• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

රේටින්ග්ස්වල නම්බර් වන් ‌ප්‍රෝග්‍රෑම් එක

September 14, 2019
in Politics
Reading Time: 2 mins read
A A
රේටින්ග්ස්වල නම්බර් වන් ‌ප්‍රෝග්‍රෑම් එක
Share on WhatsAppShare on Facebook

නරපතිතුමා දවසක් දෝලාවෙ නැඟල නගරය පුරා වීදි සංචාරයක ගියා. රාජ සේවකයො දොළොස් දෙනෙක් දෝලාව කර තියාගෙන යද්දි පරිවාර සේනාව, ආරක්ෂක භටයො, ගිලන් රථය, ආපදා රථය, රාජකීය වෛද්‍යවරු පෝලිමට ඉස්සරහින් ගියා.
දෝලාවෙ තිරය අතරින් මුහුණ පෙන්නලා නරපතිතුමා ජනතාවට අත වනන්න ගත්තා. ඒත් මිනිස්සු නොදැක්ක වගේ පාර දෙපැත්තෙ තම තමන්ගෙ වැඩ කරමින් ඉන්න හැටි නරපතිතුමාට පෙනුණා.
“මොකද ඒ වැසියො මාව ගණන් නොගන්නෙ යකෝ?” නරපතිතුමා කේන්තියෙන් කිව්වා.
“ගැත්තාට අනුකම්පා කරන්න නරපතිතුමෝ, මුන්ට ඔබතුමාව දැන් මතක නැහැ. උන් ඔක්කොම අර හිටපු නරපතිතුමා පස්සෙ යන්ට පටන් අරන් නොවැ” දෝලාවෙ යමින් හිටපු පුරෝහිත බමුණා උත්තර දුන්නා.
“ඇයි බොලව්, මාව නිතර උන්ට මතක් කරන්නනෙ අර රජයේ රූප පෙට්ටිය තියෙන්නෙ. මංවත් ඔය උලව්ව බලන්නෙ නැහැ දැන්. ඒ වුණාට මං යන එන තැන්, කතා කරන දේ ඔය මගුලෙන් පෙන්නන්න එපායැ. ඒකටනෙ බොලව් භාණ්ඩාගාරෙන් ඕකට මුදල් වෙන් කරල තියෙන්නෙ” නරපතිතුමාට මල පැන්නා.
“පස්වාන් දහසකට බුදුවෙන්ට නරපතිතුමෝ, භාණ්ඩාගාරෙන් ඕක නඩත්තු කළත් ඕකෙ සභාපතියා පෙන්නන්නෙම යුවරජතුමාවයි, නිවාසපතිතුමාවයිනෙ. ඒ අතරෙ ඔබතුමාව විනාඩියකට දෙකකට පෙන්නනවා”
“මොනවා, මං දවසකට රැස්වීමකට ගියාම පැය ගණන් කොච්චර වටිනා දේවල් කතා කරනවද? මුං ඒකවත් පෙන්නන්නෙ නැද්ද?”
“තරහ අවසර නරපතිතුමෝ, ඒවත් උන් එඞ්ට් කරල බයිට් වෙන විදියට විනාඩි දෙකක් පෙන්නනවනෙ නිකන් එපා වාහෙට හොදි බෙදනව වගේ” පුරෝහිත බමුණාගෙ ඒ කතාවට නරපතිතුමාට හොඳටම කේන්ති ගියා.
“වහාම සභාපතියව මාරු කරල ඕක මගෙ අණසක යටතට පත්කොරව්” නරපතිතුමා නියෝග කළා.
“අද ඉඳන් මාව මිසක් වෙන එකෙක් පෙන්නන්නෙ නෑ ඕකෙ. දැන් යමල්ලා රාජ සභාවට. එන්න කියපල්ලා රූප පෙට්ටියෙ කැමරාකාරයන්ට” දෝලාකාරයෝ නරපතිතුමාව උස්සාගෙන ආයෙත් රාජ සභාවට එක්කගෙන ගියා.
නරපතිතුමා සිංහාසනයේ වාඩිවුණා.
“අර රූප පෙට්ටියෙ හිටපු සභාපතියව වහාම කැඳවව්” නපතිතුමා අණ කළා.
ගැහැනු කෙනකුයි, පිරිමි කෙනකුයි දෙන්නෙක්ම රාජ සභාවට ආවා.
“මේ මොකද දෙන්නෙක්?”
“අයින් කරලත් නොගිය කෙනෙක් හිටියනෙ නරපතිතුමෝ” රාජ පුරුෂයෙක් උත්තර දුන්නා.
“එහෙනම් කියපියව් මොකද තොපි පසුගිය කාලෙ මාව නිවුස්වල නොදැම්මෙ?”
“ඒකෙ දැම්මට වැඩක් නෑ නරපතිතුමෝ. අපේ නිවුස් දැන් කවුරුත් බලන්නෙත් නැහැනෙ” හිටපු සභාපතිතුමා කිව්වා.
“තරහ අවසර නරපතිතුමෝ, මිනිස්සු වැඩියෙන් ඉල්ලන ප්‍රෝග්‍රෑම් එකක අපි ඔබතුමාගෙ කතාව සම්පූර්ණයෙන් දානවා. මිනිස්සු උඩ පැන පැන හිනාවෙවී ඒක බලනවා. රේටින්වලින් ඒ වෙලාවෙ ඒක නම්බර් වන්”
“මොනවා, මොකක්ද යකෝ ඒ ප්‍රෝග්‍රම් එක?” නරපතිතුමා පුදුමෙන් ඇහුවා.
“ඒ කාලෙ තිබුණෙ නන්දන වින්දන කියල. අපි දැන් ඒක වෙනස් කරල තියෙන්නෙ ‘විනෝද සමය’ කියල”
ඒක අහලා නරපතිතුමාට මල පැන්නා.
“වහාම මුන් දෙන්නා දඟගෙයි දමනු”
ඒක අහපු අන්දරේ උඩ පැන පැන හිනා වුණා.
“හොඳ වැඬේ මුන්ට. ඉස්සර මං කර කර හිටපු ප්‍රෝග්‍රෑම් එක නවත්තලයි උන් ඕක පටන් ගත්තේ” අන්දරේ උඩ පැන පැන කියන්න ගත්තා.
“කට පියාගනු” නරපතිතුමා අන්දරේට අණ කළා.
“පස්වාන් දහසකට බුදුවෙන්න නරපතිතුමෝ. ඔබතුමන් බැහැදකින්න අල්ලපු ජම්බුදීපයෙන් අභ්‍යවකාශ කටයුතු ඇමැතිතුමා ඇවිත් ඉන්නවා.” රාජ පුරුෂයෙක් ඇවිත් නරපතිතුමාට සැලකළා.
“එන්න කියව”
ජම්බුදීපෙ ඇමැතිතුමා ඇවිත් නරපතිතුමාට ආචාර කරල රාජ සභාවෙ පුටුවක වාඩිවුණා.
“මේ අර බස්නාහිර පළාතෙ මහ ඇමැතිතුමා අපේ රටෙන් ඕඩර් කරපු පුටුද?” ජම්බුදීපෙ ඇමැතිතුමා පුටුවෙ ඉඳගන්න ගමන් ඇහුවා.
“ආ, ඒ ඕඩරේ මං කෑන්සල් කළානෙ. ඉතින් ඉතින් කියමුකො බලන්න ආපු කාරණාව?” නරපතිතුමා ඇහුවා.
“බලන්න නරපතිතුමා අපේ ජම්බුදීපෙ නරපතිතුමාගෙ හීනයක් වෙලා තිබුණනෙ රොකට් එකක් යවන්න හඳට. බලන්නකො ගොඩබස්සන්න ඔන්න මෙන්න තියෙද්දි ඒක කඩන් වැටුණනෙ”
“ඔව් ඔව් මටත් ආරංචි වුණා. ඉතින් අර යැංකි දේශෙන් උපදෙස් ගන්න තිබුණනෙ” නරපතිතුමා කිව්වා.
“උන්ගෙන් උපදෙස් ගන්න ගිහින් තමා ඔය වැඬේ වුණේ නරපතිතුමෝ. අපි ආවෙ ඊළඟට යවන එකට ඔබතුමාගෙන් උදව් ගන්න”
“ආ… සිම්පල් වැඩක්නෙ. අපේ අර හිටපු නරපතිතුමාගෙ පුත්තරයා එවන්නම්. එයාගෙන් උපදෙස් ගන්න. මිනිහා වැඩකාරයා. මීට අවුරුදු ගාණකට කලින් එයා යවපු රොකට් එක තාම අභ්‍යවකාශයේ”
“අනේ කොච්චර දෙයක්ද? ලොකුම උදව්වක්”
ජම්බුදීපෙ ඇමැතිතුමා ආෂික්ලන්තෙ නරපතිතුමාට පින් දෙන්න ගත්තා.
එතකොටම රාජ මාලිගේ පිටතින් මහා ලොකු සද්දයක් ඇහුණා.
“නරපතිතුමෝ පිට ලෝකෙකින් අපිව ආක්‍රමණය කරනවද කොහෙදෝ?”
නරපතිතුමාගෙ උපදේශකයො ටික පුටු යට හැංගුනා.
“වහාම ගිහින් එළියෙ සද්දෙ මොකක්ද කියලා බලල මට වාර්තා කරපල්ලා” නරපතිතුමා රාජ පුරුෂයන්ට අණ කළා.
එළියට ගිහින් සද්දෙ ගැන හොයල බලපු රාජපුරුෂයෝ ටිකකින් ආපහු ආවා.
“බයක් වෙන්න දෙයක් නෑ නරපතිතුමෝ. අහසින් යකඩ කෑල්ලක් කඩන් වැටිලා”
“යකඩ කෑල්ලක්”
“එහෙමයි නරපතිතුමෝ. මීට කළින් අපේ දේශයෙන් යවපු රොකට් එකේ කෑල්ලක්”
“මොනවා? හොඳ වෙලාවට ජම්බුදීපෙ ඇමැතියා පිටත් කළේ” නරපතිතුමාට කියවුණා.
අන්දරේ උඩ පැන පැන හිනාවෙන්න පටන් ගත්තා.

SendShareShare
Previous Post

ගෝඨා ලියුම් අරන් මැතිවරණ ‌කොමිසමට යයි

Next Post

කළණ කොහෙද පනින්න හදන්නෙ

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.