“උස්බෙකිස්තානයේ පැවැත්වෙන ෂැංහායි සහයෝගිතා සංවිධානයේ මහ සමුළුවට සම්බන්ධ මුලික සාකච්ඡාවකට සහභාගි වීම උදෙසා” ඉන්දියාවේ ආරක්‍ෂක ඇමැති රජ්නාත් සිං ලබන අඟහරුවාදා පිටත්ව යාමට නියමිතය.
මේ සමුළුවට චීන ආරක්‍ෂක ඇමැති වෙයි ෆෙං ද සහභාගි වීමට නියමිතව ඇතත් දෙරටේ ආරක්‍ෂක අංශවලින් ලැබෙන ආරංචිවලින් කියැවෙන අන්දමට දෙදෙනා අතර ද්විපාක්‍ෂීක හමුවක් සැලසුම් කෙරී නැත.
ෂැංහායි සහයෝගිතා සංවිධානයේ මහ සමුළුව ලබන මාසයේදී පැවැත්වීමට නියමිත අතර ඊට භාරත අගමැති නරේන්ද්‍ර මෝදි සේම චීන ජනාධිපති සිං ජිංපෙං ද සහභාගිවීමට නියමිතය. මේ සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගි වුවහොත් එය දෙරට අතර ලැඩ්කා දේශසීමාව සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයෙන් පසුව දෙදෙනා හමුවන ප්‍රථම අවස්ථාව වේ.
චීන ජනාධිපති සි ජිංපෙංගේ පැමිණීම සම්බන්ධව අදහස් දක්වන ආරංචිවලින් පැවසෙන්නේ දෙරට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරද ද්විපාර්ශ්වීය හමුවක් සැලසුම් කෙරී නැති බවය.
සමුළුවේ දී චීන ජනාධිපතිවරයා සමග පැවැත්වෙන එකම ද්විපාර්ශ්වීය සාකච්ඡාව වශයෙන් සැලසුම් කෙරී ඇත්තේ උස්බෙකිස්තාන් ජනාධිපති ලුතිනන් ජෙනරාල් නිසාමුවිච් සමග පමණක් බව පැවසේ.
චන්ද්‍රසේන මාරසිංහ