වසර සිය ගණනක් පුරා හින්දු කෝවිලක් ලෙස වැදුම් පිදුම් කළ සිද්ධස්ථානයක් බෞද්ධ විහාරස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති පුවතක් තමිල්නාඩුවෙන් වාර්තා වේ.
ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි තලාවෙට්ටි මුනියප්පම් කෝවිලය.
මෙම කෝවිල බෞද්ධ පිංබිමක් බවත් එය ප්‍රකාශයට පත්කරන ලෙසත් ඉල්ලා පී. රංගනාදන් නැමැති අයකු 2011 වසරේ නඩුවක් ගොනු කර තිබිණ.
පසුව 2017 වසරේ මෙම ස්ථානය සොයා බැලූ ඉන්දීය පුරාවිද්‍යා නිලධාරීන් මෙය බෞද්ධ සිද්ධස්ථානයක් බව තහවුරු කොට ගෙන තිබේ.
ඒ අනුව මදුරාසි මහාධිකරණය එය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.










