මැදපෙරදිග ජනතාවගේ පරමාධිපත්‍යයට ගරුකරන ලෙසට චීන විදේශ ඇමැති “වැං යී” ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට “සත්තමක්” දමයි.
ඒ රටවල් කලාපීය ජනතාවගේ ඉල්ලීම්වලට කන්දෙමින් මැදපෙරදිග සංවර්ධනය සහ සාමය ප්‍රවර්ධනය කිරීමට දායක වියයුතු බවද හෙතෙම නියෝගාත්මකව පවසයි.
කලාපීය සාමූහිකත්වය සේම සිරියාවේ පරමාධිපත්‍ය සහ ස්වාධීනත්වය ආරක්‍ෂා කරදීම පිළිබඳ චීනය එක එල්ලේම කටයුතු කරන බවද විදේශ ඇමැතිවරයා ඇමෙරිකාවට“ඔලොක්කුවට” මෙන් කියයි. වැං යී වැඩිදුරටත් ජාත්‍යන්තර ප්‍රජාවට අවධාරණය කෙළේ මානුෂීය ආධාර සපයා දෙන ලෙසටය.
චීනය අත්‍යන්තයෙන්ම මැදපෙරදිග ජනී ජනයාගේ යහසාධනය උදෙසා දෑත දිගුකරමින් කලාපයේ සුරක්‍ෂාව පිළිබඳ, මතුවන කරුණු කාරණා සම්බන්ධයෙන් එකමුතුකමේ නාමයෙන් කටයුතු කරන බව ඇමෙරිකාවට ඇනුම්පදයක් එල්ල කරමින් කීවේය.
පලස්තීන ප්‍රශ්නය ගැන උනන්දුව දක්වන සෑම සියලු දෙනා සමගම ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට අනුව යළි සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය කැමැති බවද ප්‍රකාශ කෙළේය.
විදේශ ඇමති වැං යී පවසන අන්දමට පලස්තීන ප්‍රශ්නය මැදපෙරදිග අවුලට හේතුව බවද එම කරුණ ජාත්‍යන්තර ප්‍රජාව අමතක නොකරනු ලැබිය යුත්තක් බවද කියයි. මේ නිසා මේ ප්‍රශ්නයෙන් පලස්තීන ප්‍රජාව තවදුරටත් පීඩා විඳිය යුත්තන් නොවන බවද හෙතෙම අවධාරණය කෙළේය.
සිරියානු විදේශ අමාත්‍ය “මෙක් ඩැඩ්” අදහස් දක්වමින් තම රට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චීනයේ “සිංජියෑං” පළාත පාදක කරගනිමින් බොරු කටකතා පතුරුවන බව පැවැසීය. වැඩි කාලයක් ගතවීමට පෙරාතුව හොංකොං සහ තිබ්බතය (ටිබෙට්) කෑලි කෑලිවලට කැඩී වෙන්වන බවටද පෙරනිමිති පළ කෙළේය.
චීනය දිනෙන් දින අත්කරගනු ලබන සෞභාග්‍යය තවදුරටත් සුපිරි බලවතුනට ඉවසා දරාගත නොහැකි බවද සඳහන් කළ මෙක් ඩැඩ් විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාව මේ නිසා ඉන්දු පැසිෆික් කලාපයට තර්ජන එල්ල කරන බවද විස්තර කෙළේය.
චීනය මේ වන විට ලෝකයේ දෙවැනි ආර්ථික බලවතාය. හමුදා බලයෙන් ලොව තුන්වැනි ස්ථානයේය. මේ හේතූන් කරණකොටගෙන ලෝක ආධිපත්‍යයට කෙළ හලන චීනා, ඇමෙරිකාව වැනි සුපිරි බලවතුනට අභියෝග කරන්නේය.
චීන කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා මේ වන විට වසර එකසිය එකකි. ජත්‍යන්තරයට ණය ප්‍රදානයේදී අනුගමනය කරන්නේ “විලෝපීය” (අනුන් මරාගෙන කෑමේ) ප්‍රතිපත්තියකි.
එහෙත් චීන සමාගම්වලට නම් මුදල් සහ බදු සහන නොසිතූ විරූ අන්දමට දෙයි.
චීනය වෙනත් රටවලට වාණිජමය ආයෝජන සපයයි. ණය පහසුකම්ද, සංචාරක උප්පරවැට්ටිද දෙයි. එහෙත් එමගින් කෙරෙන්නේ ප්‍රතිලාභීන් අවිද්‍යමාන වහල්භාවයකට බැඳගැනීමකි. සැපයෙන සහන ආධාර උපකාර වනාහි “බූවලු අඬුය”.
චීනය නවසිය අනූ ගණන්වල (1990) සිටම හමුදා ශක්ති වර්ධනය ක්‍රියාත්මක කර තිබේ. ගතවූ සය වසර තුළ පමණක් චීනය ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි දාහක් (10.000,000,000) යොදවා ඇති බව අනාවරණ කෙරී තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ