ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ලබන මැයි 01 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මැයි රැලි සහ පෙළපාළිවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4,000ක් පමණ යෙදවීමට සැලසුම් කරගෙන යන බව කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්රඛුමාර මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මෙවර කොළඹදී මැයි රැලි 13ක් සහ ප්‍රධාන රැලි 06ක් පවැත්වීමට පොලිසියෙන් අවසර ඉල්ලා ඇති අතර, මැයි දිනය ළං වන විට ලැබෙන බුද්ධි තොරතුරු පදනම් කරගෙන අවශ්‍ය වුවහොත් පමණක් ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට සූදානමේ තබා ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙවර පසුගිය වසරට වඩා විශාල පිරිසක් කොළඹට පැමිණෙතැයි බලාපොරොත්තු වන බවද පොලිසිය පැවැසීය.
කොළඹ ආරක්ෂාවට යොදවන පොලිස් නිලධෘරීන් සමගම රථ වාහන හැසිරවීමේ පොලිස් කණ්ඩායම් ගණනාවක්ද සේවයේ යොදවනු ඇත.
රථ වාහන හැසිරවීමේ යෙදී සිටින පොලිසියට මාර්ග අවහිරතාවකින් තොරව රාජකාරි කිරීමට සහාය වන ලෙස මැයි රැලි සංවිධානය කරන පිරිස් අවස්ථා තුනකදී කොළඹට ගෙන්වා සාකච්ඡා කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඕනෑම දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට මුදල් ගෙවා පෞද්ගලික බස් රථ ලබාගත හැකි බවයි.
ප්‍රේමලාල් විජේරත්න