ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය හමුදා සාමාජිකයන්ට භාරවීම සඳහා පසුගිය 20 වැනිදායින් ආරම්භ වූ පොදු සමා කාලය තුළදී දින හතරක් ඇතුළත යුද හමුදා සාමාජිකයන් 3,979ක් ඔවුන් සේවය කරමින් සිටි රෙජිමේන්තු කඳවුරුවලට භාරවී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා ‘මව්රට’ට පැවැසීය. මෙය යුද හමුදාවෙන් පමණක් භාරවූ සංඛ්‍යාවය.
එසේ භාරවූ පිරිස් අතරින් හමුදා සාමාජිකයන් 05 දෙනකු විදේශ රටක සිට ඒ සඳහා කටයුතු සැලසුම් කර තිබූ අන්දමට ඉල්ලා අස්වීම භාරදී ඇති බවද ඔහු සඳහන් කළේය.
පොදු සමා කාලය තුළදී භාරවන හමුදා සාමාජිකයන් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර ඔවුන්ගෙන් අයවිය යුතු මුදලක් වේ නම් ඒ පිළිබඳ තීරණ ගැනීම සඳහා දින 03ක මූලික පරීක්ෂණයක් සිදුකර අස්වීම් භාරගන්නා බවද ඔහු පැවැසීය.
පසුව යළි අදාළ කඳවුරට පැමිණෙන ලෙස දිනයක් ලබාදී පිටත් කර යවන බවයි හමුදාව සඳහන් කළේ.
මෙම පොදු සමා කාලය ලබන මැයි 20 වැනිදායින් අවසන් වනු ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න