• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගෝඨා එක්ක රට හදන්න එන කවුද ‌මේ ‌කෝටිපති අශෝක්?

December 14, 2019
in News, Politics, Uncategorized
Reading Time: 7 mins read
A A
ගෝඨා එක්ක රට හදන්න එන කවුද ‌මේ ‌කෝටිපති අශෝක්?
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් කිරීමට ඇප කැපවූ බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වූයේ එතුමා යටතේ මෙරට නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික පිබිදීමක් ඇති වනු දැකීමය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් බොහෝ තීරණයන් ජනතාව අතර දැඩි ප්‍රසාදයකට ලක් වූයේද ඒ නිසාය. ජනාධිපතිවරයා ලෙස පෞද්ගලිකව ගත් තීරණ මෙන්ම රජයට අදාළව ගත් තීන්දු තීරණ කිහිපයක්ම ඒ ආකාරයෙන් ජනතාව අතර දැඩි ප්‍රසාදයට ලක් විය. ඒ අතර ඉදිරියෙන්ම වූ එක් තීරණයක් වූයේ රජයේ ප්‍රධාන ආයතන සඳහා දේශපාලනයට සම්බන්ධ පිරිස් පත් කිරීම වැළැක්වීමට ගත් තීරණයය. දේශපාලනඥයන් වෙනුවට මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ වෘත්තීයවේදීන් ඒ සඳහා යෙදවීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව බව දැන ගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයන් දෙදෙනකු වන ධම්මික පෙරේරා සහ අශෝක් පතිරගේ මහතාගේ නමද එලෙස ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයන්හි සභාපති ධුරය සඳහා තෝරා ගෙන ඇති බවට ආරංචි පැතිර යමින් ඇත. ධම්මික පෙරේරා මහතා මීට පෙරද රජය සමඟ සමීපව කටයුතු කර ඇති අතර තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන මහතාද පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළේය.
අනාවරණය වන අන්දමට අශෝක් පතිරගේ මහතා පත් කිරීමට සූදානම් වන්නේද ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ලෙසින්ය. ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයකු වූ හැරී ජයවර්ධන මහතාද මීට පෙර ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර අශෝක් පතිරගේ මහතාගේ නව තනතුර පිළිබඳව මේ වන විට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත.
දකුණු ලක ගාල්ලේ උපත ලද අශෝක් පතිරගේ මහතා Softlogic Holdings (Pvt) Ltd. අරඹමින් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1991 වසරේදීය. තම පළමු රැකියාව වූ ජෝන් කීල්ස් ආයතනයේ වසර 9ක සේවය නිමා කරමින් ජීවිතයේ අලුත් පියවරක් තැබූ පතිරගේ මහතා තම ප්‍රියතම ක්ෂේත්‍රය වූ පරිගණක තාක්ෂණය සමඟ සම්බන්ධ වෙමින් සොෆ්ට්ලොජික් සමාගම ආරම්භ කර ඇත. පතිරගේ මහතාම ප්‍රකාශ කර ඇති පරිදි ඒ සඳහා එකල වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 10ක් වන අතර ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ සේවකයන් 12 දෙනකුගෙන් යුතුවය. එලෙස ආරම්භ කළ ව්‍යාපාරය අද වන විට සමාගම් 15කින් යුක්ත වන අතර සමස්ත සේවක සංඛ්‍යාව 700කට අධිකය. මේ වන විට ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පාකිස්තානය සහ ඕස්ටේ්‍රලියාව යන රටවල සොෆ්ට්ලොජික් සමාගම් ජාලය පැතිර ඇත. එමෙන්ම සමාගම් ජාලය සතු වත්කම් ප්‍රමාණය බිලියන 07කට අධික බව සඳහන්ය.

කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවකු වන පතිරගේ මහතා පාසල් කාලය තුළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින්ද කැපී පෙනුණු අතර පාසල් අධ්‍යාපනය නිමවීමෙන් පසු ව්‍යාපාර කළමනාකාර සහායකයකු ලෙස ජෝන් කීල්ස් ආයතනය සමඟ එක්ව ඇත්තේ 1983 වසරේදීය. “ලංකාවේ පරිගණක තාක්ෂණය හා සම්බන්ධ සමාගමක ලොකු අඩුවක් තියෙන බව ජෝන් කීල්ස් ආයතනයේ සේවය කරන කාලයේදී මට තේරුම් ගියා. අනිත් එක පාසල් කාලේ ඉඳන්ම ගණිතය තමයි මගේ ආසම විෂය. ඒ හා සම්බන්ධ පරිගණක තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නත් මට කැමැත්තක් තිබුණා. ඒ වෙනුවෙන් තමයි සොෆ්ට්ලොජික් සමාගම ඇරඹෙන්නේ.” පතිරගේ මහතා තම අතීතය සම්බන්ධව පවසන්නේ එසේය.

මෘදුකාංග සංවර්ධන සමාගමක් ලෙස 1991 දී ඇරඹි සොෆ්ට්ලොජික් සමාගම සාර්ථකව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් ශ්‍රී ලංකාව තුළ ඩෙල් බෙදාහැරීමේ බලයලත් ආයතනය බවට පත් විය. අනතුරුව ඩයලොග් ඇක්සියාටා සමඟ හවුල්කාරිත්වයක් ඇතිව ආයතනික හා තනි ඩයලොග් ජීඑස්එම් පැකේජ ලබා දීම සොෆ්ට්ලොජික් සමාගම විසින් ආරම්භ කර ඇත. ජංගම සන්නිවේදනයේ විභවය අවබෝධ කරගත් පතිරගේ මහතා 2000 වසරේදී භදනස් හි ජාතික අලෙවි නියෝජිත ආයතනය අත්පත් කර ගත්තේය. මේ ආකාරයෙන් ටිකෙන් ටික ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික බලය තහවුරු කළ සොෆ්ට්ලොජික් ආයතනය 2006 සහ 2009 අතර ආක්‍රමණශීලී වර්ධනයක් කරා ගමන් කළේය. ඒ අතර ඔවුන් යුනි වෝකර්ස් (පුද්ගලික) සමාගම තම හිමිකාරිත්වය යටතට පවරා ගත් අතර දිවයින පුරා ගෘහ භාණ්ඩ වෙළෙඳසල් සහ ප්‍රදර්ශනාගාර විවෘත කළේය. පැනසොනික්, සැම්සුන්, නොකියා, ඩෙල්, ඇපල්, කැන්ඩි, රසල් හොබ්ස්, කෙල්විනේටර් යන සමාගම්වල බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන්නේද සොෆ්ට්ලොජික් සමාගමය. 2009 දී ජීන්ස්වෙයාර් සන්නාමය වන “ලෙවිස්” සඳහා බලයලත් බෙදාහරින්නාගේ තත්ත්වය හිමි කර ගනිමින් ඇඟළුම් කර්මාන්තය තුළ තම අණසක පැතිරවීමට සොෆ්ට්ලොජික් සමාගමට හැකි විය.

සංචාරක කර්මාන්තය වෙත ඊළඟට අවතීර්ණ වූ සොෆ්ට්ලොජික් සීසැන්ඞ්ස් හෝටල් සහ නිකේතන අත්පත් කර ගෙන අලුත්වැඩියා කිරීමට කටයුතු කළේය. අනතුරුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් මෙරට අංක එකේ පෞද්ගලික රෝහල් ජාලය ලෙස සැලකෙන ආසිරි රෝහල් ජාලය අයිති කර ගත් සොෆ්ට්ලොජික් සමාගම, ශ්‍රී ලංකාවේ අංක එකේ ඇඟළුම් ව්‍යාපාරයක් වූ ඔඩෙල් ආයතනයද තමන් සතු කර ගැනීමට සමත් විය.
කොළඹ නගරයට ආසන්නව පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් ලෙසින් තට්ටු 24කින් යුක්තව මූවන් පික් හෝටලය ඉදි කිරීමට සොෆ්ට්ලොජික් සමාගම කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.

සොෆ්ට්ලොජික් සමාගම් ව්‍යාපාර ජාලය මේ වන විට සියලුම ක්ෂේත්‍රයන් කරා පැතිර ගොස් ඇත. Asiri Central Hospital, Asiri Surgical Hospital, Asiri Medical Hospital, Asiri Hospital Matara iy Asiri Laboratorie සොෆ්ට්ලොජික් සමාගම සතු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් ව්‍යාපාර ලෙස දැක්විය හැක. ඔවුන් සතු ආහාර පාන සහ ඇඟළුම් ව්‍යාපාර ලෙසGalleria, ODEL, Burger King Baskin Robbins ද, මූල්‍ය ව්‍යාපාර ලෙස Softlogic Finance PLC, Softlogic Life Insurance PLC, Softlogic Stockbrokers (Pvt) Ltd දැක්විය හැක. ඊට අමතරව පරිගණක මෘදුකාංග සහ ජංගම දුරකතන වෙළෙඳාම සමඟ සම්බන්ධ ව්‍යාපාර ලෙස Softlogic Informtion Technologies, Softlogic Computers, Softlogic Communications, Softlogic International, Office Automation, Softlogic Australia, Softlogic Mobile Distribution, Softlogic Automobiles සහ Future Automobile සොෆ්ට්ලොජික් සමාගම සතු අතර අනෙක් ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපාර ලෙස Abacus International Lanka, Centara Ceysands Resort & Spa සහ Movenpick City Hotel සඳහන් කළ හැක.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පෙරළි රැසක් සිදු කළ පතිරගේ මහතා තම දියුණුවේ රහස පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ වැඩ කිරීම විනෝදාංශයක් බවට පත් කර ගැනීම ඒ සඳහා හේතු වූ බවය. වැඩිපුර වැඩ කිරීම සඳහා හොඳ නින්දක් අවශ්‍ය බව පවසන පතිරගේ මහතා ඒ හේතුවෙන් රාත්‍රී සාද සහ කොක්ටේල් තම ජීවිතයෙන් ඈත් කර ඇති බවද සඳහන් කර ඇත. දේශපාලනයට සම්බන්ධ වීමට කිසිදු අදහසක් නොමැති වුවත්, රජයේ ඉල්ලීමක් ලැබුණහොත් රට වෙනුවෙන් තම සේවය ලබා දීමට සූදානම් බව පතිරගේ මහතා කිහිප වරක්ම ප්‍රකාශ කර ඇත.
රට ගොඩනැඟීමට අවශ්‍ය වන්නේ මෙවැනි මිනිසුන් බවට විවාදයක් නැත. එබැවින් පැතිර යන ආරංචි සත්‍යය බවට හැරෙමින් අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ධුරයට පත් වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් මඟ බලමින් ඇත. තමන්ටම ආවේණික රටාවකින් ව්‍යාපාර ලෝකය දිග් විජය කළ අශෝක් පතිරගේ මහතාට ශ්‍රී ලංකා ගුවන් සමාගම නඟා සිටුවීම එතරම් අසීරු කරුණක් නොවනු ඇත. එසේම අවස්ථාව ලැබුණහොත් රට වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට පතිරගේ මහතා කිසිවිටෙකත් නොපැකිළෙනු ඇතැයි යන්න සියලු දෙනාගේ විශ්වාසය වී ඇත.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

එදා රෝසි අද ජූරි

Next Post

මහින්ද පටන් අරන්: චම්පික හදාගෙන ගිහින්: මහින්දම විවෘත කරපු ‘සිහින නගරයේ’ ‌මොනවද තියෙන්නේ?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.