ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී රෝහල් ජාලය වන Medihelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය පෙරදැරි කරගෙන, බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්ත්වයේ සෞඛ්‍ය සේවා ලබාදෙමින් වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද අභියෝගයන්ට මුහුණදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප්‍රධාන නගර ගණනාවක් වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී.
Medihelp hospitals ජාලය වෙතින් ප්‍රමුඛතම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන්ට සමගාමීව වෛද්‍ය රසායනාගාර, ෆාමසි ඇතුළු තවත් සේවාවන් රාශියක් එකම වහලක් යටින් දැරිය හැකි මිලකට පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව ජනතාව වෙත උදාකර දී ඇත.
මීට 37 වසරකට පෙර හොරණ නගරය කේන්ද්‍ර කරගමින් වෛද්‍ය රසායනාගාරයක් ලෙස ඇරඹි Medihelp hospitals ජාලය මේවන විට කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර 15ක් ආවරණය වන ලෙස සිය සේවා ව්‍යාප්ත කර ඇති අතර Medihelp hospitals ජාලයෙහි නවතම ශාඛාව පසුගියදා නුගේගොඩ නගරය කේන්ද්‍රගතව ආරම්භ කෙරිණි.