතිනිර්මාණය කළා. හැබැයි “දුරදිග මිසයිල” චිත්‍රපටයේ මානසික රෝගයෙන් පෙළෙන චරිතයක් තමයි මම රඟපාන්නේ. ඒ චරිතය මට ටිකක් දුරින් තිබුණු චරිතයක් වුණත් මම එය මට අභියෝගයක් විදියට භාරගෙන චරිතය වෙනුවෙන් කැපවුණා.
චරිත තෝරාගැනීමේදී කළණ වැඩි අවධානයක් යොමු කරන්නේ මොන දේටද?
මම එහෙම චරිත තෝරාගන්නේ නැහැ. මාව චරිතයකට ගැළපෙනවා නම් මට ආරාධනාවක් කරනවා. ඉතින් මම පිටපත කියවලා බලනවා. මට සෙට් වුණොත් මම එවලේම භාරගන්නවා. එහෙමත් නැතිනම් ආර්ථික ප්‍රශ්න ගැනත් හිතලා සමහර අවස්ථාවල නිර්මාණ භාරගන්නවා.
ජනප්‍රිය නළුවෙක් නිසා කළණගේ සාක්කුවත් පිරිලා ඇති නේද?
මම කලින් කිව්ව දේ තමයි මට නැවත කියන්න වෙන්නේ. ආර්ථික ප්‍රශ්න ආවම මම චරිත කරනවා. මොකද වෘත්තීය රංගන ශිල්පියෙක් විදයට තමයි මම මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නේ. හැබැයි ඒ වෘත්තීමය මට්ටම ලංකාවේ නැහැ. ඒක නිසාම තමයි මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන අයගෙන් ඔය ප්‍රශ්නෙම අහන්නේ.
අපි දන්නා විදියට කළණට හොඳට ලියන්න පුළුවන්. එයින් වැඩක් ගත්තොත් නරකද?
මම මූසිල කියල කවි සංග්‍රහය පොතක් එළිදැක්වූවා. එයට අමතරව දැනටමත් තිර රචනා කිහිපයක් ලියලා ඉවරයි. ලිවීම මම අත්හරින්නේ නැහැ.
වසන්ත විතාරණගේ