නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය ලබන මැයි 10 පමණ වන විට සක්‍රීය වීමත් සමග නිරිතදිග ප්‍රදේශවලට ගංවතුර සහ නායයෑමේ අවදානමක් ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මත දිවයිනේ ඇතැම් පළාත්වලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇදහැලුණද මැයි මස 10 වැනිදායින් පසු එම තත්ත්වය පහව යන බවයි ඔහු සඳහන් කළේ.
රාත්‍රී කාලයේ ඇතිවන අකුණු සර සහ මඳ වැසි සහිත කාලගුණ තත්ත්වය බස්නාහිර, ඌව, දකුණ, වයඹ, සබරගමුව යන පළාත්වලට බලපාන බවත් ඔහු සඳහන් කළේය.
වෙනත් වසරවලට වඩා මෙම වසරේ උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපෑ බවද ඔහු පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න