• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහින්ද පටන් අරන්: චම්පික හදාගෙන ගිහින්: මහින්දම විවෘත කරපු ‘සිහින නගරයේ’ ‌මොනවද තියෙන්නේ?

December 14, 2019
in News, Politics, Uncategorized
Reading Time: 7 mins read
A A
මහින්ද පටන් අරන්: චම්පික හදාගෙන ගිහින්: මහින්දම විවෘත කරපු ‘සිහින නගරයේ’ ‌මොනවද තියෙන්නේ?
Share on WhatsAppShare on Facebook

‘එන්න, එන්න, ලාභයි, ලාභයි. පර්චස් එකක් රුපියල් ලක්‍ෂ 200යි. එහෙමත් නැත්නම් රුපියල් කෝටි දෙකයි. මේවා අලුත්ම හදපු අලුත්ම ඉඩම්. හොඳ වාසිදායක ආයෝජනයකට කියාපු ඉඩම්. ඉවර වෙන්න කලින් ඉක්මනට වෙන්කර ගන්න.’
දෙවියනේ, පර්චස් එකක් රුපියල් කෝටි 2ක්. මේවා ශ්‍රී ලංකාවෙම ඉඩම්ද? ඔව්, ඔව්. අපේ ශ්‍රී ලංකාවේම තමයි. ඉතින් මේ ඝෝෂාව ඇසෙන්නේ අපේ රටේ කොයි පැත්තකින්ද? මේ කලබලය ඇසෙන්නේ කොළඹ ගාලු මුවදොර, එහෙමත් නැත්නම් ‘ගෝල්ෆේස්’ පැත්තෙන් තමයි. තවත් අතකින් කියනවා නම් කොළඹ වරාය පැත්තට වන්න තිබෙන අලුත්ම බිම් කඩකින්. කාලයක් පුරා අසන්නට ලැබුණු කතාවක එක් අන්තයකට පසුගියදා පිවිසුණා. ඒ තමයි කොළඹ වරාය නගරය. නිර්මාණය කිරීමේ වගතුග. මෙයට වසර කිහිපයකට ඉහතදී මහා සාගරය ලෙස තිබුණු බිම්කඩක් අපේ රටටම යාවුණු තැනිතලා බිම්කඩක් වශයෙන් නිර්මාණය කර, ඒ මත මහා නගරයක් බිහිවීම තමයි මෙම අපූර්ව සිහිනය.
කොළඹ ජාත්‍යන්තර වරාය නගරය නොහොත් කොළඹ ජාත්‍යන්තර මූල්‍යමය නගරය තමයි මේ මහා සිහිනය. මේ විශ්වීය සිහිනයේ එක් කොටසක් පසුගියදා සැබෑ වුණා. ඒ තමයි මහා සාගරය ගොඩකර අලුතින් බිම්කඩක් නිර්මාණය කිරීම. ශ්‍රී ලංකා මාතෘ භූමියට අලුතින් හෙක්ටයාර් 269ක් (අක්කර 665ක්) විශාල බිම්කඩක් එක්වීමේ එම ඓතිහාසික අවස්ථාව පසුගියදා සිදුකෙරුණා. 24 පැය පුරා මහ රළ පහර ගසමින් තිබුණු සාගර බිම්කඩ අද මුළුමනින්ම ගොඩබිමක් වෙලා හමාරයි. වසර 5ක කාලයක් පුරා මහත් වෙහෙසක් ගනිමින් නිර්මාණය කළ මෙම හෙක්ටයාර් 269ක නව භූමිය නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියේ කොටසක් වශයෙන් එක් කිරීම තමයි පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරුණේ. එසේම මෙම කොළඹ වරාය නගරය විවිධ දෙස්, විදෙස් ආයෝජකයන් සඳහා විවෘත කිරීමේ කටයුත්තද එදිනම සිදුකෙරිණි. කොළ ගාලු මුවදොරට සහ කොළඹ වරායට මැදිව පිහිටා තිබෙන භූමියේදී මෙම ඓතිහාසික කාර්යභාරය සිදුකෙරිණි.
මේ අපූරු භූමියේ පර්චස් 5ක් ගන්න ඕන නම් රුපියල් කෝටි 100ක් නොහොත් රුපියල් බිලියන 1ක් ඕනෑ. මෙහි ඇත්තටම පර්චස් එකක් රුපියල් කෝටි 2ක්ද? ඔව් එය සත්‍යයක්. ඒත් තවම මෙම භූමියට නිශ්චිත මිල ගණන් නියම කරලා නැහැ. එහෙත් මෙහි වටිනාකම් සලකා බලන විට එම මුදල පර්චස් එකකට රුපියල් කෝටි 2ක් විය හැකියි. මෙම මුදල සුවිශාල එකක් ලෙස පෙනුණත්, ශ්‍රී ලංකාවේ මෙම ගණන් හිලව්වලට සමාන හෝ ආසන්න හෝ ඉඩම් දේපොළ විකිණෙයි. එනම් මේ වන විට ශ්‍රී ලංකාවේ මිල අධිකම ඉඩම් දේපොළ ඇත්තේ කොළඹ 7 ප්‍රදේශයේය. එනම් දැනට එම ප්‍රදේශයේ එක් පර්චසයක මිල රුපියල් ලක්‍ෂ150 සිට ලක්‍ෂ 190ක් පමණ වෙයි. දෙවනුව ශ්‍රී ලංකාව තුළ මිල අධිකම ඉඩම් දේපොළ ඇත්තේ ගාල්ලේ කොටුව ඇතුළතය. එනම් එම ඉපැරැණි ඕලන්ද කොටුව ඇතුළත ඇති ඉඩම් පර්චසයක් රුපියල් ලක්‍ෂ 150ක් පමණ වෙයි. මේ ආකාරයට බලන විට මෙම තක්සේරුවත් ඉතාම නිවැරැදිය.

චීන ජනපති සමග මහින්ද පටන් ගනිද්දී

වර්ෂ 2014 සැප්තැම්බරයේදී එවකට ජනාධිපතිව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම මහා ව්‍යාපෘතියට මුල්ගල තබා ආරම්භ කරන ලද අතර, එම උත්සවය පවත්වන ලද්දේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි. වර්තමානයේ ලෝකයේ බලගතු නායකයකු වන ෂි ජින්පිං චීන ජනාධිපතිවරයා මෙම උත්සවය සඳහාම ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයක් විය. එසේම මෙම භූමිය ගොඩ කිරීමට දරනු ලබන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක (රුපියල් බිලියන 275ක්) සුවිශාල මුදල මුළුමනින්ම දරනු ලබන්නේ චීන රජය විසිනි. කෙසේ හෝ කටයුතු සාර්ථකව ආරම්භ කෙරුණත් 2015 ජනවාරි මාසයේදී බලයේ සිටි මහින්ද රාජපක්‍ෂ රජය පරාජයට පත්විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ගෙදර යන්නට සිදුවූ අතර, කොළඹ වරාය නගර ව්‍යාපෘතිට කණකොකා හඬන්නට විය. 2015දී බලයට පත්වූ නව රජය, චීනයේ අනුග්‍රහය ඇති මෙම වරාය නගර ව්‍යාපෘතියට එරෙහි වූ අතර, එය සැණෙන් නවතා දැමීමට කටයුතු කළේය. අවසානයේදී එහි සියලු කටයුතු ඇනහිටියේය. එහෙත්, එවිට චීනය නිකම සිටියේ නැත. චීනය පවසා සිටියේ තමන් ශ්‍රී ලංකා රජය සමඟ එළැඹුණු ගිවිසුමට අනුව, එසේ ව්‍යාපෘතිය නවතා දැමීමට තම රටට විශාල මූල්‍යමය පාඩුවක් සිදුවන බැව්ය.

චම්පික හදාගෙන යද්දී

තත්ත්වය එසේ වුවද එකල යහපාලන රජය තම මැතිවරණ ව්‍යාපාරයේදී කියා සිටියේ ඔවුන් බලයට පත්වූ පසුව කොළඹ වරාය නගරය ඉදිකිරීම නවත්වන බැව්ය. මෙම ව්‍යාපෘතිය ගැන හිටපු රජයටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් දැඩි සේ දොස් පවරන්නට විය. නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එකම ස්ථාවරයක සිටිමින් කියා සිටියේ මම ව්‍යාපෘතිය නැවැත්වීමට කටයුතු කරන බැව්ය. ඒ අනුව කොළඹ වරාය නගරය ඉදිකිරීමේ කටයුතුවල නිරත පෞද්ගලික සමාගමට, වරා සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිල ලිපියක් යොමු කරමින් කියා සිටියේ, ව්‍යාපෘතියේ කටයුතු වහාම නතර කරන ලෙසටය. එසේම මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා හිටපු රජය ලබාදුන් අවසරය ගැන සඳහන් සියලු ලිපි ලේඛනද ඉදිරිපත් කරන ලෙසට චීන සමාගමට දන්වා සිටියේය. මෙම තත්ත්වය යටතේ එම චීන සමාගම දැඩි කලබලයට සහ අපහසුතාවකටද පත්විය. එහෙත් ඔවුන් නව රජයට ප්‍රතිඋත්තර සැපයුවේය.

මහින්ද විවෘත කරද්දී

‘2014 වසරේදී වරාය නගරය ඉදිකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ ඇතිකර ගන්නා ලද ගිවිසුම යටතේ අප සමාගමේ නෛතික අයිතියට අගතියක් නොවන මට්ටමින් දැනුම් දී ඇති පරිදි අදාළ ලියකියැවිලි සමාගම මඟින් ඉදිරිපත් කරනු ලැබේ. එසේම මෙම සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමඟ පූර්ණ සහයෝගයෙන් ක්‍රියා කරන අතර, මේ ආකාරයේ මහා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ආණ්ඩුව විසින් නිර්දේශිත උපදෙස් අනුගමනය කරන අතරම, ශ්‍රී ලංකාවේ නීතිය අනුව දිගටම ක්‍රියා කරනු ඇත.’ යනුවෙන් චීන සමාගම නිල ලිපියක් නව රජයට කියා සිටියේය.
කෙසේ හෝ තත්ත්වය මාස කිහිපයක් ඇතුළත දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වන්නට විය. ව්‍යාපෘතිය සිදු කරන චීන සමාගම දැඩි ලෙස කියා සිටියේ, මෙම ව්‍යාපෘතිය නතර කිරීම මඟින් ඔවුනට දිනට ඇමෙරිකානු ඩොලර් 3,80,000ක (රුපියල් ලක්‍ෂ 700ක නොහොත් කෝටි 7ක්) සුවිශාල පාඩුවක් සිදුවන බැව්ය. ඒ හෙයින් මෙම ව්‍යාපෘතිය නැවැත ආරම්භ නොකළහොත් තමන්ට සිදුවන අලාභය අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරන බැව්ය. දිනකට රුපියල් කෝටි 7ක පාඩුවක් සිදුවීම බැරෑරුම් කතාන්දරයක් විය. එහෙත් නව රජයෙන් තවද විසඳුමක් ලැබුණේ නැත. හිටපු රජයේ රාජපක්‍ෂවරුන්ට කළ හැකි කිසිවක්ද නොවීය. මහින්ද රාජපක්‍ෂ මහතා අදහසක්, දෙකක් ප්‍රකාශ කළා හැරෙන්නට ඔහුට කළහැකි කිසිවක්ද නොවීය. එහෙත් චීන රජය මෙම අර්බුදය නිකම් අල්ලා දැමුවේ නැත. ඔවුන් නව රජයට විවිධ ඉල්ලීම්, යෝජනා කළ අතර, බලපෑම්ද සිදුකළේය.

පටන් ගද්දී ජනපති: විවෘත කරද්දී අගමැති

අවසානයේදී සිදුවූයේ කුමක්ද? නව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් චීනයටම ගොස් මෙම ප්‍රශ්නය විසඳා ගන්නට සිදුවිය. දෙදෙනා වෙන වෙනම 2015 මැයි මාසය වන විටදී චීනයට ගියෝය. කොළඹ වරාය නගරයට මුල්ගල තැබූ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දෙපතුල ළඟටම යන්නට ඔවුනට සිදුවූයේය. අවසානයේදී මෙම අර්බුදය විසඳා ගන්නට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කළේය. අර්බුදය ස්ථිර විසඳුමකට ගෙන එන්නට තවත් මාස කිහිපයක් ගතවූ අතර, අවසානයේදී 2016 මාර්තු මාසයේදී නව රජය ප්‍රකාශයට පත්කළේ කොළඹ වරාය නගරයේ කටයුතු නැවැත අරඹන බැව්ය. කෙසේ හෝ එම අර්බුදය නිසා ඒ වන විට එහි කටයුතු වසරක් පුරා අඩාළව තිබුණේය.
නමුත් පසුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය භාරගත් චම්පික රණවක මහතා මෙම කටයුතු වසර දෙකක් ඇතුළත අවසානයක් කරා ගෙන ඒමට සමත්විය.
මෙම අතීත කතාවෙන් බිඳක් ලිවීම ඉතා ඇවැසි වූයේ, අද එම කතාවේ පරිච්ඡේද කිහිපයක්ම පෙරළී ගොස් නව පරිච්ඡේදයකට එළැඹ ඇති හෙයිනි. අද විටෙක එය දෛවයේ සරදමක් ලෙසද පෙනෙයි. එනම් එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඇරැඹි එම මහා ව්‍යාපෘතිය අද ඔහු නව අගමැතිවරයා ලෙසින් ඔහු අතින්ම එහි නව පරිච්ඡේදය විවෘත කිරීමය. ‘ගහට ගහක් මොරටුවේදී හමුවෙනවා’ යැයි කියනවා සේ, ඔහු විසින් ඇරැඹූ ව්‍යාපෘතිය නැවැත ඔහු දෙනෙත් ඉදිරියටම පැමිණ ඇත. එය සැබෑ ලෙසම අපූරු කතාවකි.

පටන් ගද්දී සභාපති: විවෘත කරද්දී ‌ලේකම්

තත්ත්වය කෙසේ වුවද පසු ගිය රජය වසර 4ක පමණ කාලයක් මෙම වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු සිදුකළේය. එනම් එහි මුහුද ගොඩකිරීමේ කටයුතු නිමාවකට පත්කර ගැනීමට හැකි විය. අද එම කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිය හා එක්කිරීම නිල වශයෙන් සිදුකෙරුණු අතර, එම භූමිය දෙස්-විදෙස් ආයෝජකයන් වෙත විවෘත කිරීමද සිදුකෙරිණි. අගමැති මහින්ද රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන් ෂුආන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. පසුගිය රජය විසින් මෙම වරාය නගර ව්‍යාපෘතියෙන් හෙක්ටයාර 116ක භූමි ප්‍රමාණයක් 99 අවුරුදු බද්දකට චීන රජයට ලබා දීමට එකඟතාව පළකර තිබේ. ඉතිරි හෙක්ටයාර 62ක භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රජය සතුය. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන භූමියේ ඉඩම් දැන් ව්‍යාපාර කටයුතු සඳහා පවරා දෙනු ලැබෙයි. එසේම චීන රජයට හිමි වන හෙක්ටයාර 116ක භූමි ප්‍රමාණය ඔවුනට ප්‍රතිබදු දීමටද අවස්ථාව ලබාදී ඇත. චීනය සතු භූමියේ ඉදිකිරීම් චීනය විසිනුත්, ඉතිරි භූමියේ ඉදිකිරීම් ශ්‍රී ලංකා රජයටත් භාර දී ඇත. ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්වූ භූමි භාගය හෙක්ටයාර 269ක් වන අතර, එම භූමිය මහ සාගරය ගොඩකරමින් නිර්මාණය කිරීම සඳහා මුහුද වැලි කියුබික් මීටර් මිලියන 65ක් යොදාගෙන ඇත. අලුතින් නිර්මාණය කෙරුණු දියකඩනයේ දිග කිලෝමීටර් 3.2කි.
කොළඹ වරාය නගරය නොහොත් ‘පෝර්ට් සිටි’ චීන සමාගමේ අධ්‍යක්‍ෂවරයකු පවසා සිටියේ දැන් ලෝකයේ ඕනෑම රටක ඕනෑම පුද්ගලයකුට හෝ සමාගමකට හෝ මෙම නගරයේ ඉඩම් මිලදීගෙන ආයෝජනයන් සිදුකළ හැකි බැව්ය. ව්‍යාපෘතියේ ප්‍රධාන සැලැස්මට අනුව ඔවුන්ට දැන් නිසි ගිවිසුම්වලට එළඹ තමන්ගේ ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සිදුකළ හැකිය. එම කටයුතු සඳහා එම භූමියේම වෙනම විකුණුම් අංශයක්ද විවෘත කර ඇත. මේ අනුව ඉදිරියේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජනයක් මෙම නගරය තුළ සිදුවනු ඇතිය. විවිධ ව්‍යාපාර, සමාගම්, හෝටල්, රෝහල්, නිවාස යෝජනා ක්‍රම, විනෝද කටයුතු සඳහා ආයෝජනයන් සිදුකළ හැකිය. මෙම වටාපිටාව යටතේ ශ්‍රී ලාංකිකයන්ට ඍජු රැකියා අවස්ථා 80,000ක් පමණ උත්පාදනය වනු ඇතිය. මෙම මහා නගර සැලැස්ම මුළුමනින්ම නිමවීමට තවත් වසර 20ක් පමණ ගතවන අතර, 2040 වසරේදී මෙම නගරයේ සියලු ඉදිකිරීම් කටයුතු අවසාන වනු ඇතිය.
වරාය නගරයේ ගොඩ කරන ලද හෙක්ටයාර 269ක භූමියෙන් හෙක්ටයාර 178ක් ආයෝජන සඳහා වෙන්කර ඇති අතර, ඉතිරි හෙක්ටයාර 91, මාර්ග සහ මහජන උද්‍යාන වැනි පොදු ස්ථාන සඳහා වෙන්කර ඇත.
දැනට කාන්තාර භූමියක් ලෙස දිස්වෙන මෙම ප්‍රදේශයේ එක්තරා කොටසක මේ වන විට ගස් (ශාක) සිටුවීම ආරම්භ කර ඇත. දැනට අහසේ සිට නිරීක්‍ෂණය කිරීමේදී මෙම නව යෝජිත නගරයේ සිරිය නිසිලෙස දැකගත හැකිය. මෙය දිගින් ගතහොත් වර්ග කිලෝමීටර් 2.6ක භූමියක් වන අතර, කොළඹ-කොටුව, පිටකොටුව ප්‍රදේශය මෙන් දෙගුණයක් විශාල වනු ඇතිය.
මෙම වරාය නගරය ඇතුළත පුද්ගලයන් 80,000කට පමණ ජීවත් වීමට ඉඩකඩ සැලසෙන අතර, දිනකට තවත් පුද්ගලයන් ලක්‍ෂ 10ක් පමණ මෙහි කටයුතු සඳහා පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරෙයි. මෙහි ඉදිකෙරෙන කාර්යාල පහසුකම් ප්‍රමාණය වර්ග මීටර් මිලියන 1.5ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. කොළඹ වරාය නගරය, කොළඹ ජාත්‍යන්තර මූල්‍යමය නගරය වශයෙන්ද නම් කෙරෙන්නේ, මෙහිදී ප්‍රධාන වශයෙන් බොහෝ මූල්‍යමය ගනුදෙනු සිදුවීම හේතු කරගෙනය. එය දෙස්-විදෙස් ආයෝජකයන්ගේ මූල්‍යමය ගනුදෙනු සහ ව්‍යාපාර ආශ්‍රිතව සිදුවන්නකි. ලෝකයේ බොහෝ ප්‍රකට ධන කුවේර ව්‍යාපාර සහ සමාගම් රැසක් මෙම නගරයේ තම ආයෝජකයන් සිදුකරනු ඇතිය.
වත්මන් නව රජයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්ධු වික්‍රම මහතා පවසා සිටියේ, මෙම වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු වසර ගණනක සිට සිදුකරමින් පවතින බවත්, පසුගිය රජය සමයේ මෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවුණු බවත්ය. කෙසේ වෙතත් වත්මන් නව රජය යටතේ එහි කටයුතු බාධාවකින් තොරව සිදුකළ හැකි බවත්, දැනට එම නගරයෙහි ආයෝජන කටයුතු සිදුකිරීම සඳහා ආයෝජකයන්ට දොරටු විවෘත කර ඇති බවත්ය. දැනටමත් දෙස්-විදෙස් ආයෝජකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි ආයෝජනය සඳහා කැමැත්ත පළකර ඇති බවත්, ඔහු සඳහන් කර සිටියේය. ඉදිරි අනාගතයේදී කොළඹ වරාය නගරය රටේ විශාලතම සහ ප්‍රමුඛතම ආර්ථික, කේන්ද්‍රස්ථානය වනු ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගෝඨා එක්ක රට හදන්න එන කවුද ‌මේ ‌කෝටිපති අශෝක්?

Next Post

කෘත්‍යාධිකාරිය 31න් අහෝසියි: රනිල් ‌ගේමක් ගහයි: අලුතින් 20ක් දමයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.