• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනා අනුන්ගේ දුම්මැස්ස අතගාමින් ලෝක බලවතා වීමට කෙළ හලයි…

August 8, 2022
in Politics
Reading Time: 4 mins read
A A
චීනා අනුන්ගේ දුම්මැස්ස අතගාමින් ලෝක බලවතා වීමට කෙළ හලයි…
Share on WhatsAppShare on Facebook

මැදපෙරදිග ජනතාවගේ පරමාධිපත්‍යයට ගරුකරන ලෙසට චීන විදේශ ඇමැති “වැං යී” ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට “සත්තමක්” දමයි.

ඒ රටවල් කලාපීය ජනතාවගේ ඉල්ලීම්වලට කන්දෙමින් මැදපෙරදිග සංවර්ධනය සහ සාමය ප්‍රවර්ධනය කිරීමට දායක වියයුතු බවද හෙතෙම නියෝගාත්මකව පවසයි.

කලාපීය සාමූහිකත්වය සේම සිරියාවේ පරමාධිපත්‍ය සහ ස්වාධීනත්වය ආරක්‍ෂා කරදීම පිළිබඳ චීනය එක එල්ලේම කටයුතු කරන බවද විදේශ ඇමැතිවරයා ඇමෙරිකාවට“ඔලොක්කුවට” මෙන් කියයි. වැං යී වැඩිදුරටත් ජාත්‍යන්තර ප්‍රජාවට අවධාරණය කෙළේ මානුෂීය ආධාර සපයා දෙන ලෙසටය.
චීනය අත්‍යන්තයෙන්ම මැදපෙරදිග ජනී ජනයාගේ යහසාධනය උදෙසා දෑත දිගුකරමින් කලාපයේ සුරක්‍ෂාව පිළිබඳ, මතුවන කරුණු කාරණා සම්බන්ධයෙන් එකමුතුකමේ නාමයෙන් කටයුතු කරන බව ඇමෙරිකාවට ඇනුම්පදයක් එල්ල කරමින් කීවේය.

පලස්තීන ප්‍රශ්නය ගැන උනන්දුව දක්වන සෑම සියලු දෙනා සමගම ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට අනුව යළි සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය කැමැති බවද ප්‍රකාශ කෙළේය.

විදේශ ඇමති වැං යී පවසන අන්දමට පලස්තීන ප්‍රශ්නය මැදපෙරදිග අවුලට හේතුව බවද එම කරුණ ජාත්‍යන්තර ප්‍රජාව අමතක නොකරනු ලැබිය යුත්තක් බවද කියයි. මේ නිසා මේ ප්‍රශ්නයෙන් පලස්තීන ප්‍රජාව තවදුරටත් පීඩා විඳිය යුත්තන් නොවන බවද හෙතෙම අවධාරණය කෙළේය.
සිරියානු විදේශ අමාත්‍ය “මෙක් ඩැඩ්” අදහස් දක්වමින් තම රට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චීනයේ “සිංජියෑං” පළාත පාදක කරගනිමින් බොරු කටකතා පතුරුවන බව පැවැසීය. වැඩි කාලයක් ගතවීමට පෙරාතුව හොංකොං සහ තිබ්බතය (ටිබෙට්) කෑලි කෑලිවලට කැඩී වෙන්වන බවටද පෙරනිමිති පළ කෙළේය.

චීනය දිනෙන් දින අත්කරගනු ලබන සෞභාග්‍යය තවදුරටත් සුපිරි බලවතුනට ඉවසා දරාගත නොහැකි බවද සඳහන් කළ මෙක් ඩැඩ් විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාව මේ නිසා ඉන්දු පැසිෆික් කලාපයට තර්ජන එල්ල කරන බවද විස්තර කෙළේය.

චීනය මේ වන විට ලෝකයේ දෙවැනි ආර්ථික බලවතාය. හමුදා බලයෙන් ලොව තුන්වැනි ස්ථානයේය. මේ හේතූන් කරණකොටගෙන ලෝක ආධිපත්‍යයට කෙළ හලන චීනා, ඇමෙරිකාව වැනි සුපිරි බලවතුනට අභියෝග කරන්නේය.

චීන කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා මේ වන විට වසර එකසිය එකකි. ජත්‍යන්තරයට ණය ප්‍රදානයේදී අනුගමනය කරන්නේ “විලෝපීය” (අනුන් මරාගෙන කෑමේ) ප්‍රතිපත්තියකි.

එහෙත් චීන සමාගම්වලට නම් මුදල් සහ බදු සහන නොසිතූ විරූ අන්දමට දෙයි.

චීනය වෙනත් රටවලට වාණිජමය ආයෝජන සපයයි. ණය පහසුකම්ද, සංචාරක උප්පරවැට්ටිද දෙයි. එහෙත් එමගින් කෙරෙන්නේ ප්‍රතිලාභීන් අවිද්‍යමාන වහල්භාවයකට බැඳගැනීමකි. සැපයෙන සහන ආධාර උපකාර වනාහි “බූවලු අඬුය”.

චීනය නවසිය අනූ ගණන්වල (1990) සිටම හමුදා ශක්ති වර්ධනය ක්‍රියාත්මක කර තිබේ. ගතවූ සය වසර තුළ පමණක් චීනය ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි දාහක් (10.000,000,000) යොදවා ඇති බව අනාවරණ කෙරී තිබේ.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

QR කෝඩ් එක අප්ඩේට් කළා! මේ සතියෙත් ඒ කෝටා එකමයි! වෙනස් කරන්නේ ලබන ඉරිදා!

Next Post

අවුරුදු සිය ගණනක් වැන්ද හින්දු කෝවිලක් පන්සලක් බවට පත් කරයි! උසාවියෙන් තීන්දුවක් දෙයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.