අධික වැසි සහිත තත්ත්වයක් තිබියදීත් අද (05) දහවල් ඇති වූ ගින්නකින් රාගල පොලිස් වසමේ රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේලියක නිවාස 20කට හානි සිදුව තිබේ. (Sri Lanka Latest News)
එම නිවාසවල ජීවත් වූ පවුල්වල සාමාජිකයන් 78 දෙනකු අවතැන්ව සිටින බව පොලීසයි පවසයි.
අවතැන්වූ පිරිස අතර පාසල් යන වයසේ දරුවන් 15 දෙනකු පමණ සිටින බව වාර්තා වන අතර, ඔවුන් සඳහා රාගල සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
lankasara