• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

හොරොව්පොතානේ මිනිස්සු හිටිහැටියෙ මැරිලා වැටුණේ කුමාරයාගේ බල බිදිලද?

September 14, 2019
in Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

විශ්ව බලයෙන් රෝගීන් සුවපත් කරන බව කියන දීගොඩ කුමාර නමැති අයකුගේ වැඩසටහනකට සහභාගිවීමට අනුරාධපුර හොරොව්පොතාන මධ්‍යමහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයට දිවයිනේ දසතින් පැමිණි පිරිස් අතරින් 18 දෙනකු රෝගිවී රෝහල්ගත කිරීමෙන් පසු එම පිරිස් අතරින් තුන්දෙනකු මිය යෑමේ සිද්ධිය පසුගිය සතියේ මහත් ආන්දෝලනයට පත්වී තිබිණි. ඉකුත් 7 වැනිදා දහවල් සිදුවූ එම සිද්ධිය අනුරාධපුර ප්‍රදේශයේ පමණක් නොව පිටපළාත්වලටද සැණෙකින් පැතිර ගියේ මාධ්‍ය දුන් තල්ලුවත් සමඟය. “ලෙඩ හොඳකරගන්න ආ දෙදෙනකු මැරී වැටෙති” යන සිරස්තල ඔස්සේ ඇතැම් මාධ්‍ය අදාළ සිද්ධිය ජනතාව අතරට රැගෙන යෑමත් සමඟ ඒ පිළිබඳ පැතිකඩ කිහිපයකින්ම පරීක්‍ෂණ ඇරැඹිණි. විශ්ව බලයෙන් රෝගීන් සුවපත් කරන බව කියන මෙම පුද්ගලයා පිළිබඳ සමාජ වෙබ් අඩවි මඟින් මෙන්ම අම්පාර – නුවරඑළිය ප්‍රදේශවලින්ද වාර්තා වුණු සිද්ධීන් නිසාම ඔහු හොරොව්පොතානට ගෙන්වීමට මූලිකවී ඇත්තේ හොරොව්පොතාන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ටී. දයාරත්න මහතාය. ඔහුගේ ආරාධනයෙන් මෙම පුද්ගලයා හොරොව්පොතානට කැඳවා ඇති අතර, මෙම ලෙඩ සුවකරන පුද්ගලයා ඔහුට හමුවී ඇති අන්දම ගැන දැනගැනීම සඳහා “මව්රට” අප ඔහුව දුරකතනයෙන් සම්බන්ධකර ගතිමු.
“මටත් මගේ පුතාටත් දීර්ඝ කාලයක් තිස්සේ දණහිසේ අමාරුවක් තිබුණා. මම මේ පුද්ගලයා ගැන දැනගත්තෙ “යූ-ටියුබ්” එකෙන් සහ නුවරඑළිය – අම්පාර ප්‍රදේශවල පැවැති මෙයාගෙ වැඩසටහන් දැකලයි. මගේ පුතා ඉන්ජිනේරුවෙක්. දැනට මාස දෙකකට පෙර එනම් පසුගිය ජූලි මාසෙ විතර මම මගෙ පුතාද සමඟ මෙ පුද්ගලයා ලෙඩ සුවකරමින් සිටින නුවරඑළිය පළාතට ගියා. ඒ ගිහින් මේ පුද්ගලයා හමුවෙලා අපේ දණහිස් අමාරුවට ප්‍රතිකාර ලබාගත්තා. ඒ සමඟ මගේ බිරියත් ගියා. ඇත්ත වශයෙන්ම මටත් මගේ පුතාටත් තිබුණු ඒ අමාරුව සුවපත් වුණා. සතියක් බෝධි පූජා එහෙම කරල බුදුදහමෙන් තමයි එයා මේ විශ්ව ශක්තිය අරන් තියෙන්නෙ කියලයි මම විශ්වාස කරන්නෙ. එදා මේ රෝග සුවකරන දීගොඩ කුමාරගෙන් ලෙඩ සුවකර ගන්න ඇවිත් හිටිය දහස් ගණනක්. මම ඇස් දෙකෙන් දැක්ක නිසා තමයි මම මෙහෙම කියන්නෙ. ඒ සඳහා එන අය නිර්මාංශව ඉඳල තමයි මේ පුද්ගලයා හමුවෙන්න ගිහින් තිබුණෙ. රෝද පුටුවෙන් ගිය අයත් රෝද පුටුවෙන් නැඟිටවනව මම දැක්කා. එදා මේ අය හමුවුණු වෙලාවේ ඒ අයගෙන් මම ඉල්ලල හිටියා අපේ ගොවි ගම්මානයටත් ඇවිත් අපේ අහිංසක ගොවි ජනතාව සුවපත් කරන්න කියල. මමයි මේ දෙයට මූලික වුණේ. ඒ ආරාධනය පිළිඅරන් තමයි එයා මෙතැනට මේ දිනයේ ඇවිත් තිබුණේ.”
ඔහුට ආරාධනා කර සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එසේ කියද්දී පසුගිය 07දා හොරොව්පොතාන ක්‍රීඩාංගණයේ ඒ සිදුවූ දේ ගැන ආපසු හැරී බැලිය යුතුයි. මෙම වැඩසටහන අතරතුරදී අසාධ්‍ය වූ පුද්ගලයකු සහ කාන්තාවක මියගොස් 18 දෙනකු හොරොව්පොතාන සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර තිබුණා. එසේ මියගිය සංඛ්‍යාව පසුගිය අඟහරුවාදා වන විට 3 දෙනකු දක්වා ඉහළ නැඟ තිබිණි. මියගිය අය අතර කළුතර මහවස්කඩුව පදිංචි 39 හැවිරිදි දනූෂා ද සිල්වා සහ ගාල්ල වඳුරඹ පදිංචි 78 හැවිරිදි ඒ. එම්. රණවක යන දෙදෙනා වූහ. මියගිය කාන්තාව අවුරුදු දොළහක පමණ කාලයක් තිස්සේ අංශභාග රෝගී තත්ත්වයෙන් පෙළුණු කාන්තාවක් බවද, අනෙක් පුද්ගලයා හෘදයාබාධයකින් පෙළුණු අයකු බවද පැවසේ. පසුගිය 7දා පස්වරු 2ට පමණ මෙම වැඩසටහන ආරම්භ වී ඇත. මෙම වැඩසටහන සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් ඇතුළු විවධ පුද්ගලයන් විසිපන්දහසකට අධික සංඛ්‍යාවක් පැමිණ ඇත. ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේ නමක් බෝධි පූජාවක්ද පවත්වා මෙම වැඩසටහන අරඹා ඇත. සිය රෝගී තත්ත්වයන් සුවපත් කරගැනීම සඳහා හොරොව්පොතාන පැවති මෙම වැඩසටහනට හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, දෑස් නොපෙනෙන පුද්ගලයන් ඇවිදීමට අපහසු පුද්ලයන්ද පැමිණ සිටි බව ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා පැවසුවේය.
මෙම අවස්ථාව වන විට ප්‍රදේශයේ දැඩි අවුරශ්මියක් පැවති අතර, මෙම වැඩසටහනට සහභාගි වූ රෝගී තත්ත්වයේ පසුවූවන් දැඩි අපහසුතාවට පත්වන්නට ඇතැයි වෛද්‍ය අංශ සැක පළකරයි. මෙහිදී අනුරාධපුර රෝහලට මාරුකර යවන ලද රෝගීන් සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත ප්‍රනාන්දු මහතා පළකළේ මෙවන් අදහසක්.
රෝග සුව කරන බවට සිදුකරනු ලබන දැනුවත් කිරීම් මත මහජනයා විවිධ ස්ථානවලට රැස්වෙනවා. වැඩි කාලයක් අව්වේ රැඳී සිටීම නිසා වියපත් අයට ක්‍ෂණිකව සංකූලතා තත්ත්වයක් මතු වෙන්න පුළුවන්. විශේෂයෙන් වකුගඩු, පිළිකා රෝගීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවලට සහභාගි නොවන ලෙසයි. එහෙත් මෙදිනම වුණේ ඇයිද යන්න ගැන කෙළින් තීරණයක් ගන්න ප්‍රමාද වැඩි බව රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවැසීය.
මෙම සිද්ධියේදී මියගිය පුද්ගලයන් පිළිබඳ පැවැත්වෙන මරණ පරීක්‍ෂණවලදී මෙන්ම පශ්චාත් මරණ පරීක්‍ෂණවලදී අධිකරණ වෛද්‍ය නිලධාරියා දෙනු ලබන තීරණය මත එම නිගමනයන්ට පැමිණිය හැකි බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

මෙම සිද්ධියේදී තුන්වැනි පුද්ගලයා මියගොස් තිබුණේ පසුගිය 8දා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදීය. එසේ මියගොස් තිබුණේ කලාවැව – විජිතපුර කාංගුනන්කුලම පදිංචි 52 හැවිරිදි ටී. බී. විජේතුංග නමැති අයෙකි. මේ පිළිබඳ මියගිය විජේතුංග මහතාගේ පුතකු වන ටී. එම්. සුසන්ත කුමාර මහතා මාධ්‍යයට සඳහන් කොට තිබුණේ තම පියා පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි බවයි. රෝහල් ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු නිසා හොරොව්පොතානේ පැවැත්වූ කුමාර මහතාගේ විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරනු ලබන වැඩමුළුවට තම පියා මවත් සමඟ එම සායනයට කැඳවාගෙන ගොස් තිබිණි. හොරොව්පොතාන ප්‍රාථමික විද්‍යාල පිටියේ විශාල පිරිසක් රැස්ව සිටි බවද ඔහු පැවසීය.
“අපි ගියේ උදේ අටට විතර. එම පිට්ටනියේ විශාල පිරිසක් රැස්ව සිටියා. පොලිසියෙන් පරීක්‍ෂා කරලයි ඇතුළට ගත්තේ. එදින දහවල් දොළහ වෙද්දි පනස්දහසක් විතර සෙනඟ පිරුණා. ඒ වෙලාවෙ දැඩි අව් රශ්මියක් තිබුණද එන්න එන්නම තදබදය වැඩි වුණා. අසාධ්‍ය ලෙඞ්ඩු ඇතුළට ගන්න එපා කියලත් නිවේදනය කළා. තදබදයයි, අව්වයි වැඩි නිසා අපේ තාත්තට අමාරු වුණා. පසුව අපි තාත්තා හොරොව්පොතාන රෝහලට රැගෙන ගියා. තාත්තාට අමාරු නිසා පසුව අනුරාධපුර රෝහලට රැගෙන ගියා. එහිදී පසුගිය ඉරිදා තාත්තා මියගියා. අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු පැවසුවේ පියාගේ හිසේ තිබුණු සැරව ගෙඩියක් පුපුරා ඔහු මියගිය බවයි. තාත්තා මියගියේ දැඩි අව් රශ්මිය නිසා කියලයි අපි හිතන්නේ. මගේ පියාගේ මරණය ගැන සැකයක් නැහැ.”
කෙසේ වෙතත් යම්කිසි පිරිසක් ඒකරාශිවන ස්ථානයක් ගැන මීට වඩා සංවිධානාත්මක ලෙස කිසියම් ආරක්‍ෂක පියවරයන් ගතයුතුව ඇති බවද ඇතැම් වෛද්‍ය වෘත්තීයවේදන්ගේ මතය වී තිබිණි. මෙම ප්‍රශ්නයේ වගකීම කා අතේද යන්න පිළිබඳ තවත් ප්‍රශ්නයක් පැනනැඟී ඇති බව සඳහන්ය. මෙම සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කර විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයකුද පත්කෙරුණේ පසුගිය සතියේය. ඒ සඳහා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ මහතා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කොට තිබේ. එම පොලිස් කණ්ඩායම මෙම වැඩසටහන සංවිධානය කරන ලද පුද්ගලයන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීම පසුගිය අඟහරුවාදා සිට ආරම්භ කර තිබිණි. මෙම වැඩසටහන පිළිබඳ ලැබුණු පූර්ව ප්‍රචාරය මත පිට පළාත්වල සිට රෝහල්ගතව සිටි රෝගීන්ද රැගෙනවිත් ඇද්ද යන්න ගැන පරීක්‍ෂණ නිලධාරීන්ගේ ඇස යොමුවී ඇති බව සඳහන්ය. මෙම වැඩසටහන සංවිධානය කර ඇති දීගොඩ කුමාර හෝ ඔහුගේ සංවිධායකවරයකු අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා හරහා සම්බන්ධකර ගැනීමට අප දැරූ උත්සාහයන් අසාර්ථක විණි. වරදකරු දැඩි අව් රශ්මියද නැතහොත් මෙම රෝගීන් ගෙන ආ පුද්ලගයන්ද නැතිනම් කවුරුන්ද යන්න මියගිය සහ අසාධ්‍ය තත්ත්වයට පත්වූ රෝගීන්ගේ ඥාතීන්ටද තවමත් ප්‍රශ්නාර්ථයකි.

බලය ලැබුණු හැටි ගැන දීගොඩ කුමාර කියන කතාව


අතීත කාලෙ භාවනා කිරීමේ රැල්ලක් තිබුණා. මහාරිෂි මහෝෂධතුමාගෙ ආභාසය ලැබුවා. සායිබබාත් මට පිහිටවෙලා තියෙනවා. නමුත් අදත් කියනවානෙ මැජික්කාරයෙක් කියලා. මේ අය තුළ ලොකු ආධ්‍යාත්මික දැනුමක් තියෙනවා. අපි බණ භාවනාවලට යොමුවුණා. පොඩි කාලෙ මම සිල් අරන් තියෙන්නෙ වරුවයි. ඉස්කෝල යන කාලෙ. ඒ වරුවෙ හිටියෙත් අමාරුවෙන්. අනෙක් වරුව සිටියෙ අඹගහක් උඩයි. ඒ කාලෙ ආධ්‍යාත්මික පැත්තක් දැන සිටියේ නැහැ. එකම දේ මනසේ තිබෙන ශක්තිය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. එහෙම ටික කලක් සිටියදී අපි මාධ්‍ය රැකියාවට එනවා. ඊළඟට ක්‍රීඩාවලට යොමුවුණා. සටන් ක්‍රම ඉගෙනගත්තා. ගුරුවරයෙක් බවට පත්වුණා. බටහිර සංගීත කණ්ඩායම්වලට සම්බන්ධ වුණා. මෑතක් වනතුරු සිටියා. මේ දේවල් කරන කොට ආධ්‍යාත්මික තත්ත්වයට පත්වෙන්නෙ නැහැනෙ. නමුත් හිටි අඩියෙ තමයි මට මේ දැනුම ආවෙ. මම දන්නෙ නැහැ මට ඒ ඇමතුම ලැබෙනතුරු. එතෙක් අපි විනෝදකාමී ලෙසයි හිටියෙ. මම චිත්‍ර ශිල්පියෙක්. පොඩි ළමයින්ට කතා පොත් ලියපු කෙනෙක්. මේ දේවල් කරගෙන ඉන්නකොට තමයි අහම්බෙන් ඇමතීමක් ලැබුණෙ. මම බැලුව මේ මොකක්ද කියන්නෙ කියල. වරින් වර අපි දෙවියන් සිටින බව කියන ස්ථානවලට සම්බන්ධ වුණා. හරි අද්භූත දෙයක් සිදුවුණා. ඒ අද්භූත සිද්ධිය සිදුවන්නෙ මම එක තැනක සිටියදී. මම දෙවිකෙනෙක් දැකගත්තා. මේ භද්‍රකාලි මෑණියන් බව එදා මට වැටහුණා. බෝධීන් වහන්සේ විවෘත කිරීමක්. වැඩක් පැවරුවා. මේ ටික මුද්‍රණය කරලා මේ ස්ථානයට ලැබෙන්න සලස්වන්න කියල. ඉතින් මම කාටවත් කියන්නෙ නැතිව මේ වැඬේ කළා. මගේ මුද්‍රණාලයක මේ ටික මුද්‍රණය කළා. ඒව අරගෙන මම අදාළ තැනට ගියා. ගියහම එතැන දේවාල භූමියක්, විහාරස්ථානයක්ද තිබුණා. නමුත් එතැන එකපාරට ආරූඪ වුණා. කාන්තාවක් මම වාහනයෙන් බහින කොටම කුමාර ගෙනාවද කියල ඇහැව්වා. මම උඩගියා. කොහොමද දන්නෙ කියල. ඉන්න කට්ටිය බැලුවා. මොනවද මේ දෙන්න කතා කරන්නෙ කියල. එතැන තමයි මට විශ්වාසය ඇතිවුණු පළමුවැනි තැන. එතුමිය මා සමඟ සම්බන්ධ වෙලා පොත්පත් මුද්‍රණය කරල නොමිලේ බෙදුවා. එතුමිය කියනව පිරිසුදු බුද්ධ දේශනය සත්‍යයි. දෙවිවරු පිරිසක් මට කියා සිටියේ කිසිවෙකුගෙන් මුදලක් අය කිරීම තහනම්. මිනිසා සුවපත්කිරීමට අත තියන වාරයක් වාරයක් පාසා මගේ ආයුෂ අඩු වෙනවා. එක්තරා විහාරස්ථානයකට මම සිකුරාදා දිනවල ගිහින් බෝධි පූජා දෙනව. ඒ පන්සලේ හිමිනමක් මට කීව අද මෙතැනට අංශභාග හැදිල රෝද පුටුවෙන් අයෙක් ගෙනත් ඉන්නව, හැකිනම් අධිෂ්ඨාන බලයෙන් යමක් කරන්න කියල. මම ඒ අයට අත තියල පුටුවෙන් නැඟිට්ටෙව්වා. ඉන්පසු ඒ අයට මම කීවා බෝධිය වටේ ගිහින් ගෙදර යන්න කියලා. ඒ රෝගියා ඇවිදගෙනම ගෙදර ගියා. එවැනිම අන්දමට ලියුකේමියා රෝගියකුවද ඒ බෝමැඩදී මම සුවපත් කළා. ආධ්‍යාත්මික සුවකළ හැකි පැතිකඩ බුදුන් වහන්සේගේ පැත්තෙනුත් තියෙනවා. ආධ්‍යාත්මික ශක්තිය ආරම්භ කළේ 2012 වසරේදීයි. මගේ ගමන තියෙන්නෙ එන කෙනා සනීප කළා ගෙදර ඇරියා. ඒ ගැන සතුටට පත්වුණා කියන එක විතරයි.
(යූ-ටියුබ් එකට ඔහු ලබාදී තිබූ සාකච්ඡාවක් ඇසුරින්.)

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

පොරපිටියක් වන ඇල්පිටිය

Next Post

මිනිසුන්ට ‌නොපෙනී නායකයන් ගිරව් වගේ කතාකරන ‌මොකක්ද ‌මේ ‌ටෙලිප්‍රොම්ප්ටරේ

MORE NEWS

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.