සිය වටිනාකම් දාමය තුළ වගකීම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට කැපවන Noyon Lanka (Pvt) Ltd (Noyon) විසින් කෘත්‍රිම ලේස් සඳහා 100%ක් ස්වභාවික වර්ණකයක් වන Planetones හඳුන්වා දී ඇත. ස්භාවික වර්ණකයක් Control Union විසින් සහතික කළ පළමු අවස්ථාව මෙයයි.
ප්‍රමුඛ යුරෝපීය විලාසිතා සන්නාම දෙකක් සඳහා දැනටමත් විකුණා ඇති Noyon හි Planetones ස්වභාවික වර්ණකය, වර්ණකවල බහුලව දක්නට ලැබෙන උදාසීන වර්ණයන්ගෙන් ඔබ්බට විහිදෙන වර්ණ 32ක පුළුල් වර්ණ මාලාවක් ඉදිරිපත් කරන අතර Cranberry සහ achiote වැනි ස්වභාවික වර්ණ ප්‍රභවයන් භාවිත කරමින් මෙම වර්ණකය නිෂ්පාදනය කරයි.
Eco Dye Standard ලෙස හඳුන්වන Control Union හි සහතිකයට අමතරව වර්ණකය අන්තරායකර රසායන ද්‍රව්‍ය (ZDHC) නිෂ්පාදන සීමාකරන ලද ද්‍රව්‍ය ලැයිස්තුවෙහි (MRSL) ඉහළම මට්ටමට අදාළ ප්‍රමිතීන්ටද අනුකූල වේ. සැලකිය යුතු කරුණක් වන්නේ Control Union වෙතින් Eco Dye Standard සහතිකය ලබාගත් පළමු ආයතනය Noyon වීමයි.