ප්‍රංශයේ පැවැත්වෙන මෙම වසරේ ජාතික දින පෙළපාලිය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.
මෝදිගේ සංචාරය ප්‍රංශය සහ ඉන්දියාව අතර උපායමාර්ගික හවුල්කාරිත්වයේ 25 වැනි සංවත්සරය සනිටුහන් කරයි.
ප්‍රංශ ගුවන් යානා සමඟින් ජූලි 14 වන දින පැරිසියේ චැම්ප්ස් එලිසීස් හරහා බැස්ටීල් දින ෆ්ලයිපාස්ට් සඳහා සහභාගී වීමට ඉන්දියාවේ රෆේල් ප්‍රහාරක ජෙට් යානා තුනක් ප්‍රංශයට පියාසර කරනු ඇත.
මීට පෙර ඇන්ග්ලෝ- ප්‍රංශ ජගුවාර් ප්‍රහාරක ජෙට් යානා පෙළපාලියට එක්වීමට නියමිතව තිබුණි.- ඒවා 1980 ගණන්වල ඉන්දියානු බලඇණියට ඇතුළත් කරන ලදී.
ඉන්දියාව අවසන් වරට පෙළපාලියට සහභාගි වූයේ 2009 වසරේ හිටපු අගමැති මන්මෝහන් සිං ඉන්දීය හමුදා කණ්ඩායමක් සමඟ ඊට සහභාගි වූ අවස්ථාවේදීය.