නාගරික ස්ථානවල මෙන්ම ගම් ආශ්‍රිතව සෞඛ්යාරක්ෂිත නොවන ආකාරයට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම නිසා පාචනය රෝගය පැතිරී යෑමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
වමනය, බඩඑළිය යෑම, උණ රෝගය වැලඳී සතියකට වඩා ගතවී ඇති රෝගීන් සිටී නම් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා ලෙස ඔහු මවුපියන් දැනුවත් කර සිටී.
එවැනි අපිරිසිදු ස්ථානවලින් ආහාර මිලදී ගැනීමෙන් වළකින ලෙසත්, ඒ පිළිබඳ ළමුන් දැනුවත් කරන ලෙසත් ඔහු දැනුම් දී ඇත.
එවැනි රෝග ලක්ෂණවලින් පෙළෙන රෝගීන්ට බැදිහාල් කැඳ, දෙහි, දොඩම් වැනි දියර ආහාර ලබාදෙන ලෙසද වෛද්‍යවරයා මහජනතාව දැනුවත් කර ඇත.
මේ දිනවල පවතින මඳ වැසි සහිත කාලගුණික තත්ත්වය මත මැසි උවදුර වැඩිවී ඇති බවද සඳහන්ය.
ප්‍රේමලාල් විජේරත්න