• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

June 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න පටන් අරගත්තා. වෙසක් හුළඟ වෙනදා වගේම මිනිස්සුන්ට ඉඟි කෙරුවා. තැන තැන වෙසක් තොරණ ඉදිවුණා. පහන් කූඩු දැල්වෙන්න පටන් අරගත්තා. මිනිස්සු දන්සල් දුන්නා. බැති සිතින්ද, මෙත් සිතින්ද, එහෙමත් නැත්නම් විනෝදය උදෙසාද, මොන අරමුණින් ගියාද කියල දන්නෙ නැති වුණාට මිනිස්සු පාරට බැහැලා දන්සල් කන්න හතර අතේ ඇවිද්දා. අපිත් ගියා. සමහර විට ඔබත් යන්න ඇති. නොයා හිටියෙ යන්න විදියක් නොතිබුණු අය විතරයි කියලයි මම විශ්වාස කරන්නෙ. අපි සාමාන්‍ය මිනිස්සු. අපි දන්සල් කන්න ආසයි.
පාරෙ වාහන තදබදය වැඩි වුණත්, මිනිස්සු පාරෙ පිස්සෝ වගේ වාහන එළෙව්වත්, අපි කොහොම හරි අපේ වාහනත් බේරගෙන, අපිත් බේරිලා ගෙදර එන්න හිතාගෙන පාරට බැස්සා. මිනිස්සු අයිස් එකක් කන්න කිලෝමීටර් ගණන් පෝලිම්වල හිටියා. දන්සලක දුන්නු ආහාර වේලක වැඩිම වටිනාකම ඕනෙ වුණොත් රුපියල් දාහක් වෙයි. හැබැයි මනුස්සයෙක් රුපියල් දාහකට තිස් හතළිස් දාහක් වියදම් කරලා තමන්ගෙ වාහන සූරාගෙන, අනිත් මිනිස්සුන්ට යන්න බැරිවෙන විදිහට පාරවල් අවහිර කරගෙන, පාරවල්වල අවහිරය දරාගෙන, පාරවල්වල හෝන් ගහගෙන, විසිල් ගහගෙන, කෑගහගෙන, හූ කියාගෙන, වැරදි ලේන් පාවිච්චි කරගෙන, තමන්ගෙ ලේන් එකෙන් ගිහින් අනිත් පැත්තෙ ලේන් එකකට පැනගෙන, පැය ගණන් ට්‍රැෆික්වල කට්ට කාගෙන දන්සල් කන්න ගියා.Sri Lanka Latest News

මේ කියපු දේවල් ඇතුළෙ හරි සහ වැරදි දෙකටම අයිති බොහෝ දේ තියෙනවා. හරි මොනවද වැරදි මොනවද කියන එක තීරණය කරන එක ඔබේ වැඩක්. හැබැයි මේ රටේ මාර්ග නීති ගැන, මේ රටේ සාමාන්‍ය සදාචාරය ගැන, අනිත් මනුස්සයෙක් අපහසුතාවට පත්වුණාට පස්සෙ ඒකෙ තියෙන බරපතළකම ගැන ඔබත් මමත් අපි දෙන්නම හොඳටම දන්නවා.
නෝනාවරුනි මහත්වරුනි, මම මේ පිඹුරුපත් සකස් කරන්නේ මීගොඩ අනතුර ගැන කියන්න. නම් ගම්වලින් මිනිස්සු හඳුන්වා දීලා වෙච්ච විදිහ රසවත්ව ලියලා කියලා මේ කතාව ඉදිරිපත් කරන්න මට වුවමනාවක් නෑ. මේ කතාව ඇතුළේ හැංගිලා තියෙන්නෙ අපේ රටේ ඛේදවාචකයක් වග මම ඔබට කියනවා. කත්නෝරුවේ හාමුදුරුවො බණක් කියන්න ආපුවාම මිනිස්සු මීමැස්සො වගේ අතුරු සිදුරු නැතුව පොරකනවා. ඒ මිනිස්සු අතරින් වැඩි දෙනෙකුට ඕනෙ හාමුදුරුවෝ වීඩියෝ කරගන්න. හාමුදුරුවොත් එක්ක ළඟ ඉඳලා සෙල්ෆියක් ගහන්න. හාමුදුරුවො පේන තැනක ඉන්න. මේක පිස්සුවක්.

මේක විකාරයක්. මේක උන්මත්තක ස්වභාවයක්. මේ උන්මත්තක ස්වභාවයට අපි කියන්නේ ආගමික හැදියාව නෙමෙයි. මේකට අපි කියන්නේ ශ්‍රද්ධාව නෙමෙයි. මේකට කියන්නෙ අමූලිකා ශ්‍රද්ධාව. මෙවැනි ශ්‍රද්ධාවක් මනුෂ්‍යයෙක් ළඟ තිබිය යුතු නැහැ. අවශ්‍ය වෙන්නෙ ආගමික හැදියාවක්, ආගමික ළැදියාවක්, ආගමික නැමියාවක්. ඒකට කත්නෝරුවේ හාමුදුරුවොද, ගමේ පන්සලේ හාමුදුරුවොද, වෙන කවුරුහරි හාමුදුරුවො නමක්ද කියන එක මම හිතන්නෙ නැහැ වැදගත් වෙනවා කියලා. ඇත්තටම වැදගත් වෙන්නෙ, එහෙම නැත්නම් ඇත්තටම වටින්නෙ, නියමිතව සද්ධර්මය තියෙන තැනට ගිහිල්ලා බණ අහන එක, බණ භාවනා කරන එක, මල් පූජා කරන එක. හැබැයි දන්සල් දෙන එක හෝ දන්සල් කන එක වැරදියි කියලා කියනවා නෙමෙයි. දන්සල් කන්න ගෙවල්වලින් පාරට බැහැපු බූරුවෝ, හරක්, මීහරක්, බල්ලෝ, තිරිසන්නු බවට පත්වන සමහර මිනිස්සු නිසා පාරෙ සිද්ධ වුණේ අතිශය නරක ඛේදවාචකයක්. ඒ තමයි රොටී දන්සලක රොටියක් කන්න බලාපොරොත්තුවෙන් පාරෙ හිටපු අහිංසක මිනිස්සු හය දෙනෙක් මේ ලිපිය ලියන දවස වෙනකොට අවසන් ගමන් ගිහිල්ලා.

ඒ මිනිස්සු දන්සලෙන් ගෙදර ගියේ මෘත ශරීර බවට පත්වෙලා. ආයෙ ජීවිතේ කවදාවත් ඒ පවුල් පරම්පරාවක කිසිම කෙනකුට වෙසක් පෝයට දන්සලක් කන්න යන්න හිතෙන්නෙ නැති තරමට ඒ ඛේදවාචකය භයානකයි, බරපතළයි සහ නරකයි. ඇත්තටම එවැනි දෙයක් සිදුවුණාද කියලා දැන් මේ මොහොතෙ පවා හිතද්දි අපිට දැනෙන්නෙ වේදනාවක්. දන්සලකට යන යන වාරයක් පාසා, දන්සලක් පේන වාරයක් පාසා අපිට දැනෙන්නෙ දුකක්. ඒ දන්සලේ එහෙම දෙයක් සිදු නොවුණා නම්, ඒක හීනයක් වුණා නම්, ඒක බොරුවක් වුණා නම්, ඒක කාගෙ හරි බොරු ආරංචියක් වුණා නම් කොච්චර හොඳද කියලා හිතාගෙන සමාජ මාධ්‍ය අස්සෙ, සමාජ ජාල අස්සෙ කී වතාවක් කරක්ගැහුවද කියලා ඇත්තටම දන්නෙ අපි.

ඒකට හේතුව තමයි, අපි කැමැති නැහැ මෙවැනි දේවල් රටේ වෙනවට. දන්සලක පෝලිමකට කඩාවැදුණු රස්තියාදුකාර කැබ්කාරයෙක් මේ දන්සල් පෝලිමේ හිටපු දහතුන් දෙනෙක්ව හප්පනවා. හප්පලා ඔහු පලායනවා. පසුව දැනගන්නවා ඔහු බීමතින් හිටියා කියලා. ඇත්තටම ශ්‍රද්ධාව, බෞද්ධකම, භක්තිය මේ සියල්ල පෙරදැරි කරගෙන පාරට බැහැපු මිනිස්සුන්ට එහෙම වෙන්න පුළුවන්ද? තමන්ගෙ ලේන් එකේ නැතුව වෙන ලේන් එකක ගිහිල්ලා අනිත් මිනිස්සුන්ට කුණුහරුප කියලා බැණලා, රණ්ඩු වෙලා, සයිඩ් කණ්ණාඩි කඩාගෙන…. මේ බුදුහාමුදුරුවො කියපු දෙයක්ද?

බුදුහාමුදුරුවො හිටියා නම් බුදුහාමුදුරුවන්ට මොනවා හිතෙයිද? බුදුහාමුදුරුවො හිටියා නම් බුදුහාමුදුරුවන්ට සසර කලකිරෙන්නේ වෙසක් පෝයට අපි නටන නාඩගම් දැකලා. වෙසක් පෝයට පාරවල්වල පිස්සු නටන හැටි දැකලා. වෙසක් පෝයට නාස්ති කරන පෙට්‍රල්, විදුලිය මේ සියල්ලම අපරාධයක් කියලා දැන් අපිට හිතෙනවා.
මතක තියාගන්න, මේ සෙල්ලම තවදුරටත් වුණොත් මේ රටේ දන්සල් තහනම් වේවි. දන්සල් දෙන එක නතර කරාවි. දන්සල් තියෙන එක රටට ප්‍රශ්නයක් වෙන බව මිනිස්සුන්ට දැනුණොත් වෙන කරන්න දෙයක් නැහැ. වෙසක් පෝයට පාරවල් වහලා දාලා වෙසක් පෝය සමරන තැනට මේ රට පත් වුණොත්, ඒකට වැරදිකාරයා බවට පත්වෙන්නෙ මේ දේශපාලකයො නෙමෙයි. පාලකයො නෙමෙයි. පාලකයන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දේශපාලකයන් වගේම පොලිසියටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි හැමදාම චෝදනා කරනවා පොලිසිය බලන්නෙ නෑ, චෙක් කරන්නෙ නෑ, සයිඩ් කණ්ණාඩි කඩාගෙන යනකොට ඒවට ඕහේ යන්න දෙනවා කියලා. පොලිසියටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. පොලිසියේ ඉන්නෙත් මිනිස්සු. පොලීසියෙ ඉන්නෙත් දෙවිවරු නෙමෙයි. පොලිසියෙ ඉන්න මිනිස්සුන්ටත් දන්සල් කන්න යන්න හිතෙනවා. සමහරු කොල්ලෝ, සමහරු කෙල්ලෝ, සමහරු පෙම්වතුන්, සමහරු පෙම්වතියෝ, සමහරු තාත්තලා, සමහරු අම්මලා.

මේ සියල්ල ඇතුළේ මේ අයට සිද්ධ වෙන්නෙ ඇත්තටම තමන්ගෙ ආශාවන් වුවමනාවන් සියල්ල පැත්තක දාලා පාර මැද්දේ හිටගෙන පාරෙ යන වාහන එහෙට මෙහෙට බැලන්ස් කර කර මේ මිනිස්සුන්ගෙ ජීවිත පරිස්සම් කරන්න. ඔබේ ජීවිතය ඔබ පරිස්සම් කරනවා නම් ඔබ අකැමැති දෙයක් ඇයි ඔබ අනිත් අයට කරන්නෙ? මීගොඩ රිය අනතුර සිදුකරපු මනුස්සයාව පෝලිමක තියලා පවුලේ අයත් එක්ක කැබ් එකකින් ඇවිත් හැප්පුවොත් ඔහු ඒකට කැමැති වෙයිද? ඔබ ඒකට කැමැතිද? අපිට එහෙම දෙයක් යෝජනා කරන්න පුළුවන්ද? ඒක හරි ම්ලේච්ඡයි නේද? හැබැයි ඒ ම්ලේච්ඡ දේ තමයි ඔහු කළේ. මම විශ්වාස කරනවා ඔහු මිනීමරුවෙක් කියලා. මම යෝජනා කරනවා ඔහු මිනීමරුවෙක් කියලා. ඔහුට මිනීමරුවෙක් කියලා චෝදනා කරන්න ඕනෙ තරම් කරුණු තියෙනවා. ඒකට හේතුව, ඔහු චේතනාන්විත මනුෂ්‍ය ඝාතකයෙක් වග අපිට ඔප්පු කරන්න පුළුවන් හින්දා. ඔහු මත්පැන් බොනකොට ඔහු දන්නවා මත්පැන් බිව්වාම වෙරිවෙනවා කියලා. මත්පැන් බීලා වෙරිවෙලා පාරෙ වාහන එළවන්න එපා කියලා රටේ නීතියක් තියෙනවා. රටේ සදාචාරයක් තියෙනවා. මත්පැන් බීපුවාම සිහි කල්පනාවක් ඔහුට නැති බව ඔහු හොඳටම දන්නවා.

ඔහුට වාහනය එළවන්න තියෙනවා නම් ඇයි ඔහු මත්පැන් බිව්වෙ? මත්පැන් බීලා ඔහු වාහනයට නගිද්දි ඔහු දන්නවා ඔහුගේ අතින් මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඔහු දැනගෙන හිටියා ඔහුගේ අතින් මනුෂ්‍යයෙක් ඝාතනය වෙන්න පුළුවන් කියලා. මෙන්න මේකයි වැදගත්ම කාරණය. ඒ නිසා අපි යෝජනා කරනවා ඔහු මනුෂ්‍ය ඝාතකයෙක්, ඔහු මිනීමරුවෙක්. අනාරක්ෂිත ලෙස පාරෙ වාහන එළවන හැම කෙනෙක්ම මිනීමරුවෙක් හෝ මිනීමැරීමට තැත්කරන්නෙක්. ඔහු මනුෂ්‍ය ඝාතනයකට අනුබල දෙන කෙනෙක්. ඔහු චේතනාන්විතව මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කරන්න කටයුතු සූදානම් කරපු කෙනෙක්. ඒ නිසා එවැනි මිනිස්සුන්ට ආයෙත් වෙසක් පෝයක් නොඑන්න, ආයෙ දන්සල් නොකන්න, ආයෙ පාරෙ නොයන්න නීති හැදුනෙ නැත්නම් ලබන වෙසක් පෝයටත් අපිට මීට වඩා කනගාටුදායක ප්‍රවෘත්ති අහන්න වෙන්න පුළුවන්. අපි හැම වෙලාවකම හිතනවා මෙවැනි කතාවක් ලියන්න ලැබුණු අවසාන වතාව මෙය වේවායි කියලා. නමුත් අවාසනාවකට තවමත් අපේ රටේ නීතියට ලොකු හයියක් නැහැ. නීතියට පුළුවන් සාක්ෂි මත කටයුතු කරන්න විතරයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

Next Post

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.