එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නිල වශයෙන් ලබන 31 වන දින අහෝසි වීමට නියමිත අතර ඉන් පසුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
එහිදී දැනට සජිත් ප්‍රේමදාස මහතාට හිතවත්ව කටයුතු කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 20 දෙනකු ඉන් ඉවත් කොට වික්‍රමසිංහ මහතාට හිතවත් සාමාජිකයන් 20ක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ හරහා නැවත වතාවක් පක්ෂ නායකත්වයට එරෙහි කැරැල්ල මැඩපැවැත්වීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.










