පළමුවෙන්ම උමාඔය ව්‍යාපෘතිය පටන් ගත්තේ 1959 United States Operations Mission සහ Canadian hunting survey corporation හි අධ්‍යයනයකින් පසුවය. අරමුදල් ප්‍රශ්නයක් නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර විය. ඇමෙරිකාව සහ කැනඩාවේ අධ්‍යයනයකින් පටන්ගත් උමාඔය ව්‍යාපෘතියට අරමුදල් සපයන්න ඉරානය තීරණය කළේ මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමකට අනුවය. උමාඔය ව්‍යාපෘතියට අරමුදල් දෙන්න ඉරානය තීරණය කළේ 2008 ඉරාන ජනාධිපති අහමඩි නෙජාඩ්ය. දැඩි ඇමෙරිකානු විරෝධියකු වූ අහමඩි නෙජාඩ් මහින්දට කැමැති වූයේ මහින්දගේ බටහිර විරෝධී ස්ථාවරය නිසාය. එල්.ටී.ටී.ඊ.යට එරෙහි යුද්ධය අවසන් කරන්න මහින්දගේ ආණ්ඩුව අවි ආයුධ මිලට ගන්න රටවල් හොයද්දී ඉරානය මහින්දගේ ආණ්ඩුවට පිහිට විය. ඒ වගේම මහින්දගේ ආණ්ඩුව ඉරානයෙන් ණය ඉල්ලා සිටි අතර ඒ ණය දීමටද අහමඩි නෙජාඩ් එකඟ විය. මහින්දගේ ආණ්ඩුව උමාඔය ව්‍යාපෘතියට අරමුදල් ලබාගන්න අහමඩි නෙජාඩ් එකඟ කරගත්තේ මේ කාලයේදීය. අහමඩි නෙජාඩ් 2008 ලංකාවට එන්නේ උමාඔය ව්‍යාපෘතියට මුල්ගල තබන්නටය.
අහමඩි නෙජාඩ්ගේ ලංකා සංචාරයේදී මෙරට මාධ්‍ය මහින්ද සහ අහමජදීන් අතර සමානකම් පෙන්වමින් දෙදෙනාම ඇමෙරිකානු ආධිපත්‍යයට එරෙහිව සටන් කරන්නන් ලෙස පෙන්වීය. (Sri Lanka Latest News)
මහින්ද 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීමට පෙර අහමඩි නෙජාඩ්ට 2013දී සිය ජනාධිපති නිල කාලය අවසන් කිරීමට සිදුවිය. 2017දී ඔහු යළිත් වතාවක් ඉරාන ජනාධිපති ධුරයට තරග කරන්න සූදානම් බව ප්‍රකාශයට පත් කළේය. එහෙත් ඉරානයේ සුප්‍රිම් ලීඩර් අහමඩි නෙජාඩ් ජනාධිපති තරගයට නුසුදුස්සෙක් බව තීරණය කළේය. යළිත් 2021 ජනාධිපතිවරණයේදී අහමඩි නෙජාඩ් ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් විය. ඒ වෙලාවේත් ඉරානයේ උත්තරීතර නායකයා ඔහුව නුසුදුස්සෙක් කළේය. උත්තරීතර නායකයාට ඕනෑ වුණේ වත්මන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිව ජනාධිපති ධුරයට ගෙන එන්නටය. ඔහු 2017ත් ඔහුව ගෙන එන්න උත්සාහ කළේය. එය අසාර්ථක විය. ඒත් 2021 ඔහුගේ උත්සාහය සාර්ථක විය. රයිසි ජනාධිපති විය. මේ දිනවල අහමඩි නෙජාඩ්, රයිසිගේ පාලනය දැඩි ලෙස විවේචනය කරමින් සිටී.
තමා විසින් මුල්ගල තබන ලද උමාඔය ව්‍යාපෘතිය රයිසි විවෘත කරන ආකාරය අහමඩි නෙජාඩ් බලා ඉන්නවා වගේ තමා විසින් අරමුදල් ලබාගෙන පටන්ගත් ව්‍යාපෘතිය ජනාධිපති රනිල් විවෘත කරනවා බලා සිටින්නට මහින්දට සිදුව තිබේ. ඉරානයේ උත්තරීතර නායකයාගේ නායකත්වයෙන් යුත් දේශපාලන ආකෘතිය නිසා අහමඩි නෙජාඩ්ට රයිසිට එරෙහිව නැගීසිටිය නොහැකිය. රනිල්ව ජනාධිපති කළේ මහින්දලා නිසා මහින්දටද රනිල්ට විරුද්ධව නැගී සිටිය නොහැකිය.
හැබැයි අහමඩි නෙජාඩ් ලංකාවට ඇවිත් උමාඔයට මුල්ගල තිබ්බ අවස්ථාව මෙන්ම අද ඉරාන ජනාධිපති පැමිණ උමාඔය විවෘත කරන අවස්ථාවද ඇමෙරිකාව බලා ඉන්නේ කැමැත්තකින් නොවේ. මේ බව ඇමෙරිකානු විරෝධී ප්රතිපත්තියක සිටි මහින්දද තේරුම් ගෙන සිටියේය. ඔහු ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධකවලට බිය වී ඉරානයෙන් තෙල් මිලදී ගැනීම අඩු කළේය. ජනාධිපති රනිල්ද ඉරාන ජනාධිපතිගේ සංචාරය අතරතුර ඇමෙරිකානු හමුදා සහ ලංකා හමුදා අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් කිරීමට අවසර දී තිබේ.
ජනාධිපති රනිල් ඇමෙරිකාව බැලන්ස් කිරීමට එසේ කළත් ඉරාන ජනාධිපතිගේ සංචාරය පිළිබඳ ඊශ්‍රායල් ස්ථාවරය කුමක්දැයි දන්නේ නැත. ඊශ්‍රායලය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගත්තේ රනිල්ගේ මාමා ජේ.ආර්.ය. රනිල් සහ ඊශ්‍රායලය අතර සබඳතා රනිල් සහ මැදපෙරදිග සබඳතාවලට වඩා බලවත්ය.